හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බ…

හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ දවසක මගේ පුතා කරලා පෙන්නයි. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේනවමයි මයෙ පුතා. රටේ නම ඉහළින්ම තියලා තමා නවතින්නේ….”
දයාගේ බඩට මාස 8යි. පිම්බිච්ච බඩ දැක්කම මට මහ ආඩම්බරයක් දැනෙනවා. මේ මගේ හීනය. අනාගත මල්ලවපොර ශූරයෙක්. තාත්තේ, මං එනවා. මගෙ පුතා තාත්තගේ හීනේ ඇත්තක් කරනවා. මට විශ්වාසයි.
දයාගේ නොඉවසුම් ළතෝනිය ඉවර වෙනවාත් එක්කම, පොඩි එකෙක්ගේ බෙරිහන්දීමක්. මගේ හුස්මත් නැවතුනා වගේ. ඒ මගේ වීරයා, මගේ හීනේ. වින්නඹු අම්මා දොරෙන් එබිලා බැලුවා. මං ලොකු හුස්මක් ගත්තා. හීනයක අවසානය!
“සුභ පැතුම් වීර්, උඹට කෙලි පැටික්කියෙක්”
ලෝකේ කැරකුණේ එකම තැනද කොහේදෝ. එකම දේ ආයේ ආයෙත්. මම හීන දකින එක නැවැත්තුවා. පරණ කුසලාන ටික ඔක්කොම පෙට්ටගමක දාලා පැත්තකට කරා.
මගේ දුවලා ගීතයි බබීතයි රොටි තම්බනවා, බට්ටෝ පනිනවා. මං ලොකු හුස්මක් පහළට දැම්මා. ඇස් දෙකේ කඳුළු!
දවසක් වැඩ ඇරිලා එද්දී ගෙදර සෙනඟ පිරිලා. මං කෝකටත් කියලා පය ඉක්මන් කරා. මදි නොකියන්න කාගෙන්හරි ගුටි කාපු කොල්ලෝ මැදි කරගෙන උන්ගේ අම්මයි තව කීපදෙනෙකුයි දයාට දෙස් දෙවොල් තියනවා.
“ගහනවා කියලා මෙහෙමත් ගහනවද මනුස්සයෙක්ට. ගහලා නෙමේ මුන්ව හම ගහලනේ” අර ගෑණි බිත්ති දෙදරන්න විලාප දෙනවා.
“මොකක්ද මේ වෙලා තියෙන්නේ..?? මට මුකුත් හිතාගන්න බැරිවුණා. නමුත් ඊළඟ මොහොත…….!!!!
ඉතින් මහාවීර් පෝගට් සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩිමහල් දියණිය. දෙවැනි දියණිය බබීතා පෝගට් සිං. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී කිලෝ 55 බර පන්තියෙන් ගීතා රන් පදක්කම දිනා ගනිද්දී බබීතා 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගන්නවා. එතැන් සිට ඔවුන්ගේ ජාත්‍යන්තර ගමනට අභියෝග කරන්න කාටවත්ම බැරිවුණා.
ගීතා පෝගට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම වරට මල්ලවපොර ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවද වෙන්න වරම් ලබාගන්නවා. ඒ වගේම මහාවීර්ගේ එක් අන්තර්ජාතික පදක්කමක් වෙනුවෙන් තිබූ සිහිනය මේ වෙද්දී ගීතා සහ බබීතා එක්ව පදක්කම් 29ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ දෙන්නා විතරක් නෙමේ, මෙයාලගේ බාල සහෝදර සහෝදරියොත් මේ පාරෙම යන ගමන්. තවත් බාල සහෝදරියක් වෙන රීතු පෝගට් සිං පහුගිය අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ 48 බර පන්තියෙන් රන් පදක්කම දිනාගන්නත් සමත් වුණා. ඉතින් මේ ගුස්ති අල්ලන පවුල ගැන තවත් කතා මොකටද නේද?
පිය සෙනෙහස, සහෝදර ප්‍රේමයත් ලේ රත් වෙන ජවයත් එක්කම පදමට කලවම් වෙච්ච පෝගට් පවුලේ ගුස්ති ඇල්ලිල්ල නිතේෂ් තිවාරි මහත්තයා 2016දී හරිම අපූරු සිනමා නිර්මාණයක් විදිහට එලි දැක්වූවා Dangal නමින්. ලෝකේ පුරාම කීදෙනෙක් නම් බලන් ඉන්න ඇද්ද මේ සලරුව එළිදකිනකම්? අපිත් ඒ අතරින් කිහිපදෙනෙක්. විශේෂම හේතුව තමා මේක ආමීර් ඛාන්ගේ චිත්‍රපටියක් වීම. 2014 අවුරුද්දෙදි PK තියපු ආදායම් වාර්තා Dangal ආක්‍රමණය කරයිදෝ නොකරයිදෝ කියලා දෙගිඩියාවක් හැමෝගෙම හිතේ තිබ්බා. ආමීර් ඛාන් මෙවරත් දෙවැනි වුණේ නැහැ. කෝටි 385ක් ඉන්දියාව තුළ පමණක් උපයමින් එදා මෙදාතුර ඉන්දියාව වැඩිම ආදායමක් ලද චිත්‍රපටිය විදිහට PK තියපු වාර්තාව Dangal හරිම පහසුවෙන් සුන්නද්දුලි කරලා දැම්මා. හැබැයි සමස්ත ලෝක ආදායම එක්ක බලද්දී නම් PK පහු කරලා යන්න Dangal අසමත් වෙන්නේ ආසන්න වශයෙන් කෝටි 60ක හිඟයක් තියාගෙන. ඉතින් ආමීර් ඛාන් ගැනම විතරක් කතා කරලා මදි. තව දැවැන්ත චරිත දෙකක් ඉන්නවා. හැබැයි දැකලා පුරුදු අය නම් නෙමේ. ගීතා පෝගට් විදිහට ෆාතිමා ෂානා ෂෙයික් සහ සයිරා වසීම් එක්කම බබීතා විදිහට සාන්‍යා මල්හෝත්‍රා එක්ක සුහානි භාට්නගර් කියන මේ කෙල්ලෝ ටික ඔයාලගේ හිත් හොරකම් කරනවා දෙකක් නැහැ. ප්‍රීතම්ගේ හිත නැළවෙන, ඇඩ්රිනලින් පොම්ප කරන සංගීතයත් එක්ක ඔයාලටත් ගුස්ති පිටියට බහින්න හිතෙයි.
හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්. එකී මෙකි හැමදේම පාලනය කරගන්න එක ඔයාලට බාරයි. කවුරුහරි නීරස විදිහට මේ චිත්‍රපටිය මායිම් කරනවා නම් මේකත් කියලම යන්නම්. IMDb අනුව ලෝකයේ හොඳම සිනමාපට 250 අතර Dangal මේ වෙද්දී ඉන්නේ 91 වන ස්ථානයේ ලකුණු 8.9ක් අත්පත් කරගෙන. ඒ වගේම හොඳම ඉන්දියානු සිනමාපට අතරේ 2වන ස්ථානයට හිමිකම් කියලා අවසන්. තවත් කියනවා නම් පහුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා කියන සම්මාන තුන්කට්ටුවම තමන්ගේ නමට අහුරගන්න Dangal සමත් වුණා. එහෙනම්, මේ ඇති. ඔන්න කාටත් කලින් අපේ බයිස්කෝප් එකෙන් සබ දීලා තියෙනවා. කියන්න තියෙන්නේ එකම දෙයයි. අපේ හේවා කියනවා වගේ මෙව්වා නොබලන දෑස මක්කටෙයි කියල.
කලකට පස්සේ වේලකට බැස්සේ වගේ වෙනස්ම වෙලකට බැස්සා වෙනසකටත් එක්ක. ලාවට එහෙන් මෙහෙන් හින්දි ටිකක් දන්න නිසා පොඩි අභියෝගේකටත් එක්ක ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ හින්දි චිත්‍රපටයේ උපසිරස මගේ අතින් නිර්මාණය උනා. එහෙනම් යන්න අවසර උඩ ලිපියෙ අයිතිකාරයා අපි කවුරුත් දන්න මයුර සුරාජ් මලයා. උන්දැටත් ස්තුති කියන ගමන් ගොහින් එන්නම් හැමෝටම ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HD / BR පිටපත් සඳහා අදාළ වේ.
62,920 downloadsDownload Dangal-2016-HD.zip147 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
114 comments
Cha Thu
sammika
desiscr - meka video quality eka hodada
Hashen Andrew
වීඩියෝ කොලිටියනම් අන්තිමයි.හැබැයි බලන්න පුලුවන් තත්වෙ තියෙනව.ඕඩියෝ නම් වරදක් කියන්න බැරි තරම්.
එල්.සී. දමැල්
Bohoma sthuthy!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
ස්තූතියි සහෝ
ආමීර් ඛාන් I LOVE YOUයශෝධ
මාස කීපයකට පස්සේ සයිට් එක පැත්තේ ආවම ආරංචිය අපේ හසා දාංගලේට සෙට් වෙලා කියලා.. ගේමෙන් දුන්න සබත් එක්ක මේ ගුස්ති ඇල්ලිල්ල බලලාම තමා නිදාගන්නේ.. මයුරයගේ ගින්දර ලිපියටයි.. හසාගේ සබටයි බොහොම ස්තුතියි කිව්වා එහෙනම්.. හැබැයි පුතේ PK ට තට්ටු කරන්න බැරි වුනා නේ.. හේ හේ... :D බයෙන් හිටියේ.. ජයම වේවා..!
Isuru Chamara
thxx broh
Chamal Perera
බලාගෙන හිටපු කතාවක්. හිතුවේ නැ හසා අයියා කරයි කියලා. සබ නියමෙට ඇති එහෙනම්.... සබට තුති වේවා හසා අයියේ.
ආසිරි ප්‍රියන්ත
මංදා මොනවා කියන්නද කියලා,
ලොකුවට දේවල් කියන්න නෑ,
පැහැදිලිවම මම බලපු, ඉස්සරහටත් මේ වගේ සබක් බලන්න ලැබෙන එකක් නෑ යි හිතෙන,
දැනට බයිස්කෝප් උපසිරසි කරුවෙක් කරපු සම්පූර්ණම හින්දි උපසිරැසිය තමයි මේ.
ඔව්, ඉරිසියයි, ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කියන්න එපැයි. මේකත් එක්ක බලද්දී යකෝ මෙච්චර කල් අපි මොනාද මේ කරලා තියෙන්නේ කියලා හිතෙනවා.
බලන අයට කියන්න තියෙන්නේ, උඩින් පල්ලෙන් සබ් එක කියවගෙන යන්න එපා, ෆිල්ම් එක උපරිමෙන්ම විදගන්න ඕනේ නම් නවත්ත නවත්ත හරි සබ් එක කියවගන යන්න. මොකද, මේ ෆිල්ම් එකේ තියෙන හාස්‍යය, දුක, සතුට ඔක්කොම සබ් එකට කාවද්දලා තියෙනවා. අනික තමා හොද කොපි එනකම් ඉන්න ඕනේ නෑ, මේ කොපිය පට්ට, රූප රාමු පැත්තකට දාමුකෝ. සවුන්ඩ් නම් සුපිරි.
අන්තිම වසයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි, පොඩි ඉල්ලීමක් විතරයි,ඉස්සරහට අපි, විසේසයෙන් මම, සතියකට සැරයක් හරි සබ් එකක් දීගෙන ඉන්නවා බලන්න ඕනේ නම්,
ඔබතුමා හින්දි සබ් කරන එක නවත්තන්න, දෙයියනේ කියලා අන්ගිරිසි සබක් කරන් ඉන්න.ස්තුතියි.
Mayura
අනේද කියන්නේ සෙද්ද
Ranga Prasanna
සබ් එකටම මට ඇඩුනා හසන්ත අයියේ. පට්ටටම තියෙනවා ඇඟට වදින්නම. කී පාරක් ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ. මම කරපු සබ් මොනවද කියලා හිතෙනවා. ඔයාගෙ තත්ත්වෙට එන්න ගොඩක් කල් යයි මට. බොහොම ස්තුතියි!!!
Mayura
මල සමයන්
රොයිලි
දැන් හසා හින්දි වලටත් සබ් දානවද? එලම තමා. ආසිරි ඔයා රිටයර් වෙන්න. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !
Gathsara Umesh
Bohoom sthuthiy sabata ayyee
lahiru
elama broo
Kasun Widusha
Ela ela aiya tnx sub ekata
lahiru
විස්තරේම දීලා තියනවා සහෝ ඇඩෙන්නම.. අපි වගෙ මේක එනකම් බලන් හිටපු අය විතරක් නෙවෙයි හින්දි නොබලන අය පවා මෙක කියෙව්වොත් ෆිල්ම් එක බලනව අනිවා.. හැමදාම උදේට බයිස්කෝප් එකට ඇවිත් මේක දිලද කියලා බල බල හිටියෙ..
බයිස්කෝප් මේ කරන සේවාවට ඉස්තුති කරන්න වචන නැ බ්‍රෝ..
raees, kaabil, jolly ll 2 වලටත් සබ් දෙන්න..සචින් කෙවින්
Man wage dial ekk :)
lahiru
:D
Hashan M
මේක බලන්න බෑ මචං.වීඩියෝ කොපි එකේ කොලිටිය අන්තිමයි.හොද කොපියක් ආව ගමන් අප්ඩේට් එක දෙන්න.ස්තූතියි
Sameera
වීඩියෝ කොලිටි එක නම් අන්තිම සවුත්තුයි,ඕඩියෝ කොලිටි එක නම් අවුලක් නෑ.
මේක බෑවොත් එහෙම බාන ඩේටා ටිකත් අපරාදේ.
හොඳ කොපියක් එන කම් අතවත් තියන්නෙ නෑ.
ස්තූතියි සහෝ.
ජය.Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----sujeewa
බොහොම ස්තුතියි සබ් එකට හසන්ත අයියේ..දීලා තියෙන කොපියේ කොලිටිය හොඳයිද..?
නිර්මාණි විජේසිංහ
"හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්."
මේ කියලා තියන විදියටමයි ෆිල්ම් එක බැලුවෙ. ෆිල්ම් එක ගැන නම් කියලා වැඩක් නෑ. කාලෙකට පස්සෙ බලපු සුපිරි හිංදි චිත්‍රපටියක්. ඒ වගේම ඒකටම හරියන සුපිරි උපසිරසිය. කවුද හිතුවෙ හසා අයියාට මෙච්චර සුපිරියට හිංදි පුළුවන් කියලා. සබ් එක සුපිරියටම තිබුනා. බොහොම ස්තූතියි උපසිරසියට අයියෙ. ලිපියටත් තැන්කූ මයුර මෙයා. ජය.....
Hashen Andrew
143 නිර්මාණි.seriously
නිර්මාණි විජේසිංහ
?????
Vimukthi
ado wasi amma ela thank u umma <3
LSM HUSKAA
ela bro hindi baluwoth balanne me wge supiri kata vitarai br anakan idalama balanawa nattam aparade thnks mcho sub akata elw.
Sajeevi
Thanks
Nalin perera
ට හුඩු ඔයි!... හසාගේ වැඩක් නම් ලොවෙත් බැලිල්ලක් තමයි... ජය මා පුති...
:D
දමිත්
ස්තුතියි සහෝ..
ඔන්න බාගත්තා,
ජයෙන් ජයsuraj
thanks bro.. supiri wedak.. good luck!!!!
waruna
ගොඩක් ස්තුතිය.කොපිය කොහොමද?පැහැදිලිද
Chalana Rukshan
meke honda copyakata update denawane?
sudeera
පට්ටම වැඩක් හසා මාමේ සුපිරියටම තියෙනවා. හසා කරොත් පට්ටෙටම තියෙනවා කියලා දන්නවනේ එල. දිග කොමෙන්ට් එකක් දාන්න ඔනි නැ ආසිරියයි නිමොයි දාන්න ඔනි සුපිරියටම කොමෙන්ටුව දාලා. ලිපියටත් තුති මයුරයො... තව සබකින් හම්බ වෙමු.....
Sohan Jayasooriya
Thanx saho
mithun
මාස ගානක් බලම් උන්න මෙකෙ හොද කොපි එකක් එනකල් ගන්නෙත් නෑ කියල සබ් එක කොටල තියෙන්නෙ ඔර්ජිනල් ඩිවිඩි වලට නෙවෙ නෙද බලන්න පුලුවන් ද කොපි එක
සබ් දැම්මට ස්තුතියි අයියෙසචින් කෙවින්
අම්මෝහ් එනකන් බලන් හිටියේ. හොඳ ලිපියකුත් දීල තියෙනවා. උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල. Good Luck :)
Malindu Tharushan
Dannathi hinda ahanne
Oya desi-scr kiynne camera copy nemei neda?Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Luxman Nanayakkara
Niyamai. Bhashava hasuruva athi aakaaraya sith bandagannasului. Thank you. Nice subtitles and nice movie...
Indrajith
thanks for the subtitle
munasinghe
කස්ටියගේ කොමෙන්ට් කියවලම ස්ර්ප්යිස් වෙලා ඉන්නේ ම්ම්... මමත් බෑ ගන්නවා ඉස්තුති සැබට.'' ජයින් ජයම විවා ..පුතී...............''
Indumil
Thanks Saho
Ipsitha Sahan
Thank you
sadeesh
thank you saho...
keep it upkenzo
top top top top
Nelson
Good Work Friend
Thanks!!Pushpitha G Punchihewa
මෙව්වා මෙහෙම බලන්න බෑ.. හොද කොපියක් එනකම්ම ඉන්නවා...ස්තුති සහෝ සබට...ජය
Lankesh Wickramarathne
maga link walin ban ban ban ai aaa
Lankesh Wickramarathne
sub aka gan danwa film aka gan link ak wadana ban
Kamal
ෆිලුම නම් සුපිරි මචන්. ඒ වගේම ඔයා සබත් එලටම කරලා තිබුනා. මම බලපු එක කොලිටි මදි මචන්. ඒ නිසා ආවාම අප්ඩේට් පාරක් දාලා ඕන සබ හොඳේ. බොහොම ස්තුතියි සබ් එකට. ඔයාලා වගේ කැපකීරීම් කරන අය නිසයි මේ වගේ ෆිල්ම්ස් බලන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. බොක්කෙන්ම අගය කරනවා මචන් මේ කරන කැපකිරීම. ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ අප වෙත ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා...!!!
Kamal
ෆිලුම නම් සුපිරි මචන්. ඒ වගේම ඔයා සබත් එලටම කරලා තිබුනා. මම බලපු එක කොලිටි මදි මචන්. ඒ නිසා Blueray ආවාම අප්ඩේට් පාරක් දාලා ඕන සබ හොඳේ. බොහොම ස්තුතියි සබ් එකට. ඔයාලා වගේ කැපකීරීම් කරන අය නිසයි මේ වගේ ෆිල්ම්ස් බලන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. බොක්කෙන්ම අගය කරනවා මචන් මේ කරන කැපකිරීම. ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ අප වෙත ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා...!!!
SandaRu ShIck SHock
සබ් එකට ස්තුතියි සහෝ kaabil movie එකටත් සබ් හදල දෙන්න ජයින් ජය...
Dulanga
Thanks
Advertisement

නියමයි......... ජය බ්‍රෝ......