Watch Trailer

Nalpathiyonnu (2019) Aka Nalpathiyonnu (41) (2019) Sinhala Subtitle | විප්ලවවාදියෙකුගේ වන්දනා ගමන [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2019 වසරේ තිරගත උන Nalapathiyonnu (41) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 නොවැම්බර් 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Romance/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.…

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2019 වසරේ තිරගත උන Nalapathiyonnu (41) මලයාලම් සිනමා නිර්මාණයට.

2019 නොවැම්බර් 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Romance/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.

5.3/10 IMdb
82% Google Users
2.5/5 First Post
2.5/5 Behindwoods

ඇගයුමක් ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Classmates (2006), Vickramadithyan (2014), Velipadinte Pusthakam (2017) වැනි ජනාදරයට පත් සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂක Lal Jose ගේ තවත් විශිෂ්ඨ අධ්‍යක්ෂණයක්. P.G. Prageesh ගේ තිර රචනයක් වන මේ සිනමා නිර්මාණයෙහි Bijibal ගේ සංගීතයෙන් වර්ණ ගැන්වුණ ලස්සන ගීත කිහිපයක් ඇතුලත් වෙනවා.

මේ චිත්‍රපටියේ Climax නිර්මාණය වෙන්නේ සැබෑ සිදුවීමක් ආශ්‍රය කරගෙන. එනම් 2011 වසරේ 106 දෙනෙකුට ජිවිතේ අහිමි කරපු සබරිමලාහි සිදුවූ ඛේදවාචයක් ආශ්‍රිතවයි. මෙය කේරළය අතිශයින් කම්පනයට පත් කළ සිද්ධියක් උනා.

කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, මේ කතාවේ ප්‍රධාන චරිතේ උල්ලාස් කුමාර් (Biju Menon), එයා ගුරුවරයෙක් ශක්තිමත් කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකයෙක් ප්‍රධානම දේ තමා එයා කේරළ හේතුවාදීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙක්.

මේ හේතුවාදීන් කවුද කියල අදහසක් ගන්න මම ‘හේතුවාදී සංදේශයට’ පෙරවදනක් ලියපු කාලෝ ෆොන්සේකා මහතාගේ වචන මේ සටහනට එකතු කරන්නම්.

“හේතුවාදය යනු කුමක්ද?

විශ්වාසය හා එහි අඩංගු සියළු දේ ගැන ඇති සැටිය, නියත ස්වභාවය, සත්‍ය අවබෝධ කර ගැනීමයි, හේතුවාදියාගේ අරමුණ. සෑම චින්තකයකුගේම සෑම දාර්ශනිකයකුගේම අරමුණත් ලෝ තතු ගැන සත්‍යය අවබෝධ කර ගැනීමයි. එසේ නම් හේතුවාදියා සෙසු චින්තකයින්ගෙන් හා දාර්ශනිකයින්ගෙන් වෙනස් වන්නේ මොන ආකාරයෙන්ද? ඕනෑම දෙයක් පිළිබඳව නියම ස්වභාවය හෙවත් යථාර්ථය දැන ගැනීමට මිනිසා සතු විශ්වාස කටයුතුම ක‍්‍රමය විද්‍යාත්මක ක‍්‍රමය යැයි කියා තරයේ පිළිගැනීමයි හේතුවාදියාගේ විශිෂ්ඨ ලක්‍ෂණය. විද්‍යාත්මක ආකල්පයකින් යුතුව ලොව දෙස බැලීමයි හේතුවාදීයගේ අභිප‍්‍රාය. වෙන වචන වලින් කියතොත් හේතුවාදී ආකල්පය විද්‍යාත්මක ආකල්පයයි.”

ආයෙමත් කතාවට ආවොත් මේ උල්ලාස් කුමාර් තමන්ගේ දර්ශනය දැඩිව අදහන අදේවවාදී කෙනෙක්. ආගමට මුවා වෙලා සිද්ධ කරන ඇස්බැන්දුම් වල ඇත්ත මිනිස්සුන්ට පෙන්නලා දෙන බුද්ධිමතෙක්. තමන්ගේ මතයට අනුව ජීවත් වෙන උල්ලාස් මාෂුට (මාෂු – ගුරුවරයා) තමන්ගේ ජිවිතේ වැදගත්ම බැඳීම් පවා අත් අරින්න සිද්ධ වෙනවා තමන්ගේ ප්‍රතිපත්ති වලට පින් සිද්ධ වෙන්න. ඔහුගේ ආදරය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ බලන් ඉන්න භාග්‍යම් (Nimisha Sajayan) ඔහුගේ ප්‍රතිපත්ති හින්දම කරදර ගොඩකට මුණ දෙනවා. ඒ අතරේ උල්ලාස්ගේ පක්ෂෙට ගමේ ඉන්න මැරයෙක්, බේබද්දෙක් වෙන වාවාචි කන්නන් (Saranjith) සාමාජිකයෙක් ලෙස බැඳෙන්නේ උල්ලාස්ට තවත් කරදර ගොඩක් ලං කරන ගමන්. කන්නන් ගේ වැඩ හින්ද පක්ෂේ අපකීර්තියට පත් වෙන එකට පිලියමක් විදියට එයාව හරි මාර්ගයට ගන්න පක්ෂේ සාමාජිකයන් එකතු වෙලා කන්නන්ව සබරිමලා වන්දනාවේ යවන්න තීරණය කරනවා. කන්නන්ට මේ ගමන යන්න කැමති කෙනෙක් තෝරාගන්න අවස්ථාව දුන්නම මේ ගමන මඟ අරින්න උවමනාවටම කන්නන් අදේවවාදියෙක් උන උල්ලාස් මාෂුව තමන් එක්ක ගමන යන්න තෝර ගන්නවා. මේ සබරිමලා වන්දනාව බැතිමතුන් බොහොම භක්තිමත්ව වන්දනා කරන ගමනක්.

“මේ වන්දනා ගමන ගැන අදහසක් ගන්න මම නෙතිනි නිමන්තිකා සොයුරිය මේ සබරිමලා පිලිබඳ ලියපු ලිපියක් මේ සටහනට එකතු කරන්නම්.

කේරළයේ පතනම්තිට්ට දිස්ත්‍රික්කයේ පෙරියාර් ටයිගර් වන රක්ෂිතයෙන් වටවූ සබරිමලා නම් ප්‍රදේශයේ තමයි මෙය පිහිටා තියෙන්නේ. ඉන්දියාවේ තිබෙන ප්‍රධානතම වන්දනාමාන වන ස්ථානයක්. අවුරුද්දකට මිලියන 40ක් 50ක් පමණ මිනිසුන් මෙය වැඳපුදා ගැනීමට යන බවයි පැවසෙන්නේ මෙම දෙවොල හින්දු අයියප්පන් දෙවියන් වෙනුවෙන් ඉදි වූවකි. අයියප්පන් දෙවියන් යනු ශිව හා මෝහිනීගේ පුත්‍රයායි. සබරිමලා පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 4134 ක් ඉහලින් පිහිටි කඳු ගැටයකය. නිශ්චිතව පැවසුවොත්, දකුණු කේරළයේ western ghats කඳු වැටියේ යි. 9 වන සියවසේදි පමණ, පන්දලම් රාජවංශයේ කුමාරයෙක් වූ මණිකන්ඩන් මෙම දෙවොලට යන මාර්ගය සොයාගත් බවයි සැලකෙන්නේ. මෙම සබරිමලා වැඳපුදා ගැනීමට යාමට පෙර දැඩි නීති රීති කීපයකට යටත් විය යුතුය. විශේෂිත චාරිත්‍ර මෙන්ම විශේෂිත ඇඳුම් පැළඳුම් ද ඒ අතර වේ. චාරිකාවට දින 41කට පෙර සිට මත්පැන් හා මස්මාංශ වලින් වැළකී සිටිය යුතුය, රළු වචන නොකිය යුතුය, දිනකට දෙවරක් ස්නානය කල යුතුය. එලෙසම නියපොතු හා කොණ්ඩ රැවුල් නොකැපිය යුතුය. නිදාගත හැක්කේ සැපපහසුවෙන් තොරව බිමය. චාරිකාවේදි ඇඳිය හැක්කේ කලු හෝ නිල් පැහැති ඇඳුම් ය. ගෙල වටා කලු පබලු සහිත ජප මාලයක් වැන්නක් ද දැමිය යුතු අතර නළලේ විභූති හෝ සඳුන් ගෑ යුතුය. අයියප්පන් දෙවිඳුන්, මහීෂසුර නම් යක්ෂයාගේ සහෝදරියක් වූ මහීෂි නම් ගව ඝාතක යක්ෂයා විනාශ කළ ස්ථානය මෙය බවයි හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ. සබරිමලා දෙවොල කඳු 18කින් වටවී ඇත. රාමායණයේ සිටිනා ‘සබරි’ නම් චරිතයද මේ කඳු 18 ආශ්‍රිතව ජීවත් වූ බවයි සැලකෙන්නේ. ඉතාමත් පූජනීය සබරිමලා ප්‍රධාන දෙවොලට යෑමට පඩි 18 ක් ඇත. එම පඩි 18න්, පළමු 5 පංච ඉන්ද්‍රියන්ද, ඊළඟ 8 අෂ්ඨ වෛරයන් ද, ඊළඟ 3 ත්‍රෛගුණ ද, අවසාන පඩි 2 විද්‍යාව හා අවිද්‍යාවද පෙන්නුම් කරයි. බැතිමතුන්ගේ විශ්වාසය වන්නේ මේ පඩි 18 තරණය කිරීමට නම් ආශාවන්වලින් හිත නිදහස් කරගත යුතු බවයි.”

මේ වගේ වන්දනා ගමනක් දෙවියන් නැතැයි විශ්වාස කරන තමන් ප්‍රිය නොකරන කන්නන් වගේ කෙනෙක් එක්ක යන්න වෙන එක උල්ලස් මාෂු වගේ කෙනෙක්ට මොනතරම් අමාරු වැඩක් වෙන්න ඇතිද. මේ ගමන අවසානෙදි උල්ලාස් දෙවියන් පිළිගනියිද. කන්නන් යහමගට එයිද. මේ දෙන්න අතරේ තියෙන නොහොද නෝක්කාඩු නැති වෙයිද කියල ෆිල්ම් එක බලලම දැන ගමු.

ලිපිය වෙනුවෙන් නෙතිනි නිමන්තිකා සොයුරියට ස්තුති කරන ගමන් උපසිරැසියේ අඩුපාඩු ඇතොත් සමාව ඉල්ලනවා. තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  True WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,129 downloadsDownload 41-Naalpathyonnu-2019.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

3,129 downloadsDownload Subtitles66 KB

12 comments

  1. gihan perera

    ස්තුතියි නංගී වෙච්ච මහන්සියට.....කාලයට ගැලපෙන ෆිලුමක්..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා... දෙවි පිහිටයි...,

  2. indika75

    Thanks..

  3. Nethini123

    :-D බොහොම ස්තූතියි සබ් එකට... මං ලියපු ලිපිය එකතු කරපු එකටත් බොහොම පිං! :-P

  4. රංගික සිනෙත්

    බෝම ස්තුතියිිි දෙන්නටම ජයම වේවා...

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. D.Chamara

    bohoma sthuthi

  9. Kavinu

    සබට තුති,
    ඊළඟ උපසිරැසියෙන් ඉක්මනටම මුණ ගැහෙමු ❤️

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  12. Kavi

    බොහොම ස්තූත්යි ඔබට
    ජය වේවා!