Watch Trailer

Aladdin (1992) | ඇලඩින් සහ පුදුම පහන. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ. පරක්කු වෙලා උණත් පතනවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා… නිවාඩු කාලේ ආයෙත් ආව හින්දා ඔන්න මං උපසිරසක් කරල ගෙනාව ඔයාලට බලන්න. හැමදාම වගේම මෙදා පාරත් TV එකේ යන කාටුන් බලලා නිවාඩු කාලේ ගෙවන්න නේ ඔයාල හිතන් හිටියේ. 😉 ඔන්න මං අරන් ආවා ලොකු පොඩි භේදය…

Aladdin 1992

කොහොමද යාළුවනේ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ. පරක්කු වෙලා උණත් පතනවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා… නිවාඩු කාලේ ආයෙත් ආව හින්දා ඔන්න මං උපසිරසක් කරල ගෙනාව ඔයාලට බලන්න. හැමදාම වගේම මෙදා පාරත් TV එකේ යන කාටුන් බලලා නිවාඩු කාලේ ගෙවන්න නේ ඔයාල හිතන් හිටියේ. 😉 ඔන්න මං අරන් ආවා ලොකු පොඩි භේදයක් නැතුව හැමෝටම බලන්න පුළුවන් බයිස්කෝප් එකක්.

මගෙ පළවෙනි උපසිරස නිර්මාණයට (Final Destination 5) පස්සේ ටික කාලයක් ගියත් ඔන්න මං ආව තවත් ලස්සන බයිස්කෝප් එකකට සිංහල උපසිරසක් අරගෙන. මගෙ පළවෙනි උපසිරස ගැන්වීම වෙනුවෙන් ඔයාලගෙ අදහස් දාපු හැමෝටම ස්තූති අරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මං අද අරං ඇවිල්ලා තියෙන බයිස්කෝප් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ. උඩ තියෙන පින්තුරේ බැලුවාම දන්නවා මේ මොකක් ගැනද කියන්නෙ කියලා… ඔව්, ඇනිමේෂන් චිත්‍රපට බලන්න කැමති ඔයාලා වෙනුවෙන් 1992 වසරෙදි තිරගත වුණු Aladdin සිනමා සිත්තම.

Aladdin බයිස්කෝප් එක ගැන කතා කෙරුවොත් විනාඩි 90 ක කාලයක් දිවෙන මේක Animation, Adventure, Comedy ගණයට වැටෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්, කතාව ලියලා තියෙන්නෙත් Ron Clemets සහ John Musker දෙන්නයි. මේ කතාව IMDb rating වල 215,765 දෙනෙකු අතරින් 8.0 ක් ගන්න සමත් වෙලා තියෙනවා. (එහෙනං ඉතින් අහන්න දෙයක් නෑනේ…) 1992 නොවැම්බර් 25 වන දින ප්‍රචාරය කිරීම ඇරඹූ මේ චිත්‍රපටය සඳහා හඬ නළුවන් ලෙස Scott Weinger, Jonathan Freeman, Robin Williams, Linda Larkin, Frank Welker, Gilbert Gottfried සහ Donglas Seale චරිත වලට පණ පොවලා තියෙනවා. සම්මාන ගණනාවක්ම දිනාගත් මේ සිනමාපටය ඇමරිකාවේ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 217ක් ද, ලොව පුරා ප්‍රචාරයෙන් ඩොලර් මිලියන 504ක්ද Box Office ආදායම් වාර්තා ලෙස දැක්වෙනවා. මෙහි එන සංගීත අයිතිය සතුකර ගන්නේ Alan Menken. Wait Disney Feature Animation ආයතනය විසින් නිෂ්පාදනය කර ලද මේ චිත්‍රපටය ප්‍රචාරය කරලා තියෙන්නේ Walt Disney Pictures විසිනුයි. මෙහි විශේෂත්වය තමයි Wait Disney Feature Animation විසින් නිෂ්පාදනය කරන ලද 31වෙනි ඇනිමේෂන් නිර්මාණය වීම.

හරි ඒ පැත්ත කියෙව්වනං බලමුද කතාව කොහොමද ගලා ගෙන යන්නේ කියලා… 😉 මේ බයිස්කෝප් එක බලද්දී පටං ගන්නත් කලින් එවර උණා කියලා ඔයාලට හිතෙයි. 😉 එච්චරට ලස්සනට කතාව ගෙතෙනවා. (හෝව් හෝව් මේක කියවන්න කලින් කියන්න ඔනේ මේ කතාව පොඩ්ඩක් හෝ බලලා හරි දන්නවනං හරි මේක කියවන්න එපා.)

ඔන්න පටං ගන්නවා…
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔයාල දන්නවා වගේම ඇලඩින්. ඇලඩින් කියන්නේ අග්‍රහ්බා නගරයේ ජීවත්වෙන දුප්පත් කොලු ගැටයෙක්.(ආ… මෙයාට ඉන්නවනේ අබූ කියලා වඳුරු යාළුවෙකුත්) මෙයාල බොහොම අමාරුවෙන් තමා එදා වේල පිරි-මහගෙන ජීවත්වෙන්නේ. මෙහෙම තමංගේ ජීවන රටාව ගෙවෙද්දී ඇලඩින්ට, එයාගේ ජීවිතේ එයා හීනයකින්වත් නොසිතන විදියට වෙනස් කරන ගෑනු ලමෙක්ව (ජෙස්මින්- රාජ කුමාරිකාව අග්‍රහ්බාහි) දකිනවා කඩවීදියේදී. මේ ගෑනු ළමයා දැක්ක ගමන් හිත යනවා ඇලඩින්ට. ඇයට සිදුවෙන අකරතැබ්බයකින් ගලවා ගන්න ඇලඩින්ට බොරු ගෝනියක් විතර අරින්න වෙනවා. කොහොම හරි මේ ගෑනු ළමයව තමන් ඉන්න තැනට එක්කං යන ඇලඩින්ට අහන්න ලැබෙනවා මෙයා ගෙදරින් පැනලා ඇවිත් ඉන්නේ කියලත්, එයාගේ තාත්තා ඇගේ විවාහයට බල කරන බවත්. මේ වෙලාවෙදි ඇලඩින්ව අල්ල ගන්න එන ආරක්ෂකයින් එනවා.(හැබැයි මෙහෙම වෙන්නේ පුරුවේ පිනකට වෙන්නැති. හික්ස්… 😉 ) බේරෙන්න හැදුවත් දසමෙන් මෙයාලව ආරක්ෂකයන් අල්ල ගන්නවා. මෙතනදී තමා ඇලඩින් දැන ගන්නේ එයගේ හිත ඇදිලා ගිය කෙල්ල රාජ කුමාරිකාවක් බව. ජෙස්මින් කුමරිය ඔහුව බේර ගන්න හැදුවත් එයා දැන ගන්නවා ජෆාර් ගෙන් (රජුගේ ප්‍රධාන උදේශකයා) එයාට දැනටමත් මරණ දඬුවම දීලා කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. ඇලඩින්ව හිර කරලා. මේ හිර වෙලා ඉන්න ඇලඩින්ට හම්බවෙනවා ඒ හිර මැදිරියේම ඉන්න තවත් වයසක හිර කරුවෙක්ව. එයා කියනවා ඇලඩින්ට තමන් විශාල ධනස්කන්ධයක් තියෙන ගුහාවක් දන්න බවත්, එහි තියෙන වස්තුවෙන් එක මිටකට රටේ රජුටත් වඩා ඇලඩින්ව පෝසත් කරන්න පුළුවන් කියලා. ඇලඩින්ව ගනුදෙනුවකට නම්ම ගන්න මේ හිර කාරයා එයාව එක්ක යනවා නිදානය තියෙන තැනට.

ඉතින් යාළුවනේ ඔච්චර තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ…
මේ අනික් හිර කරුවා කව්ද?
ඇයි ජෆාර් කුමරියට බොරු කියන්නේ…?
ඇලඩින්ට ගුහාවෙදි හම්බ වෙන්නේ මොනවද?
ඇලඩින්ට මුහුණ පාන්න වෙන දේවල් මොනවද?
ඒ ඔක්කෝටම වඩා ජෙස්මින් කුමරිය ඇලඩින් වගේ දුප්පත් කොල්ලෙක්ට කැමති වෙයිද? මේ ගැන කතාව බලලම දැන ගමු හොදේ…

ප.ලි.
මේකත් කියන්න ඕනේ මම කතාව කෙටියෙන් කියද්දී ඒකෙ තිබුණු අඩුපාඩු එහෙම තියෙනව නම් කියලම යන්න. මොකද මම පළවෙනි පාර තමයි මේ බයිස්කෝප් ඒකකට කුතුහලයක් දන වන්න විදිහයට කොටසක් ලියන්නේ. (කැමතියි මම වැරදි අඩුපාඩු හදාගන්න) ඔයාලගෙ හිතට එන අදහස් යටින් හලලා යන්න අමතක කරන්න එපා යාළුවනේ. හික්ස්… 🙂 🙂

Aladdin (1992) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

064c9eb09d5f2580ab45f1b79c7f3a63a1b306c0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,332 downloadsDownload Aladdin.1992.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SanathS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනත් ශ්‍රීමාල් පෙරේරා (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,332 downloadsDownload Subtitles50 KB

20 comments

  1. නලින්

    ස්තුතියි සනත් සහෝ!

    ජය වේවා!

  2. pathum

    niyamai

  3. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Tharindu

    Thank you very much saho...!!! suba aluth awruddak wewa...!!!:)

  5. Vilochan Sanjee

    patta patta... sub ekata thanq wewa...

  6. Kulanjana Maduranga

    niayamai…thanks SANATH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. thisal

    ela machn katawa nam ambanaka serayak balala tyi et aulk na sinhala ekkama ayet blnawa thanks machnnn hfy new year

  8. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි සනත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  14. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  15. Hima Bene

    Thanx saho. digatam sub denna.

  16. Tharindu Athukorala

    tnx.:D

  17. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතිය..වැඩේ හොදටම කරල තියනව.ජය වේවා යාලුවා.....

  18. Amalka

    Thanks

  19. Tharuka

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.