ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි වෙනදා මෙන් සුපුරුදු පරිදි අදත් වෙබ් අඩවියට ගොඩ උනත් අද නම් ආවේ වෙනදා වගේ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි සමඟින් නම් නොවෙයි.! නම දකිද්දිත් මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්නත් ඇති. මේ සූදානම පැහැදිලි කර දෙන්නටයි. මුලින්ම කියන්න ඕන මේ විශේෂාංගය බොහෝමයක් දුරට ද…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි වෙනදා මෙන් සුපුරුදු පරිදි අදත් වෙබ් අඩවියට ගොඩ උනත් අද නම් ආවේ වෙනදා වගේ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි සමඟින් නම් නොවෙයි.! නම දකිද්දිත් මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්නත් ඇති. මේ සූදානම පැහැදිලි කර දෙන්නටයි. මුලින්ම කියන්න ඕන මේ විශේෂාංගය බොහෝමයක් දුරට දමිළ සිනමා රසිකයින්ට වැදගත් වෙයි. දමිළ සිනමාපට නරඹන අය අතරින් ඒවාගෙ තිබෙන හාස්‍ය ජවනිකා පවා මඟ හරින්නේ නැතුව බලන අයට මේක විශේෂයක්ම වේවි.!
දමිළ සිනමාවේ සිනමාපටයක හාස්‍ය ජවනිකා ඇතුලත් කිරීම අතීතයේ සිටම අනිවාර්ය්‍ය අංගයක් වෙනවා. මා මෙතනදි ඉන්දියාවේ අනිකුත් සිනමාවන් ගැන සඳහන් කරන්නෙ නෑ මෙය හුදෙක්ම දමිළ සිනමාවටම අදාලවන කාරණාවක් නිසාවෙන්.! ඉතින් දමිළ සිනමා පටයක කතා නායකයා නොහොත් Hero ට අමතරව සහය නළුවන් අතර විකට නළුවන්ට හිමිවෙන්නෙත් විශේෂවු ස්ථානයක්.! ඒ එතරම්ම ඔවුන් චිත්‍රපටයේ කතාව කිසිදු අඩුපාඩුවකින් තොරව ගලාගෙන යාමට කරන්නාවූ අපරිමිත රංඟනය හේතුවෙන්.! ඇතැම් සිනමා පටයන්හි තිබෙනා හාස්‍ය ජවනිකා මින් පෙර ආ චිත්‍රපටයන් වල ඇති චරිතයන් අනුසාරයෙන්ද පවා නිපදවා තිබෙනවා ඒ තරම්ම දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හාස්‍ය ජවනිකා වලට විශාල ඉල්ලුමක් මෙන්ම රසික පිරිසක්ද නොඅඩුව සිටිනවා.
දමිළ සිනමාවේ විකට නළු වඩිවේලු ගැන අහල තියෙනවද.? අනිවාර්යෙන් අහලා ඇති.! දැකලා ඇති.! ඔහුගේ ඇතැම් විකට ජවනිකා නැවත නැවතත් මතක් කර කර හිනාවෙන්න පුලුවන්.! ඔබ එහෙම හිනාවෙලත් ඇති.අද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නෙ වඩිවේලුගෙ රංගන දිවියෙ ඉතාමත් වැදගත් චරිතයක් වෙන සහ ඔහුව වඩිවේලු කියන නමට අමතරව නේසමනි ලෙසද රසිකයන් හඳුන්වන්නට පෙළඹුන Contractor නේසමනි චරිතය පිළිබඳවයි. නේසමනි චරිතය අපට හමුවෙන්නෙ සුපිරි පෙලේ දමිළ නළුවන් දෙපලක් වෙන විජේ සහ සූර්යා එක්ව රඟපෑ ෆ්‍රෙන්ඩ්ස් චිත්‍රපටයෙනි. මෙහිදි වඩිවේලු කල රංඟනය කෙතරම් අගනේද කියතොත් මුලින් කීවාක් මෙන් ඔහුට නේසමනි යන නාමයෙන් රසිකයින් හඳුන්වන්නට පටන්ගත්තා.උදාහරණ ලෙසින් දමිළ නළු සුපර් ස්ටාර් රජිණි කාන්ත් විසින් රඟපෑ චිත්‍රපටයක් වන බාෂා චිත්‍රපටය තුල ඔහු රඟපෑ මානික් බාෂා චරිතය නිසා ඔහුව රසිකයින් බාෂා ලෙසින් අදුන්වන්නත් පුරුදු උනා ඒවගේම ඔහුගේම තවත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් වන පඩේයප්පා චිත්‍රපටයෙන් අනතුරුව ඔහුව රසිකයින් පඩේයප්පා යන නමින්ද හැඳින්නුවා. එලෙසින්ම වඩිවේලු හටත්වි ඔහු විසින් රඟපෑ නේසමනි චරිතය නිසා ඔහුගේ සිනමා දිවියෙ නව අනන්‍යතාවයක් මෙලෙසින් ගොඩ නැගුණා.

අවසාන වශයෙන් යමක් කියන්නම කැමතියි. වෙනදා වගේ දාන අද කමේන්ට් බලාපොරොත්තු වෙන්නෙ නෑ කමේන්ට් කරනව නම් මේක බලලම කමේන්ට් කරන්න, ඉදිරියටත් මෙවැනිම උපසිරැසි අවශ්‍යනම් ඒකත් සඳහන් කරලා කමේන්ට් කරන්න. විශේෂයෙන්ම මේ අළුත් වැඩේ ගැන ඔබගේ අදහස් උදහස් ගොඩක්ම වටිනවා. ඒ නිසා ඇත්තටම මේක බලලම කමේන්ට් එකක් දැම්මොත් ගොඩක්ම වටිනවා.මේ ලිපිය සහ උපසිරැසිය පල කිරිම සඳහා ඉඩ සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සංස්කාරකවරයෙකු වෙන හසන්ත වික්‍රමරත්ත අයියාට විශේෂ ස්තුතිය පිරිනමනවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
– මෙහි වීඩියෝ පටය බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ඔබට බාගත කිරීමට හැකි වන අතරම අවශ්‍ය නම් Youtube හි ද මෙම උපසිරැසි නාමය Search (සර්ච්) කල පසු ලැබෙන වීඩියෝ ලැයිස්තුවේ Ayngaran යූටියුබ් චැනලයේ ඇති විනාඩි 35.07 ක ධාවන කාලයකින් යුත් වීඩියෝ පටය බාගත කරගන්න.විනාඩි 35.07 වීඩීයෝ පටය සඳහා පමණක් මෙම උපසිරැසි සකසා ඇති බව කාරුණිකව සලකන්න.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ONLINE VIDEO පිටපත් සඳහා අදාළ වේ.
2,112 downloadsDownload Friends-Tamil-Movie-Scenes.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
28 comments
ඩොක් අයියා
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
අනිවාර්යෙන්ම අයියේ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) .. වෙනද film එකකටම සබ් දෙනවට වඩා වෙනස් විදිහෙ වැඩක් :) සුපිරි.. ඉදිරියෙදිත් මේ වගේ සබ් දෙන්න filmවලට අමතරව..
ජය වේවා.!M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බලලම කමන්ට් කරන්න සහෝ ඒක වටිනවා.
Achi
බොහොම ස්තුතියි සහෝ සබ් එකට...
ෆට්ට නලුවෙක්...දැන් ෆිල්ම් වල රගපාන්නෙත් නැ...බලන්නත් ආසයි..Naveen Mbr
බොහොම ස්තුතියි! අගය කලයුතු වැඩක්.
වැලලී ඉඳලා ආයේ එලියට ආව නේසමනි ගැන කතාවක් කියන්නම්.
පාකිස්තානයේ එක සිවිල් ඉන්ජිනේරින් ෆේස්බුක් පිටුවක පෝස්ට් එකක් දාලා තිබුණා "මේකට ඔයාලගෙ රටේ කොහොමද කියන්නෙ?" කියලා. ඒකට කෙනෙක් "මේකට අපේ රටේ කියන්නෙ සුතියල්(මිටිය) කියලා. මේකෙන් ගහලා තමයි කන්ට්‍රැක්ටර් නේසමනිගේ ඔළුව, බෑනා ක්‍රිෂ්ණමූර්ති පැළුවේ. අපි හැමෝම නේසමනීට සුවය පතමු. #Pray_for_nesamani." හෑෂ් ටැග් එකක් එක්ක කමෙන්ට් කලා. වැඩි වෙලාවක් යන්න කලින් #Pray_for_nesamani ටැග් එකට හැමෝම සුවය පතලා පෝස්ට් දාන්න ගත්තා වගේම ට්විට්ටර් එකේ පවා ට්‍රෙන්ඩ් වුණා. ඒ දවසෙම තමයි අග්‍රාමාත්‍ය මෝධි දෙවන වරට බලයට පත්වීම සමරන්නෙ. #Modi_Sarkar_2.0 කියන හෑෂ් ටැග් එකත් දෙවැනි තැනට දමලා Pray_for_nesamani ඉන්දියාවේ ට්‍රෙන්ඩින් 1 වුණා. ඉන්දියාව පුරාම ජනප්‍රිය නළු නිළියන්ගෙන්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන්, ව්‍යාපාරිකයින්ගෙන් වගේ බොහෝ තැන් වලින් නේසමනීට ඉක්මනින්ම සුව වෙන්න කියලා පෝස්ට් හදන රැල්ලක් ඇති වුණා. හැම ෆේස්බුක් පුටුවකින්ම වාගේ මෙමෙස් හැදෙන්න ගත්තා. ටීවී වැඩසටහන් වලින් මේක තවත් දුර අරගෙන ගියා. ඒ කාලේ විදිහට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිතුමා(දැන් අගමැතිතුමා) නේසමනී වෙනුවෙන් යාඥා කරන්න ඔළුවෙන් හිටගෙන ඉන්නවා කියලා ව්‍යායාම කරන ගමන් ගත්ත ෆොටෝ එකක් හදලා තිබුණා. ජයලලිතා මරණාසන්න අවස්ථාවේ ඇපලෝ හොස්පිටල් එකෙන් "එතුමිය ඉඩ්ලි දෙකක් කෑවා." කියලා වාර්තාවක් දුන්නා මාධ්‍යයට. නේසමනීටත් "නේසමනී වඩේ කෑවා." කියලා වාර්තාවක් හදලා තිබුණා. ක්‍රමයෙන් මේක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවල පවා විකාශය කෙරුණා. තීන්ත, මිටි, හෙල්මට් වෙළඳ ආයතන පවා මේක වෙළඳ ප්‍රචාරණයට අවස්ථාවක් කරගත්තා. මේක නිසා වැඩි වාසියක් හම්බවුණේ වඩිවේළුටයි. ඒ වෙනකොට වඩිවේළු රංගනයෙන් ඈත් වෙලා ඉතාම කටුක විදිහට ජීවත් වෙමින් හිටියේ. මේ මෙමේ රැල්ල එක්ක කාටත් අමතක වෙලා තිබුණ වඩිවේළු ගැන ආයෙත් රටම කතා කරන්න ගත්තා.මේක ෆ්‍රෙන්ඩ්ස් චිත්‍රපටියේ එන විහිළු කොටසක්. මලයාලම් අධ්‍යක්ෂ සිද්දික්‍යු මලයාලම් භාෂාවෙන් හදපු ෆ්‍රෙන්ඩ්ස් චිත්‍රපටිය තමයි ඒ නමින්ම ප්ස්සෙ දෙමළින් හැදුනේ. මේ තරම් හාස්‍යජනක චිත්‍රපටයක් වුණත් මේක රැල්ලක් වෙයි කියලා ඒ අය හිතුවෙ නැහැ. එක දර්ශනයකදී විජේට හිනාව නතර කරගන්න බැරි නිසා දර්ශනයෙන් අයින් කරන්න ඔහුව කාමරයකට යවනවා. සිද්දික්‍යු ආයෙත් මේ චිත්‍රපටයේ නළු නිළියන් යොදවලා අලුත් චිත්‍රපටියක් කරන්න මේ රැල්ලත් එක්ක අවධානය යොමු වුණා. #Pray_for_Nesamani හෑෂ් ටැග් එක සර්ච් කරලා බැලුවොත් ගොඩක් දඑඅසවත් දේවල් බලාගන්න පුළුවන්. මමත් මේ දේවල් ආසාවෙන් රස බැලුව නිසා මේ දේවල් කියන්න ඕනේ කියලා හිතුනා. ස්තූතියි!
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
ඔබගේ විස්තර ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි.! විය යුත්තේද මෙයයි. බයිස්කෝප් සිංහලෙන් රසිකයෙකුගේ ඇති වෙනසත් මෙයයි.!
Kasun Lakshan
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
වෙනසක් ආකාරයක උපසිරසකරණයක්.....
විඩියෝ එක බලලා, Comment එකක් දාන්නම්....M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
අනිවාර්යෙන්ම ඒක තමයි වෙන්න ඕන.
ඩොක් අයියා
ඔන්න ෆිල්ම් එකත් බැලුවා. වැඩේ කියන්නේ අන්තිමට හොඳම තැනදී කතාව ඉවරයි. බොහොම හොඳට උපරැසිය කරලා තියෙනවා, කතාවත් මරු. ඇත්තටම මේ ෆිල්ම් එක මොකක්ද? බැලුවා වගේ ලාවට මතකයක් තියෙනවා. හැබැයි මට බැලුවාද කියලා හරියටම මතකයක් නැහැ. කොහොම උනත් ආපහු බලන්න හිතුනා.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Friends එකේ විකට ජවනිකා ටික.
ඩොක් අයියා
ගොඩක් ස්තුති මල්ලියෝ, මම ඒක හොයාගෙන බැලුවා Friends (2001) ෆිල්ම් එක
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
තාරක නුවන් දිල්හාර
සුපිරි වැඩක්, වෙනස්ම වැඩක්,
විනාඩි තිස් පහක් පෙරලි පෙරලි හිනාවෙන්න ඇහැකි.
ආයේ සිංහලෙන් ජෝක් කරනවා වගේ ඇති සබ එක්ක බලද්දී..
ස්තුතියි අයියේ.
තව එකක් ගේමු..
ජය!M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
අනිවාර්යෙන්ම. බලමු ප්‍රතිචාර අනුව තව එකක් ගේන එක ගැන තීරණය කරමු.
Anonymous
supiri wadak....elaaaaaaaaaaaaaaaaaaaaaa
Kavinu
මේ ළඟකදි FB ගෲප් එහෙක වඩිවේලු ගැන ආටිකල් සීරීස් එකක් ගියා
ඒක කියවලා දවස් දෙකක් ගියේ නැහැ දැන් මේක!
නොබලා පුලුවන් යැ ඉතින්,
බොහොම ස්තූතියි තරිඳු අයියේ...
ජයම වේවා!Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
බයිස්කෝප් අඩවිය වරින්වර අමුතුම දේවල් කරනවා. පසුගිය අවුරුද්දේ බයිස්කෝප් දසවැනි සැමරුම අවස්ථාවේ hindi nonstop dj remix එකකට උපසිරැසි දුන්නා. මරේ මරු. මේ අවුරුද්දේ සැමරුමට මුකුත් අමුතු දෙයක් දුන්නේ නෑ. කොරෝනා ආවානේ. මං යෝජනා කරන්න කැමති බයිස්කෝප් අඩවියෙහි උපසිරැසි කරන හැමෝටම හැකිනම් මින් ඉදිරියට බොලිවුඩ් හා හොලිවුඩ් සම්මාන උළෙලයන් සඳහා උපසිරැසි නිර්මාණ කරන ලෙසට ඉල්ලීමක් කරන්න කැමති. එහි මුල් පියවරක් ලෙසින් 2020 වසරේ පැවැත්වූ ෆිල්ම් ෆෙයාර් උලෙළ හා 2020 වසරේ ඔස්කාර් උලෙළ යෝජනා කරන්න කැමතියි.isuru srinath sjs
වෙනස්ම විදියෙ දෙයක්.. උපසිරැසියට බොහොම ස්තුතියි අයියේ..!! ජය වේවා !!
indika75
niyamai thanks..
D.Chamara
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
සහෝ.....සුපිරිම වැඩක්......තවත් එකක් ගේන්නකෝ....
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
තව එකක් ඉක්මනින්ම දෙනවා
සොනාලි තාරිකා
අම්මෝ අයියේ පාන්දර 2ට විතර බැලුවෙ. හිනාව නවත්තගන්න බැරි වුණා. සබ් එකනම් හරිම ලස්සනට හදලා තිබුණා. නියමයි. සබ් එකට තෑන්ක්ස් !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Sandeepa
ThawA dannako digatama nawaththanne nathuwA
Advertisement
![Vadivelu AKA Contractor (Special Video) Sinhala Subtitles | වඩිවේලු නොහොත් නේසමනි..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Vadivelu-AKA-Contractor.jpg)
උපරැසිය නම් බාගත්තා, ඔයාගේ පැහැදිලි කිරීමත් කියෙව්වා. ඒකට අදාල ෆිල්ම් එකත් බලලාම ඉතුරු විස්තර ලියන්නම් මල්ලියෝ