Watch Trailer

Nomadland (2020) Sinhala Subtitles | නොමෑඩ්වරුන්ගේ දේශය [සිංහල උපසිරසි]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father චිත්‍රපටයේ උපසිරැසිය ගැන අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවෙන්න ඕනේ. ඒ අදහස් හින්ද තමා දෙවෙනි එකත් කරන්න ආසාවක් ආවේ. ඒ වගේම ඒකෙ ලිපිය ලියද්දි මගෙන් ලොකු අත්වැරැද…

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father චිත්‍රපටයේ උපසිරැසිය ගැන අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවෙන්න ඕනේ. ඒ අදහස් හින්ද තමා දෙවෙනි එකත් කරන්න ආසාවක් ආවේ. ඒ වගේම ඒකෙ ලිපිය ලියද්දි මගෙන් ලොකු අත්වැරැද්දක් වෙලා තිබුන. ඒක ට සමාවෙන්න ඕනේ. මමත් ඒක දැක්කේ පස්සේ. බයිස්කෝප් ටීම් එක ඒ වැරැද්ද හරිගස්සන්න කටයුතු කරලා තිබ්බ. වැරැද්ද පෙන්නපු කෙනාට ස්තුති වෙනවා ඒක පෙන්නලා දීපු එක ගැන.

හරි අද අරන් ආවේ 93 වන ඔස්කාර් සම්මාන උළලේ හොදම නිළිය , හොදම චිත්‍රපටය , හොදම අධ්‍යක්ෂණය කියන සම්මාන තුනම දිනා ගත්තු nomadland චිත්‍රපටය. මේකේ අධ්‍යක්ෂණය, තිර රචනය දෙකම කරන්නේ Chloe Zhao කියන අධ්‍යක්ෂකවරිය. හොදම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය ලබාගත්තු පලවෙනි ආසියාතික කත මෙයා. ඒවගේම එම සම්මානය ගත්තු දෙවෙනි කාන්තාවත් මෙයා. මෙම වසරේ නොවැම්බර් වල තිරගතවීමට නියමිත Eternals චිත්‍රපටයේ අධ්‍යක්ෂනයත් මෙයාගේ. MCU එකට එන්න ලැබුන කියන්නේ ඉතින් ආයේ ටැලන්ට් එක ගැන කතා නැත. මොකද කෙවින් ෆයිගි ගේ තීරණ කවදාවත් වැරදිලා නෑ.

මේ වෙද්දී Nomadland චිත්‍රපටය IMDB අගය 7.5 අරගෙන තියෙනවා. කුණු තක්කාලි මීටරේ 94% කරකල තියෙනවා. ඒ ප්‍රකාශිත ඡන්ද 65,796 කින්. චිත්‍රපටයේ සමස්ත වියදම විදිහට දැක්වෙන්නේ ඩොලර් මිලියන 5 යි. ඒවගේම බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 6.1 වගේ උපයන්න සමත්වෙලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නේ හින්ද මේක HULU Streaming සේවාවේ නිකුත් උනා වගේම තෝරාගත් සිනමාශාලා වල විතරයි තිරගත උනේ. මේකට පාදක වෙලා තියෙන්නේ Jessica Bruder කියන රචිකාවගේ Nomadland කියන ග්‍රන්ථය. ලිපිය දික් ගැස්සෙන හින්ද වැදගත් දේවල් ටිකක් විතරක් කියන්නම්.

කවුද මේ නොමෑඩ්ල කියන්නේ ?

නොමෑඩ් ල කියන්නේ ස්ථිරවාසිතාවක් නැති, තැනින් තැන යමින් ජීවත්වෙන ජන කොට්ටාශයක්. නුතන නොමෑඩ් ල බොහොමයක් ජිවත් වෙන්නේ RV රථවල ( recreational vehicle ). RV රථ කියන්නේ තැනින් තැන ගෙන යා හැකි රථ වර්ගයක්. චිත්‍රපටය පුරාම මේවා බලාගන්න පුළුවන්. නොමෑඩ් ලට ස්ථිර රස්සාවක් නෑ . කාලෙන් කාලෙට එක එක රස්සා කරනවා. මීට තරමක් දුරට සමාන ජිවිතයක් ගත කරන කොටසක් ඉන්නවා ලංකාවෙත්.

ඇමසෝන් කෑම්ප් ෆොර්ස්

මේක ඇවිල්ල RV රථවල ජීවත්වෙන අය වෙනුවෙන් ඇමසෝන් සමාගම හදුන්වල දීපු ක්‍රමයක්. මේකෙන් කරන්නේ ඇමසෝන් සමාගමේ වැඩ අධික කාලයට RV වල ඉන්න අයව ගෙන්නලා, දින 90ක පුර්ණ සෞඛ්‍ය ආවරණයක් එක්ක සමාගමේ වැඩට ගන්නවා. වැඩ ඉවර උනාම ආපහු ඒ අය පිටවෙලා යනවා. මේකට එයාලගේ RV රථ ගාල් කරන්න තැන් පවා ලබාදෙනවා.

AAA සංවිධානය

AAA ( American Automobile Association ) කියන්නේ රථවාහන සම්බන්ධව පිහිටුවා ඇති ලාභ අරමුණු කර නොගත් සංවිධානයක්. මේකට ඇමරිකාව හා කැනඩාව තුල මිලියන 60 කට අදික සාමාජිකයින් ප්‍රමානයක් ඉන්නව. මේකේ මුලස්ථානය පිහිටලා තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හීත්රෝ වල. මේක පිහිටුවල තියෙන්නේ 1902 මාර්තු 04.

බොබ් වෙල්ස්

මෙයා චිත්‍රපටය තුල ඉන්න ප්‍රධානම චරිතයක්. ඒවගේම බොබ් වෙල්ස් කියන්නේ ඇත්ත කෙනෙක්. ඉපදිලා තියෙන්නේ 1955 මැයි 05. මෙයා RV රථවල ජීවත් වීම පිළිබද මිනිස්සුන්ව දැනුවත් කරන කෙනෙක්. මෙයා හැම අවුරුද්දකම ඇරිසොනාවල කෝට්සයිට් හරියේ RV වල ජිවත් වෙන අයට RTR ( Rubber Tramp Rendezvous ) කියල. වැඩසටහනක් පවත්වනවා. චිත්‍රපටය තුලත් මේ වැඩසටහනක් දකින්න පුළුවන්. විකිපීඩියා පැත්තේ යනවනම් මෙයාගේ ජිවිත කතාව ගැන දැනගන්න පුළුවන්. මෙයා CheapRVliving කියල YouTube චැනල් එකක් කරනවා. RV රථවල ජීවත්වීම සම්බන්ධව. ඒකට 486,000 විතර subscribers ල ප්‍රමාණයක් ඉන්නවා.

RV වල ජීවත්වීම සම්බන්ධව බොබ් වෙල්ස් කියන්නේ මෙහෙම

“ I came into van life kicking and screaming, but I fell in love with it.”

ඔය කිව්වේ කතාවට සම්බන්ධ දේවල් කීපයක් විතරයි.

අනේ දැන්වත් පරිස්සම් වෙන්න ඈ. එපා කියද්දී අවුරුදු කාලේ ඇවිදලා පේනවනේ කරගෙන තියෙන හරිය. වෙසක් එකටවත් ගෙවල්වල ඉන්න. අපි ගෙදරට කොටුවෙලා හරි ගිය අවුරුද්දෙත් අවුරුදු සැමරුවනේ. ඒ වුනාට මේ වසංගතේ එක්ක පොර බදන මිනිස්සු ? ඒ ගොල්ලන්ට අවුරුදු නෑ, වෙසක් නෑ, මුකුත් නෑ. අපි ජොලියේ හිටියට ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලත් අවුරුදු නෑ. අම්ම තාත්ත දෙන්නම අවුරුද්දට ගෙදර ආවේ නැති දරුවෝ ඉන්නවා. එයාලට අවුරුදු සතුට නෑ. ආරක්ෂක අංශවල ඉන්න අයට තුන්පාරක්ම අවුරුදු නෑ. ඒ මිනිස්සු එච්චර කැපකිරීම් කරන්නේ අපි වෙනුවෙන්. මේ වසංගතේ රටින් පන්න ගන්න. මේ ටිකෙත් පිස්සු කෙලියොත් ඒ පවුල්වලට ලබන අවුරුද්දත් සමරන්න බැරි වේවි. ඒ ශ්‍රේෂ්ට කැපකිරීමට අපහාස කරන්න එපා. ගෙදරට වෙලා ඉන්න පුළුවන් තරම්. පන්සල් යන්න බැරිනම් ගෙදර පහනක් පත්තු කරලා බුදුන් වදින්න. දැක්කනේ අල්ලපු රට අමු සොහොනක් වෙලා තියෙන හැටි. පරිස්සම් නොවුනොත් ලංකාව ඔයිට හපන් වෙයි. මොකද මේක පොඩි රටක්. සම්පත් සීමිතයි. ලෙඩේ සුළුවට තකන්න එපා. ඇවිදින්න යන්නත් එපා. මොකද ඔබ ලෙඩේ අරගෙන ආවොත්. කොරෝනගේ ඊලග බිල්ල ඔබේ පවුලේ කෙනෙක්ගේ ජිවිතේ වෙන්න පුළුවනි.

එහෙනම් ෆිල්ම් එක බලන්න එපා. කියවන්න. මොකද පේන දේට වඩා ලොකු සංකල්පයක් මේකෙන් සාකච්ඡා කරනවා.

කලින් එකට වගේම මේකෙත් ගුණදොස් කමෙන්ට් එකකින් පෙන්නලා දෙන්න. තවත් උපසිරසියකින් ඉක්මටම හම්බවෙමු.

” See you on the road ”

#Make­theirsacrificeworthy

#Restoretheznyderverse

#nomorecorona

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,579 downloadsDownload Nomadland-2020-Blu-Ray.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලින්ද බණ්ඩාර” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලින්ද බණ්ඩාර

Subtitles

5,579 downloadsDownload Subtitles81 KB

29 comments

  1. Neo

    Thanks brother
    Keep it up

  2. හේමන්ත

    ස්තුතියි මලින්ද...
    හොඳ චිත්‍රපටියක් ඉක්මනින් ගෙනාවට.
    (කොරෝනාවට හොඳම බෙහෙත ගෙදර ඉඳන් ෆිල්ම් බලන ඒක. )

    1. තිසරු

      බ්ලූරේ දෙන්න්ඩෝ

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Silence - 2016 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද? Trailer එක බලලා හොද නම් දෙන්න. Martin Scorsese ගේ චිත්‍රපටයක්.

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  5. MAALNATH

    Thanks. ....good luck. ..
    Isn't romantic 2019
    Bad education 2020
    Movie valath sinhala sub denna

  6. Ruvindu thathsara

    සබ් එකට Thanks. පුලුවන්නම් Mank (2021) ෆිල්ම් එකටත් සබ් දෙන්න.

  7. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මල්ලි උපසිරසට. සබ් එකක් තියෙන්නම ඕනි ෆිල්ම් එකක් මේ. බලන අයට මේ කතාව කොච්චර සෙට් වෙයිද දන්නේ නෑ.. පුලුවන් තරම් නිදහසේ ඉන්න වෙලාවක් අල්ලලා මේක බලන්න. ඔලුව රිලැක්ස් කරගන්න තියෙන ෆිල්ම් නෙමෙයි මේ.. ජය වේවා.. දිගටම උපසිරස ගේමු! බුදුසරණයි..!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Anonymous

    thanks

  12. Sachintha Benat

    Thanks for the sub , man.
    Keep it up, brother

  13. Priyantha Dayakeerthi

    මලින්ද බණ්ඩාර සොයුර,
    මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී "හොඳම සිනමාපටය" ලෙස තොරාගත් සිනමාපටයට මෙතරම් ඉක්මනින් සබ් ලැබේවි කියා සිතුවේ නැහැ. ඔබේ පළමු උපසිරැසිය වූ The Father සිනමාපටයත් මෙවැනිම ඔස්කාර් සම්මාන ලාභී එකක්. දිගටම "සම්මාන ලාභී" සිනමාපට කළොත් ඔබ මේ සයිට් එකේ "සුවිශේෂී" කෙනෙක්ම වේවි. ඒ මන්ද ඒවා නැරඹීමට වෙනමම රසික පිරිසක් ඉන්නවා. මීට පෙර The Father සිනමාපටයට සබ් දුන් විට "ඔස්කාර්" සිනමාපට යෝජනා කළා. එය පිළිගැනීම ගැන ගොඩක් ස්තුතියි! ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  14. W T Ajith

    Malinda Bandara,
    Thanks for the subtitle! Add Sinhala subtitles to the Oscars before 2010 as well.

  15. Sahan Prabhasara

    Thanks and good luck

  16. Akila

    Thank you Brother....

  17. indika75

    thanks..

  18. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  19. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  20. Chamara

    Thanks

  21. Pramukmili

    Thanxx bro...........

  22. Pavith Wijesooriya

    දෙවෙනි උපසිරසියත් නියමෙටම තියෙනවා.බෝහෝම ස්තූතියි මේ චිත්‍රපටියටත් සබ් එක දුන්නට.දිගටම මේ වගේ චිත්‍රපටි වලට සබ් ඕනේ...❤️

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  24. සාරංග ජේ. ලියනගම

    Thanks

  25. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. Dewadithya

    Thanks for Sub!