Watch Trailer

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම…

 

ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ.

Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බලකායන්ට. ගොඩක් වෙලාවට මේ බලකාවල සාමාජිකයන් වෙන්නේ පැරශුට් භටයන් ගොඩක් වෙලාවට මේ බලකා යොදාගෙන තියෙන්නේ ප්‍රධාන පාබල සේනා වලට ආධාරක බල ඇණි විදිහට. 101 වැනි වාසර බලකාය ගැන කියනවා නම් ඒකේ ආරම්භය 1918 දක්වා ඈතට යනවා. මුලදී කරලියේ හිටියේ නැති වුනාට වාසර බලකායන් කරලියට එන්නේ 1942 වෙද්දී. ඒ ඇමරිකාව දෙවනි ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමග. ඒ මිත්‍ර හමුදා ප්‍රංශයට ගොඩබහින්න හොදම තැන විදිහට හොයාගන්නේ නෝමැන්ඩි වෙරළ. හැබැයි මේ තැන මුලුමනින්ම නාසි හමුදාවන් වටකරපු තැනක් වගේම කිලෝමීටර් 80ක වපසරියකින් යුත් භූමි ප්‍රදේශයක්. ඉතින් වෙරළට ගොඩබහින්න ඉන්න හමුදා වලට සහය වෙන්න 101 වැනි වාසර බල ඇණිය සහ 82 වැනි වාසර බල ඇණියත් මධ්‍යම රාත්‍රියේ සතුරු සීමාවට එපිටින් දාලා පැති දෙකකින් ප්‍රහාර එල්ල කරලා, මිත්‍ර හමුදා වලට සාර්ථකත්ව නෝමැන්ඩි වලට පැය 06.30 වෙද්දී ගොඩබහින්න සැලසුම් කරන්නේ.D-Day දවසේ එහෙමත් නැත්තන් 1944 ජූනි 6 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 101 සහ 82 වාසර බලකා නෝමැන්ඩි වලට මුදා හරිනවා. හැබැයි සැලසුම් කරපු විදිහට නියමිත තැන් වලට ගොඩබාන්න කණ්ඩායම්වලට බැරිවෙනවා. ඒ හින්දා ඒ බලකා වලට විශාල පාඩු වුනාට කොහොමහරි සාර්ථකව සතුරන් මර්දනය කරලා මිත්‍ර හමුදා වලට වෙරළට ගොඩබහින්න සලස්වනවා. එතනින් පස්සේ 101 වැනි වාසර බල ඇණිය නෙදර්ලන්තයේ සිදු කරපු Operation Market Garden,බෙල්ජියමේදී Battle of the Bulge සාර්ථකව නිම කරනවා වගේම රයින් ගඟ හරහා බටහිර ජර්මනියටත් ඇතුල් වෙනවා සහ ජර්මනිය පරාජය භාරගන්නවා. එතනින් පස්සේ 101 වැනි වාසර බලකාය 1950 දී කොරියන් යුද්ධයටත්, 1955 සිට 1975 වෙනකල් වියට්නාම් යුද්ධයටත් 1990 ඉදලා 1991 වෙනකල් තිබ්බ ගල්ෆ් යුද්දයේ කුවේටය ආක්‍රමණයටත්, 2001 දී ඇෆ්ගනිස්තාන යුද්ධයටත් සහ 2003 දී ඉරාක යුද්ධයටත් සක්‍රීයව දායක වෙනවා. බලකා සංකේතය වෙන්නේ කෑ ගහන උකුස්සෙක් හින්දා 101 වැනි වාසර බලකාය The Screaming Eagles (කෑගහන උකුස්සෝ) කියලත් හදුන්වනවා. ඒ වගේම මේ බලකාය අදටත් ක්‍රියාත්මක වෙනවා.

චිත්‍රපටිය දිහාට හැරුනොත්, මේ කතාවත් 101 වැනි වාසර බල ඇණිය වියට්නාමයේ සිදුකල මෙහෙයුමක් වටා තමයි තියෙන්නේ. දකුණු වියට්නාමයේ ඈශූ නිම්නය ඇමරිකන් හමුදා වලට එච්චර හොද තැනක් වුනේ නෑ. මොකද කියනවා නම් වනාන්තර වල සහ කදුවල පිහිටීමෙන් උතුරු වියට්නාම් හමුදා ඇමරිකන් හමුදා වලට එරෙහිව ප්‍රබල ගරිල්ලා සටන් දියත් කරනවා. ඒ හින්දා ඇමරිකන් හමුදා විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ඔය අතරේ ඇමරිකන් හමුදාව හොයාගන්නවා ඈශූ නිම්නයේ තියන 937 කියන කන්ද (Hill 937) ඉතාමත් වාසි සහගත පිහිටීමක තියනවා කියලා. ඉතින් මේ කන්දේ පාලනය ඇමරිකන් හමුදා අතට ගන්න මෙහෙයුමක් සිදු කරනවා. හැබැයි මේ කන්දේ ඒ වෙනකොටත් උතුරු වියට්නාම් හමුදා කදවුරක් තියනවා සහ වියට්නාම් හමුදාව දැඩි ආරක්ෂක උපක්‍රම වලින් ආරක්ශා කරලයි තියෙන්නේ. තව කන්දේ පිහිටීමත් අති දුෂ්කර පිහිටීමක්.ඉතින් ඇමරිකන් හමුදා මෙහෙයුම මොකක් වෙයිද?

චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 6.7/10 ලැබිලා තියනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Irvin විසින්. ප්‍රධාන චරිතය වන සාර්ජන්ට් ඇඩම් ෆ්රාන්ට්ස් ලෙස Dylan McDermott පණ පොවනවා. ඊට අමතරව සාර්ජන්ට් (පලමු පන්තිය ) ඩෙනිස් වෝචෙස්ටර් ලෙස Steven Weber, සෙබල ජොනී වොශ්බර්න් විදිහට Hotel Rwanda(2004), Iron Man 2 (2010),Iron Man 3 (2013), Avengers: Age of Ultron (2015), Captain America: Civil War (2016) යන චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙන Don Cheadle,සෙබල ලැංග්ලි විදිහට Anthony Barrile ත්, වෛද්ය “ඩොක්” ජොන්සන් විදිහට Courtney B. Vance ත් රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටිය සත්‍යම මෙහෙයුම අනුසාරයෙන් තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ. මීට අමතරව වියට්නාම් ජනතාවට යුද්ධයේ බලපෑම, ජීවන තත්වය, දේශපාලන බලපෑම් වගේ දේවලුත් මනාවම නිරූපනය කරලා තියනවා.

937 කන්ද මුදාගැනීමෙන් පසු ගත් ඡායාරූප පෙලක්…

                                        

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,536 downloadsDownload Hamburger.Hill_.1987.Baiscopelk.com_.zip38 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,536 downloadsDownload Subtitles38 KB

10 comments

  1. kavinuweerakkody

    thankq aiye!!
    jaya wewa!!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Nirosh C

    ස්තුතියි අසිත සහෝ.ජයවේවා !

  4. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  5. Gayantha Jayaneththi

    ලෝක යුද්ධ හා සබැදි කතා පුවත් ගොඩක් ලස්සනයි..Band Of Brothers,The Pacific වගේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරසි ගන්වපු Tv Series ලෝක යුද්ධ හා සම්බන්ධ කතා වලට ඇති ආශාව ඉහල නංවන්න සමත්වුණා....මේ කතාවත් ගෙනාවට ගොඩක් ඉස්තුතියි...තවත් මේ වගේම නිර්මාණය වලට උපසිරසි ගන්වන්න ශක්තිය ලැබේවා...සියලු කටයුතු සාර්ථක වේවා...ජය...!

  6. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  7. jagath55

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  10. shenal stefan

    තෑන්ක්ස් මචන් සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.