මුල්ලාට තිබුනේ තමන්ගේ නැති වුණු වැඩිමහල් සහෝදරයාව හොයා ගැනීමේ අරමුණ විතරයි.ඒ වෙනුවෙන් ඔහු අනේක විද උත්සාහයන් වලට මාන බලනවා.ඔහුට තියෙන්නේ බොඳවී ගියපු අතීත මතකයක නටඹුන් විතරයි තමන්ගේ සහෝදරයා පිළිබඳ.ඊට අමතරව ඔහු සතුව තිබුනේ ඔහුගේ මතකයන් තරම්ම අපැහැදිළි ඡායාරූප කිහිපයක් විතරයි. මුල්ලාව බලාකියාගන්නේ මූස…
මුල්ලාට තිබුනේ තමන්ගේ නැති වුණු වැඩිමහල් සහෝදරයාව හොයා ගැනීමේ අරමුණ විතරයි.ඒ වෙනුවෙන් ඔහු අනේක විද උත්සාහයන් වලට මාන බලනවා.ඔහුට තියෙන්නේ බොඳවී ගියපු අතීත මතකයක නටඹුන් විතරයි තමන්ගේ සහෝදරයා පිළිබඳ.ඊට අමතරව ඔහු සතුව තිබුනේ ඔහුගේ මතකයන් තරම්ම අපැහැදිළි ඡායාරූප කිහිපයක් විතරයි.
මුල්ලාව බලාකියාගන්නේ මූසා විසින්.මුල්ලාට තිබුනු අතීතය ගැන කුතුහළයට සියළුම පිළිතුරු සමහර විට මූසා ලඟ තිබුනා වෙන්නත් පිළිවන්.නමුත් ඔහු කිසිම මොහොතක ඒ කිසිම තොරතුරක් මුල්ලාට හෙලි කරන්නේ නැහැ.ඒ සැඟවුණු අතීතය එක්කම තමන්ගේ සහෝදරයා හොයාගැනීමත් වෙනුවෙන් Lakshadweep හි පිහිටි සුන්දර මුහුදුබඩ ගමෙන් මුල්ලා පිටව යනවා මුම්බායට…!
කාටත් නොකියාම…
මුල්ලාගේ සහෝදරයා කවුද?
මුල්ලා Lakshadweep වලින් පිටවෙලා මුම්බායට ඇවිත් කොතනින් කොහොම නතර වේවිද…
ඇත්තටම තවමත් කතාව පටන් ගත්තේ නැහැ…
මේ ආදරය ගැන කතාවක්….
මේ සහෝදර ප්‍රේමය ගැන කතාවක්…
හැම තත්පරයක් ගානෙම අපි නොහිතන නොපතන තැන්වල පවා ආදරය හදවතේ ගැඹුරටම කිඳා බහින කතාවක්.ඔබ සූදානම් විය යුතුයි එවැනි ආදරයක් දැක බලා ගන්න.
ප්‍රේමම් වලින් අපි දැක්කා නිවින් පෝලී ගේ ආදරය….
එදා දැක්ක නිවින් ට වඩා වෙනස් තැනකින් ඒ ප්‍රේමවන්තයාව දකින්න…
අඩකුත් මදක් පියැවෙන තරමට මත් වුනු ඇස් එක්ක නිවින්ගේ හොඳම රංගනයක පහස විඳින්න…
මලයාලම් සිනමාවේ අනාගතයේ තවත් උරුම කරුවෙක් රොශාන් මැතිවු.ඔහුගේ නිහඬ ආදරය කියවන්න…
චිත්‍රපටයේ දකින්න ලැබෙන හැම චරිතයකින්ම රඟපෑමක් නෙවෙයි,චරිත ඇතුලේ ජීවත් වෙනවා දකින්න…
මලයාලම් සිනමාවෙන් මෑතක විඳින්න ලැබෙන හොඳම සිනමාත්මක අත්දැකීම විඳින්න අවස්ථාව ලබා ගන්න…..!!
කතාවෙන් පිට පනිමු…
IMDb Rating : 7.6/10
Letterboxd Rating : 3.5/5
Director : Geethu Mohandas
Cinematography: Rajeev Ravi
Music : Sagar Desai
Duration : 1h 50m

ඇයි Moothon බලන්න ඕන…..
මේක පිස්සුවක්.මලයාලම් රහට ඇබ්බැහි වෙලා ඒ එක්කම තාලෙට පාද තියපු බහුතරයක් මලයාලම් රසිකයින් මග බලන් හිටිය සළරුවක් මේ.. මේ නිවින් පෝලී ගේ කම් බෑක් එක.ප්‍රේමම් වලින් දැක්ක සොඳුරු ආදරවන්තයාගෙන් එහාට ගිහිල්ලා නිවින් මේ එන්නේ වෙනස්ම තැනකින්. Moothon හරහා අතිශයින්ම සාර්ථක පිම්මක් පනින නිවින් මේ කෙටි කාලය ඇතුලත ඉතාම හොඳ විචාරක පැසසුම් ගණනාවක් පහු කරමින් මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙනවා.7 වෙනි Behindwoods සම්මාන උළෙලේ හොඳම නළුවට හිමි සම්මානය තමන්ගේ නමට ලියාගන්න ඔහු සමත් වෙනවා.

නිවින්ට විචාරක පැසසුම් හතර අතෙන් ගලාගෙන එද්දී චිත්‍රපටය වෙනුවෙනුත් විචාරකයින්ගෙන් ඒ විදිහෙම ප්‍රතිචාරයක් තමයි හිමිවෙන්නේ. ඒ එක්කම Toronto International Film Festival එකෙන් 2019 සැප්තැම්බර් වලදී ප්‍රදර්ශනය අරඹන Moothon ලෝකේ වටේම යන්නේ සම්මානත්,ප්‍රශංසාත් අඩු නැතුව එකතු කර ගන්න ගමන්…..

Moothon
- Palm Springs International Film Festival හිදී ප්‍රදර්ශනයට Moothon තේරෙනවා.
- FFAST නැතිනම් පැරිසීයේ පැවැත්වුන South Asian Film Festival හිදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගන්නත් සමත්කම් දක්වනවා.
- ඒ විතරක්ද Sweden හී Goteborg Film Festival එකෙත් දර්ශන වාරයක් ලබා ගන්න සමත් වෙනවා.
- Behindwoods Gold Medals : ප්‍රධාන චරිතයට පණ පොවන හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගන්නවා.

Moothon අද්‍යක්ශනය කරන්නේ Geethu Mohandas විසින්. ගීතු කියන්නේ නිළියක් ඒ වගේම චිත්‍රපට අද්‍යශිකාවක්.නිකම්ම අද්‍යක්ශිකාවක් නෙවෙයි සම්මාන ලාභිනියක්.මීට පෙර ඇය අද්‍යක්ශනය කල Liar’s Dice චිත්‍රපටය ඉන්දියාව වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න තෝරා ගන්නවා.ඒ වගේම ඒ වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තරව සම්මාන ලබන්නත් ඇය සමත්වෙනවා. Moothon කියන්නේ ඇයගේ දෙවැන්න.
මෙතනින් නතර වෙන්නෙත් නැහැ කතාව.ගීතු සමග Moothon තිර රචනයට දායක වෙනවා තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ අනුරාග් කාශ්‍යප්. අනුරාග් කියන්නේ ඉන්දියානු සිනමාව ඇතුලේ හිතාගන්න බැරි තරම් පිනුම් ගහපු මනුස්සයෙක්. සමහර තැන්වල ආදායම් අතින් ලොකු සාර්ථකත්වයක් නොලැබුවත් ගුණාත්මක බවින් ඉතාමත් ඉහළ නිර්මාණ වල හිමිකරුවෙක් ඔහු. එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමා ඉතිහාසයේ හොඳම Gangster Movie එකක් විදිහට පිළිගැනෙන Gangs of Wasseypur I&II ඔහුගේ අද්‍යක්ශනයක්. එහෙම පුද්ගලයෙක් තිර රචනයෙන් දායක වෙලා,නිශාපදනයෙනුත් දායක වෙන චිත්‍රපටයක් ගැන අටුවා ටීකා මොකටද…..?
චිත්‍රපටය බලද්දී දැනේවී ඔබට මෙහි Cinematography වෙනමම ලෙවල් එකකින් තියෙන බව. ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ Rajeev Ravi විසින්. ඒ වගේම කලින් සඳහන් කල Gangs of Wasseypur වගේම අනුරාග් ගේ බොහෝ චිත්‍රපට වලට Cinematography පැත්තෙන් දායකත්වය ලැබෙනවා Rajeev Ravi ගෙන්. ඒ විතරක්ද මලයාලම් සිනමාවේ නොමැකෙන ලෙස නම් සනිටුහන් කරපු Kammatti Paadam සහ Annayum Rasoolum චිත්‍රපටය ද්විත්වයම අද්‍යක්ශනය කරන්නෙත් Rajeev Ravi.
හැම අතින්ම අති දක්ශ යක්ශයින් පිරිසක් එකතුවෙලා කරපු වැඩක නිමාව Moothon කියන්නේ. ආදයම් අතින් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්න Moothon අසමත් වුනත් කලින් කිවුවත් වගේ ගුණාත්මක පැත්තෙන් ඉතාම ඉහළ තැනක චිත්‍රපටය තියෙන වග ආයෙත් කියන්න ඕන.
මේ මලයාලම් සිනමාව ඇතුලේ ආයෙත් අපේ උන්ට කතාකරන්න මාතෘකාවක් හදන ෆිල්ම් එකක්. ඒ ගැන සැකයක් නෑ.
ලිපිය : අනූජ වික්‍රමසිංහ
උදව්වක් ඉල්ලපු සැනින් මේ ලිපිය ලියල දීපු අනූජ වික්‍රමසිංහ සහෝදරයටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් මේ චිත්‍රපටිය ගැන ඔබේ අදහසත් පහළින් අකුරු කරගෙන යන්න අමතක කරන්න එපා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
9,411 downloadsDownload Moothon-2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ජලිත
Subtitles
29 comments
anuja tharinda
Dagama
නවීන්ගේ චිත්‍රපටයක් ආවෝත් අනිවා බලනවා. තෑන්ක්.ෆාහාඩ් ගේ මූවිත් දාන්න..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
indika75
thanks..
Chandima Prasad
සබ් එකට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි....ජයවේවා.....
Anonymous
thank you sub dunnata....
Nethini123
බොහොම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට
හේමන්ත
ස්තුතියිිි කසුන් සබ් එකට.....
ජයවේවා.....Udaya Fdo
Thank you
isuru srinath sjs
අද තමයි බලන්න හදන්නෙ.. බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට ... ජය!!
Anonymous
Supiri naluwek
blmu filumath ehmda kiyala
thanks for sub bro.....හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Kavinu
බොහොම ස්තූතියි කසුනා, හොඳම උපසිරැසක් ඉක්මනටම දුන්නට ❤️
දිගටම මලයාලම් ගේමු!
ජය වේවා...Kavinu
ඒ වගේම, මහන්සි වෙලා ලොකු විස්තරයක් එක්ක වටින කියන ලිපියක් ලියපු අනුජ සහෝදරයටත් බෙහෙවින්ම තුති... ❤️
රංගික සිනෙත්
නියම වැඩක් ජලියා. ෆට්ටම ෆිලුම . සබ සුපිරි
LaHIRU MV
සිංහල උපසිරැසියට සහෝ..ජය වේවා..
LaHIRU MV
උපසිරැසියට තුති
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Yash
Thanks brother thank you very much for the subtitle, Keep it up.
melinda
thank you
Gandhaka Indrajith
Thanks for the subtitle
සුභාෂිණි මල්ලව ආරච්චි
අද තමයි බලන්න හදන්නේ. බොහොම ස්තුතියි
Malith Samarawickrama
Thanks bn sub ekata
Chathura lakshan
Supiri sub walata thanks machan
Saranga J. Liyanagama
Thanks
sasanka sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියම වැඩක් මචන්.....