Watch Trailer

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍…

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පක්ෂය අතර. මේ යුද්ධයත් එකක් බොහොම දේ ලෝකයට බිහි වෙනවා, එකිනෙකා පරයා යන්නට අලුත් ක්‍රම සොයා, මිනිසුන් වැනසීමේ ලේසී පහසු ක්‍රම… වැනි උදාහරණ නම් කෝටියක් ඇති කියනවා නම්. නමුත් මේ එක්කම් තවත් බොහොම දේවල් අඳුරු සෙවනැලිවලට මුවා වෙලා ලෝකයට මුදා හැරෙනවා… ඉතින් මේ කතා කරන්න යන්නේ එවැනි අඳුරු සෙවනැල්ලක් ගැන. ඔවුන්ගේ ක්‍රියා පටිපාටි හා එමගින් සිද්ධ වුන දේ ලෝකයට අන්ධකාරය ගෙනාවා වෙන්නට පුළුවන් නමුත් පිටතින් ඔවුන් අතිශය සුරුපී මිනිසුන්….

දැන් ඔබට සත්තකින්ම ප්‍රශ්නයක් ඇති මේ කියන්න හදනා කතාව ඇත්තක් ද? නැත්නම් සිනමාපටයක් හිතේ පැලපදියම් කරගෙන මා මවාගත් දෙයක්ද කියල…. ඒ වෙනුවෙන් දෙන්න තියන උත්තරය තමයි මේ කතාවේ සිදුවීම් ඇත්තෙන්ම සිදුවුණා වෙන්නටත් පුළුවන්, බොහොම දුරට නොවෙන්නටත් පිළිවන් නමුත් මේ සංවිධානය නම් සැබවින්ම ක්‍රියාකාරී වූවක් හෝ තවමත් ක්‍රියාකාරී එකක්… එවැන්නක් දැනකියා ගැනීමට අපිට හැකියාවක් නැහැ… නමිත් Red Sparrow නම් වන මොවුන් රුසියානු ඔත්තුකරුවන් හැටියට තමයි කටයුතු කරන්නේ. ඔවුන් අනුයුක්තව තිබෙන්නේ රුසියානු බුද්ධි අංශයටයි (SVR). මොවුන්ගේ ප්‍රධානම අවිය වන්නේ ඔවුන්ගේ ශරීරය. ඒ බොහොම ඔත්තුකරුවන් ගෙන් අප දකිනා පහර පිට පහර එල්ල කරන සටන් ක්‍රම වෙනුවෙන් නෙමෙයි, තමුන්ගේ සතුරාගේ ලිංගික වුවමනාව හඳුනාගෙන ඔවුනට ලංව ඒ උමනාව සැපිරීම එකක් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ මගින් රහස් තොරතුරු උකහා ගැනීම තමයි ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය වෙලා තියෙන්නේ. අතිශය සුරුපී කාන්තාවන් බහුලව මේ සඳහා යොදාගෙන ඇති බව තමයි ආරංචි මාර්ගවලට අනුව සඳහන් වෙන්නේ….

දැන් හැරෙමු සිනමා පටය පැත්තට. මේ සිනමා පටය නිර්මාණය කරන්නට පාදක වෙලා තියෙන්නේ Jason Matthews නම් ලේඛකයාගේ Red Sparrow නම් ග්‍රන්ථය. 2013 වසරේ එළිදැක්වෙන මෙය සම්මාන කිහිපයක්ම දිනාගත් වැඩිම අලෙවි වාර්තා තබන්නට සමත් වුන Spy Triller එකක්. මේ ලේඛකයා නිසාවෙන් තමයි මේ කතාවේ ගුණාත්මකභාවය හා ඒ තුල ගැබ්වෙලා තියන කරුණු කාරනා කොතරම් සත්‍ය ද යන්න පිලිබඳ කතිකාවතක් ගොඩ නැගෙන්නේ. ඔහු වසර 33ක් CIA නියෝජිතයෙක් ලෙස කටයුතු කල තැනැත්තෙක්. ඉතින් ඔබට හිතාගන්නට හැකි ඇති මේ වෙනකොට මෙහි සමහර කරුණු ඇත්තෙන්ම සැබෑ ලෝකයේ කොතැනක හෝ සිදුවී ඇති හැටි. මොකද CIA එක පවා මේ පොත වෙනුවෙන් තමුන්ගේ විචාරයක් පල කිරීමට තරම් කාරුණික වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි මේ ග්‍රන්ථය නිකුත් වීමටත් ප්‍රථම ලේඛකයා සමත් වෙනවා මේ ග්‍රන්ථයේ සිනමා අයිතිය ඉලක්කම් හතේ ගණනකට අලෙවි කරන්න. ඉතින් ලේසි පහසු දෙයක් වෙන්න බැහැ නෙව.

Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන මේ සලරුව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් බවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඉතින් මේකේ අධ්‍යක්ෂණය Francis Lawrence ඔහු තමයි මින් පෙර I Am Legend, The Hunger Games: Catching Fire, The Hunger Games: Mockingjay චිත්‍රපට ද්විත්වය එහෙමත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. පිටපත Justin Haythe ගෙන් Revolutionary Road, Snitch වැනි පෙර නිර්මාණ ඔහු අතිනුත් කෙරිලා තියනවා. තිරයේ දකින මුහුණු නම් විශිෂ්ඨයි… ඔස්කා සම්මාන ලාභී සුපිරි නිලි Jennifer Lawrence තමයි මෙහි අපි දකින ප්‍රධාන රුසියානු ඔත්තුකාරිය ලෙස එක්කාසු වෙන්නේ. ඇමරිකානු ඔත්තුකරුවා ලෙස අපි දකින චරිතයට පන පොවන්නේ Joel Edgerton. ඔවුන් දෙන්නට අමතරව Matthias Schoenaerts, Charlotte Rampling, Mary-Louise Parker, Bill Camp සහ Jeremy Irons මෙහි අනිකුත් චරිත වෙනුවෙන් එක්කාසු වෙනවා. IMDB මීටරයේ 6.8 ක අගයක් ලබාගත්ත ලොව පුරා ඩොලර් මිලියන 143 ක් ඉක්මවන අගයක් ඉපැයූ සලරුවේ කතාව ගැන බලමු දැන්.

සිනමා පටයේ කතාව මෙහෙමයි, ඩොමිනිකා ඉගරෝවා කියන්නේ බොහොම දක්ෂ බැලේ නර්තන ශිල්පිනියක්…ඇය මේ බැලේ නැටුම් කර්මාන්තයෙන් තමයි තමුන්ගේ පියා නැති පවුල නඩත්තු කරන්නේ, මවගේ බෙහෙත් හේත්, සාත්තු සප්පායම් සියල්ල සිද්ධ වෙන්නේ මේ මුදලින්. නමුත් මේ සියල්ල අවසාන වෙන්නේ වේදිකාව මතදී ඇතිවූ හදිසි ආබාධයක් නිසාවෙන්. බලාපොරොත්තු සුන්ව ඉන්න ඇය හමුවෙන්නට එන්නේ ඇයගේ පියාගේ සහෝදරයා. ඔහු නමින් ඊවන් ඉගැරෝවා, ඔහු තමයි රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන්නේ. ඔහු ඇයට ලබා දෙනවා සාක්කි ඇයගේ අනතුර සැබවින්ම හදිසි අනතුරක් නොවන බවට…. ඉතින් ඇයට සිද්ධ වෙනවා ඇය ගත් තීරණයක් නිසාවෙන් ඊවන් හට තොරතුරු ලබා ගැනීමට සහය වෙන්න… ඒ රුසියානු දේශපාලඥයෙක් වන උස්ටනොව්ගෙන්. කොහොමද මේ තොරතුරු ලබා ගන්නේ ? අනුමාන කළා නම් ඔබ හරි ඔහුට ඇය තමුන්ගේ ශරීරය පුජා කල යුතුයි ඒ වෙනුවෙන්, නමුත් ඔහු තිරිසනෙක්, ඔහු ඇයව දුෂණය කරනවා… මේ පාපතරයාගේ ඉරණම ඉන් විසඳුනත්, ඒ තමයි ඇයගේ ජිවිතයේ අවසාන වෙඩි මුරණ… බුද්ධි අංශය ඇයට තෝරාගැනීම් දෙකක් ලබා දෙනවා, එකක් ඔත්තුකාරියක් වීම… අනෙක ජීවිතය පුජා කිරීම….ඉතින් ඔත්තුකාරියක් ලෙස තමුන්ගේ ශරීරය ආයුධයක් ලෙස යොදාගැනීමට, මිනිසුන්ගේ කෙලි බඩුවක් වීමට ඇය අධ්‍යාපනය ලබන හැටි ? ඉන් පසු ඇය බුද්ධි මෙහෙයුම්වල නිරත වෙන හැටි ඔබට දැකගත හැකි වේවි හරි අපුරුවට…

ඉතින් ඒ රුසියානු කතාව මේ කියන්න හදන්නේ ඇමරිකානු කතාව… නේට් නෑෂ් ලෙස අපි හඳුනා ගන්නා ඔහු රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යයාලයට දිව යන්නේ මහා කලබලයක් ඇති කරමින්. ඔහු කිසිදු ඉවක් බවක් නොමැතිව පොදු උද්‍යානයක මහා රාත්‍රියේ තමුන්ගේ ගිනි අවිය භාවිතා කරන්නේ මිනිස් ජිවිතයක් උදුරා ගැනීමට නෙමෙයි, මිනිස් ජිවිතයක් රැක ගැනීමට… ඒ තමයි ඔහුගේ හිතවත් ඔහුට තොරතුරු ලබාදෙන රුසියානු ඔත්තු සේවයේ ඉහල නිලධාරියා…. වැඩ තහනමක් එකක් ඇමරිකාවට යාමට සිදුවෙන ඔහු නැවතත් රුසියානට ආසන්න ප්‍රදේශයට පැමිණෙන්නේ පෙර කිව මිතුරා වෙනුවෙන්මයි… දැන් ඔහුගේ මෙහෙයුමට තවත් තොරතුරු සම්පදකයෙක් බදවා ගැනීම ඇතුලත්…

ඉතින් මේ කලින් කිව්ව චරිත දෙක තමුන්ගේ අන්ත දෙකෙන් මිනිත්තු 140 ඇතුලත විවිධ බාධක මැද බොහොම කුතුහලය පිරුණු කතාවක් ගොඩ නගමින් විස්කම් පාවී… පැති මාරු කරාවි එකියෙකා බිල්ලට දේවි.. විටෙක ඔබ හිතන දෙය හිතන කෙනා අවසානයේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වේවි… ඒ තමයි ඔත්තු සේවය… ඉතින් ඔබට භාරයි ඇයත් එකක්, ඔහුත් එකක් හෝඩුවාවන් හබා යමින්, තමුන්වම අවියක් ලෙස යොදා ගනිමින් දත්ත රැස් කරන්නට, එකිනෙකා මුලාවේ දාන්නට…

අවසාන වශයෙන් මම මෙහෙම කියලා යන්නම්, ඔබ තවමත් විශ්වාස නොකරනවා නම් මෙවැනි දේ ලෝකය තුල සිද්ධ වෙනවා කියා… පොඩ්ඩක් සොයා බලන්න 2009 – 2010 කාලයේ ලොවම හෙල්ලූ Anna Chapman නම් රුසියානු ඔත්තුකාරියගේ ක්‍රියා කලාපය. ඔබ එවිට මේ සිනමා නිර්මාණය දෙස බොහොම තාත්වික ඇසකින් බලනවට සැකයක් නැහැ. එහෙනම් දැනට සමුගන්නම්. නැවත උපසිරසිකින් මුණ ගැසෙන තෙක් ඔබට ජය!!

 

ලිපිය: සමීර කරුණාරත්න

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR පිටපත් සඳහා  අදාළ වේ.

22,946 downloadsDownload Red-Sparrow-2018-BR.zip109 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,946 downloadsDownload Subtitles109 KB

104 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    තවත් මේ වගේම සුපිරි ෆිලුමකින් හමු වෙමු
    ජය

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. gihan perera

    Wow..good job bro and good luck...all the best....keep continue it.....god bless you...

  4. Bobby

    Thank you very much Hasantha

  5. Isaac

    Thanks bro sub ekata

  6. 515096

    Sub eka nene

  7. lahiru sadaruvan

    thank you so much saho..

  8. Udara Damith Dissanayaka

    ස්තූතියි

  9. THE NEW FOLDER

    THANKS BROO...........

  10. TharakaWAS

    Thanks saho..

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. Rimesh Dilshan

    Thank you සබ් එකට...
    සබ් එනකම් හිටපු ෆිලුමක් තමයි මේ...
    Pacific Rim Uprising එකටත් ඉක්මනය සබ් දෙන්න...
    Good Luck..

  13. s.s.m

    tz sub ekata…

  14. Prabashjayawardane

    Thank u bro sub ekata.aye 2k na ithin supiri filumak venna oona...

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Vihanga sathsara

    hasantha aiya sub ekata thankss denakan balan idiye.... e wagema oke web rip awa neda..???? torrent wala dakka wage mathakai

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. Suranjan

    Thanks machan........jayawewa........!

  19. Naween Lakshan

    Thanks

  20. Fanta

    Niyamaii broo sub ak.....thankzz..ane machan pacific rim 2 akatath sub dennkooo...hoda korean copyak awidin dan bn.......sub danakan me balan inne....

  21. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......!

  22. waluka

    thanks machn

  23. Viraj

    sub ekata thanks aiye. jaya wewa!!

  24. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  25. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....
    වෙබ් කොපියක් ආවහමම බලනවා...

  26. Panther

    Thabz saho

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. malith

    Ela ela

  29. chinthaka_priyadrshana

    Thank U Bro.........

  30. sampathski

    thank you so much

  31. dagi1

    SUPIRI KATAWA PATTA

  32. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

  33. ranga11112

    Thanks Saho…sub akata Bohoma Pin….
    theruwan saranay

  34. P.MWijesigha

    Sub එක Download කරන්න බෑනේ
    සොයාගත නොහැක කියලා වැටෙනවා.

  35. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ලිපියටත් ස්තූතියි සමීර මලේ. ජය෴෴ :P :P

  36. ආසිරි ප්‍රියන්ත

    ලිපියේ මුල් ඡේදේ කියවද්දිම දැනගත්තා ටයි පොල්ලගේ තමා ලිපිය කියලා.

  37. MAALnath

    Thanks.......................good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  38. Nilush Angana

    Sub ekata thanx

  39. chathuradinesh

    Thanks

  40. ayodyau

    thanks brother!!!

  41. nimanaka

    thanks brother

  42. Kaveen Gayath

    Elama thama

  43. ricadodamien

    Thank you Hasantha Wickramarathne Brother & baiscope team for the sub & great article Sameera aiya. all the best to Baiscope team & god bless u all..............

  44. ricadodamien

    Thank you Hasantha Wickramarathne Brother & Baiscope Team for the sub, great article Sameera aiya. all the best to baiscope team & god bless u all.............

  45. DhanushkaAASL

    thanks

  46. kusal lakindu

    ස්තූතියි.

  47. sandun

    bluray ada awilla thiyenne, ikmanata update karanno

  48. Jayantha_gamalath

    ඉතාමත්ම ස්තුතියි.රසිකයින් වෙනුවෙන් වෙන මහන්සියට.හැමෝටම පින්.

  49. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  50. Bandaramudiyansi

    අප්ඩේට් එකක් කරමුකො බ්ලුරේ ප්‍රින්ට් වලට

Load more comments