කීවත් සවණ පිනවන රස මියුරු කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්) සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අ…

කීවත් සවණ පිනවන රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්)
සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අරගන ආවේ Ore Mukham (2016) කියන ෆිල්ම් එක. මේක අබිරහස්/අපරාධ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ෆිලුම අවසන් මොහොත වෙනකම්ම කුතුහලයෙන් එක දිගට බලාගන යන්න පුළුවන් ෆිලුමක් තමයි මේක. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajith Jagandnandan විසින්. සංගීතය Bijibal විසින්.තිර රචනය Deepu S. Nair සහ Sandeep Sadanandan විසින්. ප්‍රධාන චරිත විදියට Dhyan Sreenivasan, Prayaga Martin සහ Aju Varghese රංගනයෙන් දායක වෙලා තියනවා. ෆිලුමට IMDB අගය විදියට ලැබිලා තියෙන්නේ නම් 5.9/10 වගේ අගයක් තමයි. මට නම් හිතෙන්නේ මේකට ඊට වඩා වැඩි ගාණක් ලැබිය යුතුයි කියලයි.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. කතාව සම්බන්ධ වෙන්නේ වර්ෂ 1980 ගණන්වල ශාන්ත තෝමස් කොලේජ් එකේ සිදු වූ සිදුවීම් දාමයක් වටා. ඒ වගේම වර්තමානයටත් සම්බන්ධයි. සක්කරියා පෝතන්, දාසන්, දේවන්, අරවින්දන් සහ ප්‍රකාෂන් එකම කැම්පස් එකේ එකම බැජ් එකේ කොල්ලෝ සෙට් එකක්. පට්ටම කොල්ලෝ සෙට් එකක්. ආදර කතා කිහිපයකුත් ගලාගන යනවා ඔය අතරේ. දේවන් සහ ගයත්‍රී එකිනෙකාට ආදරේ කරනවා. ඒත් ගෙදරින් අකමැති වෙන නිසා සක්කරියා පෝතන් මේ දෙන්නව ගෙදරින් එක්ක ඇවිත් කසාද බන්දනවා. ඒත් අවාසනාවට ඒ දෙන්න එදාම මරලා දානවා. මේ මිනී මැරුම සක්කරියා පෝතන් කළා කියලා තමයි පොලිසිය කියන්නේ. සක්කරියා පෝතන් පැනගොස් සැගවුන කෙනෙක් විදියට තමයි පොලිසිය විසින් කියන්නේ. ඇත්තටම සක්කරියා පෝතන්ට මොකද වුණේ, දේවන් හා ගයත්‍රී මැරුවේ කවුද, ඇයි මැරුවේ, වගේ ප්‍රශ්ණ විසඳගන්න ඕන නම් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. ෆිලුමේ අවසානය දක්වාම කුතුහලයෙන් එක හුස්මට බලාගන යන්න ඇහැකි.
මිත්‍රත්වය කියන්නේ මේ ලෝකේ තියන ශ්‍රේෂ්ටම දෙයක්. අපි අතර කල්‍යාන මිත්‍රයන් සේම පාප මිත්‍රයන්ද ඉන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිතුරා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඔබට ඉන්නවා නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිතුරෙක් නම් ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්නත් පුළුවන්.
“මම මැරෙන මොහොතේ මගේ ඇස් දෙක වහනකොට, අවසාන වතාවට දකින මුණ ඔයාගෙම වෙන්න ඕන” මේක කියන්නේ සක්කරිය පෝතන්ට එයාගේ ආදරවන්තිය(භාමා). හිතට වැදුණු දෙබසක් බං. ඒකයි කියලා දැම්මේ.
තවත් උපසිරසියකින් හමුවෙමු. ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.cz – Ore Mukham (2016) Malayalam DVDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,885 downloadsDownload Ore-Mukham-2016.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
26 comments
Sisila Prasad
Kulanjana Maduranga
niayamai…malayalam films nm atharin na..thwa malayalam film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~mahesh babu
Thank's for sub bro.....
Jaya wewa!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Praneeth Randunu
බොහොම ස්තූතියි උපසිරැසියට
Chalana
thnx bro...
සුදේශ් මදුසංක
සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට කොමෙන්ටුවක් කොටන්න බැරි වුනා ඉතිං. ඒත් බැලුවට පස්සේ කොමෙන්ටුවක් දැම්මොත් හොඳයි කියලා හිතුනා. සුපිරි ෆිල්ම් එක සහෝ. ඔයා නියමෙටම සබත් දීලා තිබුණා. අප වෙනුවෙන් මේ කරන සේවය ඉතා අගය කරනවා. ඉදිරියටත් මෙවැනි සුපිරි නිර්මාණ අපට දායාද කරන මෙන් ඉල්ලා සිටිනවා.
බුදුසරණයිut
බොහොම ස්තූතියි
Viraj
thnx bro sub 1t...............dgtma kragena ymu.......good luck!!
tharindu
බොහොම ස්තුතියි උපසිරසියට
tharindu
බොහොම ස්තූතියි
තරිඳු රසාංග
සබට බොහොම ස්තුතියි සහෝ,
මඟ අරුණු ලස්සන මලයාලම් ෆිලුම් වල උපසිරැසි මේ විදියට ඉස්සරහටත් දෙමු,බයිස්කෝප් මලයාලම් රසිකත්වය වැඩි කරමු,ජය!shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දැන් මලයාලම් නැගලා යනවා නේහ්.. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Indrajith
thanks for the sub
Pavani
Thnkz sub valat.... kalekin beluva hoda kathavak anthima venakm mokakd une kiyl hithagana be........... gdk hoda kathavak.... sub valata thnkz malayalam kathanm atharinne bene
KwiZ
pttma fim ekk mcn meka nm..jayawewa..
Mahesh
bohoma sthuthi sub ekata
film ekath lassanai
jayawewa...!!!Thara
bohoma sthuthi machan...!
malith
Ela ela
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
sanduni1234
thnk u for the sub :)
Anonymous
Anonymous
Superb ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි උපසිරසියට.
ජය!!!