ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්…

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව..
මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නෙ 2001/07/13..IMDB මීටරය 6.7 කට කරකවන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනව. ඔබ මම කවුරුත් දන්න නළු නිළි දෙපලක් වන Keanu Reeves(නෙල්සන්) හා Charlize Theron(සාරා) මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය සපයනව.
හරි කතාවට යමුකො..නෙල්සන් කියන්නෙ තමාගේ රැකියාවටම කැපවුන තරුණයෙක්. එම නිසා ඔහුට ජීවිතයේ බොහෝ දේවල් අහිමි වෙනව. එතකොට සාරා කියන්නෙ නෙල්සන්ට වඩා හාත්පසින් වෙනස් චරිතයක්.. ඇය ජීවිතය දිහා ඉතා සැහැල්ලුවෙන් බලන්නෙ. මෙයාල දෙන්න දවසක් විභාග ශාලාවකදි හමුවෙනව. එහිදී නෙල්සන් කරන වැරැද්දක් නිසා සාරාව ඒකට මාට්ටු වෙනව. දවස් 30කට විභාගයත් ඇයට තහනම් වෙනව. පස්සෙ නෙල්සන්ට දුක හිතිල සාරාට මුදලක් දෙන්නෙ හදද්දි සාරා ඒක ප්‍රතිකේෂ්ප කරනව. ඒ වෙනුවට ඇය වෙනත් දෙයක් ඉල්ලනව.. සාරා මොකක්ද මේ ඉල්ලන දේ, ඒකට නෙල්සන්ගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද. සාරාගෙ මේ හැසිරීමට හේතුව මොකක්ද.. මේ ඔක්කොම දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනව.
මුල ඉදල අවසන් වෙනකන් පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ ආදර කථාව ඔයලත් එහෙනම් විඳගන්න.16+ අය බලනව නම් හොදයි ඉතින්. තව එකක් ඔයාගෙ වටින කාලෙන් තප්පර 20-30 ක් වැය කරල කමෙන්ට් එකක් කොටාගෙන යන්න. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,
” ඔයාගෙ ලඟ ඉන්න අයට ඔයාට පුලුවන් උපරිමයෙන් ආදරය කරන්න..
මොකද අපේ ජීවිතේ සදාකාලික ජීවිතයක් නොවන නිසා…”
කලින් පළකර තිබු ලිපිය
කවුරුහරි ඇහුවොත් ලෝකයේ ලස්සනම ප්‍රේම චිත්‍රපටි මොනවද කියලා, අමතක නොකර කියන්න ඕනෙ කතාවක් තමයි මේක. Keanu Reeves හා Charlize Theron ප්‍රධාන චරිත වලට පණ පොවන මේ චිත්‍රපටියේ එන මේ සිංදුව සෑහෙන්න ජනප්‍රිය වුනා. කතාව කෙටියෙන් මෙහෙමයි.
තමන් ගැන අධිමානයෙන් සිතන, යාන්ත්‍රික ජීවිතයක් ගතකරන කෙනෙක් තමයි Nelson කියන්නේ. රියැදුරු බලපත්‍රය අවලංගු වෙලා, නැවතත් ඔහුට රියැදුරු විභාගයට පෙනී සිටින්න වෙනවා. අපේ කතානායිකාවත් විභාගෙ ලියන්න ඔතනටම එනවා. දෙන්නා පොඩි කොප්පක් දාන්න ගිහින් Sarah ට විභාග ශාලාවෙන් එළියට යන්න වෙනවා. Sarah අමුතු කෙල්ලෙක්. වරදට සමාව ලෙස Nelson හොඳට බ්ලැක් මේල් කරනව. Nelsonගෙ හැසිරීම ගැන දැන ගන්න Sarah එක මාසයක් තමන් සමඟ ජීවත් වෙන්න එන්න කියනවා. මේ අමුතු හැසිරීම නිසා Sarah ව මග හරිනවා. එහෙත්…
වැඩපොලේ සිදුවන සිද්ධියක් නිසා Nelsonව රැකියාවෙන් පහ කරනවා. සියළුම දේ අහිමි වන Nelsonට ඉතුරු වෙන්නේ Sarahගේ ආරාධනය පමණයි. මින් පස්සේ කතාව අමුතු පැත්තකට හැරෙනවා. කතාව නම් ලස්සනේ බැරුවා. ප්‍රේමය කියන හැඟීම කොච්චර අනපේක්ෂිත විදියට ඇති වෙනවද කියන එක අපිට මේ කතාව බැලුවම හිතාගන්න පුලුවන්. A Walk To Remember බලපු අය නම් හිතයි, ඒ කතාව හැදුවේ, මේ කතාව බලලද කියල.
Due to copyright issues, we do not provide any torrent links.
Sweet November 2001 720p HDTV x264-GABE.Eng
Sweet November.DVDRip.en
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,925 downloadsDownload Sweet-November-2001.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
90 comments
චමි.දේ.වා.
chathurarcrc
අහ් ප්‍රේමය.... :P
බැවට පාඩු නැද්ද..??Uraj Deemantha
A Walk To Remember නම් බැලුවා වගේ මතකයි.... :) බාලා බලමු මේකත් ඒ වගේමද කියලා....!! :D
උදිත ඉසුරංග
ලස්සනයි ආදරය උතුරා යන කථාවක්
Suvin
kaalekin love story 1k ne?? maath kamathi! danma baanawa!
Suvin
"Surrogates" awith neda??? daanne naa???
ප්‍රභාත්
එල එල
marvelTracker
Banaawaa.... dan..
maneesh
A Walk To Remember
notebook
romeo+juliettama mama balapu hodama love stories...
dan mekath eakata ekatu wevi....
"Sweet November"Rotiya
balamu baala ;)
praneeth
hondai kiyana nisa math ba gannawa
අරුණ
අයියෝ මෙ කතාව වගේම සතියක් කොල්ලගෙ ගෙදර ගිහින් නැවතිල මුළු පවුලටම ආදරය ගැන කියල දෙන දෙමළ ෆිල්ම් එකක් බැලුව... නම සන්තෝෂ් සුභමනියම්.... ඒක නං පට්ට කතාව.....
රොයිලි
බාමි බාමි!
Chathu
ආදර කතා අතරින් හොදම ආදර කතාවක්..... :)
ගෝලයා
@චමි.දේ.වා., උදිත ඉසුරංග, ප්‍රභාත්, maneesh, Chathu : අනිවා අනිවා...
@chathurarcrc : ජන්ජාලෙ හැමදෙයක්ම ලාභ. බාපන්... :)
@Uraj Deemantha : ඒ වගේ කතා තේමාවක් තමා තියෙන්නේ. බලන්නකෝ.
@Suvin : ඔව් ඔව්.. බාන්න බාන්න. Surrogates ගැන හොයල බලමු.
@marvelTracker, Rotiya, praneeth, රොයිලි : ලස්සන කතාවක්. බලන්නකෝ.
@අරුණ : ඒක හදල තියෙන්නේ මේක බලලා. ;)
Prashan Fernando
විහිලු නම් කරන්න එපා! A Walk To Remember තරම් වෙන මොකුත් නැහැ හරිද! බාන්න දැම්මා.....බලමුකෝ.වැඩක් නැත්නම් එහෙම සීනිගම දේවාලෙට ගොහින් මිරිස් අඹරනවා අඹරනවාමයි.
chathurarcrc
අම්මො මෙන්න බෙන්තර ගඟෙන් එහ පැත්තේ පොරක් ඇවිල්ලා... :D
lankan girl
මේක ලස්සන කතාවක්නේ ;-)
"ආදරණීය නොවැම්බරය" කියලා නම දැම්මොත් මොකද..හික් හික්..
ස්තුති film එකට...
Uraj Deemantha
ලබන මාසේ (නොවැම්බර්) දෙන්න ඕනා ෆිල්ම් එකක්, ඔක්තෝම්බර් මාසේ දාලා වගේ.....!! :P
nilanthaherath
ela ela. baala baluwata paadu neha
Thusitha
Dounlode foe this film
දිල්
මේවගේ හොඳ ආදර කතා වැඩිපුර දාන්නං
චාමින් රංග
නියමයි ඇත්තටම මට හරි දුකක් දැනුනා. ඔබට ගොඩාක් පිං.
Roshan
matath duka hitheida danne na aulak na bagannawa..............
Ramraj
mekath anik love story ekkama balanna dagamu. love story epa wenakan balanawa me paranam.
Akalanka Yapa
පට්ටම ෆිල්ම් එකක්
මම කීනු රීව්ස්ට ගොඩක් ආසයිJanaka
මචං torrent file 1ක එවන්න පුලුවන්ද?
[email protected]
ජයවේවා බයිස්කෝප්.lk වලට.Dilshan
Tnx...
Thara
meke Sinhala sub nadda? ane tiyenawanam dennako
b
good
Thakshila
The torrent is not available??? Seems the destination site has removed it. Can you help me in getting the right torrent with right subs?
sameera
ela bro
Lakshan
ela ela Bro!
supun
meke sub 1 nane bro........
IsH
Pls meke sub denna
එල්.සී. දමැල්
පළමු උපසිරසට සුභපැතුම්...
තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු නේද?Ishan
Blmu Bro.. Stiven Spielberg+Tom Cruise Film ekakata sub denna podi balaporoththuwak thiyenawa.. Thanx cmnt ekata.
ඉෂාන් මදුෂ
පළවේනි උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
දිගටම සබ් දෙන්න.ජය වේවා!Ishan
Thanx
Haritha Dayanga
සබට ස්තූතී
blrip එකට සබ් match වෙනවදIshan
sub eka poddak kmplayer nam [ ], Pot Player nam adjust karaganna wei bro.. eka paarak hada gattaama hari.
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.Ishan
Thanx..
දිල්ශාන් සචින්ත
අපේ ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා සහෝ
ඉස්සරහටම යමු. මේක මම බලලා තියනවා ලස්සන කතාවක්. එනිවේ තැන්කූ සබට.Ishan
Thanx
Himashi
මේ කොපියට සබ් ගැලපෙයිද?
Sweet November 2001 720p WEBRipSajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ishan
Thanx
අසිත
Elama saho thanks
aniwa ballak thma
sab denakam hitiyeIshan
Thanx saho..
madu
ela,jaya
Ishan
Thanx
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
දිගටම උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං..!
~~බුදුසරණයි..ජය වේවා~~Ishan
THanx
Himashi
මේ කොපියට සබ් ගැලපෙයිද?
Sweet November 2001 720p WEBRipIsH
km player nam [ ] or pot player nam keys walin hadaganna. eka second ekaka wenasak thiyenwa. eka paarak hadaa gattama hari.. Thanx cmnt ekata.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Ishan
Thanx
Dhanushka N Perera
Patta kathawa. Man kalin baluwath aith balanda asai. ela ela. me wage stories thawath denda issarahata (Y)
Ishan
Thanx
Chalana
thnx bro meka loku aduwak wela thibba ekak
Ishan
Thanx... :)
Kalum Gunasekara
16+ බලන්න කියලා ලිව්වම ඊට පහල උන් අනිවා ඕක බානවා. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Ishan
Thanx machn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බැලුවා....බැලුවා මේක.... ලස්සනේ බැරුවා.....ආදර කතාවලට කැමතිනම් අනිවා මේකත් බලන්න.....