මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛 ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා මේකෙ කමන්ට් වලින්ම පේන…

මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛
ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා මේකෙ කමන්ට් වලින්ම පේනවා. හැබැයි උදා සහෝ දීපු ටොරන්ට් එක නෙවෙයි මම දෙන්නේ. මම දෙන්නෙ වෙනස් එකක් හොඳේ. ඒ නිසා කලින් බාපු අයට මේකත් බාන්නම වෙනවා. ඉතින් යන්න කලින් තවත් පැතුමක් පතලම යන්නම් 😉 ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 😛 😛 ඉතින් ගොහින් එන්නම් ඈ 😉
2011 මාර්තු 26 පළවූ ලිපිය.
හේයි, යාළුවනේ මේ පාර මම අරගෙන ආවේ ඇනිමේෂන් මූවී එකක්. මේක ඇනිමේෂන් වුණාට අපිට හොඳට පුරුදු තාලෙ Comedy නැතිනම් Action හරි Adventure හරි කතාවක් නෙමේ. මේක Horror/Mystery එකක්. මම ඉතිං ඇනිමේෂන් මූවීස් වලට කැමතියි නේ. තවත් අලුත් ඇනිමේෂන් එකක් බලන්න හොයන කොට මට මේක අහුවුණා. මේකෙ නම දැක්කහම ඇතිවුණු කුතුහලය නිසාම බෑවා. බැලුවා. කතාව ගැනනම් ඉතිං කියන්න දෙයක් නෑ; ආයි එළම තමයි… ඉතිං මට කියන්න තියෙන්නේ, හැමදාම විනෝදාත්මක ඇනිමේෂන් ඒවම බලන එකේ මේ වගේ Horror/Mystery ඇනිමේෂන් එකකුත් බලමු කියලයි. අලුත් කිව්වට මේක 2006 ආපු මූවී එකක්. නිකමට IMDB බලන කොට මේකට 6.8ක අගයක් හිමි බවත් දැනගත්තා.
හ්ම්……. කතාව මෙහෙමයි. එක ගමක ඉන්නවා තනියෙම ජීවත්වෙන වයසක සීයා කෙනෙක්. එයාට තනියට කවුරුවත් නෑ එයාගෙ ගේ හැරෙන්න. මෙයා තමන්ගේ ගෙදරට හරිම ආදරෙයි. කිසිකෙනෙකුට ගෙට කිට්ටු වෙන්නවත් දෙන්නේ නෑ. තමන්ගෙ වත්තට ඇතුළු වෙන අයව මෙයා බයකරලා පන්න ගන්නවා. ඒ තරමට නපුරුයි. හැබැයි මෙයා හරිම හිත හොඳ බොහොම යහපත් මනුස්සයෙක්. මොකද්ද යකෝ ඒ හරුපේ…? කලින් කියනවා නපුරුයි කියලා; දැන් කියනවා හොඳයි කියලා…. නෙහ්? මම මෙහෙම කිව්වේ මෙයාගේ ගෙදර මහ අමුතු, අද්භූත ගෙයක් නිසා. ඒ කියන්නේ මේ ගේ යකෙක්!! මේ ගේ මෙයාට විතරයි කීකරු, වෙනකෙනෙකුව දැක්ක ගමන් ගිලලා දානවා. ආයි ඉතිං අහුවුණොත්නම් ගැළවිළි බොරු! මෙයා මේ නපුරුකම් ඔක්කොම කරන්නේ අනිත් අයව එයාගෙ ගෙදරින් ඈත් කරල තියන්නම විතරයි. හේතුව එයාට උවමනායි හැම කෙනෙකුවම තමන්ගෙ ගෙදරින් බේරගන්න. ඒ කියන්නේ කරදරයක් වෙන්න නොදී ඒ අයව ආරක්ෂා කරන්න. ඒකට ඉතිං එයා හැමෝවම බය කරලා පන්නලා දානවා හැර වෙන මොනවා කියල කරන්නද? එයාගෙ කතාව කවුරුනම් විශ්වාස කරයිද? මොළේ අමාරුකාරයෙක් කියලා හිතයි. ඉතිං එයා තමන්ට කළ හැකි එකම දේ කරනවා. මේක මෙහෙම වෙන්න එක්තරා හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක කිසිකෙනෙක් දන්නෙ නෑ, මේ සීයා හැර!
ඉතිං මේ ගෙදර යකාත් එක්ක ඔරොප්පුවෙන්න සිද්ධ වෙන්නේ ගැටවරයෝ කීප දෙනෙකුට. එයාලා ගෙදර යකාත් එක්ක හැප්පිලා මේ රහස දැනගන්නවා, විතරක් නෙවෙයි; මේ ගමටත්, මේ සීයාටත් හෙනහුරෙක් වෙලා තිබ්බ මේ ගෙදර යකාව වනසලාත් දානවා. ඒකෙන් මේ සීයට විතරක් නෙවෙයි එයාගෙ මියගිය බිරීඳටත් නිදහස ළඟාවෙනවා. එයාල ගෙදර යකාත් එක්ක සටන් කරන හැටි ඉතිං මේක බාලම බලන්නකෝ. ඒ හරියනම් මම කියන්නේ නෑ.
සටහන:- කම්මැලි නැතිව කොමෙන්ටුවකුත් කොටාගෙනම යමු නේද? ඒක තමා ලිපි එවන අපට ලැබෙන එකම වටිනාකම!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
663e5784f00f248fdde55bb45c4cd3ef411157d2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,952 downloadsDownload Monster.House_.2006.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
110 comments
Anonymous
hashen
thanks yaluu
udayanga
kalekin hambechcha wenas jaathiye animetion ekak. balalama thawa comment ekak dhannam :D
radi
mama mekath balala thiyenawa
thanxmadusanka
oka maru film ekak mama balala thiyanawa. baya nathuwa bagena balanna max...aaamovie ekak......
Supun
elama tama
කැනී
එළ එළ......නියමයි,ඉතුරුටික බලල කියන්නම්.
blackcorde
amama nbam meyka kalin balalal thiyenawa.....aye balamu.....ela kathawa....
Kolitha
Baamu balanna. =D
Lasantha
animation nam ithin aniwa baami, thanq wewa...
shammi
bohoma pin....idiriyatah dairaya shaktiya labewa
udara
thanks saho
Anonymous
ela wedake
Viraj
Thank you Bro!!!
සමියා
එළ එළ මමත් බෑව එහෙනන්.....
Priyantha
Niyamai Machan...................
විදුර ඉමේෂ්
ela ela.......
mamath banawooo.....Ela kolla
Gud aaaaaaaaaahhh ...tankuy..
samantha
මමත් බෑව එහෙනන්…..bro thanks
tikira
uppatasiri baduma thama thx
Udaya සාලින්ද
thanks saho...
Dilshan
Ela kiri machan
හසී
තැන්කූ වේවා... නියම බයිස්කෝප් එකක්
rohan
thanks bro
Nishantha
balamu. Thanx
රොයිලි
මම කාලෙකින් බලපු නියමම ඇනිමේෂන් චිත්රපටියක්. ස්තුතියි උදා සහෝ මේකට සහ අනික් ලිපි ටිකට. සිරාවරම පිං. :P :P
navo
i've watched this.itz a gr8 movie! tnx brother
deeps
අනේ මේ.....වැදලා කියන්නම්,හොල්මන් වලට බය අය නම් මේක බලන්න එපා...මම අවුරුදු ගානකට කලින් මේක බැලුවේ..යක්කු ගස් යන වෙලාවේ කාමරේ ලයිට් එකත් නිවාගෙන බලන්න ගත්තට අන්තිමට රෑට නින්ද ගියෙත් නැහැ බය වුන පාරට..ඇනිමේෂන් තමා...එත් මේක පට්ට..බය හිතෙනවා මැරෙන්න...මේ වගේ දේවල් දෙන ඒක හොඳයි...එත් මේක දැක්ක ගමන් මට ආයේ බය හිතුනා අවුරුදු ගානකට කලින් බය වුනු ඒක මටක් වෙලා
chandima
ඇනිමේෂන් නම් එලම තමා.....!!! බලමු බලමු....!!
ස්තුති වේවා....!!uda
@ රොයිලි:- බොහෝම ස්තුතියි සහෝ!
@ deps:- බුදු අම්මෝ ඔච්චර බය වුණාම ඇති; මීට වඩා බය හිතෙන ඒව බැලුවොත් හාට් ඇටෑක් හැදෙයි. මොනවවුණත් කතාව ඇත්ත. ඇනිම් වලින් කරන්න පුලුවන් වැඩ ගැන හොඳම උදාහරණයක් තමා මේ. අපේ රටෙත් මේ වගේ එව්වා හැදෙනවානම්... ඒ දවස් එනකම් තමා මමනම් මගබලං ඉන්නෙ (මං කිව්වෙ ඇනිම්)
කමෙන්ට් කරන කාටත් ගොඩක් ස්තුතියි. සැරින් සැරේ ඇවිල්ලා කමෙන්ට් ගණින කොට එකක් හරි වැඩිනම් ඒක තමා හිතේ සතුට, හැමෝටම ස්තුතියි.
Ks
me link eka weda nane
niluka
ela ela
ashan suranga
thanks machan
banna demmaashan suranga
banawa banawa
Uraj Deemantha
Horror/Mystery ඇනිමේෂන් නිසා බානවා :)
Hemal
link eka weda nehene
ashan suranga
macho weda ne neda???
suranga rasika
macho.link 1k pissu natanaw bn......................mokd a???
me
This link is not working. Anyway Thanks
kasun
elama thama machang thanks
uda
ඕං රොයිලියෝ බලාපං මේ මොකද කියලා.
ලින්ක් එක වැඩ නෑ තමා; මොකද වුණේ එකපාරටම.
ඉස්සෙල්ලා හොඳට වැඩ කළානේ!sunanda
ලිපිය කියෙවුවම බලන්නම හිතෙනවා.එ නිසා බානවා.ස්තුති උදා සහො...........
suranga rasika
roily aiya thma link 1k yaka natanawane................... :(
chkz
aioooooo mama bayaiii
handa
meka pattama film 1k. man nam kalin baluwa.
balapu nathi aya aniwaryen balanna.
attatama meka anim 1 k unata baya hithenawa. ela.Rajitha Jagoda
niyama film eka
adenawa bnz....suranga rasika
ela ela onna link 1k yaka gihilla.......dan bann puluwanoooooo
චා.මු. නිලන්ත පියසිරි
එහෙනම් මේකත් ඔන්න බාන්න ඕනේ. බොහොම පිං මේ ගැන දැන්වූවාට
casper
thnx thnx bro.. ela film ekak wage KIT
Ramraj
කාටුන් උනත් හොල්මන්නේ.
Vimukthi Senavurathna
thanks saho.onna mama dwnld wenna damma.mve eka balalama thawa cmnt ekak dennam saho.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela