OMG 2 (2023) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ අලුත්ම හිංදි සිනමාපටයක උපසිරැසියක් රැගෙනයි. OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ අලුත්ම හිංදි සිනමාපටයක උපසිරැසියක් රැගෙනයි.
OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙන් සමහර දේව ඇදහිලි විවේචනය කර තිබෙන නිසා. ඇත්තටම අපි දෙයියො වදිනවා කියලා කරන නාස්තිය ගැණ තමා මේ ෆිල්ම් එකේ තිබුනේ.

මේ පලවෙනි ෆිල්ම් එකට පාදක උනේ The Man Who Sued God කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටය. Paresh Rawal, Akshay Kumar, Mithun Chakraborty මේ ෆිල්ම් එකේ රගපෑවා. ඒ වගේම මේ ෆිල්ම් එක 2015 දී Gopala Gopala ලෙස තෙලුගු බසින් තිරගත උනා, ඒ වගේම 2016 දී Mukunda Murari නම් ෆිල්ම් එකක් කන්නඩ බසින් තිරගත උනා.

The Man Who Sued God (2001) සිනමාපටයේ පෝස්ටරය
දැන් අපි අලුතෙන් ආපු OMG 2 සිනමාපටය ගැන කතා කරමු. 2022 ඉදලා 2023 මුල් කාර්තුව වෙනකං අක්ෂේ කුමාර් ගේ ෆිල්ම් වලට කනකොකා හඩලා තිබුනේ. එක ෆිල්ම් එකක් වත් සාර්ථක උනේ නෑ. නමුත් මේ සිනමපටය අක්ෂේ කුමාර් හට ආශිර්වාදයක් උනා.
ඒ වගේම ඉන්දියන් සෙන්සර් බෝඩ්(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය) එකෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට මේ ෆිල්ම් එක භාජනය උනා. මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් කෙලින්ම සිව දෙවියංගෙ චරිතෙ තමා රගපෑවෙ. අක්ෂේ කුමාර් ශිව දෙවියංගෙ චරිතය නිරූපණය කරන පෝස්ටරයක් 2021 දි නිකුත් උනා ඔබට මතක ඇති. ඒත් සෙන්සර් බෝඩ් එකේ බලපෑම හිංදා මේ ෆිල්ම් එකේ අක්ෂෙ කුමාර් රගපාන්න්නේ ශිව දෙවියංගේ පණිවිඩකරුවෙක් හැටියට.

අක්ෂේ කුමාර් ශිව දෙවියන් ලෙස පෙනි සීටින පෝස්ටරය
මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් වගේම Pankaj Tripathi, Yami Gautam Dhar ද මේ ෆිල්ම් එකේ රගපානවා. මේ ෆිල්ම් එක ඉන්දීය රු කොටි 50 ක නිෂ්පාදන පිරිවැයක් දරා නිමවු අතර, කෝටි 221 ක බොක්ස් ඔෆිස් ආදායමක් අත් කරගෙන ඇත.
මේ ෆිල්ම් එක ගේන්න ටිකක් පරක්කු උනා, හේතුව තමා මේකේ ලයින්ස් 2800 ක් තියෙනවා. එ වගෙම සුපුරුදු පරිදි මේ ලයින් 2800 ගාණම අහ අහා කරන්න ඕනේ. ඉතිං මං මේ ෆිල්ම් එක අරගෙන එන්නේ දහර අක්කාගෙත් සහය අරගෙන. මේක දහරා අක්කා උපසිරැසි කරන්න භාරගත්තු ෆිල්ම් එකක්. නමුත් මේකේ පලවෙනි ෆිල්ම් එකට මං ගොඩාක් කැමති හිංදා මේ ෆිල්ම් එක කරන්න එකතු වෙන්න හිතුවා.
මං කතාව කෙටියෙන් කියන්නම්, කන්ති කියන්නේ පූජා භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් පවත්වා ගෙන යන කෙනෙක්. ඉතිං මෙයාගෙ පුතා ඉස්කෝලේ දි තවත් ලමයින් ටිකකිං ලිංගික උසුලු විසිළු වීමකට ලක් වෙනවා. ඉතිං මේ ලමයා ඒකෙන් එක එක අත් හදා බැලීම් කරන්නට ගොස් ඉස්කෝලෙං එයව අස් කරනවා. ලමයට උන අකරතැබ්බය මොකක් ද?, ඒ ලමයා අත්හදා බැලුවේ කුමක් ද?, ඒ ලමයාව ඉස්කෝලෙං අස් කරන තරමට වුන වැරැද්ද මොකක ද?, ඉතිං කන්ති මේකට ගන්න ක්‍රියාමර්ගය මොකක් ද?. ඒ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
35,571 downloadsDownload OMG-2-2023.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට හා “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
OMG 2 (2023) Sinhala Subtitles, OMG 2 (2023) Sinhala Sub, OMG 2 Sinhala Subtitles
Subtitles
21 comments
Sanjeewa2010
Rgm
සබ් එකට තෑන්ක්ස් ❤
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal
...බොහෝම ස්තූතියි දෙන්නටම තමුන්ගේ වටිනා කාලය වැය කරලා අපේ රස වින්දනයට මේ උපසිරැසිය ගෙනාවට..
Sanjeewa Malith
සුපිරි thank u subtitles akata
Prasanga
thanks
Hemal
Ravindu & Dahara Dennatama Thank you
Sahan Gayantha
thanks a lot saho sub ekata
විමා
උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම !
අනිවා බැලිල්ලක්. :)oshanda
thank you dennatama
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම. ජයවේවා!
Sahan Gayantha
thanks a lot dennatama
Manu
Godak sthuthi..Jaya wewa!
King Suu
දෙන්බොනටම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම මේ සිංහල උපසිරැසිකරණයට..... ජයවේවා..බුදු සරණයි...!!
Gihan
Thanks for The Subtitle....Good Luck
Malinda
Thank you for sub
baiscopelk ishu
sub ekata thx
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![OMG 2 (2023) Sinhala Subtitles | විශ්වාසය තබාගන්න, දෙවියන් සැමදා ඔබ ලඟයි… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/OMG-2-2023-1.jpg)

Pattaaaaaaaaaaaa