මං මෙහෙම අහන්නම්, ඔයාගේ ජීවිතයේ ඔයා වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද…? ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණත්, නිසැකවම බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නෙ, තමන්ගේ දෙමවුපියන්. ඊටත් පසුව, තමන්ගේ සහෝදර සහෝදරියන්. මිනිසා කියන්නෙ, සොබාදහමේ හරි අපූර්ව වූ නිර්මාණයක්. තමා ආදරය කරන කෙනෙක්ට කරදයක්, හිංසාවක් වෙන එක, කිසිම කෙනෙක් ඉවස…

මං මෙහෙම අහන්නම්, ඔයාගේ ජීවිතයේ ඔයා වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද…? ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණත්, නිසැකවම බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නෙ, තමන්ගේ දෙමවුපියන්. ඊටත් පසුව, තමන්ගේ සහෝදර සහෝදරියන්. මිනිසා කියන්නෙ, සොබාදහමේ හරි අපූර්ව වූ නිර්මාණයක්. තමා ආදරය කරන කෙනෙක්ට කරදයක්, හිංසාවක් වෙන එක, කිසිම කෙනෙක් ඉවසන්නෙ නැහැ. මේක, මිනිසාට පමණක් නෙමෙයි, සත්වයින්ටද පොදු වූ කාරණාවක්. මොහොතක් හිතන්න… කවුරුහරි කෙනෙක්, ඔබ මෙලොව වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්ට බැන්නොත්…? අනිවාර්‍යයෙන්ම ඔබත් ඔහුට බනිනවා. ගැහුවොත්…? ඔබත් ගහනවා. එතකොට, මැරුවොත්…? එතකොට ඔබ මොකද කරන්නේ…? ඔබට කිසිවක් කර කියාගත නොහැකි අන්ත අසරණ තත්වයට ඇද දමා, ඔබගේ දෑස් ඉදිරිපිටම ඔබගේ ආදරණීය පුද්ගලයෙක් මරා දැමුවහොත්, ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද…? එක් ආදරණීය පුද්ගලයෙක් පමණක් නොවෙයි, පවුලේ සියළුම සාමාජිකයින්, කිසිඳු හේතුවක් රහිතවම, නිස්කාරණයේ මේ අයුරින් ඝාතනය කළහොත්, ඔබගේ හිතට එකඟව අවංකව කල්පනා කර බලන්න, කුමක්ද ඔබ ගන්නා පියවර…?
සූර්යා…ඇමරිකාවේ රැකියාවේ නියතු, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥයෙක්. දෙවසරක අවෑමෙන් පසු, ඔහු සිය ගම රට බලා නැවත පැමිණෙනවා, සිය ප්‍රාණ සම වැනිවූ නැගණියගේ විවාහය තීන්දු කිරීම උදෙසා. සතුට උතුරා දොරේ ගලා යන ආදරණීය කැදැල්ලක්. විටෙක සිතෙනවා, ජීවිතය මෙතරම් අපූර්වද කියලා. ලොකු මිළ මුදල් අතේ නැති මුත්, උතුරා යන සෙනෙහසින් පෝෂණය වුණා වූ පවුලක්. කාලය වේගයෙන් ඉගිළ යනවා. හදිසියේම නගරය පුරා එක්තරා නොහඳුනන වසංගත තත්වයක් පැතිර යනවා. මෙම තත්වය හේතුවෙන්, කුඩා ළමුන් බොහෝ ප්‍රමාණයක් අකාලයේ ජීවිතයට සමුදෙනවා. මේ අතර වාරයේදී, නොසිතූ මොහොතක, ඉහත කී ආදරණිය පවුල සී සී කඩ කැඩී විසිරී යනවා. සූර්යාගේ දෑස් ඉදිරිපිටම, නිස්කාරණයේ ඔහුගේ පවුලම විනාශකර දමනවා. එනමුත්, ඔහුට කිසිවක් කරකියා ගත නොහැකිව, අන්ත අසරණ තත්වයට ඇද වැටෙනවා .කුරා කුහුඹුවෙකුට හෝ කරදරයක් නොමැති සිය ආදරණීය පවුලට මෙසේ වූයේ මන්ද…? ඔහු ඉදිරියේ තිබෙන්නේ, මකුළු දැළක් බඳු වූ අතිශය සංකීර්ණ අවුල් ජාලයක්. ඉමක් කොනක් සොයාගත නොහැකි මේ අවුල් ජාලාව කෙසේ නම් විසඳන්නද…?
සිය පවුල අහිමිවූ, ඇමරිකාවේ රැකියාවේ නියතු අති දක්ෂ, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥයෙක්…., තමන් හදාවඩා ගත් පවුලේ අකල් වියෝවෙන් හද කම්පාවූ, පරිඝනක ක්ෂේත්‍රයේ අති දක්ෂ හැකර්වරයෙක්, පොලිස් රාජකාරියේ නියතු සිය එකම සහෝදරයාගේ ඝාතකයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් බලගැන්වූ සුරූපී තරුණියක්…, එක අරමුණක් වෙනුවෙන්, මොවුන් එකිනෙකා එකතුවනවා. සිය ආදරණීයන් හට සිදුවූ අසාධාරණය වෙනුවන්, කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයෙන්, අදාළ පුදගලයින් එකා බැගින් එකා දඩයම් කරනු ලබනවා.
මේ සියලු දෑ පිටුපස සිටින්නා වූ, අතිශය බලවත්, මොලකරුවා කවුරුන් වේද… අයහපත් කල්ක්‍රියාව නිසා ශ්‍රී ලංකා හමුදාවෙන් නෙරපා දැමූ, පුපුරණ ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් සහිත කුලී ඝාතකයෙකුගේ ආගමනයත් සමගින් මෙම මාරක දඩයම් කණ්ඩායමේ අවසානය සනිටුහන් වේවිද…? දඩයම් කණ්ඩායමට, එකිනෙකා සමගින් ඇති සම්බන්ධය කුමක්ද…?
ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වැනි දින, තිරගතවීම ආරම්භ කල මෙම මලයාලම් චිත්‍රපටය, මේ වන විට IMDB දර්ශකයේ 6.4 ක අගයකින් සමන්විත වනවා. චිත්‍රපටය අවසානයේ ඔබටම පුළුවනි නිගමනයට පැමිණෙන්න, ලැබී ඇති අගය ප්‍රමාණවත්ද නැද්ද යන වගට. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ, මලයාලම් සුපිරි තරුව, Prithviraj Sukumaran විසිනි. ඔහුට අමතරව, උප ප්‍රධාන චරිතයක් සඳහා Jayaprakash රංගනයෙන් දායක වනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, එදා මෙදා තුර මලයාලම් සිනමා ඉතිහාසයේ කැළඹීමක් ඇති කල චිත්‍රපටය… Drishyam (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ, Anil Johnson විසිනි. එමෙන්ම, ඉන්දියානු රුපියල් කෝටි දහයක බරපැනක් යොදා නිර්මාණය කරන ලද මෙම සිනමා සිත්තම, සිය අදායම් මුදල ලෙස ඉන්දියානු රුපියල් කෝටි විසි පහක මුදලකින් සවි බල ගැන්වෙන්නට සමත්කම් දක්වනවා.
පුළුවන් හැමෝම අරගෙන බලන්න. චිත්‍රපටයේ ආරම්භක තත්පරයේ සිට, අවසාන තත්පරය දක්වාම, ඉහලට ගත් හුස්ම පොද පහළට දැමීමට අමතක කරවන්නාවූ මට්ටමේ, අතිශය රසවත් චිත්‍රපටයක් බැව් නොබියව පැවසිය හැකියි. තම ජීවිත කාලය තුළදී නැරඹු, ඉහළ සිනමා රසාස්වාදයකින් යුත්, සිනමා සිත්තමක් ලෙස, දීර්ඝ කාලයක් මතකයේ රැඳී තිබේවි.
තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැම දෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Oozham [2016] Download Malayalam DVDRip x264 500MB ESubs
ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.
9,251 downloadsDownload Oozham-2016.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
40 comments
kasun
Mahesh karunarathna
Downlord karanna denne na
Udara Damith B/K
ලංකාවේ හමුදාවෙන් පන්නපු පොරට රගපන්නෙත් ලංකාවේ කෙනෙක්ද
praneeth madu
බොහොම ස්තූතියි
Gathsara Umesh Kumara
අහ්හ්...ආයෙත් සිසිල අයියා..නියමයි නියමයි.....සතූතියි සබට..තවත උපසිරැසියකින් හමුවෙමු...
එතෙක් ජයවෙවා...!!!Global
මෙවැනි තවත් රසවත් හරවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!හේමන්ත
ස්තුතියි මල්ලි...
මේ වගේ ෆිල්ම් ගේන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...Kamal
ගොඩාක් ස්තුතියි මචන් සබ් එකට.. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ලගදීම මෝහන්ලල්ගේ මේ ෆිල්ම් දෙක එන්න තියනවා. සබ දෙන්න රෙඩි වෙලා ඉමු හොඳේ..
Oppam(2016)
Pulimurugan(2016)Sanindu Lakkitha
Thnx saho sub ekata.. jaya wewa.. Budusaranai..
thisal
බොහොම ස්තූතියි
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
risitha
mmm hoda film ekak wage...thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dk
ela film eka
Bhashitha
ane kawru hari torrent link ekak dennako. sub ekata thanks...
Chamikara Vidanage
නියමයි ලොක්කා
Deex
Prithviraj Sukumaran nan ithin aye
mona kathadapatta bro
thanx subata
Nirodha uthpala
Digatama digatama demu bro obata Jayen jaya sub eakata godawful thanke you
Nirodha uthpala
Godak
mahesh
godak hoda film ekak wage teruna kiyawala baluwama.
onna gannawa ehenam.
sub ekata bohoma sthuthi...!!!
jaya wewa...!!!අමිල ජයසේකර
නියමයී ...මචං
prabodhaya nirmana
torrent 1 hoyaganna be plz help
Thanushka
Thanks Sub Ekata!!!
Menu
Thank you
yasitha
thanku ban jaya wewa..film ekatai subatai pin...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
ela saho thank you
යුශාන් පියුමාල්
නියමයි මචෝ ..... තවත් මේ වගේ සුපිරි ඒවට සබ් දෙමු .....
Rajitha Abeysinghe
වෙනස්ම ආරක කතාවක්.හොද ගලාගෙන යාමක් තියෙනවා.හුදෙක් ආදර කතාවකට සීමා නොවී යම් කිසි සිද්ධියක් ගෙනහැර දක්වන්න ගන්න උත්සහය අගය කරන්න ඕනේ.
Subhashini
Subtitles download karaganne baha
paranormal
ma sub 1k wada natho............
Chami.S
Thanks..
Good Luck..R.S. Samantha
thank u macho...
onna banawa
ela ela.MRX
thnx mcho
ravindu prabashwara
Thanks bro sub ekata
Nirodhauthpala
Niyamai sisilaya thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya digatama demu obata jaya
N_R
Thanks.
kapila piyasiri
Thnks dear
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx...