බයිස්කෝස් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්නා සියලුම දෙනාට සුභ දවසක්..! වෙනදා වගේම අදත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි හදලා අරන් ආවට මටත් අද මේ චිත්‍රපටය ගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඉස්සෙල්ල ඒක කියලම ඉන්නම්කෝ.! අගෝස්තු මාසේ අට වෙනිදා මට විශේෂ දවසක් “තල” ගේ චිත්‍රපටියේ මම ඉන්න ප්‍රදේශයේ මංගල දර්ශනය (…

බයිස්කෝස් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්නා සියලුම දෙනාට සුභ දවසක්..! වෙනදා වගේම අදත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි හදලා අරන් ආවට මටත් අද මේ චිත්‍රපටය ගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඉස්සෙල්ල ඒක කියලම ඉන්නම්කෝ.! අගෝස්තු මාසේ අට වෙනිදා මට විශේෂ දවසක් “තල” ගේ චිත්‍රපටියේ මම ඉන්න ප්‍රදේශයේ මංගල දර්ශනය (උදේ 10.30) බලන්න කිලෝ මීටර් 40 ක් දුර ගෙවාගෙන මමත් චිත්‍රපටය පටගන්නට පැයක් වේලාසනම සිනමා ශාලාවට ගිහින් හිටියා. කොහොමින් හරි ටිකට් ගන්න පෝලිමේ ටිකට් දෙනකන් පැය දෙකටත් වැඩි වෙලාවක් බලාගෙනත් ඉන්න උනා. මොකද 12.15 පමණ වෙනකොටයි චිත්‍රපටිය සිනමා ශාලාවට අරන් ආවේ 😋 එතන හිටියා “තල” ගේ රසිකයෝ ගොඩ දෙනෙක් හරියට ක්‍රිකට් තරඟාවලියක හරි වෙනත් ක්‍රීඩා තරඟයක් බලන්න ගියා වගේ “තල” “තල” “තල” කිය කියා කෑගහන්න ගත්තා. හරියට අජිත් කුමාර් එතෙන්ට ආවා වගේ 😉 විනාඩි 10 ඇතුලත චිත්‍රපටය ප්‍රදර්ශණය කරන්න පටන් ගත්තා.
“තල”ගේ රසිකයො නම් “තල”ගේ නම දාන වෙලාවේ ඉඳන් කෑගහන්නත් පටන්ගත්තා.! ඒත් වෙනදට “තල” ගේ චිත්‍රපටි වල Hero Enters එකෙදි තියෙන දෙයක් තමයි මොකක් හරි ක්‍රියාදාම දර්ශණයකින් එහෙම නැත්තන් වාහනයකින් බැහැල එන දර්ශණයකින් “තල” ඇවිත් “වණක්කම්” කියලා රසිකයින්ට වාඩි වෙන්නයි කියා අතින් සංඥා කරන එක 😊 හැබැයි අගෝස්තු 08 වෙනිදා චිත්‍රපටයෙ නම් එහෙම දෙයක් උනේ නෑ 😐
“තල” ඒ විදියට ආවෙත් නෑ වණක්කම් කිව්වෙත් නෑ රසිකයෝ දිහා බලලා වාඩිවෙන්න කිව්වෙත් නෑ.ටික වෙලාවක් ගිහින් “තල”නම් වාඩි වෙලා බලන් හිටියා පෙන්නුවා එච්චරයි.! මේ චිත්‍රපටය තිරගත වෙන්න කලින් ගොඩක් අපේ විචාරකයෝ (ලංකාවේ ඉන්න Facebook අය😀 ) ඇතුලු බොහොමයක් දෙනා නම් කිව්වේ මේපාර “තල” අජිත් වැඩේ අනාගත්තා. වේට්ටිය ඇඳපු ගම්බඳ චරිතම කරපු අජිත්ට විතරයි රසිකයෝ කැමති.! ඔන්න ඔය විදියේ ගොඩක් දේවල් කිව්වා. මටත් හැබැයි කලින් ටිකක් විතර එහෙම හිතිලා තිබුනේ 🙄 ඉතින් ඒ කතා බොරුවක්ම බව ඔප්පු කරන්න “තල”ට නම් චිත්‍රපටිය ඇතුලෙදි නම් එච්චර වෙලාවක් ගියේ නෑ කියන කතාව මට වඟකීමෙන් කියන්න පුලුවන්.! මේ වතාවේ “තල”එයාගේ රසිකයින්ට අමුතුම විදියේ අත්දැකීමක් දුන්නා වගේම සමාජෙටත් ලොකු පණිවිඩයක් දුන්නා.! “තල” ගැන කතා කරද්දි මට මතක් වෙන දෙයක් තමයි “තල”තමන්ගේ වයසට සරිලන විදියේ චරිත තමයි රඟපාන්නේ කවදාවත් “තල”කොණ්ඩේ කළු කරලා මේකප් මත යැපෙන කෙනෙක් නෙවෙයි හරිම ස්භාවිකයි වගේම සරලයි.! වෙලාවකට හිතෙනව ඔහු මේ රඟපානවදෝ කියලත්..! චිත්‍රපටයේ පලවෙනි බාගෙදි උපරිම කතාවට ඇතුල්වුනා. දෙවෙනි බාගෙදි සමාජ පණිවිඩෙත් එක්ක හැමෝම අැඩෙව්වා.! චිත්‍රපටය ගැන මට කියන්න තියෙන්න මෙච්චරයි අනිත් විස්තර ටිකත් පල්ලහායින් බලාගන්නකෝ 🤗
අද අපි ජීවත් වෙන මේ වත්මන් ලෝකය කොච්චර දියුණු උනත් කාන්තාවට මුළු මහත් ලෝක සමාජයම දීලා තියෙන තැන.!නොහොත් කාන්තාව දාලා තියෙන තැන නම් සතුටු වෙන්න පුලුවන් විදියට නම් නෑ.! ඒ වැඩියක්ම තුන්වෙනි ලෝකයේ රටවල (බටහිර රටවල් වල නම් මේක බොහොම අඩුයි.!) කාන්තාවකට නිදහසේ ගමනක් යන්න බෑ,කා එක්කවත් මනුස්සකමට වත් හිනාවෙන්න බෑ කතා කරන්න බෑ, පිරිමි අයත් එක්ක මිතුරුකම් පවත්වන්න බෑ.! එහෙම හිනාවුනොත් කතා කරොත් පිරිමි වැඩි දෙනෙක් ඒගැන වැරදියට හිතනවා. (ද්විත්ව තේරුම් විදියට භාරගන්නවා) ඔන්න ඔය දේවල් නිසා තමයි කාන්තාවට අද සමාජේ දීලා තියෙන තැන හොඳ නෑ කිව්වේ.! කිසිම සමානාත්මතාවයක් නැහැ. ඉතින් කවදා මේ දේවල් නැති වෙයිද..? කවුද මේ අසාධාරණකම් ගැන අහන්න ඉන්නේ..? ඒ වගේ අසාධාරණයට,අපවාදයට ලක්වෙන කාන්තාවන් තිදෙනකු වටායි මේ සිනමාපටයේ කතාව ගෙතිලා තියෙන්නේ.! සමාජයට ඉතාමත් ප්‍රභල හොඳ පණිවිඩයක්ද දෙන සිනමාපටයක්.!
ඉන්දීයාවේ බොලිවුඩ් සිනමාවේ බොහොමයක් සුපිරි නළුවන් මසාලා වර්ගීකරණයේ සිනමාපටයන්ම නිර්මාණය කරගෙන එද්දී බොලිවුඩ් නළු අක්ශේ කුමාර් අඩියක් පස්සට තියල දාපු ගියර් එක අමුතු එකක්.! සමාජ ප්‍රශ්න, අපේ කාලේ වීරයෝ ගැන චිත්‍රපට ටිකක් හදාගෙන ආපු අක්ශේ කුමාර්ගේ රැල්ල දැන් නවත්තන්න ඔහුටවත් බෑ. අන්න ඒ වගේ විජයලා, රජිනිලා පවා මසාලා චිත්‍රපට නිර්මාණය කරන අතරතුරෙදි “තල” අජිත් දාලා තියෙන්නෙත් අර අක්ශේ කුමාර් දාපු ගියර් එකමදෝ කියලත් වෙලාවකදි මටත් හිතෙනවා. කොහොම උනත් “තල” වගේ සුපිරි නළුවෙක් මේ වගේ කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් හඬක් නඟන කතාවකින් හෙබි චිත්‍රපටයක් නිර්මාණය කිරිමට තෝරාගැනීම ඉතාමත් අගය කලයුතු දෙයක් බව බොහොමයක් නළුවන් හා විචාරයකයින්ද පවසා තිබුණා.! ඔහුගේ ඒ උත්සහය සාර්ථක බවට සාක්ෂියක් වෙමින් චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කරේ වැඩකරන දිනයක නොහොත් සතියේ දිනයක් වෙන බ්‍රහස්පතින්දා දවසක උනත් මෙහි පලමු දිනයේම චෙන්නයි හිදි ආදායම ඉන්දීය රුපියල් කෝටි 1.58 ක්.! වෙද්දි සමස්ථ තමිල්නාඩුවේම දල ආදායම ඉන්දීය රුපියල් කෝටි 26ක් බවටද වාර්තා වෙනවා.
චිත්‍රපටය සඳහා ලැබුණු විචාරයන්..!

ප්‍රේක්ෂක අදහස් කීපයක්..!

බයිස්කෝප් සිංහලෙන් රසිකයින්ට මේ අවස්ථාවේ කියන්න ඕන විශේෂම දේ තමයි මේක පින්ක් නම් හිංදි චිත්‍රපටයේම නිල වශයෙන් සිදුවුන ප්‍රතිනිර්මාණයක්.! එහෙම උන පලියට අම්තාබ් සහ අජිත් කුමාර් ගේ රංගනයන් සංසන්දනය කරන්න යන්න එපා. අම්තාබ් ගේ රංගන ප්‍රතිභාවිලාසය වෙනයි.! අජිත් කුමාර්ගේ රංගන ප්‍රතිභාවිලාසය වෙනයි.! දෙන්නට දෙන්න සම කරන්න බෑ. ඒ වගේම මේ චිත්‍රපටය තුලින් සමාජයට ප්‍රභල පණිවිඩයක් දෙනවා.! ඒ කාරණාව තමයි මෙතනදි අපට ගොඩක්ම වැදගත් වෙන්නේ.! කවදාවත් මේක බලන්නම ඕන කියලා බොරුවට ඔප්නංවලා ඔයාලගේ ඇගේ ගහලා යන්නේ නෑ, කිසිම වෙලාවක චිත්‍රපටයේ ආදායම මෙච්චරයි.! සම්මාන මෙච්චරයි.! ආදායම මෙච්චරයි කිය කියා කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටයේ ආදායම මෙච්චරක් තියෙනවා ඒ හේතුව නිසාම බැලිය යුතුයැයි කියා යෝජනා කරන්නෙත් නෑ.
තවත් චිත්‍රපටි හෑල්ලු කරලා මේක තමයි මේ වසරේ ආපු හොඳම චිත්‍රපටිය කියන්නෙත් නෑ, චිත්‍රපටිය බලලා චිත්‍රපටියේ තියෙන විශේෂ කරුණු හොයලා බලලා සාරංශ ගත කරලා විචාරක ලකුණු සහ විශේෂතම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර එකම තැනකට ගෙනැත් පෙන්වා දෙනවා විතරයි.! ඒවා කියවලා බලලා චිත්‍රපටිය බලනවද නැද්ද යන්න ඔබටම තීරණය කරන්න ගන්න පුළුවන්. කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව අපි මේ කරන වැඩේට ඔයාලා දෙන ඉහලම වටිනාකම තමයි Comment එකක් දාලා අපිව දිරිගන්නවන එක.! දවස් ගාණක් අපේ විවේක කාලය කැප කරන් මහන්සි වෙලයි මේ විදියේ උපසිරැසියක් ඔයාලට අපි ගෙනැත් දෙන්නේ..! උපසිරැසිය අරන් ගිහින් චිත්‍රපටිය බලලා රසවිඳලා ආපහු පාරක් මේ පැත්තට ඇවිත් අපේ ඒ මහන්සියට අගයක් නැතිනම් වටිනාකමක් Comment එකකින් දෙන එක බයිස්‍කෝප් සිංහලෙන් රසිකයින් වෙන ඔයාලගෙත් වඟකීමක්..!
මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කලේ Bony Kapoor ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය,රචනය H.Vinoth විසින්ය.අජිත් කුමාර් සමඟින් Vidya Balan,Shradda Srinath,Andrea Tarian,Abirami Venkatachalam යන නිලියන් ප්‍රධාන චරිතයන් රඟ දක්වනවා. Yuvan Shankar Raja ගේ මියුරු සංගීතයෙන් අලංකාර වුන. මේ වසරේ දමිළ සිනමා කර්මාන්තයේ තවත් සාර්ථක නිර්මාණයක් වන මෙය “තල” අජිත්ගේ මෙම වසරේ (2019) දෙවන චිත්‍රපටයයි.! සමුගන්නට මත්තෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගන්වන්න සහයදුන් ඉන්ද්‍රජිත් කුමාර සොයුරාට වගේම අපට මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයට අවස්ථාව ලබාදුන් අප අඩවියේ සංස්කාරකවරයකු වන අශාන් විමුක්ති (විමා) සොයුරාට මෙන්ම අප අඩවියේ තවත් සංස්කාරකවරයෙකු සහ සහෝදර උපසිරැසිකරුවන් දෙදෙනකු වන තිසර සහෝට මෙන්ම තාරක නුවන් දිල්හාර,දසන් බුද්ධික යන සොයුරන් දෙදෙනාටද විශේෂ ස්තුතිය පිරිනමනවා. තවත් සිංහල උපසිරැසියක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
21,567 downloadsDownload Nerkonda-Paarvai-2019-update.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
93 comments
Dulan Randika
darshana100
thanks saho
Ranidu
"තවත් චිත්‍රපටි හෑල්ලු කරලා මේක තමයි මේ වසරේ ආපු හොඳම චිත්‍රපටිය කියන්නෙත් නෑ"....
☝️
සිරා කතාව!!!
AJITH ගේ සුපිරි රංගනයක් ඇති කොහොමත්
ජය වේවා සහෝ!!!Sandun chethana
supiri
Samitha Lakshan
සබ් එකට ස්තුති සහෝ. නමුත් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් ටොරන්ට් දෙන්නෙ නැහැ. හේතුව මොකද්ද දන්නෙ නැහැ.
hasalaka
thank you. good luck
madushrmh
sub set wenne na
madushrmh
hari thanks
Nilush Angana
Sub ekata thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...එනකම් බලන් හිටපු ෆිලුමක් තමා..ජය වේව..බුදුසරණයි..!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...!!
chamarar
thanks sub ekata
Piumi ann
Oyalage me kapaweemaarama age karanawa brooo
M.W. Dilhani
බොහොම ස්තූතියි. හින්දි ෆිල්ම් එක නම් හොඳටම තිබුනා. මේකත් බලමු. අර කියපු විදිහට මේකේ සමහර අය වැඩි දෙයක් නැති සාමාන්‍ය ෆිල්ම් ආදායම් වාර්තා නිසා සෑහෙන්න උඩ තියනවා. Uri surgical strike, Lucifer වගේ ඒවගේ මාගලක් වාගේ ආදායම් වාර්තා ගැන ලිපි දාල තියෙනවා. බලද්දි මෙලෝ රහක් නෑ.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Gathsara Umesh
Bhom Sathuthi Ayyeee
nish47
ස්තූතියි සහෝ
Uddeepa
saaho and kaappan movies 2ma me sathiye HDRIP release wei...e films 2tama ikmanatama sub ona...
Uddeepa
sabata thankz bro
ssubdyn
Ubala hinda thama bn film akak hariyata balanne
Rumesh dhanushka
Thanks All friends....
Deshapriya
thanks bro.. saaho ekath awa gaman ikmanata denna...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo obalat...
Ayesh Prashan
Thank You Dennatama Sub Ekata
Ishadha
Thank you bro....
ninini-3
සබ් එකට ස්තූතියි.....
ravi_madu
එලම සහෝ...
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....පට්ට....දෙනකන් බලන් හිටපු ෆිලුමක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....මචෝ....
Sugath80kumara
ස්තුතියි සබ් එකට..
දෙන්නේ කවදද කියලා බලා හිටියේ...priyantha1994
Tnx bro....️
vas0303
Thank you so much
iduminda
Thank you...
dulaj ruchira
Superi machan
thilz
thank u so much
sahanrashmika
sub ekata thanks machanla
Nimantha.Chathuranga
TNx bro
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය
Lasantharathnasirirox
තරිඳු brooo නියමයි නියමයි... උදය කුමාරටත් බොහෝම ස්තුතියි.. ජයවේවා ,,!
subodha
Thanks
indika75
thanks..
Til Tharaka
Ela brozzzz..........thankz subata
sandesh
thank u
avishka360
Thanks
wnrodrigo
Good work friend, Thanks for the sub!
Achi
Thank bokka
kodagoda
nice combination tnx jayawewa
Sanjeewa2010
Thnxxxxxxxxxx
charith vishwa
thala look will be ultimate & massy forever..<3
thanks bro....
wish u all the best..<3hatharasingha
බොහොම ස්තූතීයි ....
hasinuwa
thanx
deshanchandana
බොහොම ස්තූති සහොදරයා.....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Nerkonda Paarvai (2019) Sinhala Subtitles | එපා කියන්නේ එපා කියන එක. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/ner-konda-paarvai-2019.jpg)

සබ් එකට ස්තූතියි .බලමු මේ පාර තලගෙ වැඩ කොහොමද කියලා.