Watch Trailer

Aakrosh (2010) Sinhala Subtitles | කුල භේදයේ අඳුරු පැතිකඩක්…. [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඉතින් කොරෝනා ව්‍යසනය මධ්‍යයේ අලුත් අවුරුදු සමය ඉවර වෙලා වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බයිස්කෝප් අඩවියට තවත් එක උපසිරසියක් එකතු කරන්න හිතුවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමගේ රසවින්දනයට. ඉතින් විමා අයියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ මොකද මේ සබ් එක කරන්න ඉල්ලගෙන දැන් මාසෙකටත් ළඟයි. ඉතින්…

ඔන්න ඉතින් කොරෝනා ව්‍යසනය මධ්‍යයේ අලුත් අවුරුදු සමය ඉවර වෙලා වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බයිස්කෝප් අඩවියට තවත් එක උපසිරසියක් එකතු කරන්න හිතුවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමගේ රසවින්දනයට.

ඉතින් විමා අයියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ මොකද මේ සබ් එක කරන්න ඉල්ලගෙන දැන් මාසෙකටත් ළඟයි. ඉතින් මෙච්චර පරක්කු උනේ මේ දවස් වල රැල්ලට යන පුරන් කුඹුරු අස්වද්දන වප් මගුලකට සෙට් වෙන්න උනානේ.ඒ වැඩ අස්සේ ටික ටික කලත් හිතුවට වඩා කල් ගියා මේක මගේ පලවෙනි හින්දි සබ් එකනේ ඉතින් හින්දි වචන වල තේරුම් හොය හොය කරද්දී එපා වුනා. ඒත් ඔයාලා මේක බලලා ලබන සතුට මතක් වෙද්දී වැඩේ අතාරින්න නම් හිතුනෙම නෑ. හරි එහෙනම් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ.

මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ 2010 අවුරුද්දේ Priyadharshan කියන අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු වුනු මෙය Action||Thriller ගණයට තමා අයත් වෙන්නේ මෙහි නිෂ්පාදකයා Big Screen Entertainer හි Kumar Mangat Pathak නම් කෙනෙක්. මේ සිනමා පටයේ තිර රචනය “Mississippi Burning“නම් ඇමරිකානු සිනමා සිත්තමෙන් උපුටාගත් එකක් කියලා ඔවුන් සඳහන් කරනවා.මෙම චිත්‍රපටයට Imdb Ratings 7.0 ලැබී තිබෙන අතර Google පරිශීලකයන් මෙයට 86% කැමැත්තක් පල කරලා තියනවා නමුත් මේක මුදල් අතින් නම් එතරම් සාර්ථක උනේ නැහැ මොකද කියනවනම් මෙහි නිෂ්පාදන පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 40 ක් වෙන අතර ඒත් මේ චිත්‍රපට උපයන්න සමත් වෙලා තියෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 10 ක් පමණයි. ඉතින් මේකේ ප්‍රධාන චරිත දෙකට රඟපාන්නේ අපි කවුරුත් දන්න Ajay Devgan සහ Race, Dishoom, Section 375, Ittefaq, කියන ෆිල්ම් වල විශිෂ්ට රංගනයක යෙදුන Aakshayee Khanna කියන නළුවා. එතකොට මෙහි දුෂ්ටයාගේ චරිතය Paresh Rawal කියන කෙනාත් අනෙක් චරිත වලට Bipasha Baasu සහ Reema Sen යන දෙදෙනාත් රංගනයෙන් දායක වෙනවා.

දැන් අපි කතාව පැත්තට යමු…ඉතින් අපි පොඩි කාලේ අහලා තියන “පෙර අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන….” කාලයේ ඉඳන් ඉන්දියාවේ තියන කුල භේදය ගැනයි. ඉතින් ධිරේෂ්,ගෞතම් ,දිනූ කියන්නේ එකම කොලේජ් එකෙ ඉගෙනගන්න ළමයි තුන්දෙනෙක් දවසක් දිනූ එයාගේ පෙම්වතිය හම්බවෙන්න යාළුවෝ දෙන්නත් එක්ක ‘ජහන්ජර්’ කියන ප්‍රදේශයට යනවා.ඒ සිද්ධිය වෙලා මාස තුනක් ගත වෙලත් එයාලා ගැන කිසිම තොරතුරක් නැති නිසා මේ ගැන හොයන්න නියෝජිතයෝ වෙන අපේ යාළුවෝ දෙන්නාව ජහන්ජර් වලට යවනවා.

ඉතින් මෙයාලාට මේ තුන්දෙනාව හම්බවෙයිද…?
නැත්තන් මේ තුන්දෙනාවම කවුරුහරි මරලද….?
කවුද මේ දිනූගේ පෙම්වතිය….?
දිනූ මොකටද එයාව හම්බවෙන්න ගියේ…?
අපේ යාළුවෝ දෙන්නට මේ ගැන හොයද්දී
මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද…?

මේ හැම දේකටම පිලිතුරු ලැබෙයි මේ සිනමාපටය බලාගෙන යනකොට හැබැයි මේකේ අවසානය නම් ඔයාලා කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් තමා සිද්ධ වෙන්නේ….එහෙනම් සිනමාපටය රස විදින්න. මේ උපසිරසිය ගැන ඔබලාගේ අදහස් පහළින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙස ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

3,147 downloadsDownload Aakrosh-2010.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

3,147 downloadsDownload Subtitles66 KB

17 comments

  1. shadow_11448

    Thanks sub ekt.....
    the princess diaries film 2kta sub ek dannako kawruhri 2001,2004...anne hathaway inne eke sub 2ka thama dila nane kwruwath

    1. Anonymous

      mama try karalaa balannam

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

    1. Anonymous

      thanks

  3. indika75

    thanks..

    1. Anonymous

      welcome..

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Anonymous

      thanks bro

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!!

    1. Anonymous

      thanks...

  6. ranga

    sub ekata tnx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Tc

      Thanks bro

  8. Asela Hemantha

    Thnkzzz bro

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  10. jagath55

    Thanks

  11. Anonymous

    Thanks Brother