Watch Trailer

Driving Licence (2019) Sinhala Subtitle | රියදුරු බලපත්‍රය !! [සිංහල උපසිරැසි සමඟ]

අයුබෝ වේවා බයිස්කෝප් වාසීනි. අදත් සුපුරුදු පරිදිම… ඔව් මලයාලම් එකක් තමයි. මේ චිත්‍රපටිය හොයල මේ ගැන කියල මට වෙන් කරලත් දුන්නෙ හසන්ත වික්‍රමරත්න අයිය. විශේෂයෙන්ම Prithviraj, Suraj ෆෑන්ස්ල ආසාවෙන් බලාගෙන හිටිය එකක්නෙ මේක. අධ්‍යක්ෂණය : Jean Paul Lal නිශ්පාදනය : Listin Stephen, Supriya Menon IMDb අගය :…

අයුබෝ වේවා බයිස්කෝප් වාසීනි. අදත් සුපුරුදු පරිදිම… ඔව් මලයාලම් එකක් තමයි. මේ චිත්‍රපටිය හොයල මේ ගැන කියල මට වෙන් කරලත් දුන්නෙ හසන්ත වික්‍රමරත්න අයිය. විශේෂයෙන්ම Prithviraj, Suraj ෆෑන්ස්ල ආසාවෙන් බලාගෙන හිටිය එකක්නෙ මේක.

  • අධ්‍යක්ෂණය : Jean Paul Lal
  • නිශ්පාදනය : Listin Stephen, Supriya Menon
  •  IMDb අගය : 7.3/10
  • සංගීත අධ්‍යක්ෂණය : Neha Nair , Yakzan Gary Pereira
  • ධාවන කාලය : පැය 2 මිනිත්තු 15
  • නිකුත් වූ දිනය : 2019 දෙසැම්බර් 20

Prithviraj Sukumaran, Suraj Venjaramoodu, Mia George, Deepti Sati, Saiju Kurup ඇතුලු දැවැන්තයන් තමයි මේ නිර්මාණයට එකතු වෙල තියෙන්නෙ. Drama | Thriller | Comedy කියන කාණ්ඩ යටතේ තමයි මේක වර්ගීකරණය වෙල තියෙන්නෙ. සලරුව ගැන කියන්න තියෙන්නෙ නියමයි කියල තමයි.

ඇයි මේක දැවැන්ත නිර්මාණයක් වෙන්නෙ??? 🤔

  • Pruthiviraj සහ Suraj දෙදෙනාගේ ආගමනය. Pruthiviraj කියන්නෙ මලයාලම් සිනමාවෙ දැවැන්තයෙක්. මම Suraj වත් ඒ ගොඩටම දානව. මොකද Vikruthi(2019), Android Kunjappan Ver 5.25 (2019) බලපු ඇත්තෝ දනිති ඔහුගේ හැකියාව.
  • කේරළ බොක්ස් ඔෆිස් ආදායම දින හතක් තුල කෝටි 7.8 වීම. සම්පූර්ණයෙන් කෝටි 10 ද ඉක්මවා ගොස් ඇත. දැන් මෙය බ්ලොක්බස්ටරයකි.
  • මේ වන විට ගූගල් පරිශීලකයන්ගෙන් 92% ක ප්‍රසාදය ලැබී තිබෙනවා.
  • ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගැනීම.

Pruthiviraj vs Suraj

Pruthiviraj vs Suraj කිව්වට මේක මේ ගහ මරාගන්න කතාවක් නෙවෙයි. හැඟීම් එක්ක ගලාගෙන යන කතාවක්. මුලින්ම මේ ප්‍රධාන චරිත දෙක ගැන ඉතාම කෙටි හැඳින්වීමක් කරල ඉන්නම්.

  • හරීන්ද්‍රන් | කියන්නෙ මලයාලම් සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ නළුවෙක්. Pruthiviraj විසින් තමයි මේ චරිතය පණ පොවන්නෙ. ඒ වගේම ඔහුගෙ විනෝදාංශ වෙන්නෙ කාර් පදින එක තමයි. ඒකත් සුලු පටු වේගයකින් නෙවෙයි කියල චිත්‍රපටියෙ මුල් හරියෙදිම වැටහේවි.
  • කුරුවිලා | MIV- Motor Vehicle Inspector. ඒ කිව්වෙ රථ වාහන පරීක්ෂකවරයෙක්. අපි වගේම කෙනෙක් තමයි. සිනමාවට ඇබ්බැහිවෙච්ච පොරක්. සිනමාවටත් වඩා හරීන්ද්‍රන් කියන සුපිරි තරුවට හදවතින්ම ආදරේ කරන කෙනෙක් තමයි මේ කුරුවිලා කියන්නෙ. ඒක බොහොම අහිංසක ආදරයක් කියල සමහර දේවලින් පැහැදිලි වේවි.

චිත්‍රපට රූගත කිරීමකට ලොකේශන් එකක් වෙන කරගන්න අවශ්‍යතාවකට හරින්ද්‍රන්ගෙ රියදුරු බලපත්‍රය අවශ්‍ය වෙනව. ඒත් ඒ වෙලාවෙ තමයි කස්ටිය දැන්ගන්නෙ හරීන්ද්‍රන්ගෙ ලයිසන් එක අස්ථානගත වෙලා කියල. ඉතිං හරීන්ද්‍රන්ගෙ රියදුරු බලපත්‍රයක් ඉක්මනටම හදාගන්න වැඩේට මැදිහත් වෙන්න කුරුවිලාට අවස්තාවක් ලැබෙනව. ඔතනදි සිද්ද වෙන වැරදි වැටහීමක් එක්ක කතාව සම්පූර්ණ වෙනස් මාවතකට යොමු වෙනව. ඉතිං මේ චිත්‍රපටිය තුල මං වෙනස්ම විශේෂත්වයක් දැක්ක. ඒ කිව්වෙ මේකෙ වීරය සහ දුෂ්ඨය කියන චරිත වෙන් කරගැනීම ගැනීම ඔබ සතු වගකීමක්. කවුරු හරිද කවුරු වැරදිද කියල තීරණය කරන එක ඔයාලට බාරයි. මීට අමතරව මියා විසිනුත් ඉතා දක්ෂ ලෙස ඇයගේ චරිතයට සාධාරණයක් කරල තියෙනව. එහෙනං ඉතිං බොහොම ලස්සන හෝරා දෙකක කාලයක් ගත කරන්න ලෑස්ති වෙන්නකො.

මේ චිත්‍රපටය හොයල වෙන් කරල දුන්නට හසන්ත අයියටත් බොහොම ස්තූතියි. ඉතිං මේ ගැන ඔයාලගෙ හිතේ පූදින අදහස පහලින් අකුරු කරන්න අමතක කරන්න එපා. ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට. ඔබේ අදහස් යෝජනා පහලින් කියවන්නම්. ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමුකො.

ආත්ම ගරුත්වය කියන්නෙත් එක විදිහක විසක් !!!
ඒක ඔළුවට ගත්තොත් ඔක්කොම ඉවරයි.
අපි ඒක හදවතේම රැඳිල තියෙන්න ඉඩ අරින්න ඕන.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

13,061 downloadsDownload Driving-Licence-2019.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

13,061 downloadsDownload Subtitles75 KB

25 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata ...

  2. Achi

    Thank bokka sub ekata ආදරෙයි

  3. maikee

    Thanks bn

  4. Dineru

    Good luck bro.. sub nathi malayalam films waltath sub dipan bro.. thankz..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Udaya Saman

    අ⁣ඩෝ කස්සා එල බං.මං කරන්න අහද්දි ඔයා අරගත්තා කීව නිසා ඔයා මේක දෙනකන් බලන් හිටියේ.උපසිරසියට බොහොම තුති

  7. tharidu16

    thanks machoo

  8. Hemantha De Silva

    ස්තුතියි කසුන්...
    ඒ වගේම ස්තුතියි බයිස්කෝප්.....

  9. Nilush Angana

    Sub ekata thanx

  10. gayan gothama

    thullatha manamum thullum Film eke Sub Eka Dennako

  11. D.Chamara

    bohoma sthuthi sahoo

  12. rangika Kariyawasam

    නියමයි මචං .සුපිරියක් ජයවේවා . Chola malayalam movie ekata සබ අනිවා දීපන් සහෝ.එක සුපිරියක් .අනිවා ඕන.. ජය වෙිවා මචං
    මචං

  13. gihan perera

    ස්තුතියි.....සහෝ....බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....

  14. Lalani Maduwanthi

    Kasun malli oya nam super

  15. Nivom

    thanks machooo

  16. Hemal

    Thank you

  17. Chamara Diaz

    Super bro...Thanks...

  18. nish47

    ස්තූතියි සහෝ

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කසුන් සහෝ.
    ජයෙන් ජයම වේවා!

  20. Manjulasuranga

    thanks brooo pattama thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. YasasWeerasinghe

    As always we appreciate your effort. Nice work. Keep it up. :)

  23. Niharika

    Nicely executed

  24. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  25. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.