මුහුද කියන්නේ හරිම පුදුමාකර තැනක්. අපි ඕන කෙනෙක් වයස් බේදයකින් තොරව මුහුදට හරිම කැමතියි. නමුත් සාගරයේ තිබෙන සුන්දරත්වයට යටින් අපි නොදන්නා භයානක දේවල් පවා තියෙනවා. ඒ නිසා අලංකාරබව සහ භයංකාරබව යන දෙකම සංකලනය උන තැනක් විදියට මේ මහා සාගරය හදුන්වන්න පුලුවන්. 1998 වසරේදී ඇමරිකානු ජාතිකයෙක් වු තෝමස් ලොනර්…

මුහුද කියන්නේ හරිම පුදුමාකර තැනක්. අපි ඕන කෙනෙක් වයස් බේදයකින් තොරව මුහුදට හරිම කැමතියි. නමුත් සාගරයේ තිබෙන සුන්දරත්වයට යටින් අපි නොදන්නා භයානක දේවල් පවා තියෙනවා. ඒ නිසා අලංකාරබව සහ භයංකාරබව යන දෙකම සංකලනය උන තැනක් විදියට මේ මහා සාගරය හදුන්වන්න පුලුවන්. 1998 වසරේදී ඇමරිකානු ජාතිකයෙක් වු තෝමස් ලොනර්ගන් තමන්ගේ බිරිඳ වන එලීන් ලොනර්ගන් සමඟ වසන්ත කාලයේ නිවාඩුව ඔස්ට්‍රේලියාවට පැමිණියා. මෙම නිවාඩුව ගෙවන්න ඔවුන් තෝරගත්තේ හරි අපූරු විදියක්. ඒ තමයි කිමිදුම් කණ්ඩායමකට එකතු වෙලා මහා බාධක කොරල් පරය අසල සාගරයේ කිමිදීමයි. 1998 ජනවාරි 25 මොවුන් දෙපල තවත් කිමිදුම් කණ්ඩායමක් සමඟ යාත්‍රාවකින් ශාන්ත ක්‍රිස්පින්ස් කොරල්පරය අසලට පැමිණ කිමිදීමෙහි යෙදෙනවා. මෙම අවස්ථාවේ කිමිදුම් උපදේශකවරයෙකු විසින් යාත්‍රාවෙ සිටි මගීන් සංඛ්‍යාව වැරදියට ගණන් කිරීම නිසා තෝමස් සහ එලීන්ව සාගරය මැද තනිකරලා මේ පිරිස ආපහු යනවා. දින දෙකක් ගත වෙනතුරුත් කිසිම කෙනෙක්ට මේ දෙන්නා ගැන කිසි වගක් නැතුව ඉන්නවා. ජනවාරි 27 වෙනිදා සේවකයෙකුට මොවුන් ගමන් ගත් යාත්‍රාවේ තිබිලා මේ දෙන්නගේ බෑග් දෙක හම්බුනාම තමයි කට්ටියගෙම දෙලෝ රත් වෙන්නේ. වහාම හෙලිකොප්ටර් සහ යාත්‍රා යොදාගනිමින් කොරල් පරය අවට සෑම තැනක්ම අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවත් මේ දෙන්නා ගැන අබ මල් රේණුවකවත් හෝඩුවාවක් හොයා ගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා. පසුව මේ සිදුවීම ගැන ගොඩක් අය විවිධ මත පල කරා. ඇතැම් අය මේක සියදිවි නසා ගැනීමක් කියලත් මතයක් ගොඩ නගලා තිබුනා. ඒ වගේම තෝමස්ගේ පවුලේ අය කිමිදුම් කණ්ඩායමේ උපදේශකයට මිනීමැරුම් චෝදනා පවා එල්ල කරා. නමුත් සාක්ෂි නොමැතිකම නිසා ඔහු නිර්දෝෂ උවත් ඔහුගේ නොසලකිල්ලට කූවීන්ස්ලෑන්ඩ් උසාවිය මගින් ඔහුට විශාල දඩයක් පනවලා තිබුනා.
තෝමර් ලොනර්ගන් සහ එලීන් ලොනර්ගන්
ටික කාලයකින් ගිහින් තෝමස් සහ එලීන්ට සිදු වූ දේ හැමෝටම අමතක වෙලා ඒ සිදුවීම අභිරහසක් උනා. දිනක් ඕස්ට්‍රේලියාවේ ධීවරයෙකු හරිම අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. මේ ධීවරයගේ ඇමකට විශාල සුදු මෝරෙක් (Great White Shark) අහුවෙලා තිබුනා. ඉතිං මේ ධීවරයා මෝරව කපලා සුද්ද කරද්දි බඩේ තිබිලා අපූරූ දෙයක් හම්බෙනවා. ඒ තමයි කිමිදුම් කරුවන් සාගර පතුලේ ඡායාරූප ගන්නා වර්ගයේ කැමරාවක්. අඩි සිය ගණනක් ගැඹුරු මුහුදේ ඉන්න මෝරෙක්ගේ බඩට මේ කැමරාව ගියේ කොහොමද කියලා හැමෝම පුදුම වෙද්දි අනිත් පුදුම හිතෙන කාරණය තමයි මේ කැමරාව ඒ වෙද්දිත් හොදට කරපු එකයි. ඉතිං මේ කැමරාවේ සටහන් උන දේවල් බලපු අයට මීට කාලෙකට පෙර තෝමස් සහ එලීන්ට සිදු උන දේ ගැන දළ අදහසක් ගන්න පුලුවන් උනා. මේ සිදුවීම ප්‍රසිද්ධ උනාට පස්සේ මේ කැමරාවේ තිබුන සාක්ෂි පාදක කරගෙන තෝමස් සහ එලීන්ට උන දේ ගැන කල්පිතයක් වශයෙන් නිර්මාණය කල රූපමය රචනාව තමයි මේ.
ආයුබෝවේවා බයිස්කෝප් යාළුවනේ, ඉක්මනටම තවත් ෆිලුමක් අරන් මේ පැත්තට ආවා. උඩ විස්තරේ කියෙව්වම තේරෙන්න ඇතිනේ මේ ෆිලුම මොකක්ද කියලා. සාගරයේ සිදු වූ බිහිසුණු සත්‍ය සිදුවීම් සම්බන්ධ චිත්‍රපට මාලාවක පලමු චිත්‍රපටය තමයි මේ. මේකේ 3 වෙනි කොටස Open Water: Cage Dive (2017) අපේ දිල්ශාන් සචින්ත සහෝ දීලා තියෙනවා. මෙකේ 2 වැනි කොටස Open Water: Adrift (2006) ෆිලුමටත් පුලුවන් උනොත් උපසිරැසි ලබා දෙන්නම්. ඒ වගේම මේ මුල් ෆිල්ම් දෙකටම සිංහල උපසිරැසි නෑ කියලා මාව දැනුවත් කරපු අපේ බයිස්කෝප් පවුලේ සහෝදරයෙක් වෙන සොහාන් ජයසූරිය මල්ලිටත් ස්තූතිවන්ත වෙනවා. 2003 ඔක්තෝම්බර් 26 Hamptons International Film Festival හිදි තමයි මේ ෆිලුම මුලින්ම තිරගත වෙන්නේ. ඊට පස්සේ 2004 අගෝස්තු 6 තමයි මේක මහජනතාවට ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. $150,000 පමණක් වියදම් කරලා ඩොලර් මිලියන 55.5ක බොක්ස් ඔෆිස් වාර්තාවක් සමග දැවැන්ත ලාභයක් උපයා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. 5.7ක IMDb මනාපයක් එක්ක 70%ක ගූගල් පරිශිලක කැමත්ත සහ 71%ක් කුණු තක්කාලි මීටරය කරකවන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. Adventure/Horror යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Chris Kentis. ප්‍රධාන චරිත ලෙස Daniel Travis සමඟ Blanchard Ryan රංගන දායකත්වය ලබාදෙනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Blanchard Ryan 31 වෙනි සැටර්න් සිනමා උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමටත් එමෙන්ම Golden Trailer සිනමා උළෙලෙදි හොඳම ත්‍රාසජනක චිත්‍රපටයට හිමි සම්මානය හිමි කර ගැනීමටත් සමත් වෙලා තියෙනවා.
එහෙනම් ඉතිං ඕක තමයි විස්තරේ. හැමදාමත් වගේ ෆිල්ම් ඉල්ලලා මේල් එක දාපු ඉක්මනටම අවසර දුන්න හසන්ත අයියටත් ස්තූතිවෙනවා. බයිස්කෝප් රසික ඔයාලත් එහෙනම් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ් අඩවියේ ඔයාලට බලන්න ඕන තරම් චිත්‍රපට/රූපවාහිනි කතාමාලා තියෙනවා. උපසිරැසි ගන්න දැන් ලොග් වෙවී ඉන්න ඕන නැති නිසාමද කොහෙද දැන් කට්ටියගෙ කොමෙන්ට් එහෙමත් අඩු වෙලා. ඒ නිසා කම්මැලි නැතුව ඔයාලගේ අදහස්/ඉල්ලිම්/චෝදනා එහෙම තියෙනවනම් කොමෙන්ටුවක් දාලා දැනුවත් කරන්න. එහෙනම් මම යනවා තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. . . තෙරුවන් සරණයි !!!
#STAY SAFE #STAY HOME

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,259 downloadsDownload Open-Water-2003.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Udara Damith Dissanayaka
Amal
උපසිරසට තුති.....
thushararox
2th dennako ayye
Anonymous
Ela ..good job friend
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) Open Water: Adrift (2006) එකටත් සබ් දෙන්න තව අර The Crow film series එකේ ඉතුරු film දෙකත් ඕනෙ බ්‍රෝ සබ් දෙන්න ඒවට :) :) ...
ජය වේවා.!indika75
thanks..
Dhanushka Dilranga
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavinu
හම්මේ.. කාලෙකට කලින් පිස්සුවෙන් වගේ හොය හොයා බලපු චිත්‍රපටියක්!
ස්තූතියි ධනුක අයියේ,
ආයෙමත් ඩවුන් වෙන්න දැම්මා එහෙනම්Madhu@7
එළ! මේකෙ 3 වෙනි එක bluray වලට update කරලා නම් නැත. ඒකත් update කරලා දාන්න. ජය!
isuru srinath sjs
ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට..
Geethi
උපසිරැසියට ස්තුතියි
tv malli
අම්බෝ හුගක් ස්තුති සබ් එක දුන්නට මෙ ෆිල්ම් එකට.මෙකෙ තුන්වෙනි ෆිල්ම් එක බලලා එකයි දෙකයි සබ් තිබුනෙ නැති නිසා බලන එක අත්හැරියා.ඉක්මනට දෙවෙනි ෆිල්ම් එකටත් සබ් දෙමු
Kamal Liberty
the professor - joony depp please subbtitle
Pramukmili
Thanx bro.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ................good luck ................
shihan
tnx..tnx..tnx...
Dewadithya
Thanks for sub!
Ranil Rajapakshe
Thanks Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Open Water (2003) Sinhala Subtitles | සාගරය මැද බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Open-Water-2003.jpg)
එල
මන් එක
අද
හුරේ