කොහොමද යාලුවනේ මම අද ආවේ ටිකක් පරන ඒත් පට්ට පතුරැ ෆිලුමක් අරන්. මේක මගේ 09 වෙනි සබ් එක. Money Talks 1997 නම් වෙන මෙම චිත්‍රපටය ඉංග්‍රීසි / ප්‍රංශ භාෂා වලින් නිකුත් කරන ලද චිත්‍රපටයක්. Lord of the Rings / The Conjuring වැනි දැවැන්ත සිනමා පට බිහි කල New line cinema මෙන්ම free money 1998 / […]

කොහොමද යාලුවනේ මම අද ආවේ ටිකක් පරන ඒත් පට්ට පතුරැ ෆිලුමක් අරන්. මේක මගේ 09 වෙනි සබ් එක. Money Talks 1997 නම් වෙන මෙම චිත්‍රපටය ඉංග්‍රීසි / ප්‍රංශ භාෂා වලින් නිකුත් කරන ලද චිත්‍රපටයක්.
Lord of the Rings / The Conjuring වැනි දැවැන්ත සිනමා පට බිහි කල New line cinema මෙන්ම free money 1998 / Bad Day on the Block 1997 වැනි සිනමා පට දායාද කල With Sheen/Michaels Entertainment යන සමාගම් දෙක විසින් මෙම චිත්‍රපටයේ අයිතිවාසිකම් දරනවා.
චිත්‍රපටයේ ආදායම් වාර්තා ගත් කල ඇස්තමේන්තුගත මුදල $25,000,000 වූ අතර ආරම්භක සතිය තුල පමණක් $10,654,369 මෙන්ම සපුරාගත් ආදායම $48,407,611(ලොව පුරා) වන්නට වූවා. තවද IMDB අගය 6.2 දක්වා ගෙන යන්නට සමත් වෙලා තියෙනවා වර්තමානය වන විට.
Rush Hour 1998 / X- Men 2006 / Hercules 2014 වැනි ජනප්‍රිය සිනමා පට අධ්‍යයක්ෂනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වුන Brett Ratner මෙම චිත්‍රපටයෙහිද අධ්‍යයක්ෂනය දරනවා. තවද, Rush Hour Friday 1995 / Next Friday 2000 වගේඅපි ආසාවෙන් බලපු චිත්‍රපට වල රඟපෑමෙන් දායක වුන Chris Tucker මෙහි ප්‍රධාන චරිතය රඟපාන අතර, Charlie Sheen, Elise Neal, Elise Neal, වැනි තරමක් ජනප්‍රිය නලු නිලියන් මෙහි රඟපෑමෙන් දායක වෙනවා.
චිත්‍රපටය Action,Comedy,Crime,Thriller ගනයට වර්ගීකරණය කර ඇති අතර, කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ෆිලුමක්.කොහොමත් Chris Tucker ප්‍රධාන නලුව කියන්නේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ කියල හිතනවා මම.
චිත්‍රපට විස්තරය ටිකක් දිග වැඩි වුන නිසා දැන් කතාව පැත්තට හැරෙමු, අපෙ කතා නායකයා ෆ්‍රෑන්ක්ලින් හැචට් (ක්‍රිස් ටකර්) කාර් සර්විස් එකක් බලාගන්නා කෙනෙක්. මෙයා පොඩි කේස් එක්කට පොලිස් අත් අඩංගුවට පත් වෙනවා.මේ පොලිස් අත් අඩංගුවට පත් වුනාට පස්සේ එක අවස්තාවකදි මෙයාට සෙට් වෙනවා අත්‍යවශ්‍යය ගනයේ අපරාධකරැවෙක්, ඒ පුද්ගලයා මගින් මෙයා දැනගන්නවා මිලියන ගානක් වටින දියමන්ති වගයක් ගැන. මේක දැනගත්තට පස්සේ ෆ්‍රෑන්ක්ලින් මේක ගන්න අමුතු මැච් එකක් ගහනවා වගේම එයාව එක්තරා සිද්ධියක් නිසා එයාවත් අත්‍යවශ්‍යය අපරාධකරැවෙකු බවට පත් වෙනවා. ඒ පැත්තෙන් කතාව එහෙම ගලාගෙන යද්දි මේ පැත්තෙන් ජේම්ස් රැසෙල් නම් ප්‍රවෘත්ති වාර්තාකරැවෙකු මේ ෆ්‍රෑන්කිලින් හැචට් පසුපස පන්නවා හොඳ නිවුස් එකක් ගන්න.මේ වාර්තාකරැ ෆ්‍රෑන්ක්ලින්ගේ අත් අඩංගුවට ගැනීමත් එක්ක තියෙනවා පොඩි සම්බන්ධයකුත්.මම හිතන්නේ කතාව මෙතනින් එහාට කිව්වොත් ෆිල්ම් එකේ රසේ නැතිවෙනවා. එහෙනම් ඔයාලම බලන්නකෝ ඉස්සරහට වෙන දේවල්, ඇත්තටම කීවෝත් මේක පට්ටම එකක් කියලයි මම නම් කියන්නේ ඒක නිසා අනිවා බලන්න. දෙබස් ටිකක් වේගෙන් කියවෙන නිසා සබ් එකත් ඒ එක්කම වේගෙන් යාවි.
මේ ෆිල්ම් එකේ ටිකක් වැඩි පුර පොඩි අයට නොගැලපෙන සංවාද මෙන්ම දර්ශන කීපයක්ද තියෙන නිසා 18+ ඉහල අය බලනවා නම් වැඩිය හොඳයි කියල මම නම් කියන්නේ.
මතක ඇතිව ෆිලුම බලල අදහසක් පහලින් දීලා යන්න, මේ සබ් කරන එක තනිකරම ස්වේච්ඡාවෙන් කරන දෙයක් නිසා ඔයාල දෙන කමෙන්ට් එක තමා අපිට ඇති එකම ධනය.ඔයාලා දෙන අදහස් නිසා තමයි අපිට ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න ආසාවක් ලැබෙන්නේ, ඒක නිසා ලෝබ නැතිව අදහස් / යෝජනා / චෝදනා / ඉල්ලීම් ඕනි එකක් පහලින් දීගෙන යන්න කියල ඉල්ලමින් ආයෙත් සබ් එක්කින් හමුවෙනතුරැ දැනට මම යනවා.
ජයවේවා….!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,160 downloadsDownload Money-Talks-1997.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
12 comments
PCVENOM
Anonymous
Thanks
janak satharasinghe
ubala hinda thama me rate minissu tike welaweketa hari prasne ametheke kerele sathutu wenne.sub kerena set eketama kawedawath waredin na.jaye wewa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kevin
Thanks brother
Keep it up
Requsets÷ All the old knives
The outfit
The contractor
Deep waterindika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Lakshansilva18
Thanks for subtitles
requests:-
In the name of the father (1993)
K Pax (2001)
Primal Fear (1996)
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil's Advocate (1997)
The Lincoln Lawyer (2011)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
five fingers (2006)Pahasara
Thankz saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
superrrrrrrrrrrrrrr!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!