කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම අරගෙන ආවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන් මග බලාගෙන හිටිය සළරුවක්. ඒ තමා PACIFIC RIM චිත්‍රපටමාලාවේ දෙවැන්න. ඒ වගේම මෙම චිත්‍රපටය තමයි මගේ උපසිරසි ජිවිතයේ 300වැනි උපසිරැසිය සනාථ කරන්නෙ. මුලින්ම මේ සිනමාපටය මට ලබා දීපු හසන්ත අයියට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන.එහෙමනම් වෙනදා…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම අරගෙන ආවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන් මග බලාගෙන හිටිය සළරුවක්. ඒ තමා PACIFIC RIM චිත්‍රපටමාලාවේ දෙවැන්න. ඒ වගේම මෙම චිත්‍රපටය තමයි මගේ උපසිරසි ජිවිතයේ 300වැනි උපසිරැසිය සනාථ කරන්නෙ. මුලින්ම මේ සිනමාපටය මට ලබා දීපු හසන්ත අයියට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන.එහෙමනම් වෙනදා වගේම මගේ උපසිරැසිකරණයේ කඩයිම් ගෙවී ගිය ආකාරය මතක් කරලම මම අනිත් අටුවාටීකා පටන්ගන්නම්කො.
- 01 වන උපසිරැසිය 2015.04.19
- 50 වන උපසිරැසිය 2015.10.23
- 100 වන උපසිරැසිය 2016.03.10
- 150 වන උපසිරැසිය 2016.09.13
- 200 වන උපසිරැසිය 2017.02.23
- 250 වන උපසිරැසිය 2017.09.11
මෙන්න මේ විදිහට තමයි මගේ උපසිරසි දින වකවානු ගෙවිලා ගියේ. ඉතින් හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නෙ හිතේ තිබ්බ පුංචි ආසාවක් ඉෂ්ට කරගන්න කියලා එදා පටන්ගත්තු මේ ගමන අද මම හිතුවටත් වඩා දුරකට ඇවිත් තියෙනවා. එදා වෙද්දී ආසාවට පටන්ගත්තු මේ වැඩේ අද වෙද්දීත් කෙරෙන්නෙ ඒක දැන් පුරුද්දක් වෙලා තියෙන නිසා.
ඒ වගේම එදා ඉදලා අද වෙනකම් බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා හිටිය ගමනෙදි සහෝදර උපසිරසිකරුවන් බොහොමයක් හදුනාගන්න හැකියාව ලැබුනා. ඇත්තම කිව්වොත් බයිස්කෝප් අපි ඉන්නෙ එක පවුලක් වගේ තමයි. ඉතින් මේ වෙලාවේදී ඇඩ්මින්ලා සියලුම දෙනාවත් අනිත් සහෝදර සහෝදරියන්ව සාදරයෙන් මතක් කරනවා. මම කාගේවත් නම් වශයෙන් කියන්න යන්නෙ නෑ, මොකද නම් වශයෙන් කියන්න ගියොත් මේ ලිපිය තවත් විශාල ලෙස දිගු වෙන්න පුළුවන් වගේම කාවහරි අමතක වීමක් වුනොත් හිත් අමනාපකමක් ඇතිවෙන්න ඉඩකඩ තියෙන නිසා.ඒ වගේම තවත් ස්තුති කරන්න ඕන පිරිසක් ඉන්නවා. ඒ තමයි අපේ අඩවියට නිරන්තර ගොඩවෙලා උපසිරසි බාගත කරගෙන යන උදවිය. ඒ අයගෙනුත් තමන්ගේ වටිනා කාලයෙන් විනාඩියක් දෙකක් වැය කරලා අපිට ස්තුතියි කියලා යන අතළොස්ස විශේෂයි. ඒ අයගේ අදහස් නොවෙන්න මේ ගමන මෙතරම් දීර්ඝ නොවෙන්න තිබ්බා.
ඒ වගේම මේක මං අවස්ථාවක් කරගන්න කැමතියි ඇතැමුන්ට දෙයක් කියන්නත්. ඇතැම් පිරිසක් ඉන්නවා කවදාවත් උපසිරසියක් බාගත කරද්දී ස්තුතියි කියන අකුරු හතරවත් ටයිප් නොකර යන පිරිසක්. හැබැයි යම්කිසි හේතුවක් නිසාවෙන් අපේ යම් ප්‍රමාද වීමක් වුනොත් එහෙම අන්න එතකොටනම් ඒ කරළියට එනවා. වෙනදටනම් අදහසක් දක්වන්න වෙලාවක් නැති උනත් ඒ අයට ආන්න ඒ වෙලාවටනම් හොදහැටි වෙලාව වගේම කියන්න වචනත් ඕන තරම් තියෙනවා. එහෙම වෙලාවට අපිටම හිතෙනවා අනේ අපි මේ කාලය වැය කරගෙන මේ වගේ දෙයක් කරන්නෙ මේ වගේ මිනිස්සු වෙනුවෙන් නේද කියලා? ඒ වගේ අවස්ථාවන් උද්ගත වෙලා කළකිරුණු වාර අනන්තයි. හැබැයි අන්න එහෙම වෙලාවල්වලදී අපේ හිතට සහනයක් එක් කරන්නට සමත් උනේ අර ඉහත සදහන් කළ සුළුතරය. ඒ අයගේ සහයෝගය නොතිබෙන්න අද මම මෙහෙම ලිපියක් නොලියන්න තිබ්බා. ඉතින් මට හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ තම ආත්මාර්ථය ගැනම නොසිතා තමන්ට හැකි අයුරින් අපේ සහෝදර උපසිරසිකරුවන්ට සහය දක්වන්න කියලා. මොකද කියනවනම් මේක අපි කවුරුත් මුදල් ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් යුතුව කරන්නක් නෙවෙයි. ඔබ අපට ලබා දෙන සහයෝගය ඔබ ස්තුතියි කියා දක්වන අදහස තමයි අපිව දිරිමත් කරන්නෙ. දැන් සමහරු කියයිද දන්නෙත් නෑ මම ලිපියෙන් බැන්නා ඒ අයට බැන්නා කියලා. යම් අයුරකින් එහෙම කාගෙහරි හිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන.

එහෙමනම් දැන් අපි සිනමාපටය ගැන විමසා බැලීමක් කරලා බලමු. PACIFIC RIM ප්‍රථම චිත්‍රපටය නිකුත් වුනේ 2013 වසරේ. ඉන්පසුව මෙහි දෙවැන්න PACIFIC RIM UPRISING ලෙස වසර පහකට පසුව 2018 වර්ෂයේ මාර්තු 21වන දින තිරගත කෙරෙන්නට යෙදුනා. මෙවර සිනමාපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදුව තිබෙන්නේ Steven S. Deknight නම් අධ්‍යක්ෂවරයා අතින්. ප්‍රථම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ Guillermo del Toro මෙවර මෙහි නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධව සිටීම විශේෂත්වයක්. මේ වන විට IMDB දර්ශකයේ 6.0ක අගයක් ලබා ගන්නට සමත්ව ඇති මෙම සිනමාපටය උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් 281,726,740 ලෙස දැක්වෙනවා. මෙවර ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වන්නෙ John Boyega ජේක් පෙන්ටකොස්ට් ලෙස ප්‍රධාන චරිතයට පණ පොවද්දී සෙසු චරිත සදහා Jing Tian (ලිවෑන් ෂාඕ), Scott Eastwood (ලැම්බර්ට්), Rinko Kikuchi (මාකෝ මෝරි), Charlie Day (නිව්ටන් ගයිස්ලර්), Burn Gorman (ගොට්ලිබ්) ලෙසත් සිය රංගන දායකත්වය සපයනවා.
කට්ටියට මතක ඇති නේද PACIFIC RIM පළමුවන චිත්‍රපටයට පාදක උනේ පැසිෆික් සාගරය මධ්‍යයේ පැවති දොරටුවකින් පැමිණෙන කයිජු නම් වූ යෝධ රාක්ෂයන් පිරිසක් බව. පෘථිවිය ඔවුන් හා සටන් වැදුනා, නමුත් ඔවුන් එන්න එන්නම පරිනාමනය වෙමින් බලවත් වීමත් සමග පෘථිවියෙ සියලුම බලවත් රාජ්‍යයන් තීරණය කළා එකට එකතුව ඔවුන් හා සටන් වැදීමට යෝධ රොබෝවරුන් නිර්මාණය කිරීමට. ඒ අනුව තමයි යේගර්වරු නිපදවෙන්නෙ. ඩොක්ට ගයිස්ලර් සහ ගොට්ලිබ් දෙදෙනා එක්ව හොයාගන්නවනේ මේ කයිජු රාක්ෂයන්ව වෙනත් පිටසක්වළ ජීවි වර්ගයක් පාලනය කරනවා කියලා. කෙසේ වෙතත් මේ දැවැන්තයන් හා සටනේදී යේගර් නියමුවෙකු වෙන ස්ට්‍රකර් පෙන්ටකොස්ට් කයිජුලා පැමිණෙන විවරය වහන්න තම ජීවිතය පවා පරිත්‍යාග කරනවා. අන්න ඒ විදිහට තමයි පළමුවැනි සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ.
දෙවැන්න බිහිවෙන්නෙ කයිජු යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් වසර දහයක කාල පරාසයකට පසුව. අපරාධ කල්ලි සමග එක්ව විවිධ හොරකම් ආදිය සිදු කරමින් සිටින ස්ට්‍රකර් පෙන්ටකොස්ට්ගෙ පුත්‍රයා ජේක් පෙන්ටකොස්ට් තමා මෙවර ප්‍රධාන චරිතය වෙන්නෙ. නීතිවිරෝධී යේගර් රොබෝවෙක් තුළ සිටියදී ඔහුව අත්අඩංගුවට පත් වෙනවා. හැබැයි ඒ තනියමනම් නෙවෙයි අමාරා නමානි කියලා තව ගෑණු ළමයෙක් සමග. ඉතින් එතනට පැමිණෙන මාකෝ මෝරි ඒ දෙන්නවම පැසිෆික් ආරක්ෂක බලකායට එක්කගෙන යනවා. ඉතින් ඔය දේවල් සිද්ද වෙන අස්සේ තමයි ෂාඕ ආයතනයෙ නවතම රොබෝලා විසින් එක්වරම කයිජුලාට ආපහු එන්න විවර විවෘත කරන්නෙ. මේ අය විවර විතරක් ඇරලා නවතින්නේ නැහැ. ලොව වටාම යේගර්වරුන්ට පහර දෙනවා. කොහොමහාරි මේ විවර වහන්න සමත් උනත් ඒ වනවිටත් කයිජුලා තිදෙනෙක් මෙහාට ඇවිත්. හැබැයි මේ අය සමග සටනට ඉතුරු වන්නෙ යේගර්වරු හතරදෙනෙකු පමණයි.
මෙවර තියෙන විශේෂත්වය තමයි මොවුන්ට පෘථිවියට පැමිණෙන්න මිනිසුන් විසින්ම සහය දැක්වීම. එහෙම කරන්නේ ඇයි? එතකොට කයිජුලාගෙ අරමුණ මොකක්ද? ජේක් පෙන්ටකොස්ට් ඇතුළු කණ්ඩායමට ඔවුන්ව නැවත්වීමට හැකිවේවිද යන කාරනාවලට පිළිතුරු ඔබම සිනමාපටය තුලින් හොයාගන්න. එහෙමනම් ඔබට මෙය නැරඹීමට ආරාධනා කරමින් මා මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය !
සැ.යු-
මෙම උපසිරැසිය නිර්මාණය කර ඇත්තේ HC HDRIP පිටපතකට වන බව කරුණාවෙන් සළකන්න. ඒ වගේම මේක හදන වෙලාව වෙනකොටත් 100%ක් නිරවද්‍ය උපසිරසියක් තිබුනේ නැහැ. තිබ්බ එකෙත් යම් යම් අඩුපාඩු තිබ්බා. ඉතින් මට හැකි උපරිමයෙන් එම අඩුපාඩු නිවැරදි කරලා තමා මේක හැදුවේ. හැබැයි තව අඩුපාඩු මොනාහරි තියෙනවනම් ඒ පිළිබදව කාරුණිකව සළකන්න කියලා ඉල්ලා සිටිනවා. එමෙන්ම වඩා හොද පිටපතක් ආ සැණින් උපසිරැසිය යාවත්කාලීන කර දෙන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
43,016 downloadsDownload Pacific-Rim-Uprising-2018-BR.zip188 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
293 comments
Sherlock holmes
Supundilshan22215
thanx saho
chinthaka sampath
Thank U Bro........................
Pravidu Fdo
Thank You Bro & Congrats For future Works
Chamin Ekanayake
ela bro
Amila89
දෙයියෙක් බන් උබ නම්.ජය
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ...
තවත් මේ වගේම සුපිරිම නිර්මාණ අප වෙත ගෙන එන්න කාලය,ශක්තිය ලැබේවායි පතමි....
ඒ වගේම 300 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා...
350 වෙනි කඩයිමෙන් මේ වගේම හමු වෙමු...
ජය වේවා...Aruna.Wish
sub ekata thanks...BR eka enakam iwasanawa....theruwan saranai...
tkchirath86
Thank You boss
Navodani Thilini Sasanika
300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් !!!
Tharindu_Rukshan_Perera
300 උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ..! කඩාකප්පල් කාරින්ගේ වැඩ ගැන නොසිතා තමන්ගේ කර්තව්‍යය පෙරටුකොට තවත් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා..! ඔබගේ දිවිය සාර්ථකම වේවා ඔබට ජයෙන් ජය.!
praneeth01
Niyamai Saho. Rasikayange sathuta venuwen thamange kalaya kapa kara me dakwa apa hata upasirasi laba dun obata mage hada piri pranamaya.
Rimesh Dilshan
Thank You For Subtitle...
Good Luck..losaka
Thank u BRO digatama karagena yamu jaya wava !!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Isaac
Thanks bro sub ekata best of luck issarahath baiscopelk ekka diga gmnk yanna kyla wish krnwa
cjgayan
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
Prabodha Madhusankha Hettiarachchi
Goosak sththui saho sub ekata.... 300 wana subtitle eka suba pathum...
podda
thanks bro!!!
300 ta suba pathumdsdkavishka
Good luck! බොහොම ස්තුති සහෝ.. දිගටම සබ් දෙන්න
THE NEW FOLDER
subapathum yaluwa
Helili Hemamali
බයිස්කෝප් පවුලෙන් හඳුන ගත්ත ශෝයි මල්ලියෙක් තමා අපේ නිලුපුල්. ඉගන ගන්න වැඩ අතරේ 300 වෙනි කඩයිමට ඇවිත් තියනෙකින්ම පේනවා කතාව වගේම වැඩත් තියනවා කියලා. ඒ වගේම ස්කෝපියන් එක කරගන්න බැරුව හිර වෙලා තියෙද්දි ඒ කොටස ගොඩ දාලා කරපු උදව්ව අමතක වෙන්නෙ නෑ.
ඉතින් මේ වෙලාවේ උණුසුම් සුබ පැතුම් එක්ක තවත් ඉස්සරහට යන්න ශක්තිය, වාසනාව ප්‍රාර්ථනා කරනවා!Hard Rock
ela. patta machan. tawa wedi wediyen sub karanna lebewaaaaaaaaaaaaa
ප්‍රණීත් චින්තක
උණුසුම් සුබපැතුම් එනතු කරනවා 300 වෙනි උපසිරැසියට. හනිකට 350 ගහන්නත් සෙට් වෙමු ඈ. හැබැයි පුතෝ මම රොයිලි අයියා පහු කරන්න කලින් මාව එහෙම පහු කරනවා නෙමෙයි.
මේ විදියට දිගටම තවත් උපසිරැසි කරන්න හැකියාව සහ කාල වේලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු බෝ වේවා...!
gihan perera
Congratulations bro...ekmanata hoda copyak awoth danne balanne...god bless you and good luck....keep continue it....
Shenin007
thankyou bro
Eranga Sandaruwan
වේගවත්ම උපසිරැසිකරු
නිලුපුල්ගේ උපසිරැසියක් කීවොත් 100% සුවර් තමා.
මග අතටමන් කරලා නෑ අපිව කවදාවත්..300 සුබම සුබ පැතුම්.
ජය වේවා..හොඳ රිප් එකක් ආවාම ගන්නවා ඉතින්.
ලහිරු ප්‍රසාද්
හදවතින්මස් උබ පැතුම් මචෝ 300 වෙනි උපසිරැසියට.
සයිට් එකේ ඉන්න වේගවත්ම හොද උපසිරැසි කරුවෙක් වගේම ටිවි සීරීස් බර ගානක් අදින ඩයල් එකක්...
උබේ උපසිරැසි නම් කොහොමත් බැලෙනවා ටිවි සීරීස් නිසා. ආයෙ කියන්න දෙයක් නැ මල් පහට තියෙනෙවා...
එහෙනම් තවත් ඉදිරියට උපසිරැසිකරණයේ යෙදෙන්න කාල වේලාව ලැබේවා කියලා පතනවා....!!!මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි...!!!
BR එකක් ආවම බලනවා.ජය වේවා...!!!!!
sumed
300 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!කැලුම් ගුණසේකර
300 උණුසුම් සුබපැතුම් සහෝ. ස්තුතියි උපසිරැසියට.
madusanka
*****!!!""300""!!!***** සුභපැතුම් බ්‍රෝ සුභම සුභ අනාගතයක් වේවා සබ් එකට බොහොම ස්තුති ..**!
Methnuwan
thank you bro
Viraj
300ta suba pathum. sub ekata thanks saho. jaya wewa!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
ශසිත් සඳරුවන්
300 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් මචෝ...
තවත් අධිවේගී උපසිරැසි කරුවෙක්.
සීරීස් දෙක තුනක් ඇදගෙන යන ඩයල් එකක්.
උඹේ සබ් වලින් සෑහෙන ෆිල්ම්, සීරිස් බලලා තියේ.
ආය ඉතින් කියන්න දෙයක් නෑ.
පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ සබ් එකටත් තුති කිව්වා ඕන්.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!James DC
300 වෙනි සබ් එකට සුභ පැතුම් සහෝ...
lasitha sampath
niyamai bro , sub ekata thanks you
Dulan Randika
300 veni sub eka suba pethum bro
Kavinduramesh22
Ela bro❤️
geeganagamage
300 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සහෝ. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
!!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Chathura Abesiriwardhana
සුභ පැතුම්
Carlton Bandara
Thankz අයියා
Rasheen Mansil
සුබපැතුම් අයියා
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞Akash99
Thanks bro
විදුෂාන් සජිත්
:-) බොහෝම ස්තූතියි “මධුකප්‍රිය” සහෝ උපසිරැසියට!. ඒ වගේම 300* වෙනි කඩයිමටත් සුභපතනවා!!.. අපි වෙනුවෙන් කරන මේ කැපවීම බොහෝම අගේකොට සලකනවා!!!... ඉදිරියේදීත් අප වෙනුවෙන් මෙවන් කඩයිම් විශාල ප්‍රමාණයක් පසු කිරීමට අවශ්‍ය ශක්තිය ෛධර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!!!.... පෞද්ගලික ජීවිතයේත් කරන සියලුම වැඩකටයුතු සර්වප්‍රකරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රර්ථනා කරනවා!!!!!..... ජය වේවා!!!!!!...... :-)
Niranga123
niyamai elama
thusitha Premarathna
thanks bro
Rasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්....
300 වෙනි උපසිරසියට සුබ පැතුම්!
400,500ත් ගහමු ඔහොමම...Praneeth priyadarshana
Tks saho 300k kiyanne maara kepakiremak kiyanna wachana nea
Chokzi
Tnx saho...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bro..br ආවම අප් එකක් ඕන :-)