Watch Trailer

Papillon (1973) with Sinhala Subtitles | නිදහස සොයාගිය නිර්භීත මිනිසෙකුගේ සත්‍ය කථාව [සිංහල උපසිරැසි සමඟ]

පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවය මැද මිත්‍රත්වයේ යහගුණයෙන් තම අරමුණ ඉටු කර ගන්නා නිර්භීත මිනිසෙකු ගැන කියැවෙන සංවේදී කථාවකි මෙය. 1970 දශකයේ සිටි ජනප්‍රියම මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනකු වන ස්ටීව් මැක්කුවීන් (The great escape)හා ඩස්ටින් හෝෆ්මාන් (The Graduate)රංගනයෙන් දායක වන සිරෙන් පැනයාම පිළිබඳ සත්‍යම…

Papillon-(1973)

 

පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවය මැද මිත්‍රත්වයේ යහගුණයෙන් තම අරමුණ ඉටු කර ගන්නා නිර්භීත මිනිසෙකු ගැන කියැවෙන සංවේදී කථාවකි මෙය.

1970 දශකයේ සිටි ජනප්‍රියම මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනකු වන ස්ටීව් මැක්කුවීන් (The great escape)හා ඩස්ටින් හෝෆ්මාන් (The Graduate)රංගනයෙන් දායක වන සිරෙන් පැනයාම පිළිබඳ සත්‍යම වූ කථාවක් රැගත් සිනමා සිත්තමකි.

මේ සිනමාපටය පිළිබඳව මගේ මතකයට නැගුනේ නැවත වරක් නව නිෂ්පාදනයක් ලෙස නිර්මානය කරන බවට දක්නට ලැබුනු ප්‍රවෟතියක් නිසයි.  මගේ මතය නම් බොහෝ නව නිෂ්පාදන (RE-MAKE) පලමු සිනමා පටයේ තිබූ රසය එලෙසින්ම ගෙන ඒමට අසමත් වී ඇති බවයි. බොහෝ විට දක්නට ලැබෙන්නේ නව තාක්ෂනික ප්‍රයෝග පමණයි.

කථාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම්, තම පපුවේ සටහන්ව ඇති සමනලයකුගේ පච්ච සලකුණ නිසා පැපිලොන් ( ප්‍රංශ බසින් සමනලයා ) යන අන්වර්ථ නාමය ලැබු “හෙන්රි චාරිරේ” නැමැත්තා, තමා නොකල මිනීමැරුමකට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියම වන අතර ප්‍රංශ ගයානාවේ දූපතක ඇති අති දරුණු සිරගෙදරකට නැවකින් යවනු ලබයි.  මෙම නැවේදී ඔහුට, බැංකු වංචාවකට වැරදිකරු වී, ඔහු මෙන්ම සිරයට නියම වූ ලුවිස් ඩේගා නැමැත්තා මුණ ගැසේ. මෙහිදී ඇතිවන යම් යම් සිද්ධි නිසා දීර්ඝකාලීන දැඩි මිතුදමක් ඔහුන් දෙදෙනා අතර ඇති වේ.

දුපතේ සිරගෙදර පවත්නා අති දුෂ්කර මෙන්ම අති භයංකර තත්වය මත පැපිලෝන් තම මිතුරාගේද උදව්වෙන් සිරගෙයින් පැන යාමට සැලසුම් කරයි. ඔහුගේ පලමු උත්සහය අසාර්ථක වන අතර, ඒ හේතුව මත වසර දෙකක් හුදකලා සිරකුටියක අඳුරේ සිරකර තබයි. මෙ කාලය අවසන් කර පැමිනෙන ඔහු ගන්නා දෙවන උත්සහය සාර්ථක වේ. මධ්‍යම ඇමරිකාවේ ඉන්දියානු ගෝත්‍රික ජන කොට්ඨාශයක් සමග සතුටුදායක ජීවිතයක් ගතකලත් අවසානයේ සිදුවන පාවාදීමක් හේතුවෙන් නැවත අත් අඩංගුවට පත් වේ. මෙවර දඬුවම වශයෙන් වසර පහක් හුදකලා සිරකුටියට සීමා කරන ඔහු, එම කාලය අවසන්වූ වහාම නැවතත් පැන යාමට ගන්නා උත්සහය සාර්ථක වන අතර ……

එහෙනම් නැරඹු කෙනෙකුට බොහෝ කාලයක් මතකයේ රැඳෙන මෙම සිනමා පටය නරඹා, උපසිරැසියේ යම් අඩු පාඩුවක් ඇතොත් මා දැනුවත් කරන්න.

 

ස්තුතියි

 

 

 

 

 

Papillon (1973) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Papillon (1973) [1080p] [YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,689 downloadsDownload Papillon-1973Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

3,689 downloadsDownload Subtitles31 KB

17 comments

  1. Rumesh Nilantha Jayaweera

    Thank for sub....good luck

  2. Rumesh Nilantha Jayaweera

    Me wage parana supiri film balanna asai dear........€€€€...1080p dunnata special thanks...

  3. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි! ජයෙන් ජයම වේවා!

  4. Dulanga

    Thanks

  5. Withanage Priyantha Dayakeerthi

    හොඳ ෆිල්ම් එකක් වගේ, නරඹලා අදහස් දක්වන්නම්. ඔබ කරනා උපසිරසි මා විශේෂයෙන්ම බලනවා. ස්තුතියි!

  6. Kulanjana Maduranga

    niayamai…thanks SIRIJAYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Asitha

    ela thanks

  8. praneeth madu

    ela bn keep going

  9. Udara Damith B\K

    බො
    හෝ
    ම

    ස්තූ
    ති
    යි

    උ
    ප
    සි
    රැ
    සි
    ය
    ට

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. NCJD

    දැන් එතකොට ස්ටීව් මැක්වින් රඟපෑවේ හිරෙන් පැනල යන කතාවල විතරද? හාහා. ග්‍රේට් එස්කේප් බැලුවා. නියමම කතාවක්. ඒත් අවසානය??? කණගාටුදායකයි.

  12. Chamika

    කියන්න තියෙන්නේ සුපිරි කියලා.

  13. Madusanka

    Thanks bro

  14. Waruna Kamalawansha

    පැරණි රසංගයක්... බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. sanjeewakbg

    thanks bro....

  16. syd

    me sub eka wada na ne

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කරලා තියෙන්නේ..නැවත උත්සාහ කරන්න