ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න මම අද සුපිරි තෙලිගු චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න තීරණය කලේ. මොකද ගොඩක් අය මේ චිත්‍රපටිය ඉලල්ලා තිබුණ එකක් නිසා. මෙච්චර කාලයක් සබ් එක කරන්න කාලය අර ගත්ත එකට සමාවෙන්න ඕනේ. විවේකයක් ලැබුන වෙලාවක තමයි ඉතින් පුළුවන් තරම් ඉක්…

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න මම අද සුපිරි තෙලිගු චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න තීරණය කලේ. මොකද ගොඩක් අය මේ චිත්‍රපටිය ඉලල්ලා තිබුණ එකක් නිසා. මෙච්චර කාලයක් සබ් එක කරන්න කාලය අර ගත්ත එකට සමාවෙන්න ඕනේ. විවේකයක් ලැබුන වෙලාවක තමයි ඉතින් පුළුවන් තරම් ඉක්මණට සබ් හදලා දෙන්නේ. මේක වෙනස්ම චිත්‍රපටියක් කියලා නම් කියන්න පුළුවන් , මොකද ඉතින් මේකේ මුලින් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන ගියත් පස්සේ එක පාරම වෙන අතකට හැරෙනවා. ඒකත් හිතාගන්නවත් බැරි විදිහට. මොකද කිව්වට තේරෙන්නේ නෑ නේද? ඒකට කමක් නෑ ඔයාලත් බලලම ඉන්නකෝ. මම මෙහෙම දෙයක් කියන්නම් , රජයක් වුනාම ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද , සේවාවාන් , ආධාර මුදල් ගැන අපි දන්නවා. හැබැයි ඒ දේවල් නොකර අසරණ ජනතාවගේ මූදල් දේශපාලකයෝ , මැති ඇමතිවරු එකතු වෙලා මහා පරිමාණයෙන් ඒවා වoචා කලොත් ජනතාවට අවශ්‍ය සේවය රජයෙන් සාධාරණ විදිහට ලැබෙයිද? 2018 වසරේ ජූලි 5 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටයට imdb මීටරෙන් 6.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන නළුවා ගැන කිව්වොත් අපි කා අතරෙත් ප්‍රසිද්ධ Gopichand ගේ සිනමා ජීවිතයේ , 25 වන චිත්‍රපටය තමයි මේ pantham කියන්නේ. මොනාවුනත් රගපෑම අතින් නම් චිත්‍රපටියට ලොකු සාධාරනයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි , සින්දු ගැනත් කියන්න ඕනේ , අතාරින්නම බැරි වුන නිසා ඒවත් උපසිරැසි ගන්වලා තමා සබ් එක කෙරුවේ.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. වික්‍රනාත් සුරානා(gopichand) කියන්නේ , ලෝකය පුරාම විහිදිලා තියෙන සුරානා ව්‍යාපාරයේ අයිතිකාරයෙක් වන ආනන්ද් සුරානගේ එකම පුතා. මෙයාගේ අම්මා සමාජ සේවයට ගොඩක් ලැදි කෙනෙක් ඒ නිසා එයා නමින් , දුර්ගාදේවි යන නමින් පදනමක් ආරම්භ කරනවා, ඒත් ආනන්ද් සුරානා(වික්‍රනාත්ගේ තාත්තා) මේ සමාජ සත්කාර වලට කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසාම , ඉන්දියාවේ මෙයාලගේ නමින් තියෙන හැම ව්‍යාපාරයක්ම වගේ ලන්ඩන් වලට අරන් යන්න ආනන්ද් සුරානා තීරණය කරනවා. ලන්ඩන් වල ව්‍යාපාර උසස් මට්ටමින් කරගෙන යන අතරතුරේ , දුර්ගාදේවි පදනමේ භාරකාරයගෙන් ආනන්ද් සුරානට කෝල් එකක් එනවා දුර්ගා දේවි පදනම ආරම්භ කරලා අවුරුදු 25 ක් වෙන නිසා උත්සවයක් ඉන්දියාවේ පවත්වන්න යනවා කියලා. ඒකට ආනන්ද් සුරානටත් සහභාගී වෙන්න කියලා පදනමේ භාරකාරයා කියනවා. ඒත් ආනන්ද් සුරානා මේ දේවල් වලට කැමැත්තක් නැති නිසා යන්නේ නැතිව ඉන්න තීරණය කරනවා. මේ කෝල් එක අහන් හිටපු වික්‍රනාත් සුරානා ඉන්දියාවට යන්න තීරණය කරනවා. හැබැයි ඉන්දියාවට ගියාම මෙයාට රජයෙන් ජනතාවට සිද්ධ වෙන අක්‍රමිකතා පිළිබදව දැන ගන්න ලැබෙනවා. ඒ අක්‍රමිකතා නවත්තන්න වික්‍රනාත් සුරානා වෙස්මාරුකරන් ඒ අක්‍රමිකතා වලට හේතුවෙන දේවල් වලට උත්තර හොයන්න මෙයා ගන්න උත්සහය තමයි කතාව පුරාම යන්නේ. මම කලින්ම කිව්වනේ , මේක මුලින් බැලුවට තේරෙන්නේ නෑ පස්සේ තමයි හැම දේම තේරෙන්නේ. එහෙනම් හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් , ආපහු ඉක්මණින්ම තවත් උපසිරැසියකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!
ඒ වගේම තමයි chamak 2017 චිත්‍රපටියේ උපසිරැසිය ඉක්මණින් යාවත්කාලීන කරලා ගේන්න මම බලාපොරොත්තු වෙනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper True HD පිටපත් සඳහා අදාළ වේ.
10,269 downloadsDownload Pantham-2018.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
34 comments
Kantha_DLA
madud
Ayogya film akata sub denne nadda denma
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට බොහොම තුති.සදා ජය.
biscopesara
Film 1 baaddi me wage kotu goddak enne ai? aluthin Baana vidiya kiynnako.log welawath bane ehema enawa.
Rumesh dhanushka
Thanks
nirodha uthpala
thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
gihan perera
ස්තුතියි සහෝ අලුත් ෆිලුමකට උපසිරැසි දුන්නට....escape plan 3 එකටත් ඉක්මනින් උපසිරැසි දෙන්න බලන්න සහෝ කවුරු හරි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
TharakaWAS
Thanks for sub bro...!!!
Thilina Jayarathna
thq maachan la .pulvnm film ekak kiynm man hina kala marenna pulvn
The Animal (2001)
mekta denna sub 1 yts eke tynva
pradeep hashan
sub ekata thanks
thilz
thank u so much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathuranga10001
''mapla singam'' mekata kohewath sub na...plzzz mekata sub karala dennako...
joliy_
Tnx bro niyama film ekk
T.M Ganeesha kalpani 000
I'm gohan. saksham movie eke sub nedda.
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum fear the walking dead eke ithuru seasin tikatath sub diynko bro
Pasindu Prabhash
සබ් නම් හොදා හැබැයි සබ් එක ඩවුත්ලෝඩ් කරන එක තමා එපාවෙත්නෙ.
pradeepravindra
Baiscopelk එකේ රෙජිස්ටර් වෙන්න
dhanukamaknew
meka kohewath nane bro download karagnna. man kiwwe film eka
pradeepravindra
" baiscopedownload " මේ වෙබ් සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න
pradeepravindra
" baiscopedownload " මේ වෙබ් සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න
Kalanacosta
Ela thanks
Bandarajbandara
ස්තුතියි ජයවේවා
D.Chamara
bohoma sthuthi sahooo jaya
Chandi
Thenk you bn
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා සිංහල උපසිරැසියට,...ජයවේවා !!
N_R
Thank You.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!Chandima1996
Meka openload walinwath usersdrive walinwath download wen nane
Thanks oi, Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Prasadmdrnga01
Thanx bokka... puluwnnan kalyanramge aluth 118 ekt sub ek dynko
sajithkalpa
Thanks brother
Anonymous
Thank u
Anonymous
thank u very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..