මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” BARAKA (1992) ඉරා අඳුරු පට… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවටම ව…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” BARAKA (1992) ඉරා අඳුරු පට… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු පලස්තීන සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…
පලස්තීන සිනමාව ලොවට ගෙනගිය මැජික් සිනමාකරුවා එහෙමත් නැත්තං “Hany Abu-Assad”ම ලියලා අධ්‍යක්ෂණය කරපු මේ සිනමා සිත්තමට ඊශ්‍රායලයෙන් වගේම පලස්තීන සටන්කාමීන්ගෙන්ද එල්ල උනේ බලවත් විරෝධයක්. ඊශ්‍රායල ආරක්ෂක වළලු ආසන්නයේ බිම්බෝම්බ වැපිරූ බිමක සුවහසක් තර්ජන ගර්ජන මැද රූගත කෙරුන මේ සිනමා සිත්තමේ දර්ශන තලයට වරක් ඊශ්‍රායලය විසින් සිය හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් රොකට් ප්‍රහාරයක් පවා එල්ල කලා. තවද පලස්තීන සටන්කාමීන් විසින් මේ සිනමා සිත්තමේ පසුතල සැකසුම් ප්‍රධානියාව පැහැරගෙන ගිය අතර අවසානයේ ඔහුගේ දිවි බේරා ගැනුනේද එවකට පලස්තීන ජනාධිපතිවරයා වූ යසර් අර්ෆත් මහතාගේ පවා මැදිහත්වීම මතයි. ජීවිත ආශාව නිසාම බොහෝ කාර්මික ශිල්පීන්, නිර්මාණකරුවන් මේ නිර්මාණය අතර මගදී හැර ගියා. නමුත් අවසානයේදී මේ සිනමා නිර්මාණය නතරවෙන්නෙ ඒ අවුරුද්දෙදි ඔස්කාර් (Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe)සම්මාන උළෙල ද්විත්වයේදීම හොඳම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානයට නිර්දේශ වෙමින් සහ ඒ අතුරින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම විදෙස් භාෂා සිනමාපටයට හිමි සම්මානයත් දිනා ගනිමින්. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායල රජයේ දැඩි විරෝධතා හා වාරණයන් හමුවේ උවත් ලොව පුරා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කරමින් විවිධාකාරයේ සම්මානයන් 13ක් ජයග්‍රහණය කරමින් සහ තවත් සම්මානයන් 17කට නිර්දේශ වන්නටත් මේ සිනමා සිත්තම වාසනාවන්ත වනවා. පලස්තීන ඉතිහාසයේ අන්තර්ජාතික ප්‍රධාන සිනමා සම්මානක් සදහා නිර්දේශ වූ සහ දිනාගත් පළමු සිනමා නිර්මාණය බවට පත් වූයේ දහසක් දුක් කම්කටොලු බාධා සහ වාරණයන් මද්‍යයේයි. සරළවම කිව්වොත් පලස්තීන සිනමාව කියා දෙයක් තිබෙන බව ලොවට කියාපෑ සිනමා සිත්තම බවට පිළිගැනෙන්නේ මේ සිනමා සිත්තමයි.
2014 අවුරුද්දෙදි ඔස්කාර් (Oscar) සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ උන “Omar අහස කඩා වැටේ“ ෆිල්ම් එක බලලා ටිකක් වෙලා ඇස් අදහ ගන්න බැරිව ඉදියට පස්සේ මේ පිස්සු අධ්‍යක්ෂක කාරයගෙ වෙන මොනවද තියෙන ෆිල්ම් කියලා හොයන්න ගිහිල්ල තමයි පෞද්ගලිකවම මමත් මේ සිනමා සිත්තම ගැන දැන ගත්තෙ. පස්සෙ තමයි දැන ගත්තෙ “Hany Abu-Assad ” අධ්‍යක්ෂක තුමා කියන්නෙ සම්මාන පිට සම්මාන ගහපු පලස්තීන සිනමාව ලෝකෙට ගෙනියපු අති දක්ශයෙක් බව. Imdb දර්ශකයේ 7.4 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 89% ලබාගත්තු මේ අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!
” මිතුරන් දෙදෙනෙකුගේ,
මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ,
ප්‍රංශ යුවතියකගේ,
ත්‍රස්ත නායකයෙකුගේ,
ජීවිත දෛවෝපසහගත ලෙස එකට බැදී පැවතුනේ
පලස්තීන සටන්කාමීන්ගේ,
සහ
ඊශ්‍රායල හමුදා සෙබලුන්ගේ
නොනවත්නා වෛරී සංග්‍රාමයක් සමඟයි…
සතුරන්, මිතුරන් සහ පාවාදෙන්නන් අතරේ දිවගිය ලොවට නොකියූ කතාවක්,
අවසරයි නරඹන්න ” පාරාදීසය ගිනිගනී…! “
පලි,
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
දෙවන ලෝක යුධ සමයේ සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරු කර ගනිමින් ලියැවුන, සුවහසක් ශ්‍රී ලාංකිකයින් ඇතුලු ලොව පුරා පාඨකයින් විසින් ආදරනීයව වැළඳ ගත් කෘතියක් ඇසුරින් නිමැවුන සුප්‍රසිද්ධ රුසියානු සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු…
ඔබට ජය…!
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL / WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
2,232 downloadsDownload Paradise.Now_.2005.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
21 comments
Supun Kaushalya
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Old is gold!
This is also good film.
I really appreciate your service!Priyantha Dayakeerthi
හසිත මධුෂාන් සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! මෙය හොඳ ෆිල්ම් එකක් වගේ. බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා. මම මීට පෙර ඔබට සම්මානලාභී සිනමාපට සඳහා සබ් කරන ලෙස යෝජනා කළා. දැන් බලන්න මෙය ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට, ඔබට ජය!!!Bandara
මෙච්චර මහන්සිවෙලා හොයාගෙන එන මෙවැනි චිත්‍රපටි නොරඹන රසිකයින්ගේන් මම අහන්නෙ..... "මේ දැස් කුමටද"?
Anonymous
Jaya
කවිඳු ජයවර්ධන
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
indika 75
thanks..
Mohotti H
සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා ගොඩක් ස්තුතියි
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kushan
Elama
Shehan
Sub eka supiri
Fulmetal alchemist series ekatath sub oneeහසිත මධුෂාන්
ජපන් මන්ගා සීරීස් එකක් නේද...?
ටීවී සීරීස් නම් බැලෙනවා හරිම අඩුයි මට තියෙන වෙලාව අඩු කම නිසාම.
අපි බලමු ඉස්සරහදි...
Geethi
Thank you very much.
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හසිත මධුෂාන්
එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර වෙන්න තරම් කාර්යබහුල නොවුන හැම කෙනෙක්ටම, බොහොම ස්තූතියි....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Hasitha Erathna
මට සෙට් වෙන ෆිල්ම් එකක් හොයාගන්න නම් ලේසිම ක්‍රමය තමා "හසිත මධුශාන්" කියලා search කරන එක. මෙයා දාන ෆිල්ම් ඔක්කොම සුපිරිම වෙනත් රටවල් වල ඒවා.. මාත් එහෙම දෙකකට sub දැම්ම.. අනිත් අයත් වෙනත් භාෂා වල ෆිල්ම් වලට sub දාන්න හසිත මධුශාන් වගේ . එතකොට ඒ රටවල් වල විදිහ අපට දැනගන්න පුළුවන්. ස්තුතියි සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සහෝ