Watch Trailer

The Lion King (2019) Sinhala Subtitles | හකූනා මටාටා [සිංහල උපසිරසි සමඟ]

මං පොඩි කාලෙදි එක දවසක් තාත්තා මට පත්තරයක් ගෙනත් දෙනවා. ඒකෙ මැද හරියට වෙන්න තියෙනවා කොහොමද අපි බලන කාටූන් චිත්‍රපටි හදන්නෙ කියලා. ඒකෙ ලොකුවට දාලා තිබ්බා සිංහයො වගයකුයි, හයීනලා වගේකුයි, වල් ඌරෙකුයි, පොඩි කන් කඩා වැටිච්ච සතෙකුයි (ඒ වෙනකොට ඒ සතා මොකාද කියලා මං දැනන් හිටියෙ නෑ) තව හැරමිටියක් අතේ තියාගත…

මං පොඩි කාලෙදි එක දවසක් තාත්තා මට පත්තරයක් ගෙනත් දෙනවා. ඒකෙ මැද හරියට වෙන්න තියෙනවා කොහොමද අපි බලන කාටූන් චිත්‍රපටි හදන්නෙ කියලා. ඒකෙ ලොකුවට දාලා තිබ්බා සිංහයො වගයකුයි, හයීනලා වගේකුයි, වල් ඌරෙකුයි, පොඩි කන් කඩා වැටිච්ච සතෙකුයි (ඒ වෙනකොට ඒ සතා මොකාද කියලා මං දැනන් හිටියෙ නෑ) තව හැරමිටියක් අතේ තියාගත්ත බැබුන් කෙනෙකුයි ඉන්න රූපයක්. ඒ රූපෙට කොච්චර ආස වුනාද කියනවා නම් ඒක වෙනම කපලා අරන් කාඩ්බෝඩ් කෑල්ලක අලවලා මං පාඩම් කරපු මේසෙ උඩ හයි කරලා තිබ්බා. ඒ විදිහට තමා මං මුල්ම වතාවට 1994 වර්ෂයේ නිකුත් වෙච්ච The Lion King සජීවීකරණ සිනමාපටය ගැන දැනගන්නෙ. මට අවුරුද්ද නම් මතක නෑ හරියටම. මං හිතන්නෙ 2003, 2004 වගේ වෙන්න ඕනා. ඒ කාලෙම තමා මට මතක විදිහට මං ලයන් කිං DVD එකත් ගන්නෙ. ඒක තමා මං ජීවිතේ පළවෙනි වතාවට ගත්ත DVD එක. ඒ සිනමාපටයට මං කොච්චර ආදරේද කියනවා නම්, මගෙ කිසිම යාළුවෙක්ටවත් මං ඒ DVD එක දුන්නෙ නෑ නැතිවෙයි, හීරෙයි කියලා හිතලා. දුන්නත් උපරිම දවසයි තියාගන්න දුන්නෙ. කොටින්ම තාමත් මං ළඟ ඒ DVD එක තියෙනවා. හැබැයි දැන් නම් වැඩ කරන්නෙ නෑ මං හිතන්නෙ. ඒ වුණාට ඒක විසි කරන්න නම් මගේ කිසිම අදහසක් නෑ. අපේ ළමයින්ටත් පෙන්නන්න පුළුවන් සාක්‍ෂි වෙයිනෙ අපි කොහොමද ළමා කාලෙ ගෙව්වෙ කියලා. කට්ටියට මතකත් ඇති ලයන් කිං ට්‍රේලර් එක ආපු දවස් වල First Time කියන මීම් එක ලයන් කිං ෆිල්ම් එකටත් හදලා තිබ්බා. අවංකවම ඒකෙ කිවුවා වගේ මේ සිනමාපටය බලපු මුල්ම වතාවෙ, මුෆාසා මැරෙන තැනදි පුදුම විදිහට ඇඬුනා. හෙ හේ…

කොහොමින් කොහොමින් හරි දැන් ඉතිං ඒ සිනමාපටය නිකුත් වෙලා හරියටම අවුරුදු 25ක් වෙනවා. ඒත් එක්කම තමා මේ වසරෙදි ඒ සිනමාපටයේම ප්‍රති නිර්මාණයක් විදිහට මං අද උපසිරසි අරන් ආපු The Lion King සිනමාපටය නිර්මාණය වෙන්නෙ. සිනමාපටය නිකුත් වුණේ 2019 ජූලි මාසෙ 19. කළින් සිනමාපටය නම් නිකුත් වුණේ 1994 ජූනි මාසෙ 14. සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ Iron Man (2008), Iron man 2 (2010), Cowboys and Aliens (2011) සහ මා විසින්ම උපසිරසි අරගෙන ආපු 2016 වසරේ නිකුත් වෙච්ච The Jungle Book සිනමාපටය අධ්‍යක්ෂණය කරපු ජොන් ෆැව්රු කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා. එහෙමත් නැත්නම් අපි දන්න නමින් කියනවා නම් හැපී හෝගන්. ජංගල් බුක් සිනමාපටයේ CGI ඉතාමත් හොඳට තිබුණ නිසා මෙයා අතින්ම ලයන් කිං නිර්මාණය වෙනවා කිවුවම දැනුනෙ ලොකු බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව එහෙම්මම රැකුණාද නැද්ද කියන එක ගැන අපි තව ටිකකින් කතා කරමු. සිනමාපටයට තම කටහඬින් දායකත්වය ලබාදෙන නළු නිළි කැල ගැන කතා කරද්දි 94 වර්ෂයේ සිටි අය මෙන්ම අළුත් අයත් හුඟ දෙනෙක් අපිට හම්බවෙනවා. මුෆාසා විදිහට මුල් සිනමාපටයේ මෙන්ම මේ සිනමාපටයෙත් තම හඬ දායකත්වය ලබාදෙන්නෙ ජේම්ස් අර්ල් ජෝන්ස් නම් රංගධරයායි. ජොන් ෆැව්රු මෙතුමා ඒ සිනමාපටයටත් සම්බන්ධ වෙන එක ගැන කියලා තිබ්බෙ එතුමා තමයි පරණ සිනමාපටයේ උරුමය මේ සිනමාපටයට ගේන්නෙ කියලා. පොඩි කාලෙ සිම්බා විදිහට ජේඩන් මැක්ක්‍රැරිද, තරුණ සිම්බා විදිහට ඩොනල්ඩ් ග්ලවර්, එහෙමත් නැත්නම් හැමෝම දන්න චයිල්ඩිෂ් ගැම්බීනෝද සිනමාපටයට තම හඬ දායකත්වය ලබා දෙනවා. පොඩි කාලෙ නාලා විදිහට ශහාඩි රයිට් ජෝශප්ද (US සිනමාපටයෙදි ඔයාලා මෙයාව දකින්න ඇති), තරුණ නාලා විදිහට අපි හැමෝම දන්නා ප්‍රවීණ ගායන ශිල්පිණියක් වෙන බියෝන්සෙ නෝල්ස්-කාටර්ද ඔවුන්ගෙ හඬ දායකත්වය ලබා දෙනවා අපිට අහන්න පුළුවන්. සරාබි ලෙස ඇල්ෆ්‍රේ වුඩාඩ්ද, ස්කා විදිහට මුල් සිනමාපටයේ සිටි කැපී පෙනෙන හඬකින් යුතු ජෙරමි අයර්න්ස් වෙනුවට 12 Years a Slave (2013), Doctor Strange (2016), වැනි සිනමාපට වල රඟපෑ, ඔස්කා නිර්දේශ ලාභී චුවෙටෙල් එජිඔෆෝද තම හඬ දායකත්වය මේ සිනමාපටයට ලබා දී තිබෙනවා. මුල් සිනමාපටයෙදි රෆිකි විදිහට තම හඬ දායකත්වය සැපයූ රොබර්ට් ගියම් 2017 වර්ෂයේදි අප අතරින් සමුගන්නවා. මේ සිනමාපටයෙදි රෆිකි ලෙස තම හඬ සපයන්නෙ මාවල් සිනමා විශ්වයේ ටි’චල්ලාගෙ තාත්තා විදිහට අපි හුඟ දෙනෙක් අඳුනන ජෝන් කානි නම් රංගධරයායි. මුල් සිනමාපටයට සම්බන්ධ වූ අපි හැමෝම දන්න මිස්ටර් බීන් (රෝවන් ඇට්කින්සන්) වෙනුවට මේ සිනමාපටයෙදි සාසූ විදිහට තම හඬ දායකත්වය සපයන්නෙ ජෝන් ඔලිවර් නම් රංගන ශිල්පියායි. මුල් සිනමාපටයේ සිටි නේතන් ලේන් වෙනුවට බිලී අයික්නර්ද, අර්නි සැබෙල්ලා වෙනුවට, සෙත් රෝජන්ද පිළිවෙලින් සිම්බාගේ හොඳම යාළුවන් වෙන ටිමෝන් සහ පුම්බා විදිහට මේ සිනමාපටයෙදි හඬ දායකත්වය ලබා දෙනවා. ලයන් කිං මුල් සිනමාපටය නරඹපු අයට මතක ඇතිනෙ ඒකෙ හිටපු හයීනලා කට්ටිය. ඒ අතරිනුත් හයීනලා තුන් දෙනෙක්ව විශේෂයෙන්ම මතක ඇතිනෙ. ඒ තමා ශෙන්සි, බැන්සායි සහ එඩ්. නමුත් අළුත් සිනමාපටයට එද්දි ශෙන්සිගෙ නම නොවෙනස්ව තිබ්බත් බැන්සායිගෙ නම කමාරි විදිහටත්, එඩ්ගෙ නම අසිසි විදිහටත් වෙනස් වෙලා තියෙනවා. ජොන් නම් කියලා තිබ්බෙ කමාරි සහ අසිසි අප්‍රිකානු නම් නිසායි එහෙම පාවිච්චි කළේ කියලා. ඒ අනුව මේ සිනමාපටයේ ශෙන්සි විදිහට ෆ්ලොරන්ස් කසුම්බාද, කමාරි විදිහට කීගන්-මයිකල් කීද, අසිසි විදිහට එරික් අන්ඩ්‍රේද තම හඬ දායකත්වය ලබා දෙනවා. කට්ටියට මතක ඇතිනෙ කළින් සිනමාපටයේ සංගීත නිර්මාණයට ප්‍රධාන දායකත්වය දැක්වුවේ අපි කවුරුත් දන්න හෑන්ස් සිමර්. ඉතිං මේ සිනමාපටයටත් සංගීත නිර්මාණය සිදු කරන්නෙ එතුමාම තමා.

මුල් සිනමාපටය ප්‍රේක්‍ෂක චන්ද 864,822 ක් යටතේ IMDb 8.5ක අගයක් අරගෙන තිබ්බත් මේ සිනමාපටයට ප්‍රේක්‍ෂක චන්ද 106,831 ක් යටතේ ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ 7.1ක අගයක් විතරයි. මේ තරම් රේටින්ග්ස් බහින්න හේතුව වෙන්න ඇත්තෙ ළමා කාලය ලයන් කිං සිනමාපටය එක්ක ගෙවපු අය කියලයි මට නම් හිතෙන්නෙ. මොකද මුල්ම වතාවට මේ සිනමාපටය බලන කෙනෙක්ට, ලැබෙන්න පුළුවන් උපරිම රසාස්වාදයක් මේ සිනමාපටයෙන් ලැබෙනවා. මොකද සජීවීකරණ කොටස් ජංගල් බුක් එකටත් වඩා හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්න පුළුවන් බයක් නැතුව. අනික මුල් සිනමාපටයේ කතාවම මේ සිනමාපටයෙත් භාවිතා කරලා තියෙන නිසා මුල් සිනමාපටය බලපු කෙනෙක් ලබපු රසාස්වාදයම අළුතින් බලන අයටත් පිටපත පැත්තෙන් ලැබෙනවා. නමුත් මුල් සිනමාපටය නොබලා මේ සිනමාපටය මුල් වතාවට බලපු කෙනෙක්ට එකම එක ප්‍රධාන දෙයක් මග හැරෙනවා. ඒ තමා මුල් සිනමාපටයේ එන චරිතවල තියෙන භාවප්‍රකාශයන්. මට හිතෙන විදිහට සිනමාපටයට අඩු රේටින්ග්ස් එන්න ප්‍රධානම හේතුව වුණේ මේක. කෙනෙක්ට කියන්න පුළුවන් නෑ එයාම 2016 හදපු ජංගල් බුක් එකෙත් සතුන්ගෙ භාව ප්‍රකාශන තිබ්බෙ නෑනෙ, ඒ වුණාට එහෙම කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑනෙ කියලා. ඔව් ඇත්ත, නමුත් ඒකට හේතුව වුණේ ජංගල් බුක් සිනමාපටයට වඩා වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් මේ ලයන් කිං සිනමාපටය වටා එකතු වෙලා හිටපු එකයි. මුල් සිනමාපටය ප්‍රේක්‍ෂකයන්ට ගොඩාක්ම සමීප වුණේ සිම්බා, පුම්බා, ටිමෝන් වගේ චරිත, ඒ ඒ අවස්ථාවෙදි පෙන්නපු මෙන්න මේ භාව ප්‍රකාශන නිසා. සිම්බ අලුත ඉපදුන වෙලාවෙ මුෆාසගෙ, සරාබිගෙ මුහුණු වල තිබ්බ ඒ සතුට, මුෆාසා මැරුණ වෙලාවෙ සිම්බා අඬද්දි මුහුණෙ තිබ්බ දුක, නාලා පුම්බා පස්සෙ පන්නද්දි ටිමෝන්ගෙ පුම්බගෙ මුහුණෙ තිබ්බ බය, Can You Feel the Love ගීතය යද්දි සිම්බගෙයි නාලගෙයි ඇස්වල තිබ්බ ආදරබර හැගීම, මෙන්න මේ භාව ප්‍රකාශන හරහා තමයි මේ චරිත සියල්ලම ප්‍රේක්‍ෂකයා එක්ක බැඳුනේ. නමුත් අළුත් සිනමාපටයෙදි නිර්මාණකරුවන්ට මූලිකත්වය දෙන්න වෙලා තිබුණේ ඇත්ත සතුන්ගෙ හැසිරීම් රටා වලට නිසා, භාව ප්‍රකාශනය කියන කොටස සිනමාපටයෙන් එහෙම් පිටින්ම අයින් කරන්න වෙලා තියෙනවා. නමුත් ටිමෝන්ගෙ ටිකක් හෝ මේ හැගීම් ප්‍රකාශනය දකින්න පුළුවන් වෙච්ච එක ගැන නම් ඇත්තටම සතුටක් දැනුනා. කොහොම නමුත් මේ වෙනකොට බොක්ස් ඔෆීස් වාර්තා වල ඩොලර් බිලියනයේ කඩයිම පසුකරගෙන ගොස් වැඩිම ආදායම් ලාභී සිනමාපට ලැයිස්තුවේ 7 වන ස්ථානය ලබා ගන්න මේ සිනමාපටයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ලයන් කිං ප්‍රේක්ෂකයෙක් විදිහට ඒ ගැන නම් හුඟක් ආඩම්බරයි.

මං මුලින් කිවුව හයීනලගෙ නම් වෙනස් වුණ කාරණය වගේ මුල් සිනමාපටයෙන් මේ සිනමාපටය නිර්මාණය කරද්දි, කළින් සිනමාපටයේ තිබිච්ච සමහර දේවල් හුඟක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සමහර දේවල් මුල් සිනමාපටයේ තිබ්බ විදිහටම මේ සිනමාපටයෙදිත් නොවෙනස්ව බලාගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමා The Circle of Life ගීතයේ සිදුවීම් පෙළ. ඒක 97%ක වගේ ප්‍රමාණයකින් මුල් සිනමාපටයේ සිදුවීම් පෙළට හරියටම සමානයි. මේ මුළු සිනමාපටයම නිර්මාණය කරලා තියෙන්නෙ පරිඝණක රූපරාමු වලින් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ. හැමෝම හිතාගෙන හිටියෙ එහෙම තමා. නමුත් සිනමාපටය නිකුත් වෙලා දින කීපයක් යද්දි ජොන් එයාගෙ ට්වීටර් එකවුන්ට් එකේ දාලා තිබ්බා සිනමාපටය පටන් ගන්නකොටම තියෙන ඉර පායන දර්ශණය ඇත්තටම අප්‍රිකාවෙදි ඔවුන් ගත්ත දර්ශනයක් කියලා. මේ සිනමාපටයේ පරිගනක යොදාගෙන නිර්මාණය නොකරපු එකම එක දර්ශණය වෙන්නෙ ඒ කොටස විතරයි. මං කිවුවනෙ මේ සිනමාපටයෙදී සමහර දේවල් වෙනස් වෙලා කියලා. ඒ වගේ මට පෙනුන කැපී පේන වෙනස් කමක් තමා Be Prepared ගීතය. ගීතයේ සිදුවීම් මාලාව වගේම පද මාලාවත් කෙටි වෙලා තියෙනවා. නිර්මාණකරුවන් මුලින් නම් තීරණය කරලා තිබ්බෙ අළුත් සිනමාපටයට මේ ගීතය ඇතුළත් කරන්නෙ නෑ කියලයි. නමුත් කෙසේ හෝ අන්තිමේ මේ ගීතය ඇතුළත් කරපු එක ගැන නම් සතුටුයි. ඒ වුණාට මං ආසාවෙන් බලන් හිටපු, ලයන් කිං ස්පෙෂල් එඩිෂන් එකේ තිබ්බ Morning Report කියන ගීතයත් මේ සිනමාපටයට එකතු වෙයි කියලා. නමුත් ඒක නම් එකතු වුණේ නෑ. තව මං දැකපු කැපිලා පේන වෙනස් කමක් තමා රෆිකි සිම්බව ආපහු යන්න කියලා හිත වෙනස් කළාට පස්සෙ, සිම්බා ආපහු ප්‍රයිඩ් රොක් එකට යද්දි යන සංගීත කොටස වෙනුවට මේ සිනමාපටයේදි බියෝන්සෙ ගායනා කරන Spirit කියන අළුත් ගීතය පාවිච්චි කරලා එතන කළින් තිබුණ සංගීත වාදනය සිනමාපටය පුරාවට තැනින් තැන පාවිච්චි කරලා තියෙනවා. ඒක හොඳටම කැපිලා පේන වෙනසක්. මොකද Stampede එකේදියි, මේ සිම්බා ආපහු යන තැනදියි යන සංගීත කොටස් දෙක අපිට හොඳට මතකයි. තව වෙනස් කමක් තමා සිම්බට තමන්ගෙ තාත්තව අහසෙ පේන විදිහ. උපරිම තාත්ත්වික විදිහට තමා ඒක ඉදිරිපත් කරලා තියෙන්නෙ. තව එක ප්‍රධාන වෙනස් කමක් තමා රෆිකි එයාගෙ බස්තම පාවිච්චි කරන විදිහ. මං නම් සිනමාශාලාවට ගිහිං සිනමාපටය බලන්න ගත්තට පස්සෙ හිතුනෙ රෆිකිගෙ බස්තම මේ කතාවෙන් අයින් කරලා ඇති කියලා. නමුත් අන්තිම සටනෙදි ඒක එළියට ගයි කියලා මං කීයටවත් හිතුවෙ නෑ. සිනමාපටයේ දෙවනි කොටසක් නම් එන එක ගැන නිර්මාණකරුවන් මුකුත් කියල නම් තිබ්බෙ නෑ. හැබැයි අපි දැක්කා සිනමාපටයේ අන්තිමට කියාරව නම් පෙන්නනවා. තව මට අහු වුණ එක දෙයක් තමා ලයන් කිං දෙවනි සිනමාපටයෙ තිබිච්ච ගීතයක් මේකෙ එන්ඩ් ක්‍රෙඩිට්ස් වලට දාලා තියෙන එක. සිංදුවේ නම තමයි “He Lives in You”. අහලා බලන්න. මාරම ලස්සනයි. දෙවනි සිනමාපටය බලපු කෙනෙක් දන්නවා ඒ සිංදුව කොච්චර ලස්සනද කියලා.

සිනමාපටය ගැන තව කියන්න දේවල් නම් ගොඩක් තිබුණත් කට්ටියට සබ් එක ඉක්මණට දෙන්න ඕන නිසා මං ලිපිය මෙතනින් නවත්තනවා. මං ඇත්තටම මෙහෙම ලිපියක් නෙවේ ලියන්න බලාපොරොත්තු වුණේ. හරිම සවිස්තරාත්මක ලිපියක්. මං අනිවාර්යයෙන්ම ෆැන්ටාස්ටික් බීස්ට් එකේ කළා වගේ මේ ලිපිය තවත් සවිස්තරාත්මකව ටික දවසකින් යාවත්කාලීන කරන්නම්. එතකම් මේ කියපු ටිකත් ඔලුවේ තියාගෙන සිනමාපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

“Hakuna Matata”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

55,323 downloadsDownload The.Lion_.King_.2019.Baiscopelk.com_.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


 

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

55,323 downloadsDownload Subtitles44 KB

163 comments

  1. Dulika_Chamodya

    Thanks Brother !!!

  2. rashmika_jayasundara

    Thank you

  3. Ashen D

    Thankz

  4. adss_1998

    බොහොම ස්තුතියි මචන් සබ් එකට

  5. subodha

    Thanks

  6. vidurangarachitharachitha

    Thnxx bro..

  7. KavindaRashmin

    Thnx bokka

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  9. දිල්ශාන් සචින්ත

    හායි වැලසේකා

  10. M.W. Dilhani

    බොහොම ස්තූතියි

  11. Anurada

    Thank You !!!

  12. Ravindu Rukshan

    thx

  13. sasankabanda

    thanks broooooooooo

  14. lasa1

    maara sathutak danuna sub ek adala tyenawa dakkama

  15. Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි සහෝ..

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බෙහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    දෙනකම් බලන් හිටියේ...
    BRrip එකමයි නේද?
    ජය

  17. Asitha.pramoth

    ස්තූතියි සහෝදරයා

  18. Bimsara_Yashan

    sub ekata tnx...danakan blan hitiye

  19. roba3090

    Thnks bro...

  20. malithmadhushan45

    අම්මේ බොහොම ස්තුතියි අයියේ බලාගෙන හිටියේ එනකන් yts එකේ දැක්ක ගමන් සයිට් එකේ සබ් එක දීලා කියල දැක්කහම මර සතුටක් ආවේ

  21. geeganagamage

    බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක් .

  22. Praneeth priyadarshana

    Tks bokka

  23. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. Dhanushkadill

    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  25. dsdkavishka

    Thenks for sub

  26. Dewadithya

    Thanks for Sub!

  27. bhagyaWijethunga

    Patta Lipiya, Eeeka Bokkenma dalathiyanawa

  28. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි.....සහෝ....හොඳ copy එකක් එනකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  29. lakmal chathuranga

    tank you sho jayawewa

  30. darshana100

    thanks saho upa sirsayata jaya wewa

  31. Chamarank

    Thanks for sub. cheers

  32. Anushka617

    thankyou

  33. Pubudua

    Thank you Machan , Marama asawen unne meake blue-ray eka enakan. A Ikmantama sub ekath avilla <3

    1. Nalaka Dananjaya Rathnayake

      බ්ලු රේ රිප් එනකම් ආසාවෙන් බලන් ඉඳලා බාගෙන සබ් එක දෙනකන් බලන් හිටියෙ බලන්න. බොහොම ස්තූතියි සහො. අනිත් විස්තර ටික අප්ඩේට් කරමු. ජය

  34. Sanjayadinapala

    Thanks bro....

  35. Danu Nuwan

    Thankx broo

  36. Amalka Himeshan

    හම්මේ ඇති යන්තන් දීලා මේක දෙනකන්මයි හිටියෙ තැන්ක්ස් සබ් එකට

  37. maduranga012

    Thank u very much

  38. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    El Camino එකටත් සබ් දෙමුකෝ ඉක්මනටම කව්රු හරි...

  39. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි...සුපිරි

  40. jayaru93

    Thnax saho පුල පුලා බලා සිටි සබක්

  41. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ලිපියත් ගොඩක් වටිනවා..නොදන්න,ඒ උනාට දැනගන්න ආසාවෙන් හිටපු ගොඩ දේවල් දැනගත්තා. තවත් උපසිරසකින් හමුවෙමු...ජය වේවා! බුදුසරණයි...තව ලිපියක් ලිව්වොත් බයිස්කෝප් මංසලට දාන්න සහෝ!

  43. Ashan thiranagama

    man laga lion king vcd 2k thiyei mulu film ekama cartoon 1990 ganan wala thama ape thaththa rata idan genath thiyenne brooo..habei thaama ee vcd wada hira wewii hari..

  44. Lahiru Lakshan

    thanks machn....

  45. ranga11112

    thanks saho.....

  46. Hashan M. Priyadarshana

    The Expanse TV series එකටත් සබ් දෙනවද බ්‍රෝ පුළුවන් නම් :)

  47. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  48. naughty

    සබ් එකට පට්ටම තෑන්ක්ස් බ්‍රෝ.. ආසම ෆිල්ම් එක..

  49. Himantha

    උපසිරසට ගොඩක් ස්තූතියි

Load more comments