Watch Trailer

Nanpakal Nerathu Mayakkam (2022) Sinhala Subtitles | දවල් හීන/ ජේම්ස්ද? සුන්දරම්ද?. [සිංහල උපසිරැසි]

Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. Ma. Yau, Angamaali Diaries, Jallikattu, Churuli වැනි චිත්‍රපට සිනමා රසිකයෙක් නම් ඔබ අනිවාර්‍ය…

Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. Ma. Yau, Angamaali Diaries, Jallikattu, Churuli වැනි චිත්‍රපට සිනමා රසිකයෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම නරඹා ඇති. ඔහුගේ ඉතා වේගවත්,කළබල කාරී සිනමා අනන්‍යතාවයෙන් බැහැර වෙලා L J P කරපු අමුතුම එක්ක් තමයි Nanpakal Nerathu Mayakkam.මෙහි විශේෂත්වය තමයි L J P සහ Mammooty සුසං‍යෝගය. 2022 දෙසැම්බර් නිකුත් කල IMDB 7.5 ක ඉහළ අගයක් ගත්ත මේ චිත්‍රපටිය මේ වන විට අති සාර්ථක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.

කේරළ ගමක කණ්ඩායමක් වේලක්කන්නි වන්දනාවක පැමිණ ආපසු යාමට වන ලක ලෑස්තියෙන් චිත්‍රපටය ආරම්භ වෙනවා.ජේම්ස් තමයි නඩේ ගුරා.කට්ටිය තමිල්නාඩුවෙ සිට කේරළය දක්වා දීර්ඝ ගමන ආරම්භ කරල අතර මග දවල්ට කාල එහෙම තමිල්නාඩු බඩ ඉරිඟු යායවල් මැදින් දැන් ආපසු ගමනේ.ඔක්කොම සුව බර නින්දක. ඇහැරලා ඉන්නෙ රියදුරා විතරයි.එකවරම ජේම්ස් බස් එක නවත්තලා බැහැල බඩ ඉරිඟු යායක් මැදින් නොපෙනී යනවා.කවුරුත් හිතුවෙ පම්ප් එකක් දාන්න ගියා කියල උනත් එන්න පරක්කුව නිසා කිහිප දෙනෙක් ඔහු සොයාගෙන කුඩා දෙමල ගමකට යනවා. ඒත් ජේම්ස් වෙනුවට ඔවුන්ට මුන ගැහෙන්නෙ ඔහුගෙ රුව හා සමාන සුන්දරම් නැමති දමිළ පුද්ගලයාව.ජේම්ස්ද ? සුන්දරම්ද? මලයාලි පිරිස හා කුඩා ගමේ දමිළ ගම්වාසීන් අතර සම්බන්ධය කෙබඳු වේද? ඉතිරි ටික බලන්න, බැලුවොත් අනිවාර්‍යයෙන්ම කොර වෙනවා.

එතරම් ලොකු බජට් එකක් ගිය එකක් නොවුනත් මේකෙ අධ්‍යක්ෂණය, කැමරා කරණය, මෙන්ම රඟපෑම් ද ඉතා ඉහළයි.විශේෂයෙන්ම මම්මූටිගෙ එකිනෙකට වෙනස් ද්විත්ව චරිත නිරූපණය. මේකෙ සංගීත අධ්‍යක්ෂනයක් නෑ. මුළු කාලය පුරාම පසුබිමින් ඇහෙන්නේ වටාපිටාවෙන් ඇහෙන විවිධ ගුවන් විදුලි හා රූපවාහිණි ගීත, නාට්‍ය හා අනෙක් වැඩ සටහන් වල හඬවල්.මූලික කතාවට අදාළ නැති උනත් යම් අවස්ථාවල ඒවා කතාවත් සමග මනා ලෙස ගලපා සං‍යෝජනය කරගෙන තිබෙනවා.විශේෂයෙන්ම උපසිරැසිය කරනකොට ඒ හඬවල් පරිවර්ථනය නොකර ඇදගෙන ගියත් ගැටළුවක් නොවෙන්න තිබුනා. ඒත් මම ඒවාටත් උපසිරැසි මට හැකි අයුරින් යෙදුවා, ප්‍රධාන උප සිරැසි වලින් වෙන් කිරීමට වෙනත් වර්ණයකින් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම චිත්‍රපටිය කේරළ 2023 53 වන කේරළ සිනමා උළෙලේ 2022 හොඳම අධ්‍යක්ෂනය, හා නළුවා සම්මාන හිමි කර ගත්තා.ඔබ මලයාලි රසිකයෙක් නම් අනිවා බැලිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,526 downloadsDownload Nanpakal-Nerathu-Mayakkam-2023.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

BANDULA K

Subtitles

5,526 downloadsDownload Subtitles45 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata