Watch Trailer

Deep Blue Sea 2 (2018) Sinhala Subtitles | ගැඹුරු නිල් මුහුද 2 [සිංහල උපසිරැසි]

Deep Blue Sea නමින් 1999 වසරේ නිකුත් වුන විශිෂ්ට චිත්‍රපටිය ඔයාලට අනිවා මතක ඇති ඔයත් මෝරු සම්බන්ධ ෆිල්ම් රසිකයෙක් නම්. ඒ චිත්‍රපටිය ලබපු ජනප්‍රියත්වයට පස්සේ 2018 වසරේ Deep Blue Sea 2 චිත්‍රපටය නිකුත් වුනා WB Home Entertainment ආයතනය මඟින්. කොහොම වුනත් 1999 ආපු චිත්‍රපටියේ අහලකටවත් එන්න 2018 නිකුත්…

Deep Blue Sea නමින් 1999 වසරේ නිකුත් වුන විශිෂ්ට චිත්‍රපටිය ඔයාලට අනිවා මතක ඇති ඔයත් මෝරු සම්බන්ධ ෆිල්ම් රසිකයෙක් නම්. ඒ චිත්‍රපටිය ලබපු ජනප්‍රියත්වයට පස්සේ 2018 වසරේ Deep Blue Sea 2 චිත්‍රපටය නිකුත් වුනා WB Home Entertainment ආයතනය මඟින්. කොහොම වුනත් 1999 ආපු චිත්‍රපටියේ අහලකටවත් එන්න 2018 නිකුත් වූ චිත්‍රපටියට නම් බැරි වුනා. ඒ නිසාම 3.3 ක වගේ අඩු IMDB අගයක් තමා මේ චිත්‍රපටයට නම් හිමිවෙලා තියෙන්නේ. ඒ නිසා කට්ටිය ට්‍රේලර් එක එහෙම බලලා තීරණය කරන්න ෆිල්ම් එක ගන්නවද නැද්ද කියලා. කොහොම වුනත් මෝරු සම්බන්ධ ෆිල්ම්වලට‌ කැමති අයට නම් මේ ෆිල්ම් එක අනිවා සෙට් වෙයි.

Darin Scott ‌ගෙ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයට Danielle Savre, Rob Mayes, Michael Beach වගේ නළු නිළියෝ දායක වෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කියනවා නම් කාර්ල් ඩුරන්ට් කියන ඖෂධවේදියා මෝරු යොදාගෙන පරීක්ෂණ කරනවා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුනු කරන උත්තේජක නිපදවන්න. ඒකෙදි එයා මෝරු පස් දෙනෙක්ව යොදාගන්නවා. ඒ එක මෝරෙක්ගේ හැසිරීම ටිකක් අමුතු නිසා ඩුරන්ට්ගෙ නීති උපදේශකයා මිස්ටි කැල්හූන් කියන මෝරු සංරක්ෂණය කරන තරුණියගෙ උදව් ඉල්ලනවා. මිස්ටි සහ තවත් දෙන්නෙක් ඒ පර්යේෂණ මධ්‍යස්තානෙට ගියාට පස්සෙ තමයි සීන් එක පටන් ගන්නේ. අර පර්යේෂණ නිසා ජාන වෙනස් වුන මෝරු ගොඩක් සැලසුම්සහගතව වැඩ කරන්න පටන් ගන්න නිසා කට්ටියට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් තවත් කිව්වොත් කතාව වැඩක් නෑනේ. ඒ හින්දා ඔයාලා බලන්න මොකද වෙන්නෙ කියලා.

ඒ ව‌ගේම තමයි Deep Blue Sea 3 වෙනි චිත්‍රපටයත් අගෝස්තු 28 වෙනිදා නිකුත් වෙනවා. ඒ අපි කවුරුත් දන්න The Last Ship ටීවී සීරීස් එකේ හිටපු වුල්ෆ්, වැල්ක්‍රී, කැප්ටන් මේලන් කියන චරිත නිරූපණය කරපු Bren Foster, Tania Raymonde, Emerson Brooks කියන නළු නිළියන්ගෙ දායකත්වයෙන්. තියෙන තොරතුරු වල හැටියට‌ නම් ඒ චිත්‍රපටිය හොඳ එකක් වෙයි වගේ. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,027 downloadsDownload Deep-Blue-Sea-2-2018.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,027 downloadsDownload Subtitles39 KB

15 comments

  1. MAALNATH

    Thanks ..........good luck .................

  2. වයලා

    සොහාන් පුතේ, පුතාගේ උපසිරැසියක් කියන්නේ අපි හරිම ආසාවෙන් බලන චිත්‍රපටියක් මගෙ දරුවො. දවසින් දවස සාර්ථක වෙන්න ඕන

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි...

    Request...

    Howard the Duck - 1986
    Teenage Mutant Ninja Turtles 03 - 1993
    Swamp Thing - 1982
    The Return of Swamp Thing - 1989

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. indika75

    thanks..

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ayesh

    උපසිරසියට ස්තුතියි

  9. UDARA DAMITH

    imbd මොකක්ධ එකට බම්බු ගහ ගන්ඩ අඩී මෝරු
    man බලනො
    ela

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    numb movie eke sub denna

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Amila Mudalige

    Sub ekata Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.