ගුසීන් කියන්නේ රුසියානු ගුවන් හමුදාවේ සේවය කරන ගුවන් නියමුවෙක්. බොහොම එඩිතර නිලධාරියෙක් වගේම, කිසිම බලපෑමකට යටත් නොවී එඩිතර තීරණ ගැනීමට දෙවරක් නොසිතන ආකාරයේ නිලධාරියෙක්. මේ නිසාම යම් කිසි නියෝගයකට අවනත නොවී ක්‍රියාකිරීම නිසා මොහුව හමුදා සේවයෙන් පහකරනු ලබනවා. නමුත්, තම පියාගේ අඳුරුම් මාර්ගයකින් වෙනත…

ගුසීන් කියන්නේ රුසියානු ගුවන් හමුදාවේ සේවය කරන ගුවන් නියමුවෙක්. බොහොම එඩිතර නිලධාරියෙක් වගේම, කිසිම බලපෑමකට යටත් නොවී එඩිතර තීරණ ගැනීමට දෙවරක් නොසිතන ආකාරයේ නිලධාරියෙක්. මේ නිසාම යම් කිසි නියෝගයකට අවනත නොවී ක්‍රියාකිරීම නිසා මොහුව හමුදා සේවයෙන් පහකරනු ලබනවා. නමුත්, තම පියාගේ අඳුරුම් මාර්ගයකින් වෙනත් ගුවන් සේවා ආයතනයක ගුවන් නියමුවරයෙක් ලෙස රැකියාව ලබාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වෙනවා. නමුත්, ඉහල නිලධාරීන්ගේ දරදඬු තීරණ නිසා රැකියාව නොලැබී යාදෝ යැයි සැකයක් ඇති වුනත්, වාසනාවකටදෝ අවාසනාවකටදෝ අවසානයේ සහයක ගුවන් නියමුවෙක් ලෙස ඔහුට එම ආයතනයේ රැකියාව ලැබෙනවා. බොහොම පළපුරුදු, දරදඬු ගුවන් නියමුවෙකුගේ සහයකයා ලෙස සේවය කිරීමට පත්වන ඔහුට, එම නිලධාරියා සමග එකට වැඩ කිරීම සිතූ තරම් නම් ලෙහෙසි පහසු වන්නේ නැහැ.
ගුවනින් මගීන් එහා මෙහා ගෙනයෑමට අමතරව තවත් විශේෂ රාජකාරී කටයුතු වලට මෙම ගුවන් සමාගම විසින් සහය ලබා දුන්නා. එවැනි රාජකාරියක් සඳහා ගුසීන් සහ ඔහුගේ ගුවන් යානය එක්තරා දූපතක් වෙත පිටත්කර හරිනවා. ගිනිකඳු සක්‍රීය වීම නිසා විනාශ වෙමින් පවතින කුඩා දූපතක සිරවී සිටින්නා වූ මිනිසුන් පිරිසක් ගුවනින් රැගෙන ඒම තමයි ඔවුන් සතු රාජකාරිය වුනේ. නමුත්, බොහොම දරුණු ලෙස ගිනිකඳු සක්‍රිය වෙමින් පවතින්නා වූ මෙම දූපතේ වර්තමාන සැබෑ තත්වය පිළිබඳව මොවුන් දැන සිටියා නම්, තම ගුවන් යානය මෙම දූපතට ගොඩබැස්සවීමට පෙරාතුව සිය දහස් වාරයක් ඔවුන් කල්පනා කරනු ලබනු නියතයි. නමුත්, ඔවුන් පමා වූවා වැඩියි. ජීවිතය බේරාගැනීමට නම් කල යුතුව තිබුනේ පැන යෑම පමණයි. නමුත්, කොහෙට කියලා පැනගන්නද?
මේ එහෙනම් අරගෙන ආවේ රුසියානු චිත්‍රපටියක්. දන්න අය හොඳටම දන්නවා ඇති රුසියානු චිත්‍රපටි ගුණාත්මක අතින් මොන තරම් ඉදිරියෙන්ද ඉන්නේ කියලා. මේ චිත්‍රපටිය රුසියානු චිත්‍රපට ඉතිහාසයේ නිෂ්පාදනය කරන ලද දැවැන්තම චිත්‍රපටයක් කියලා බය නැතුව කියන්න පුළුවන්. Action, Adventure, Drama යන කාණ්ඩ ඔස්සේ, ඇමරිකානු ඩොලර් මිලියන නවයක බරපැනක් දරමින්, ඇමරිකානු ඩොලර් මිලියන විසි හතක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත්කම් දක්වන ලද මෙම සිනමා සිත්තම, IMDB දර්ශකය තුල 7.0 ක ඉහල අගයක් වාර්තා කිරීමට සමත්කම් දැක්වුවා.
එහෙනම්, අරගෙන බලන්න. මුලින් මුලින් බොහොම නිස්කලංකව ගලාගෙන යන කතාව, ටික වෙලාවක් යද්දී උච්චතම ස්ථානයට ලංවෙනවා. එතන ඉඳන් ඇහිපිය ගහන්නේ නැතුව අවසානය වෙනකම්ම හුස්ම ගන්න එක අමතක කරවන තරමටම රසවත් චිත්‍රපටයක් කියලා වගකීමෙන් කියනවා.
හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Flight Crew 2016 BluRay 720p 1GB x264 Ganool
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,612 downloadsDownload Flight-Crew-2016.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
44 comments
C. R. ජයලත්
hasith
supiriyak wage tnx sahoo
prabodha
Russian movie balanna lebenawa adui. Thank u bro sub ekata...
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Ishanka
Thanks bro
අසිත
ආයේ මොන කතාද
සම්පුර්නෙන් එකඟයි
රුසියන් ෆිල්ම් පට්ට
ඒත් මග හැරෙනවා වැඩියි
මේ ෆිල්ම් එක බාල ගොඩක් කල් තිබ්බා නොබලා
ගොඩක් පින් සහෝ
පිළිවන් නම් මෑතකදී ගොඩක් කතා බහට ලක් උන The Invisible Guest (2016) ෆිලුමටත් සබ දෙන්නTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Ruwan Kasun Madhuranga
Thank you sub akata...
jayen jayama wewa...kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජජයවේවා!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත්
ස්තුතියි උපසිරැසියට යුශාන් සහෝ.
ජයෙන් ජයUdara Damith B/K
..............බොහොම ස්තූතියි ............
Udaya Fernando
බොහොම ස්තූතියි සහෝදරයා.
kanthaDLA
Negative (2017)
kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hirantha
Thank u bro sub ekata…
Thisal Lakpura
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sumed
thanks bro sub ekata.good luck
Mahesh
Sub ekata thanx
Sanjaya
menna balanawa film....patta saho....
gaththa nethi hemoma aran balanna...best
Buddi
Thanks.............
Pasindu munasingha
Sinhala sub eka download karanna ba brother
janitha
Thank you
dilan lakmal
Ela macho.thanks sub ekata.jaya wewa.
Hashiru
download karanna link ekak dennako
Dulanga
Thanks
oshanda
බොහෝම ස්තූතීයි ප්‍රණීත් අපි වෙනුවෙන් කාලය වැය කරනවාට. සබ අරත්තා ස්තූතීයි ජයවේවා
Praveen Peashitha Nirwan
ටයිටැනික් වලට පස්සෙ වියාසන ස්යිට් එකෙන් බැලුව සුපිරිම ෆිල්ම් එක ... කියන්න වචන නෑ ... 24ත් සෙන්චරි , යුනිවර්සල්,කොලෝම්බියා වැනි ජනප්‍රිය කිසිම ප්‍රඩක්ශන් කම්පැනි එකක් සම්බන්ද නෝවී මෙවැනී අති සුපිරි ගනයේ නිර්මානයක් රුසියාවෙන් නිශ්පාදනය කිරීම සිරාවටම අපූරුයි..නොබැලුව අය බලන්න.. බැලුව අය සින්හල සබ් එක්ක බල්න්න.. මට විශ්වාසයි අන්තිම මොහොතේ උබ පැය දෙකහමාරක රශියන් මෝවී එකක් බැලුවා කියලා හිතෙන්නෙ නැති වෙයි.. මොකද උබ මේ ෆිල්ම් එකේම ජීවත් වෙයි..
යුශාන් පියුමාල්
අනිවාර්යෙන්ම අනිවා නැරඹීය යුතු පිලුමක් මේක
Prasad Kandamulla
සබ් ඒකට .. ගොඩාක් 'ස්තුතියි'' සහෝ....
Sasith
Super මචන්...නියම film එකක් මචන්.dawonlod කරලා අද තමයි බලන්න set වුනෙ.තාම film එකෙ ඉන්නෙ.මචන් මම තාම flight ඉන්නෙ......මට නමි තාම බහින්න හිතුනෙ නැ මචන්.....
චාමර
Thanx lot bro....keep it up
ashan lankanath
Thanks ...........good luck brother .....................
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!nimal dissanayake
ඔයා හරි යුශාන්.
ෆිල්ම් එක බලද්දී හුස්ම ගත්තාද මන්දා.
නියමයි, රහයි, හැඩයි!
සබ්ස් ටිකත්.
තෑන්ක්ස්!Chamila prasad
Thanks for the subtitles
Akashpc
Tnxa
SatM
sub eka download karanna bane
Susil Fernadez
Sub eka ganna bane,error ekak enawa
prasad jayawardena
kisidu labayakin thorawa labadena sub ekata godak sthuthi
prasad jayawardena
sub ekata godak sthuthi
Advertisement

නියමයි යුෂාන් අයියා ජය වේවා!!!!