ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව දීලා තිබ්බා. ඒක නිසා මට හිතුනා සිංහල සබ් එක්ක චිත්‍රපටිය දෙන්න. මේ චිත්‍රපටිය කොරියන් එකක්. කොරියාවේ දැනටත් වැඩිම ආදායමක් උපයපු comedy ෆිල්ම් එක විදියට වාර්තාව තියෙන්නේ…

ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව දීලා තිබ්බා. ඒක නිසා මට හිතුනා සිංහල සබ් එක්ක චිත්‍රපටිය දෙන්න. මේ චිත්‍රපටිය කොරියන් එකක්. කොරියාවේ දැනටත් වැඩිම ආදායමක් උපයපු comedy ෆිල්ම් එක විදියට වාර්තාව තියෙන්නේ මේ කතාවට. කොච්චර ජනප්‍රියද කියනවා නම් මේ චිත්‍රපටිය ඉංග්‍රීසියෙනුත්, හින්දියෙනුත් ප්‍රති නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම IMDB වල 8.1ක් ලබාගෙන තියෙනවා. ඒකෙන්ම කියන්න පුලුවන් කතාව කොච්චර නැගල ගිහින්ද කියලා. චිත්‍රපටිය ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ, මොකද මේ කතාව ගැනම කලින් බයිස්කෝප් එකේම ලිපියක් පළ වෙච්ච නිසා.. කතාව බාගෙනම බලන්න. පට්ටම ලස්සන කතාවක් තියෙන්නේ.
මීට පෙර සාලිය සොහොයුරා විසින් පළ කළ ලිපිය
හුඟක් කාලයක් තිස්සෙ බයිස්කෝප් වෙබ් අඩවිය පාවිච්චි කලාට ලිපියක් ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ වගේම බයිස්කෝප් වල නැති මම කැමති ෆිල්ම් එකක් හොයාගන්නත් අමාරු උනා. මේකයි මගේ ආරම්භක ලිපිය. හොඳයිද කියල බලලම කියන්න.
මේ සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුනු දකුණු කොරියානු චිත්‍රපටියක්. imdb රේටින් වල 8.2ක් ලබාගෙන තියන මෙම චිත්‍රපටය 2001 තිරගතවූවක් උනාට රසයෙ වෙනසක් තවම වෙලා නෑ. කොරියන් එකක් කියනකොට ටිකක් අමුතු වුනත් මාර ලස්සන අමුතු විදිහේ කතාවක්. සාමාන්‍ය චිත්‍රපටි වලට වඩා ටිකක් දිග චිත්‍රපටියක් උනාට ලස්සනට ගලායන නිසා එපාවෙන්නෙ නෑ.මේක ආදර කතාවක් වගේම කොමඩියක්.මම කොරියන් ෆිල්ම් වලට වහ වැටුනෙ මේ චිත්‍රපටියෙන් පස්සෙ. ඒ වගේම මෙම චිත්‍රපටිය හොලිවුඩයත් බොලිවුඩයත් (Ugly Aur Pagli) කොපි කරල තියෙනවා (මේ චිත්‍රපටියෙ ඉංග්‍රීසි රීමේක් එක බයිස්කෝප් වලත් තිබ්බා). ඒකම ඇතිනෙ මේ චිත්‍රපටිය මෙනවගේ එකක්ද කියල හිතාගන්න.
මේ චිත්‍රපටිය පටන්ගන්නෙ තමන් විවාහ ගිවිසගත් පෙම්වතාගේ වියෝවෙන් වසරකට පසු තවමත් ඒ ගැන තැවෙන කෙල්ලෙක් ගෙන්. ඇය බීමත්ව දුම්රියපලක වේදිකාව අයිනටම වී වැනි වැනී සිටිනවා. ඇය දිහා බලාගෙන සිටිනවා එක් අහිංසක එතරම් පෙනුමක් නැති බයාදු කොල්ලෙක්. කෙල්ල දුම්රියක් එන විටම වැටෙන්න යනවා. එවිට අර කොල්ලා ඇයව අල්ලාගන්නවා. ඉන්පසු දෙදෙනාම යන්නේ එකම දුම්රියේ. ඒ කොල්ලා යන්නේ ඔහුගේ නැන්දා විසින් කතා කරපු කෙල්ලෙක්ව බලන්නයි. ඒ වුනාට ඔහු ඒ යෝජනාවට කැමති නෑ. ටික වෙලාවකින් අර කෙල්ල වෙරිමතින් ඇදගෙන වැටෙනවා. මේ කොල්ලා විගසින් ඇයව වඩා ගන්නවා. ඇයට සිහිය නැතිවෙන්න ප්‍රථම ඇය ඔහුට අමතන්නෙ “honey” කියලයි.
මෙතනින් තමා කතාව පටන්ගන්නෙ. මේ කෙල්ලව බලාගන්න ගිහිල්ල කොල්ලට හිරෙත් යන්න වෙනවා. මේ කෙල්ල මාර අමුතුයි. පොඩි වැරැද්දකටත් ගහනවා. (මේ කෙල්ල ගහන හැටි මේල් වලිනුත් ඇවිල්ල තියෙනවා) මේ කෙල්ලව තරහකරගන්න අකැමති කමට මේ කොල්ල, කෙල්ල කියන හැම දෙයක්ම කරනවා. මේ දෙදෙනාගේ කතාවට සුන්දර අවසානයක් තියෙයිද නැත්තං දුක හිතෙන අවසානයක් තියෙයිද කියලදැනගන්න නං චිත්‍රපටිය බලන්නම ඕන.
හැබැයි මේක බොක්කටම වදින වර්ගයේ ෆිල්ම් එකක්. සමහරවිට මේක ඔයාල බලල තියෙන ලස්සනම ආදරකතාව වෙන්න පුළුවං. මොකද මේක ඇත්තටම සිද්ධවුනු කතාවක් නේ. මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ Kim Ho-sik කියන පුද්ගලය අන්තර්ජාලයෙහි පල කරන ලද ලිපි එකතුවකින්. මේ කතාව එයාගෙ ආදර කතාව ලු.
ප. ලි. මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිලියට කිසිම නමක් නෑ. ඇයට කිසිම නමකින් චිත්‍රපටිය පුරාම අමතන්නෙ නෑ. ඒකත් එක විශේෂත්වයක්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,440 downloadsDownload My.Sassy_.Girl_.2001.SinhalaSubs.Baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ (ලීස්බෲ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20
Subtitles by
දිනීෂ පතිරේ
Subtitles
105 comments
chamila
Haritha Prabuddha
ස්තුතියි
gessy
thanxxxxxxxxxxxxxx
Anonymous
ස්තුතියි
අමල් ප්‍රසාද් සමරවීර
නියමයි!!! මම හිතනවා මට නම් මේක හොදට රස විදින්න පුලුවන් වෙයි සිංහල නැති උනත්.. මොකද මටනම් චුට්ටක් විතර භාෂාව හුරැයි!!! බොහොම ස්තූතියි සාලිය!!!
ගෝලයා
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි...
chamath
ela saho harima hageem bara kathawak wage ona ehenam math banna damma thanks saho
Udaya
thanks saho.............
Tharindudoo
මම මේක බෑලුවා..ලස්සන ආදර කතාවක්,,ඔයාලත් අනිවාර්යෙන් බලන්න....මතකනේ කට්ටියට Koizora දුන්නා..මේකත් ඒවගේම ලස්සන හෑගීම්බර දුක හිතෙන කතාවක්...
බොහොම ස්තූතියි සාලිය සොහොයුරාට!!!
ravi shammi
එල එල මාත් බාමි ..තන්ක් යු කිව්වා
funny
mac ela ela .
Asitha
එල මචන් සාලිය.
තෑන්ක්ස් අ ලොට් .......mewi
aniwaryen baami. man dan baiscope eka nisa hindi film wenuwata korean and japaneese love stories balanna purudu wela, ewa aththatama hindi ewata wada godak lassanai.
Thank you very much meka dunnata.
kamal (k2abey)
baiscop denawanan onaaa akak.................:) jaya wewa
Dar[K]
මම මේක බෑලුවා..ලස්සන ආදර කතාවක්,,ඔයාලත් අනිවාර්යෙන් බලන්න
Dil
Lassana story ekak wage... math balannama ona
Akalanka Yapa
balamu... thank u very much.....
Air Bender
මම download කරනවා.
kathu
මෙන්න මගෙ අාසම film එකක් දාලා..!! එළ එළ..!! මෙක අනිවාර්යයෙන්ම බලන්න.. Romantic comedy කියන්නෙ මෙවට තමා....!
Tharindu Chat
එල එල මචන්.... තැන්ක්ස්... කඩ්ඩ එකත් බාන්න දැම්මා.....!!!!!
Saliya
ඔබලාගේ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි!
චින්තක
ela ela....niyami..
Deezter
kiyala wadak naha pattama patta movie eka.thanx
Anonymous
සෑහෙන්න වෙනස් ආදර කතාවක්
apple malli
නොසෑහෙන්න වෙනස් ෆිල්ම් 1ක් නෙ :D පට්ටයි
niluka
lasssana fillm ekak wage..onna math banna danma ...thx machan puluwannam meke sinhala sub ekka danna ...thnx a lot
බුද්ධික ජයනාත්
මාර පාර....ගොඩ film 1.
සිරා love 1k...
ලස්සනයි........Ramraj
ආදර කථා.....
Sudheera
apoooooooooooooo dan mewa wada karanne nane!
චින්තක
pissu hadila ayeth hadenawa.......
lipiye thiyanawa wage bokkatama wadinawa..............චින්තක
mara fillm eka....
pissu hadila ayeth hadenawa............Ishara
මේක ගින්දර කතාව. හාස්‍ය රසයෙන් පිරුනු වෙනස්ම ස්වරූපයේ ආදර කතාවක්.ෆුල් හවුස් වගේ කොරියානු ටෙලිවලට ප්‍රිය කරනවනම් මේක ඊට ගැලපෙනම ආකාරයේ චිත්‍ර පටියක්. මම මෙතනින් නම් නෙමෙයි ඩවුන්ලෝඩ් කලේ.නමුත් කතාව එල!
සෝරෝ
මම අද තමා මේක බලලා ඉවර කළේ..... ලස්සන කොරියානු ආදර කථාවක් හාස්‍යත් එක්ක කැටි වෙච්ච..
හැම කෙනෙක්ම බලන්න වටිනවා....jitha
baaanawoo
sachiya
mekema English film 1kakuth thiyanawaneda me naminma??
Viraj
Thank you
hh
maxxxa maxxxa
ganidu
පට්ටම තමා මචෝ මේක නම් බැලීමක් තමා
හොට්ටා
මේක නම් පට්ට එකක් වගේ ජය
lasidu
නියමයි නියමයි බලන්න ඕනේ
ccnp
jaya wewa thxxx
f_live
ජය වේවා 2 වෙනි නිර්මාණයට 3 වෙනි එකත් ඉක්මනටම දෙන්න
rusuru | රුසිරු
තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා !!!
kalinga
සුපිරි සුපිරි දිගටම කරගෙන යන්න වැඩේ
quik
thxxx lot bro
mihin ලංකා
ජය වේවා නියමයි මචෝ :)
elakiri
එලම තමා ජයම වේවා
pubudu
maxxa niyamai
tharanga
Maxxama macho film akak.niyamai.....
අසංක
බලන්න ඕනේ ලොට් එකක් තියෙනවා....බලමු මේකත් ඒ අස්සට දාලා ජය වේවා 2 වෙනි නිර්මාණයට
එරංග
වැඩේ අත අරින්න එපා කමෙන්ට් දැන් දාන්නෙම නෑ කට්ටිය ඒ උනාට අපි ගැන හිතලා වත් සබ් දෙන්න ,,, ජය සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
:) ela ne.... ?