මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක්…
මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන හින්දා. ඇයත් ගොඩක් ලස්සන කෙලිලොල් තරුණියක්. ඉතිං මෙහෙම ඉද්දි ඉතාම අභිරහස් විදියට බියට්‍රිස් සැමුවෙල් ඉදිරිපිටම සියදිවි හානි කරගන්නවා. ඉතිං එයින් ඇතිවන කම්පනය නිසා සැමුවෙල්ගෙ ජීවිතයම උඩු යටිකුරු වෙනවා. ඔය අතරෙදි තමයි එයාට අමුතු හීනයක් දිගින් දිගටම පේන්න පටන්ගන්නෙ. ඒ විදියට ආරම්භ වෙන මේ කතාව එතන ඉඳන්ම මහා අද්භූත විදියට තමයි ගලාගෙන යන්නෙ.
ඉතිං යාළුවනේ ඒ ඔය කතාවෙ ආරම්භය ගැන කෙටි සඳහනක්. කතාවනම් ආයෙ අංක එකයි. වගකීමෙන් කියන්නෙ. අනිවා බලන්න. මේක නිකං හරියට The da vinci code වගේ කතාවක්. අභිරහස් කතා බලන්න කැමති අයට කියන්නෙ මේක මිස් කරගන්න එපා කියල. කවි පද ඇතුලෙ සැඟවුණු මහා බලයන් ඇතිබව වගේම අතීතයේ සිට වර්තමානය දක්වාම බිහිවූ මහා සාහිත්‍යධරයන් ඔවුන්ගේ හැකියාවන් ලබාගත්තේ කෙසේද යන්න ගැන කියවෙනවා අමුතුම කතාවක් මේක. ඇත්තටම ඒ ඔවුන්ගේ හැකියාවද, නැත්නම් ඔවුන් වෙතට පැමිණි යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔවුන්ට ලබා දුන් තෑග්ගක්ද, එසේනම් ඒ තෑග්ග ඔවුන්ට ලබා දුන්නේ නොමිලේද, නැත්නම් ඒවාට ගෙවන්න වෙන මිල කුමක්ද? මේ ප්‍රශ්න වලට කතාවෙ පිළිතුරු තියෙනවා.
කතාවෙ නිර්මාණය ගැන ටිකක් කියන්නම්, Jaume Balagueró විසින් අධ්‍යක්ෂණය කරලා තිබෙන මෙය නිෂ්පාදනය කරලා තියෙන්නෙ Julio Fernández, Carlos Fernández, Laura Fernández, Brendan McCarthy, Jean-Yves, RoubinManuel Chiche යන අය විසින්. මේකම Musa නමින් ස්පාඤ්ඤ බසින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. කතාව ලියලා තියෙන්නෙ Jaume Balagueró සහ Fernando Navarr දෙන්නා. කතාවට පාදක වෙලා තියෙන්නෙ José Carlos Somoza ගෙ The Lady Number Thirteen කියන කෘතිය. මෙහි රංඟනයෙන් Elliot Cowan, Franka Potente, Ana Ularu, Joanne Whalley වගේ අය දායක කරගෙන තියෙනවා. මෙය ස්පාඤ්ඤයේ නිර්මාණය කරන ලද්දක් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් තමයි නිපදවලා තියෙන්නෙ. 2017 ඔක්තෝබර් 07 වෙනිදා Sitges Film Festival හිදී තමයි මේක මුලින්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ. ජනතා ප්‍රදර්ශනය 2017 දෙසැම්බර් 01 තමයි අරඹලා තියෙන්නෙ. Imdb දර්ශකයෙ 5.3ක අගයක් ලබාගෙන තියෙනවා. ඒකනම් අන්තිම අසාධාරණ ගානක්. ඔයාලා බලද්දි ඒක තේරෙයි. විනාඩි 107ක් පූරා දිවෙන මෙය horror, sci-fi, The da vinci code යන ඛාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. මෙය Gaudí Awards (2018) හිදී Best Visual Effects සඳහා සම්මානයට නාමයෝජනා අතරට ඇවිත් තියෙනවා. මෙම නිර්මාණය සඳහා යුරෝ මිලියන පහක පමණ වියදමක් දරා තිබෙනවා. ඉතිං මූලිකවම ඒ ගැන කියන්න තියෙන්නෙ ඔය ටික තමයි.
මේ කතාවට උපසිරසි කරන්න මට එක හේතුවක් තියෙනවා. මේ චිත්‍රපටය මට යාළුවෙක්ගෙන් හම්බවුණ එකක්. ඉතිං ගෙදර ඇවිත් google වල සිංහල සබ් එකක් හොයද්දි මොකක්ද සයිට් එකක තිබ්බ එකක් හම්බවුණා. අනේ ඉතිං හරිම ආසාවෙන් ඒක දාලා බලද්දි වෙන මොනවද විකාරයක් ඒකෙ යන්නෙ. ඉතිං මම හිතාගත්තා මේකට සබක් කරන්න ඕනෙ කියල. ඒවගේ දේවල් වලින් baiscopelk සයිට් එක ගැන තියන විශ්වාසය තවත් වැඩි වෙනවා. මොකද බය නැතුව සබක් බාගෙන බලන්න පුළුවන් ප්‍රධානම තැන ඒකට තියන හින්දා.
ඒ නිසා බයිස්කෝප් ආයතනයට විශේෂයෙන්ම ස්තූති කරනවා, ඒ වගේම හසන්ත අයියා ඇතුළු සියළුම ඇඩ්මින් සොහොයුරන්ටත් අපිට සබ් දෙන සියළුම සොයුරු සොයුරියන්ටත් ස්තූති කරනවා. ඒවගේම අපත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න රසික ඔබ හැමෝටමත්, කමෙන්ට් වලින් අපව දිරිමත් කරන හැමෝටමත් හදපිරි ස්තූතිය පුද කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේකත් බලන්න කියන ගමන් ගිහින් එන්නම් තවත් සබකින් හමුවෙමු.
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,203 downloadsDownload Muse-2017.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
35 comments
Gathsara Umesh
hansadm
SUPER
තෑන්ක් යූ මචංchathurangi93
aniwaren balanna qwa nisama aniwarenma blnwa. Lassana film1k wenna athi, Thankz
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!chathurangi93
Merlin tv series eka and Spartacus tv series eka download krganna bane. File1 expire wela kiyanwa. plz baiscope crew, help!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!viradaka
thanks brother .
Ishan Madusha
බොහොම ස්තූතියි
Kaveen Gayath
Niyamai bro
gihan perera
ස්තුතියි සහෝ...ඔන්න එහෙනම් 2018 ට බාගන්න අන්තිම ෆිලුම මේක...ලබන්නා වූ 2019 අවුරුද්දෙ වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...සුභ අලුත් අවුරුදද්දක් වෙිවා!!!!
Kulanjana Maduranga
subata thanks saho...keep it up.....
saliya1000
mcn sub wada karanwada?mage wada nane
Wicki
උප සිරසට ස්තූතියි
Suranjan
Thanks machan......jayawewa.....!
Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
luckysun
Thanks bro
Madhura prasad
සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! බ්‍රො.
තුති වේවා සබ් එකටTharaka
THANKS...........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ara N Madhu
Thanks alot for the Sub
Mawan Geethanjana
Thanks
sandharu
Thankd sahooo
suranuwan
thanks,,,
Amalka Himeshan
Thanks machan sub ekata
Dewadithya
Thanks for Sub!
Alexander Anurudda
Thamuselata Mongalda Oi Sub Thanikara Varadine Apayata Palayan
akila_madushan
Sub eka wada na bn
Chamara chaturanga
....thanx...mchn....
Lalani Maduwanthi
Thank you
Dilshan rajitha
Thanks bro...
Bandaramudiyansi
දිගටම සබ් කරන්න ඔයා ස්තුතියි
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
MAALnath
Thanks ................good luck ..................
Malshan Maduranga
මේකෙ sub km playඑකට play වෙන්නෙ නෑනෙ...
විමා
මිඩියා ප්ලේයර් ක්ලැසික් කියන ප්ලේයර් එක ට්‍රයි කරන්න සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Bhoom sathutui