ආයුබෝවේවා! ඔන්න සෑහෙන කාලෙකින් තමයි උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණේ. මුලින්ම සමාව ඉල්ලනවා සබ් එක අරන් එන්න ටිකක් පරක්කු වුනා අසනීප වුන නිසා. කොහොමින් කොහොම හරි සතියකටත් වඩා ගියා ලයින් 2300+ සබ් එක කොටාගන්න. දේවරකොන්ඩාගේ ෆිලුමක සබ් එක අතාරින්න බැරි නිසා ඉතින් කොහොම හරි ඉවර කරලා අරගෙන ආවා. ඒ කතා…

ආයුබෝවේවා! ඔන්න සෑහෙන කාලෙකින් තමයි උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණේ. මුලින්ම සමාව ඉල්ලනවා සබ් එක අරන් එන්න ටිකක් පරක්කු වුනා අසනීප වුන නිසා. කොහොමින් කොහොම හරි සතියකටත් වඩා ගියා ලයින් 2300+ සබ් එක කොටාගන්න. දේවරකොන්ඩාගේ ෆිලුමක සබ් එක අතාරින්න බැරි නිසා ඉතින් කොහොම හරි ඉවර කරලා අරගෙන ආවා. ඒ කතා නැතුව මේ චිත්‍රපටියේ විස්තර පැත්තට යොමු වෙමු. 2023 සැප්තැම්බර් 01 වෙනිදා නිකුත් වුන Romantic | Comedy කියන ශානරයට අයිතිවෙන මේ තෙුලුගු සිනමා සිත්තම Shiva Nirvana ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම අපි ගොඩක් දෙනෙක් කැමතිම නිළියක් වන සුරූපී Samantha සහ කඩවසම් Vijay Devarakonda ප්‍රධාන චරිත වලට යොදාගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. සංගීතය Hesham Abdul Wahab ගෙන්. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 50-70 අතර මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් වුන වාර්තා අනුව ආදායම ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 72ක් පමණ තමයි හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නේ. Imdb දර්ශකයේ මේවන විට 5.5ක පමණ අගයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ.

මේ ලෝකයේ ගත්තොත් ආගම් අදහන පිරිස් ඉන්නවා. ඒ වගේම ආගමක් අහදන්නේ නැති පිරිස් ඉන්නවා. ඉතින් මේ ආගමක් අදහන පවුලක් සහ ආගම් අදහන්නේ නැතුව විද්‍යාව විශ්වස කරමින් ජීවත්වෙන පවුල් දෙකක් අතර සිද්දවෙන හැල හැප්පීම් තමයි මේ කතාවෙන් බලාගන්න පුලුවන් වෙන්නේ. විප්ලව් කියන්නේ අදේවවාදී පියෙක් යටතේ හැදී වැඩෙන දරුවෙක්. එතකොට ආරාධ්‍යා කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙවියන් අදහන ඒ වගේම දේශනා පවත්වන පියෙක් යටතේ ජීවත් වෙන දරුවෙක්. ඉතින් මේ විප්ලව්ට රජයේ රස්සාවක් ලැබිලා කාෂ්මීරයට යන්න වෙනවා. කාශ්මීරයේදී ආරාධ්‍යාව දකින විප්ලව් එයාගේ පස්සෙන් යනවා. ඉතින් ආරාධ්‍යා මේක වදයක් වෙයි කියලා එයා පාකිස්ථාන කෙල්ලෙක් කියලා කියනවා. ඒත් ඉතින් දන්නවානේ කොල්ලන්ගේ හැටි. හිත ගියොාත් ඉන්දියාවෙද පාකිස්ථානයේද අදාල නෑනේ. ඉතින් කොහොමින් කොහොමින් හරි නූල්සූත්තර දාලා ආරාධ්‍යාව කැමති කරවගෙන පවුලේ කැමැත්ත ගන්න යනකොට තමයි දෙන්නාටම තරු පේන්න ගන්නේ. එක්කෙනෙක් අදේවවාදී පවුලක, අනිත් කෙනා දේවවාදී පවුලක. ඉතින් මේක කොහොමද බේරුමක් කරගන්නේ සහ පවුල් ජීවිතය ගත කරන්නේ කොහොමද කියන කතාව තමයි මේකෙන් දිගෑරෙන්නේ. ඒ වගේම මනුස්සකම හමුවේ මේ දේවවාදී අදේවවාදී කියන දෙකම වැඩක් නෑ කියන පණිවිඩයත් මේ චිත්‍රපටයෙන් ලබා දීලා තියෙනවා. මගේ මතය අනුව සුපිරියි කියලා කියන්න පුලුවන් මට්ටමේ චිත්‍රපටයක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමේ චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.

එහෙනම් මේ චිත්‍රපටයත් බලලා ගුණ දොස් කියාගෙන යන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා  අදාළ වේ.

28,704 downloadsDownload Kushi-2023.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kushi , Kushi (2023) Sinhala Subtitles, Kushi Sinhala Sub, 

Subtitles

28,704 downloadsDownload Subtitles71 KB

7 comments

  1. Gayathri

    Thankss

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  3. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සඳේ!
    නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එකයි වටින්නේ.
    අනික ඔයා දෙනව නම් නොබලත් බැහැනේ. :)

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව සුපිරි ෆිල්ම් ටිකකට සබ් දෙමු. ජයවේවා!

  5. Buddhika Lakmal

    සෑහෙන කාලෙකින් සුපිරිම සබක් අරං ඇවිත්....
    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.