ඉතින් ආයු බෝ වන් බයිස්කෝප්වාසීනි. ඔන්න තවත් හොල්මන් ෆිලුමක් අරගෙනයි මම ආවේ. මේක කරන එක නං හුගක් අමාරු උණා. ගොඩක් කාර්යබහුල කාලයක් උදාවෙලා තියෙන නිසා. මොකද මම ඒ ලෙවල් කරන අතරේ මම පරිගණක පාඨමාලාවක් හදෑරුවා. ඉතිං ඒ පාඨමාලාව නිසා මට අවස්ථාවක් ලැබුණා නිසා මට රජයේ කාර්යාලයක මාස හයක් වැඩ කරලා වෘත්තීය සුදු…

ඉතින් ආයු බෝ වන් බයිස්කෝප්වාසීනි. ඔන්න තවත් හොල්මන් ෆිලුමක් අරගෙනයි මම ආවේ. මේක කරන එක නං හුගක් අමාරු උණා. ගොඩක් කාර්යබහුල කාලයක් උදාවෙලා තියෙන නිසා. මොකද මම ඒ ලෙවල් කරන අතරේ මම පරිගණක පාඨමාලාවක් හදෑරුවා. ඉතිං ඒ පාඨමාලාව නිසා මට අවස්ථාවක් ලැබුණා නිසා මට රජයේ කාර්යාලයක මාස හයක් වැඩ කරලා වෘත්තීය සුදුසුකමක් හදාගන්න. දැන් සතියය් වැඩ බාර අරගෙන 😀 . ඉතිං පරිගණක අංශයේ ඉන්න නිසා තරමක් කාර්‍යබහුලයි. මේ අතරෙදි තමා මට මුහුණු පොතෙන් දුලක්ෂි ගිම්හානි අක්කව හම්බ උණේ. එයා එයාගේ රාජකාරී වැඩ අස්සෙ මට ගොඩක් උදව් කලා මේ වැඩේට. ඇත්තටම කිව්වොත් අන්තිම හරිය කරද්දි එයාට අසනීපත් වෙලා හිටියේ. ඒත් එයා මා එක්ක වැඩේ ඇදගෙන ගියා. ඒ නිසා මම එයාට විශේෂයෙන්ම කාටත් කලින් ස්තූති කරන්න ඕන. දැන් අපි හොදම යාළුවො වෙලා. එයා ඇත්තටම මේ වැඩේදි මටත් වඩා දක්ෂයි 😀 . එයත් දවසක උපසිරැසිකාරිණියක් විදිහට අපි එක්ක එකතුවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. ඉන්පස්සෙ කියන්න ඕන මගෙ රැකියා ස්ථානයේ අයත් මාව හුගක් දිරිගැන්නුවා… ඒක නිසයි මට උනන්දුව වැඩි උණේ.. ඒ ගැනත් කියපු නිසා අපි කථාව දිහාට දැන් හැරෙමු.
මෙම Ouija කථා මාලාවේ පලමුවැනි කථාව ඔයාලට මතක ඇති. මතකද කථා නායිකා ලේන් ව. ඒකෙ හිටපු ඩෙබීවත් මතක ඇති නෙ. ඩෙබී තමා ලේන් ගෙ හොදම යෙහෙළිය. මේ දෙන්නා පුංචි කාලෙ ඉදන් Ouija පුවරුවකින් සෙල්ලම් කලා. ඒත් අන්තිමේදී දවසක් ඩෙබී තනියම සෙල්ලං කරපු දවසක Ouija පුවරුවේ අදුරු බලවේගයක් නිසා එයා මිය යනවා. ලෙයින් වටා ඉන්න අනෙක් යහළු යෙහෙලි පිරිසත් මේ සිදුවීමෙන් පස්සෙ මේ සෙල්ලම කරපු නිසා මිය යනවා. මේ ඔක්කොම සිදුවීම් සිද්ධ උණේ එක අමනුෂ්‍ය බලපෑමකින්. කට්ටිය මෙි සෙල්ලම කරන අතරේ මතකද කට මහපු ගෑනු ලමයෙක්ව ලෙයින්ට පේනවා. ඒ තමා අමනුෂ්‍ය බලපෑමට ලක්වෙලා හිටියේ ඩොරිස් සැන්ඩර්. එයා තමා පොලීනා සැන්ඩර් ගේ නංගි. නමුත් සෙල්ලම කරන අය හිතන්නේ එයාලට කරදර කරන්න හදන්නෙ මේ ඩොරිස් සැන්ඩර් ගේ අම්මා කියල. ඒත් ඇත්තටම වෙන්නේ එයා මෙයාලව බේරගන්න උත්සාහ කරපු එකයි. පලමුවෙනි කථාවෙ හැටියට පොලීනා සැන්ඩර් වයසට ගිහින් ඉන්නේ. ලෙයින් මෙයාගේ උදව් ඉල්ලන්න ගියාම එයා ඒක ප්‍රතිකෙෂ්ප කරනවා. ඒකට හේතුව එයාගෙ නංගි මේ දේවල් වල පැටලිලා හිටපු එක. ඒත් මේ කථාවේ තියෙන්නේ ඩොරිස් සැන්ඩර් කොහොමද අමනුෂ්‍ය බලපෑමකට ලක් උණේ කියලා.
ඩොරිස් සැන්ඩර් කියන්නේ වයස අවුරුදු නවයක දැරිවියක්. මෙයාට හිටියේ අම්මයි අක්කයි විතරයි. මේ තුන්දෙනා ගෙදරදි මැරුණ අයත් එක්ක කථා කරන්න පුළුවන් කියල පුංචි රගපෑමක් දාලා සල්ලි හම්බ කලා. නමුත් ඉන් කාටවත් හානියක් උණේ නැහැ. මොකද ඩොරිස් ගෙ අම්මා ඇලිස් සැන්ඩර් හොද ගෑණු කෙනෙක්. මෙයාගෙ සැමියා බීමත් රියදුරෙක් නිසා මිය ගිහින්. කොහොමහරි ණය බරත් එක්කම ඊට පිළියම් හොයන්නයි එයා මේක ජීවන වෘතිය කරගන්නේ. අන්තිමේදි ගේ දාල යන්න වෙන තරමට ණය බර වැඩිවෙනවා. ඔහොම ඉන්ඩැද්දි තමා පොලීනා ගේ වැඩ නිසා ඇලිස් මේ Ouija බෝඩ් එක ගෙදරට ගෙනත් මෙයාලගෙ වැඩේට උදව්වට ගත්තේ. මේකෙන් ගෙදර සෙලලම් කරද්දි ටිකෙන් ටික සෙල්ලම ලෙල්ලම වෙලා ගියා.
ඔන්න දැන් මම කථාව කියන එක නැවැත්තුවා. ඉතිරි කොටස කථාව බලල රසවිදින්න. මම නං කියන්නේ. ආයිමත් කස්ටියටම පලවෙනි කථාවත් බලන්න ආස හිතෙයි. මොකද මේ කථාව Ouija කථා මාලාවේ දෙවනි කථාව උණත් ඒ කථාවෙ උප්පත්ති කථාව නිසා. එහෙනං මම ගිහින් එන්නම්. සියල්ලන්ටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Ouija.Origin.of.Evil.2016.720p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
18,315 downloadsDownload Ouija-Origin-Of-Evil-2016-Bluray.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
28 comments
Obama_SL
Sanjith D
maru maru --- onna ehenan balanna pataaan gaththa. sub ekata thaankz bolau
Dulakshi
Thanx mage malli..
Udara Damith B/K
එල
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!Nishan
Subtitle තියෙන zip file කරන්න බැහැ නේ. Error එකක් එනවා.
Snake Raj
උපසිරැසියට ස්තූතී සහෝ.
මේ වගේ ලස්සන සබ් තව දෙමු. :)
ජය වේවා!Sajith Anthony
මේක දානකල් හිටියෙ දෙයියනෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
madusara
එල කොල්ලො....
ජය වේවා....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinush
bro bd rip eka awith thiyenne.. update karannako...
chamalkalum
bluray one...... thanks
අනෝජ්
BRrip update කරන්න බ්රෝ...
Nipun Jayasundara
thanx brooo
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sisila Prasad
බොහොම ස්තුතියි
Sanath Perera
thanks for sub bro...
Cj
තැන්කුයි වේවා
Dushan505
bro samahara than waladi sub eka kalin yanawane...eka { } keys walin hadagaththath aai wenas wela kalin yanawane..ai ee....man gaththe (Ouija.Origin.Of.Evil.2016.720p.BluRay.x264-[YTS.AG]) ...mekata match wenne nadda subtitle eka
Sathya Bandara
Thank you sooooo much...
suranuwan
thanks..
Dewadithya
Thanks for sub!
ANNONYMOUS
ouija warehouse ekatat sub eka hadala oona sahooo
Nishan S. Ariyarathna
thanks
Himanshi
netflix බලනවට වඩා මෙහෙම බලන එක හොදයි..මේ subtitle වලට ගොඩක් thankz...ලොකු මහන්සියක්නේ...keep it up guys...
Anonymous
link eka wada na ne bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......