DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි. දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ. DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ. අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් භාගයේ කොහේ හ…

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි.
දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ.
DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ.
අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් භාගයේ කොහේ හෝ දරු උපත් හතරක් පමණ සිදු වෙද්දී, ඒ ඉපදෙන හැම දරුවෙක්ටම අම්මාගේ ආදරය එලෙසින්ම ලැබෙනවාද යන්න ගැටලුවක්. කුසින් නොවැදුවත්, අම්මා යනු අම්මාමයි. මීට වසර ගණනාවකට පෙරත්, අදත්, හෙටත් ඒ උත්තම මාතෘත්වයේ නාමයෙන් තමන්ගේ ම නොවුනත් තමන්ගේ ම ලෙසින් දරුවන් රකිනා මව්වරුන් කොතෙකුත් ඇති.
එදා හුණු වටයේ කතාවෙන් ගෲෂා පෙන්වාලූ මව් සෙනෙහසේ බලය, නූතනයට පෙන්වන්නට සූදානම් වන ඕ නමින් දේව්කි. හඩන්නට ඇවසි නම් හඩන්න, සිනාසෙන්නට අවැසි නම් සිනාසෙන්න, ඔබේ අම්මා ඔබ අසලම රැඳේවි. මෙතැන් සිට ඇගේ කතාන්තරය සමග ඒකාත්මික වන්න.
50 වෙනි කඩඉම වෙනුවෙන් මම තෝරගත්තේ කාලෙකට පස්සේ ශ්‍රී දේවිගේ රංගනයන් හැඩවුන Mom 2017 හින්දි චිත්‍රපටය. ඇත්තටම 50ට විශේෂයක් කරන්න කියලා යෝජනා කළේ ලෝගන් අයියා. හින්දි චිත්‍රපටි ම ගොඩක් කරලා තියන නිසා 50ටත් හින්දි චිත්‍රපටයක්ම කරන්න කල්පනා කළා. අන්න එතැනදී ආසිරි සහෝදරයගෙ නොමසුරු දායකත්වය මත Mom 2017 උපසිරැසි කරන්න මට ලැබෙනවා. ඇත්තෙන්ම 50 දෙන්න හිටියේ ගොඩ කාලෙකට කලින්, ඒත් මුලින් හොද කොපියක් එනකල් බලන් හිටියා, ඊටත් පස්සේ ඉංග්‍රීසි උපසිරැසියක් එනකල් හිටියා. ඔහොම ඉද්දි ඊයේ තමයි සිසිල සහෝදරයා මේකට උපසිරැසියක් ඇවිත් කියලා පණිවුඩේ දුන්නේ. ඒ වෙලාවේ ඉදන් උපසිරැසිය කරන්න පටන් ගත්තා. මේක හින්දි චිත්‍රපටයක් වුනත් උපැසිරැසිය කරේ ද්‍රවිඩ පිටපතට. කොහොමහරි, ඒකේ ප්‍රතිපලය තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ 50වෙනි උපසිරැසිය නිම වෙන්නේ, ඔන්න ඔය කියපු සහෝදරවරුන්ට ස්තූතිවන්ත වෙන්නයි.
මේ වෙලාවේ මම මෙතෙන් ආව ගමන ගැනත් කියන්න ඕන කියලා හිතනවා. Thank you 2011 හින්දි ෆිල්ම් එකෙන් තමයි මම මෙ බයිස්කෝප් අඩවියට හා හා පුරා කියලා සම්පත් දායකයෙක් වුනේ. සෑහෙන මහන්සියෙන් පළවෙනි උපසිරැසිය කරා. ඒක ඉවර වෙද්දි හිතුවා ආයි නම් උපසිරැසි ඕනම නෑ කියලා. ඔහොම ඉද්දි තව එකක් කරමු වගේ කියල හිතුනා.
Thank you (2011)
Men and chicken (2015)
Hungama ( 2003)
Kismat konnection (2008)
Your name (2016)
To the forest of firefly lights (2011)
Run lola run (1998)
Lage Raho Munna Bhai (2006)
ඔන්න ඔය විදියට එක, දෙක වෙලා දන්නෙම නැතුව 50ටත් ඇවිත්. චිත්‍රපටි වගේම:
Pinnochchio
Healer
The girl who sees smells
කියන කොරියන් සීරීස් වලටත් මේ කාලේ ඇතුළතදී උපසිරැසි ගන්වන්න මට හැකි වුනා.

මේ ගමනට මට වචනයෙන් පවා උපකාර කළ හැමදෙනාටම ස්තූතියි කියන්න ඕන. විශේෂයෙන් ම ප්‍රේක්ෂක ඔබට, ඔබේ පුංචි ප්‍රතිචාරයක් අපිට මහමෙරක් තරම් වටිනවා.ඒ වගේම බයිස්කෝප් පවුලේ සියලු දෙනාවම. නම් වශයෙන් කියන්න ගියොත් අනිවාර්‍යෙන් කවුරුහරි අඩු වෙයි. ඒත් ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාටම (ඉසිර, රොයිලි, හසන්ත, අසංක, ආසිරි, විමා, නලින්, සමන්, සිසිල, සුධීර සහෝදරවරුන්ටත්, නිර්මාණි සහෝදරියටත්) ස්තූති කරන්න ඕන. රොයිලි අයියා කොයි තරම් වැඩ තිබුනත් කොමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්නේ නෑ, මට මතකයි ලෝගන් අයියා මගේ පළවෙනි උපසිරැසියට දාලා තිබුන කොමෙන්ට් එකේ දීලා තිබුන අවවාදත්, ඒ වගේම අපැහැදිලි යෙදුම් බෑ නොකියා කියලා දුන්න හසන්ත අයියා, විශේෂයෙන් මතක් කරනවා. බයිස්කෝප් ඩිරෙක්ට් ලින්ක් වෙබ් සයිට් එක කරන සඳුන් අයියවත් මතක් කරනවා.
මේ හැම කෙනෙක් වගේම බයිස්කෝප් පවුලේ ආදරණීය සොයුරු සොයුරියන් ස්තූති පූර්වක ව සිහිපත් කරන්න කැමතියි. ඒ නම් ලැයිස්තුව නම් දිගම දිගයි.. විශේෂයෙන්ම කනිෂ්කා අක්කව මතක් කරනවා. මං පුද්ගලිකව කතා කරලා නැතත්, කොරියන් ටීවී සීරීස් පිස්සෙක් වගේ බලන්න උදව්වක් වුනේ කනිෂ්කා අක්කගේ උපසිරැසි තමයි. නිර්මාණි අක්කා, සුරේනි අක්කා වගේ බයිස්කෝප් එකේ කාන්තා නියෝජනය දකිද්දි තමයි මටත් උපසිරැසි කරන්න පුලුවන් නේද කියලා හිතුනේ. බයිස්කෝප් පවුලෙන් අඳුන ගත්ත සහෝදර සහෝදරියන් නම් එමටයි. ඒ නිසා නම් විදියට නොකියා ඉන්නම්.
ඒත් එක්කම මගේ පවුලේ අයට මම ස්තූති කරන්න ඕන, ගෙදර යන්නෙත් මාස ගානකට පස්සේ. ඒ ගිහින් කරන්නෙත් උපසිරැසි. ගෙදර අය මගේ මේ අහිංසක පුරුද්ද ඉවසා වදාරන එකම මට ශක්තියක්. ඒ වගේම මම අධ්‍යාපන කටයුතු කරන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන් ව ආදරෙන් මතක් කරනවා. ඒ සේරමත් එක්ක මට ශක්තියක් වෙන බෝඩිමේ යාලුවෝ හත්දෙනා මතක් නොකරොත් බෝඩිමට යන්න හම්බ වෙන එකක් නෑ. රැයක්, දවාලක්, උදයක් කියලා නැතුව මම ටයිප් කරන සද්දෙට විහිලු කර කර ඉන්න, සබ් එක කරලා ඉවර වුන ගමන් බලෙන්ම ඉල්ලගෙන බලන එයාලටත් මම ස්තූතියි කියනවා.
ලිපිය ටික ටික දිග වැඩි වෙන නිසා මෙතනින් ස්තූති කතාව අවසන් කරනවා.තවත් නිර්මාණයකින් හමුවෙමු.සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR /DVD පිටපත් සඳහා අදාළ වේ.
16,364 downloadsDownload MOM-2017-BR.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
206 comments
Kasun Widusha
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
prabodha
Congratulations 50th subtitle sis.......!
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
තාරක නුවන් දිල්හාර
සුභ පැතුම්. 50 වන උපසිරසියට...
නොනැවතී ඉදිරියටම යමු..
ජයෙන් ජය..Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
රුවන් ඉන්දික
කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
Krishan NiShalya
උපසිරැසියට හුගක් ස්තුතියි
50 ක් නියමයි නෙහ් .....
100 කුත් ගහන්න
තව තවත් හොද ෆිල්ම් වලට උපසිරැසි ලබාදෙන්න
ශක්තිය ලැබේවා ....
ඉතිරි කටයුතුත් සාර්ථකව ඉටුකරගන්න ලැබේවා...!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
Prabuddha Kulatunga
50ta suba patum!
Helili Hemamali
Thank you my love...
Rasitha Pradeep Somasiri
50 වැනි උපසිරැසියට සුබපැතුම් සොයුරිය....
Helili Hemamali
බොහොම ස්තූතියි අක්කේ.
kumara
බොහෝම ස්තූතියි සොයුරිය සබ් එකට. ගොඩාක් පිං. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා!!. 50 වෙනි කඩඉමට සුභපැතුම්. ජයවේවා!!
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Ashan Herath
sub ekata thankz.....
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Thisal Lakpura
බොහෝම ස්තූතියි
50 වැනි උපසිරැසියට සුබපැතුම් ....Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
gihan perera
Well done sis....god bless you!!!!
Helili Hemamali
Thank you.
gihan
50 වැනි උපසිරැසියට සුබපැතුම්
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Tharaka
50 වැනි උපසිරැසියට සුබපැතුම් සොයුරිය!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
nidi
හෙළ දියණියක වන හෙළලි
උදරාර්ථය නොව පරාර්ථයම පෙරදැරි කරගෙන
බයිස්කෝප් රසික අප වෙනුවෙන් කරන
උදාර මෙහෙය අගයන්නෙමි!
ස්තුතියි!
100 කඩඉමට ඉක්මනින් ළං වන්නට වාසනාව උදා වේවා!Helili Hemamali
බොහොම ස්තූතියි! හිතට වදින කමෙන්ට් එකක්.
රොයිලි
උණුසුම් සුබ පැතුම් ඔන්න මමත් එක් කරනවා හෙළෙලි සහෝදරී උපසිරැසි අර්ධ ශතකය වෙනුවෙන්. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ත් ගහන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Helili Hemamali
බොහොම ස්තූතියි අයියේ.
era
thanks
Helili Hemamali
බොහොම ස්තූතියි.
Gathsara Umesh Kumara
Niyamyi akke.....
Mm kiynnd ithuru 50 japan anime walinm purawmukoo api innw hmdaaam iya ekk...jayen jayam wewaa....!!Helili Hemamali
බොහොම ස්තූතියි.
Sajeevi
50 වැනි උපසිරැසියට සුබ පැතුම් !!
Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි.
Helili Hemamali
අක්කා කෙනෙක් නේද, සමාවෙන්න ඕන.
Rajitha
Thank you ........jayawewa.....!
Helili Hemamali
බොහොම ස්තූතියි. ජය වේවා!
shamal
Thank you....! keep it up, good works.........!
Helili Hemamali
thank you bro.
Buddi
Thanks.............
Helili Hemamali
Thank you.
එල්.සී . දමැල්
50ට සුභපැතුම් හෙළිලි අක්කේ...
ඒ වගේම මේ චිත්‍රපට උපසිරසටත් බොහොම ස්තුතියි...
මෙතනින් නොනැවති 100 200 300 කඩඉම්වලට යන්න කාලය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව...Helili Hemamali
බොහොම ස්තූති මල්ලි
Sohan Jayasooriya
50ට සුබ පැතුම් අක්කේ!!! ඉතුරු කඩයිම් වලටත් යමු දිගටම සබ් දෙන්න..
Helili Hemamali
බොහොම ස්තුති මල්ලි.
rasanga
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
අසිත
ගොඩක් වටිනවා සහෝ මේක බලන්න හිටපු හින්දි ෆිලුමක්
50 හරිම ඉක්මන් නේ...දිගටම සබ දෙන්න
ජය වේවා!!!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
නිර්මාණී විජේසිංහ
ගොඩක් සතුටුයි නගේ තවත් අපේ කෙනෙක් මේ වැඩේට අත ගහලා ඉන්නවා දකින්න ලැබුනාම. 50 වෙනි උපසිරසියට සුභ පැතුම්. අධ්‍යාපන වැඩ සාර්ථකව කරගන්න ගමන් තව තව උපසිරසි කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව දෙතුන් සීයක්ම කරලා දාමු. ජය වේවා....
Helili Hemamali
බොහොම ස්තූතියි අක්කේ..
අනිවාර්‍යෙන් බයිස්කෝප් එකත් එක්ක දිගටම ඉන්නවා.
Shehan Prathapasinghe
ALL the best HELALI hemamali SISTER keep IT UP!
Helili Hemamali
thank you so much bro!
Udara Rajapakse
50 වැනි උපසිරසියට සුභ පැතුම් අක්කේ!!
ඉක්මන්ටම 100ත් ගහන්නෝ :)Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි.
samee
ikmanata 100 gahanna labewaa
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
sumed
50 වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් ගොඩක් ස්තූතියි සහෝදරී.ජය වේවා...!!!!
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
sureni Athurugiri
සුභ පැතුම් නංගී 50 වෙනි කඩඉමට... බයිස්කෝප් සහෝදරියන්ගේ නියෝජනය එන්න එන්නම වැඩි වෙන එක ගැන ගොඩක් සතුටුයි. මාවත් මතක් කරලා තියෙන එක ගැන ගොඩක් ස්තුතියි. ඉක්මනින් 100ත් කරමු. සබ් එක ගත්තා. අද බලනවා...
Helili Hemamali
බොහොම ස්තූතියි අක්කේ..
අක්කගෙත් ඊලග කඩයිමට ඉකමනටම යන්න ශක්තිය, වාසනාව ලැබේවා කියලා පතනවා.
Dhanuka Kumara
සුබපැතුම්..වැඩි වැඩියෙන් sub කරන්න ලැබේව
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Kanths_dla
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Helili Hemamali
ස්තූතියි සහෝ..
යුශාන් පියුමාල්
නියමයි ඉක්මනින්ම සියවෙනි උපසිරැසත් ඔය වේගයෙන්ම දෙමු
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Rashmi Lakshitha
50 වෙනි උපසිරස උණුසුම් සුබපැතුම්...
ඉදිරියටත් කරගෙන යන්න..
වැඩි වැඩියෙන් sub ලියන්න හැකිවේවා...Helili Hemamali
UWU සහෝදරත්වය... ස්තූතියි ඈ...
විමා
පනස්වෙනි උපසිරැසිය වෙනුවෙන් ආසිරි හෙළිලි :D
ඒ වගේම මේ වෙනකම් කරපු උපසිරසි පනහම වෙනුවෙනුත් බොහොම ස්තුතියි
පනහක් කියන්නේ දැන් සයිට් එකේ සුලහ දෙයක් උනාට ලෙහෙසි දෙයක් නෙමේ
මෙතනින් නොනැවතී ඊළඟ කඩයිමත් පහු කරමු
පුරුෂ පාර්ශවයට කාන්තා පාර්ශවයයෙන් අභියෝගයක් එල්ලවෙන හැඩයි දැන් නම් :PHelili Hemamali
විමාගේ 200 වෙනි උපසිරැසිය එනකන් බලන් ඉන්නේ, 200වෙනි උපසිරැසිය වෙනුවෙන් ආසිරි විමා කියන්න.
ස්තූතියි.
Kulanjana Maduranga
welldone….Hat off Respect SIS….Great work & Lot of thanks HELILI sis.wish u’r great future…..
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.. මගේ උපසිරැසි නිතරම් බාගන්න කෙනෙක් නේද!
ඉෂාන් මදුෂ
50 උපසිරැසියට සුබපැතුම්.බොහොම ස්තූතියි
ජය වේවා!Helili Hemamali
බොහොම ස්තූතියි, උපසිරැසි බාගෙන විතරක් නොයා කමෙන්ට් එකකුත් දැම්මට.
shasith sandaruwan
පළමු කඩඉමට සුභපැතුම් හෙළිලි :P
ඉක්මනටම 50 ක් දුන්නා නේද. 50 කිව්වට දැන් හැට ගානක් දාලා තියෙන්නේ නෙහ්. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Helili Hemamali
ඔව්, ඔව්, 65යි..
බොහොම ස්තූතියි සහෝ..
ආසිරි ප්‍රියන්ත (හේවා)
50 ස් වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්.
දිගටම මේ විදියට සබ අරගෙන එමු.
මයුරගෙන් කමෙන්ට් එකක් වැටෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.
ජය වේවා!!මයුර
අසාධාරනෙට විරුද්ධව කෑගහලම මගේ කටත් රිදෙනවා :/
Helili Hemamali
එල එල, බොහොම ස්තූතියි සහෝ..
Udara Damith B/K
49
Udara Damith B/K
පනස්වෙනි සබ් එකට ඔන්න මගෙන් 50 වෙනි කමෙන්ට් එක
දිගටම ගමන යන්ඩ කියලා PRAර්තන කරනවා
..බදුල්ලේ කෙම්පස් එකේද ඉන්නේ අපේ ගෙවල් වලටත් ඩිංගක් ලගයි ඕක ...
දිගටම ඉක්මනට තව උපසිරසකින් හම්බවෙමුHelili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
tharuka priyadarshana
Thanks sis sub ekata.... congratulations for the 50th ☝️
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
lakmal
godak hodai, half girlfrind movie akath ikmanata denna
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ..
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
50 වැනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම්.උපසිරැසි 50ක් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අධ්‍යාපනික කටයුතු එක්ක මේ දේ කරනවා කියන්නේ ඊට වඩා අපහසු කාර්‍යයක්..ඉතිං දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකියාව,ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
******************බුදුසරණයි*******************Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ...
මයුර
පලවෙනි කඩඉමට සුබ පතනවා හේමක්කේ
Helili Hemamali
බොහොම ස්තූතියි මයුර අන්කල්.
Nelson
Good work dear, Thanks!!
Helili Hemamali
Thank you so much..
Sajith Anthony
50 වැනි උපසිරැසට සුබ පැතුම්.
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
සිසිල ප්‍රසාද්
පනස් වන කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් ලඟා වීමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම, සිංහල උපසිරැසිය වෙනුවෙනුත් බොහොම ස්තුතියි. අනිවා බැලීමක් තමයි මේක.
ජය!Helili Hemamali
බොහොම ස්තූතියි අයියේ..
එල, එල.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50 Ta suba pethum.tnx balandama inna film ekk