මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Sherlock Jr. (1924) අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්…./ Sunrise, A Song of Two Humans (1927) ඔබත් මමත් ඇයත් තිදෙන….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන්…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Sherlock Jr. (1924) අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්…./ Sunrise, A Song of Two Humans (1927) ඔබත් මමත් ඇයත් තිදෙන….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මේ උත්සාහය කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මුත් ලෝක ඉතිහාසයේ නමක් රැන්දූ විශිෂ්ට සිනමා සිත්තම් කීපයකටම උපසිරැසි රැගෙන ඒමටයි. දෙබස් අඩුවෙන් තිබුනත්, ඒවාටත් උපසිරැසි නිර්මාණය කලේ කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගව ගිය මෙවන් විශිෂ්ට නිර්මාණ නැවතත් සිනමාලෝලීන්ගේ මතකයට රැගෙන ආ යුතු වූ නිසාවෙන්මයි. හොඳ සිනමා නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නේ නෑ…. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන්නෙ ඒ නිසයි. මේ උත්සාහය කාලයේ වැලි තලා අතරේ මැකී ගිය එවන් විශිෂ්ට සිනමා සිත්තම් කීපයකටම නැවත පන දීමටයි. එහි දෙවන අදියර ලෙසින් මෙසේ විශිෂ්ට වූ සිනමා සිත්තමක උපසිරැසියක් ඔබ වෙතට ගෙන එනු ලබනවා…
මේ අපූරු සිනමා සිත්තම Imdb වර්ගීකරණයට අනුව 8.1ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 216 වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 98%ක්.ඒ වගේම මේ සිනමා සිත්තම ලොව වටා සිනමා සම්මාන උළෙලවල් හිදී සෑහෙන වතාවක් සම්මානයට පාත්‍ර වෙලත් තියෙනවා. මේ සිනමා සිත්තම සැලකෙන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ නිපදවුන විශිෂ්ටතම සිනමා සිත්තමක් හැටියටයි. මේ සිනමා සිත්තම නිර්මාණයේදී කිසිදු නලුවෙකුගේ හෝ නිළියෙකුගේ මුහුණු වලට කිසිදු ආකාරයක මේක් අප් භාවිතයක් සිදු කර නැහැ. මොකද අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය වෙලා තියෙන්නෙ 100%ක්ම ස්වාභාවිකවම මුහුණේ සියලු හැඟීම් ඉරියව් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමටයි. ඒ වගේම ඒ යුගයේදී වෙනස්ම ආකාරයේ කැමරාකරණ අත්දැකීමක් වූ සමීප රූප රාමු (Close Ups) හරහා අධ්‍යක්ෂකතුමා ඒ මුහුණු වල දැක්වෙන හැඟීම් යොදා ගනිමින් අපේ හැඟීම් සමග මොනතරම් නම් අපූරුවට සෙල්ලම් කරනවාද යන්න විඳ ගන්නටයි මේ ආරාධනය. දැන් හිතාගන්න පුලුවන්නෙ මේක කොහොම සිනමා සිත්තමක්ද කියලා. වාසනාවන්තයෝ නරඹත්වා…..
මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික වීරවරියක් වූ ආර්ක් හි ජෝන් එහෙමත් නැත්තං ජෝන් ඔෆ් ආර්ක් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමෙන් පසුව සිදුකල, අවසානයේ ඇයට මරණීය දණ්ඩනය හිමි කර දෙමින් අවසන් වූ ඉතිහාසයේ සිදු වූ අපකීර්තිමත්ම නඩු විභාගයක වූ සැබෑ ලිඛිත සාක්ෂි මතයි. ආපහු වතාවක් මතක් කරන්නම් මේ සිනමා සිත්තම පුරාවටම නලු නිළියන්ගේ මුහුණු වල ඉරියව් හැඟීම් හොදින් බලා ඉන්න. රසවිඳින්න…. ඔබට වෙනස්ම සිනමා රසවින්දනයක් උරුම කර ගැනීමට වාසනාව ලැබේවි.
කාලයේ වැලි තලයෙන් වැසී ගිය තවත් මෙවැනිම වූ විශිෂ්ට සිනමා පටයක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු….!
ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.
1,486 downloadsDownload THE-PASSION-OF-JOAN-OF-ARC-1928.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
45 comments
Udaya Saman
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
Shamal manojan
ඔබගේ මෙම උපසිරැසියට මාගේ ස්තූතිය. හැකි තරම් පැරණි චිත්‍රපට සඳහා උපසිරැසි ගන්වන ලෙස මා යළිත් ඔබගෙන් ඉල්ලා සිටිනවා.
මඟහැරුණු චිත්‍රපට පවසන ලෙස ඉල්ලා සිටි නිසා මා එක් චිත්‍රපටයක් කියන්නම්. හැබැයි ඒක 90 ගණන් වල. Titanic චිත්‍රපටයේ ප්‍රධාන නළු Leonardo Dicaprio රඟපාපු Romeo Juliet 1996 චිත්‍රපටය. හැකිනම් උපසිරැසියට නඟන්න. 1968 චිත්‍රපටයක් ද තියනවා.
madusrp1
Aniwa mat kiyana e film ekata sub eka denna
හසිත මධුෂාන්
පෞද්ගලිකවම මමත් සෑහෙන්නම කැමති කවදාවත්ම ඩිලීට් නොකරන ෆිල්ම් එකක්.....
ඩිකැප්රියෝගෙ ඇක්ටින්, නවීන ලෝකෙ රැඩිකල් රෝමියෝ කෙනෙක්, ඒ මදිවට ජුලියෙට්ගෙ ලස්සන....
දැනට බාරගෙන තියෙන සබ් ටික ඉවර කරලා මේක කරන්නම් සහෝ....
Krishan NiShalya
බොහොම ස්තූතී සහෝ..
Imdb Top250 ම අරන් තියෙන්නෙ සයිට් එකෙ නැති ෆිල්ම් වලට පුළුවන් තරමක් සබ් දෙන්න..Good Luck ❤️✌️
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
Hashan M. Priyadarshana
තෑන්ක් යූ බ්‍රෝ සබ් එකට....
ජය වේවා.!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
malinda0138
සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
tharindu gunarathna
Stalker, Barry Lyndon, Trainspotting (1996) Amadeus (1984)
හසිත මධුෂාන්
මේ ෆිල්ම් 4ම මම තාමත් බලල නෑ සහෝ....
බලලම කියන්නම් සහෝ කොකොමද කියලා...
kokila harshani
බොහොම ස්තූතියි උපසිරසියට.. දිගටම මේ වගේ වටිනා චිත්‍රපට වලට සබ් දෙන්න....
ජය...!!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි....!
Tharaka
thanks.....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
thushararox
අයියෙ ලොකු උදව්වක් පුලුවන්නම් The Aviator (2001) ,2012 (2009-අර ලෝක විනාසෙ ෆිල්ම් එක) දෙකට සබ් දාන්නකො.
සයිට් එකේ 2012ට සබ් දාල තියෙනව හැබැයි තැනින් තැන බාගෙට හදපු එකක්
පීස් ඔය දෙක දෙන්නකො .thushararox
අයියෙ ලොකු උදව්වක් පුලුවන්නම් The Aviator (2001) ,2012 (2009-අර ලෝක විනාසෙ ෆිල්ම් එක) දෙකට සබ් දාන්නකො.
සයිට් එකේ 2012ට සබ් දාල තියෙනව හැබැයි තැනින් තැන බාගෙට හදපු එකක්
පීස් ඔය දෙක දෙන්නකො.හසිත මධුෂාන්
Aviator, ඩිකැප්‍රියෝගෙ ඔස්කාර් සම්මානම 5ක් ගහපු පට්ටම ෆිල්ම් එකක්. මගෙ එකතුවෙත් කවදාවත්ම අයින් නොකරන ෆිල්ම් එකක්. දැනට බාර ගත්තු සබ් ටික ඉවර කරලා මේකට සබ් එකක් හදන්නම්.
2012, රොයිලි මුල් කාලෙ හදපු සබ් එකක්. මේ ගැටලුව ගැන මම එයාව දැනුවත් කරන්නම්.
බොහොම ස්තූතියි සහෝ....!
sampath077
thanx machan me wage hoda film walata sub denawata
puluwan nam 'CITIZEN KANE 1941' film ekata sub denna
ekath supiri film ekak
thx...හසිත මධුෂාන්
Citizen kane සබ් එක දෙන්නම් සහෝ...
හැබැයි තව ටික දවසක් ගත වේවි.
දැනට බාර ගත්තු සබ් ටික ඉවර කරලා ඒක හදන්නම්.
Bandara76
කාලයේ වැලි තලයෙන් වැසී ගිය තවත් මෙවැනිම වූ විශිෂ්ට සිනමා පටයක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු….!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
Priyantha Dayakeerthi
හසිත මධුශාන් සොයුර,
ඉතා වටිනා කලාත්මක සිනමාපටයක්. මේ ගැන ලිපියක් සහිත සිනමාවිචාරණ පොතක්ද මා ළඟ තිබෙනවා. මෙය අනිවාර්යයෙන් නරඹනවා. මීට කලින් ඔබ උපසිරසි ලබාදුන් Sherlock Jr. 1924, Sunrice සහ A Song Of Two Humans 1927 යන සිනමාපට දෙකද මා නැරඹුවා. ඒවාටත් ස්තුතියි! ඔබට හැකිනම් පැරණි එකළ ඉතාමත් ජනප්‍රිය සිනමාපටයක් වූ Spartacus (1960) එකට සිංහල සබ් දෙන ලෙස මා යෝජනා කරනවා. එයට කැමති විශේෂ රසිකයන් පිරිසක් ඉන්නවා. එය YTS.LT වෙබ් අඩවියෙන් ෆිල්ම් එක සහ ඉංග්‍රීසි සබ් එක්ක ගන්න පුළුවන්. ස්තුතියි ඔබේ වෙහෙසට. ඔබට ජය!!!හසිත මධුෂාන්
ඔබතුමා කරපු සබ් එක මගෙත් එක්ක බෙදා ගත්තට බොහොමත්ම ස්තූතියි. Citizen Kane එකෙන් පස්සෙ සබ් එක හදමු....
rusidh
thanks for sub .. cleopatra 1963 meke sub akath karanda
Priyantha Dayakeerthi
Cleopatra (1963) මෙම පැරණි සිනමාපටයට සිංහල සබ් එක දැනට ලංකාවේ කෙනෙක් කරලා තිබෙන්නේ. ඔබට අවශ්‍ය නම් මේ අංකයට කතා කරලා ලබාගන්න පුළුවන්. 0714510793
හසිත මධුෂාන්
සබ්එක කරලත් නං තියෙන්නෙ අපි හැමෝටම ඒක ගන්න පුලුවන් විදියට බයිස්කෝප් අඩවියේ පලකලොත් හොඳයි නේද Priyantha Dayakeerthi?
thusithaltr
විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ මෙවන් නිර්මාණ සඳහා උපසිරැසි යෙදීමෙන් ඔබ කරන්නා වූ මෙහෙය අනගියි.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
gimhan sadruwan
sho mewage film walath sub haduwata awlik na. ath sho tawa new released film tynwa awtath sub hadpn sho crime seen tyn film tynwa awa ta sub dalla diyn plzzzz. sirawatma mee wage film wadiya blanne na ne sho kawruth akei
හසිත මධුෂාන්
අදහසට බොහොම ස්තූතියි සහෝ....! සහෝ අලුත් ෆිල්ම් වලට කැමතියි වගේම පරන ෆිල්ම් වලට කැමති පිරිසකුත් අපි අතරේ ඉන්නවනෙ සහෝ... සංඛ්‍යාත්මකව අඩු උනත් අපි එයාලගෙ කැමැත්ත වෙනුවෙනුත් කාලය ටිකක් වෙන් කලාට කමක් නෑනෙ නේද සහෝ....?
Ashen Weerasinghe
thanx bro sub ekata , puluwannam fighter in the wind film ekata hoda sub ekak denda plz ,
හසිත මධුෂාන්
ඒකට සබ් එකක් දීල තියෙනවනෙ සහෝ.....!
AsithaDilruwan
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KASTAL
hasitha madushan oya sub dena film maru.aththatama e wage film balanna mama harima asae.denna e wage parana ,onama basawaka film ...jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...
kastal srilal............
Jude Fernando
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
තරහා වෙන්නෙ නැත්නම් පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මෙයා "ජෝන් ඔෆ් ආර්ක්" නෙවේ. "ජොඈන් ඔෆ් ආර්ක්" ඒ වගේම මෙතුමිය කතෝලික සභාවේ සාන්තුවරියක් විදියට පිළිගන්නවා.
Joan - ජොඈන්
John - ජෝන්හසිත මධුෂාන්
සමා වෙන්න සහෝ අදයි දැක්කෙ.
සහෝ නිවැරදියි. නිවැරදි උච්චාරණය ජොඈන් විය යුතුයි. වරද පෙන්වා දුන්නාට බොහොමත්ම ස්තූතියි.
නමුත් සාමාන්‍ය උච්චාරණයේදී බොහෝමයක් තැන්වලදී මෙන්ම සිංහලෙන් පලවෙලා තියෙන ලිපි වලත් නම සදහන් වෙලා තියෙන්නෙ ජෝන් විදියටයි. ඒ නිසා වගේම කියවාගැනීමේ පහසුවත් වෙනුවෙනුයි ජොඈන් වෙනුවට ජෝන් කියන නම භාවිතා කලේ.
ඇයගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමෙන් වසර ගනනාවකට පසු එවකට සිටි පාප් වහන්සේ ප්‍රමුඛව පැවැත්වූ විශේෂ විමර්ශනයකින් අනතුරුව ඇයව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලබනවා. ඒ වගේම ඇයව ශාන්තු වරියක් හැටියටත් පිළිගනු ලබනවා. අන්තර්ජාලයේ මේ පිළිබඳව සෑහෙන කරුණු සඳහන් වෙනවා.
ඔබට බොහොම ස්තූතියි සහෝ අඩු පාඩුව පෙන්නලා දුන්නට....
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ.
හසිත සහෝ හැමදාමත් උපසිරැසි දෙන්නේ ගුණාත්මක අතින්ඉහල චිත්‍රපටවලටයි.
ජයෙන් ජයWaruna Kamalawansha
මේක පට්ට..... බොහෝම ස්තූතියි උපසිරැසියට.
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Passion of Joan of Arc (1928) AKA La passion de Jeanne d’Arc Sinhala Subtitles | ගලවා ගනු මැන මා, දෙවිඳුනි….! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/THE-PASSION-OF-JOAN-OF-ARC-1928.jpg)
පලවෙනි කමෙන්ටුව මගෙන්.උපසිරසියට බොහොම තුති අයියේ.