මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ 15 MINUTES OF WAR (2019) මරු සිටින මානයේ…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ 15 MINUTES OF WAR (2019) මරු සිටින මානයේ…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මානය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නාවූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ පලස්තීනියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.5ක් Rotten Tomatoes වර්ගීකරනයේ 89%ක් ලබා ගත්තු මේ සිනමා සිත්තම ” Hany Abu-Assad ” අධ්‍යක්ෂකතුමාගේ සිතේ එක්තරා රැයකදී මැවුන අදහසක් අනුව පැය හතරක් තුලදී කතාවේ කටු සටහනක් නිර්මාණය කරගෙන පසුව දවස් හතරක් තුලදී මේ සිනමා සිත්තමේ සම්පූර්ණ තිර පිටපතම ලියා අවසන් කර තිබෙනවා. අවසානයේ එදා ඒ රැයේදී සිතේ මැවුන ඒ අදහස නතර වන්නේ 2014 වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා සිනමා පටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශිත අවසන් සිනමා පට පහ අතරටත් එක් වීමෙනුයි. එපමණකින් නොනැවතී 2013 වසරේදී පැවති ආසියානු – පැසිෆික් සිනමා සම්මාන උළෙලේදී හොදම සිනමා සිත්තම වශයෙනුත්, 2013 වසරේ කැනාස් සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකයටත් පාත්‍ර වීමෙනුයි. මේ සිනමා සිත්තම ලබාගත් සහ නිර්දේශ උන සම්මාන උළෙලවල් සහ සම්මාන ලැයිස්තුව ලියන්න ගියොත් එහෙම මේ ලිපියෙ දිග මදි වෙන නිසා ඒ කතාව මෙතනින් නවත්තන්නම්.
ඩේටා කාර්ඩ් දාගෙන අමාරුවෙන් තෝරා බේරාගෙන ෆිල්ම් බාන අයත් ඉන්න නිසා මම මෙහෙම කියන්නම්. පෞද්ගලිකවම මම මේ අවුරුද්දෙදි බලපු ෆිල්ම් වලින් තවමත් මගේ හොඳම එක මේ ෆිල්ම් එකයි. අවංකවම කිව්වොත් ෆිල්ම් එක ඉවර වෙලත් විනාඩි පහක් විතර යනකල් මේ මොන මල හත් ඉලව්වක්ද යකෝ මේ උනේ කියලා මමත් ගල් ගැහිලා බලන් හිටියා. පුංචි අවවාදයක් දෙන්නම්, කුතුහලය මොන තරම් උපරිම උනත් මොනම හේතුවක් නිසාවත් මේ ෆිල්ම් එකේ අවසානය බලලා මුල බලන්නවත්, කෑලි ඇර ඇර ඉස්සරහ බලන්නවත් යන්න එපා. කාලෙකින් ඔලුව කරකවලා අතාරින නියපොතු හප හපා ඉබේම පුටුවේ හිටවෙන ජාතියේ ෆිල්ම් එකක් බැලුවෙ නැත්නම් මෙන්න ඒකට හොඳම අවස්ථාව.
මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. මම පුංචි ප්‍රශ්නයක් අහන්නං, “අප්‍රිකාවෙ දඩයක්කාරයො වඳුරො අල්ල ගන්නෙ කොහොමද කියලා දන්නවද?” පුලුවන් නම් මේ ෆිල්ම් එක ඉවර වෙනකොට ඇත්තටම දඩයක්කාරයා කවුද වඳුරා කවුද කියලා හොයා ගන්න උත්සාහ කරන්න. මම මීට වඩා නං වැඩේ ලේසි කරන්නෙ නෑ. ෆිල්ම් එක බලලා උත්තරේ හොයා ගන්න බැරි උනොත් ඇවිත් කමෙන්ට් එකක් දාල යන්න. තවත් දෙයක් මේ ෆිල්ම් එක දිහා හොඳ අවධානෙන් බලන් හිටියොත් ෆිල්ම් එකේ උඩින් අපිට පෙන්නන කතාවට අමතරව ඊශ්‍රායල යටත්විජිතවාදී පාලනයටත් අනෙක් පසින් පලස්තීන විමුක්තිකාමීන්ටත් ඇගට පතට නොතේරෙන්න හීනියට ඔලුව අත ගගා ටොකු අනින හැටි ලස්සනට බලා ගන්න පුලුවන්.
” සිය මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදි දේශප්‍රේමීන් පිරිසක්….
ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදි ඊශ්‍රායල විශේෂ නියෝජිතයෙක්….
උපන්දා සිට එකටම සිටි සටන්කාමීන් තිදෙනෙක්….
එකම මලකට පෙම් බැඳි මිතුරන් දෙදෙනෙක්….
පලස්තීන විමුක්තිකාමී සංවිධානයක්….
වෙස්වලාගත් ඊශ්‍රායල රහස් පොලිස් නිළධාරියෙක්….
බේකරියක සිටි පිටි අනනා කොලුවෙක්….
සැඟවුණු පාවා දෙන්නෙක්….
ද්විත්ව ඔත්තුකරුවෙක්….
ඊශ්‍රායල හමුදා මුර පොළකට නොසිතූ මොහොතක එල්ල වන ප්‍රහාරයක්….
වසර දෙකකට පසු හෙලි වන රහසක්…
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන් සහ……
ආත්මාර්ථකාමී වූ දේශ ද්‍රෝහීන්….
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන එක්තරා ආදර කතාවක්…..
අවසරයි නරඹන්න, ” අහස කඩා වැටේ….. “
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. වාසනාවන්තයෝ නරඹත්වා….! මම බලාපොරොත්තු කඩ කරල නං පහලින් තියෙනව කමෙන්ට් තීරුව… ඇවිත් කැමති තරමක් බැනල යන්න පුලුවන්.
තවත් වෙනස්ම විදියේ ඊශ්‍රායල සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය…!
ප.ලි .
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
4,108 downloadsDownload Omar.2013.Baiscopelk.com_.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
73 comments
Pissu-pusa
Priyan Chngd
ඔව් මම බැලුවා
සුපිරියිපොඩ්ඩක් වැද්දයි වඳුරයි නම් තේරුන් නෑ..
හසිත මධුෂාන්
මෙහෙමයි සහෝ, අප්‍රිකාවෙ වදුරු දඩයක්කාරයෝ කැලේ තැන තැන නිකම්ම සීනි කැට දාල තියලා තියෙනවා. ඒ සීනි කැට කාලා සීනි රහට වහ වැටෙන වදුරෝ දිගටම සීනි හොයාගෙන එනවා. අන්න එතකොට දඩයක්කාරයො කරන්නෙ පොළොවෙ අතක් විතරක්
දාන්න පුලුවන් වෙන ගානට හීනි ගුලක් හාරලා ඒක ඇතුලට සීනි කැට දාල තියන එක. එතකොට අර සීනි පෙරේතකමේ එන වදුරෝ ගුලට අත දාලා ඒ සීනි කැටේ මිට මොලවලා අල්ල ගන්නවා. හැබැයි එතකොට නං ඒ හීනි ගුලෙන් වදුරන්ට අත එළියට ගන්න
බැරි වෙනවා. දඩයක්කාරයො තමන්ව අල්ල ගන්න ලගට එන බව දැක දැකත් සීනි කැටේට පෙරේතකමේ ඉන්න වදුරෝ සීනි කැටේ අත අරින්නෙ නෑ. අන්තිමට වෙන්නෙ සීනි රහට ලෝබ උන වදුරෝ බොහොම පහසුවෙන්ම දඩයක්කාරයින්ගෙ ගොදුරක් බවට
පත් වෙන එකයි. ෆිල්ම් එක බැලුව නං ඔතනට වෙනකල් කතාව දන්නවනේ....ෆිල්ම් එක බලපු නැති කිසිම කෙනෙක් මෙතනින් පහලට මේ කමෙන්ට් එක කියවන්න එපා. එහෙම උනොත් නං ෆිල්ම් එක බලන එක මෙලෝ රහක් නැති වෙයි....
ඒජන්ට් රාමි මුල ඉදලම පුංචි වදුරු පැටියෙක්ව පියවරෙන් පියවර සීනි රහට පුරුදු කරනවා තමන්ට ඕනෙ වැඩ ටික කර ගන්න. ඒ වදුරු පැටියා තමයි ඕමාර්. දඩයක්කාරයා තමයි ඒජන්ට් රාමි. සීනි කැටේ තමයි නාඩියා සහ නිදහස් ජීවිතය.... ඕක තමයි අපි
මුල ඉදලම දකින කතාව. හැබැයි එන්ඩින් සීන් එකෙන් පස්සෙ තමයි ලස්සනට කතාවෙ අග මුල ගැලපෙන්නෙ. ඒකෙන් පස්සේ ඔය වදුරු සමීකරණෙට මේ විදියට ආදේශ කරලා ෆිල්ම් එකේ මුල ඉදලා කතාව දිහා ආයෙම බලන්නකෝ... දඩයක්කාරයා ඕමාර්, වදුරා ඒජන්ට්
රාමි, සීනි කැටේ ටරෙක් සහ මුහ්සේන් අලි ටාහා.... අන්න එතකොටයි ෆිල්ම් එකේ මුල ඉදලම අපේ ඇස් වලින් හංගලා තිබුන ඇත්තම කතාව එලියට එන්නේ...ඔය වදුරු කතාව නිසා මම ඊශ්‍රායලයේ සහ පලස්තීන විමුක්තිකාමීන්ගේ මේ නොනවතින අරගලය පැහැදිලි කෙරෙන බොහොම ප්‍රසිද්ධ උදාහරණයක් කියන්නම්. ඒක තමයි මේ ෆිල්ම් එකෙන් අපිට පෙනෙන සරල කතාවට ඇතුලෙන් කියවෙන ඇත්තම
කතාව වෙන්නේ.එක්තරා නගරයක හිටපු මිනිස්සු තමන්ගෙ විවේක කාලය ගත කරන්න යන එන ගස් වැල් මලින් පිරි උද්‍යානයක් තිබුනා. මේ ගස් උඩ බොහොම නිදහසේ වදුරු රංචුවකුත් ජීවත් උනා. එක දවසක අත පය එක විදියකට තියාගෙන ඉන්න බැරි
නාහෙට නාහන මිනිහෙක් අර වදුරන්ට බිම තිබුන ගලක් අරන් ගැහැව්වා. ඒක බලන් හිටපු තව මිනිස්සු කීප දෙනෙකුත් ටිකින් ටික බිම තියෙන ගල් කෑලි කෝටු කෑලි වලින් අර වදුරන්ට ගහන්න හිංසා කරන්න පටන් ගත්තා. මේ වැඩේ බලන් හිටපු වදුරො
ඉගෙන ගත්තා බිම තියෙන ගල් කෑලි කෝටු කෑලි අරන් තව කෙනෙක්ට දමලා ගහන හැටි. අන්තිමේදි මේ වැඩේ මොනතරම් දුරදිග ගියාද කියනවා එදායින් පස්සේ ඒ උද්‍යානයෙ ලගින්වත් කිසිම මනුස්සයෙක්ට යන්න බැරි උනා. මොකද ඒ වෙනකොට ගල් ගහන්න
තමුන්ම පුරුදු කරපු වදුරන්ගෙන්, තමුන්ටම ගල් පාරවල් වදින්න පටන් ගත්තු නිසා. වත්මන් නොනවතින ඊශ්‍රායල පලස්තීන අර්බුදය තුල පවත්නා සත්‍යය අවබෝධ කර ගන්න නං ඔය කතාවේ මිනිස්සු කියන එකට ඊශ්‍රායලයත් වදුරො කියන එකට පලස්තීන
ජනතාවත් කියන එක ආදේශ කරලා බලන්න.
nandana.c
ස්තූතියි..
සබ් එක ගත්ත.. තාම බැලුවෙනම් නෑ....
හැබැයි කවුරුහරි කිවුවොත් ඔබට ලිපි ලියන්න බෑ කියල මම නම් හිතන්නෙ ඒ කියන කෙනාට කියවන්න තේරෙන්නෙ නෑ...
මේ ෆිල්ම එක බලන්න හිතෙන්නෙම ඒ ගැන ලියල තියෙන විදියටයි...............
ස්තූතියි...............Hashan M. Priyadarshana
සුපිරි සුපිරි ෆිල්ම්වලට සබ් දෙනවට බොහොම ස්තුතියි සහෝ...
ජය වේවා.!Emi
Thank you...
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...!
ජයවේවා...!
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි...!1997lakmallakmal
Tanks sub ekata me film ekata sub dennako = The Campaign(2012)
හසිත මධුෂාන්
Will Ferrell ගෙ කොමඩි වලට නං මමත් කැමතියි.
මම බලලම කියන්නම් සහෝ කොහොමද කියලා....
Gibbs
Thanks....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Krishan NiShalya
නම බලලා බාන ෆිල්ම් මෙව්වා..
බොහොම ස්තූතී සහෝ
දිගටම මේවගේ හොඳම ඒවටම උපසිරැසි ලබාදෙන්න..Good Luck.!
Thilina Jayarathna
thq bn
pulvnnm menna mekta sub denako
Vampires (1998) .patta film eka kauruth balalath na meka godak aya
හසිත මධුෂාන්
හොඳ ෆිල්ම් එකක් වගේ නේද සහෝ...?
මම බලල නං නෑ...
බලලම කියන්නං කොහොමද කියලා...Thilina Jayarathna
ade ow bn ane ubavath dipanko
tama (Casualties of War) mekta sub duneth na kauru hari kiva balala denm kiyala tama pending vage .hoda film tiynva bn evata denvnm maru ithng
හසිත මධුෂාන්
ඒකටත් උත්සාහ කරල බලන්නම් සහෝ....
Malithsank
හසිත මචන් උඹට ගොඩාක් පින් උඹ බයිස්කෝප් අඩවියට වෙනම වටිනාකමක් ගේනවා ලෝක සිනමාවේ බිහිවුනු විශිෂ්ටතම නිර්මාණය හොයාගෙන
ලංකාවේ අපි වෙනුවෙන් අරන් එනවා ඒ වෙනුවෙන් අපේ ස්තූතිය පිළිගන්න!!!!!!gihan perera
මේ වගේ පරණ ෆිල්ම් නොබලා කොහොමද....පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....ජය වෙිවා......
akalankagayan
Thnx........
jagath55
Thanks
jagannatha
අගනා සිනමා කෘතීන් හඳුන්වා දීමෙන් හා රස වින්දනය සඳහා හෙළ බසින් උපැසිරිසි දීමෙන් කරන මෙහෙවරට බොහො ම ස්තූති.
jeewantha
15 minutes of war Film එක බලුවා. පට්ට ෆිල්ම් එකක්. මේකත් අනිවාර්යයෙන් බලනවා. ස්තුතියි.
D.Chamara
me wage films apita aragena enawata bohoma sthuthi sahooo jaya ....
Thilee
ස්තූතියී සහෝ
Hemal
Thank you
Nirosha Nirosha
thanks
Bobby
Thank you Very much Hasitha
Nivom
අනිවාර්යයෙන් බලනව. බොහොම ඉස්තුතීයි.
Anu143
15 MINUTES OF WAR බැලුවා. සුපිරි නිර්මාණයක්... ෙබොහොම ස්ත්‍රතියි ෙතොරලා ෙබෙරලා සබ් දුන්නට.. සබ් ඒකත් උපරීම සාධාරණව කරලා තියනවා.. නැවතත් ස්තූතියි.... ෙමේක බලනවා... !
kites
Thank you!
Bandara76
මගහැරී යන්නාවූ වෙනත් භාෂා වලින් නිර්මාණය වූ විශිෂ්ට සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. හසිත ඔබට ජය…!
Bandara76
සුප්‍රකට ගායිතා මැඩෝනා රගපාපු Body of Evidence (1993) රේටින් අඩු වුනත් අද සමාජයේ සැගවුන පැතිකඩක් පෙන්නුම් කරන සිනමා පටයක් පුලුවන් දවසක සබ‘ දෙන්න හමිත
හසිත මධුෂාන්
මම බලල තියෙන එකක් නම් නෙමෙයි සහෝ....
මම බලලම කියන්නම් කොහොමද කියලා....
Pradeepkumara
ස්තූතියි සහෝ..
saman97
thanks so much
samannandana
15 MINUTES WAR thank you
hdpradeep
Thanks mchn sub ekata. Jaya wewa!!!
Udaya Saman
උපසිරසියට බොහොම තුති අයියේ..ඔයාගෙ ඒවනම් අතාරින්නෙ නැ කොහොමත්..ඔන්න ගත්තා..මේ වගේ පට්ට ඒවට සබ් දෙන්න.ජය.....
AsithaDilruwan
ela saho thanks
Lakshansilva18
Primal fear (1996) sub dennako
හසිත මධුෂාන්
පිස්සු හැදෙන ප්ලොට් ට්විස්ට් එකක් නේද...?
අනිවාර්යයෙන්ම මම උත්සාහ කරන්නම් සහෝ.....
THE NEW FOLDER
thanks brother
god bless youGeethi
Thank you so much.
If you can please do subs for 'Among The Believeres'හසිත මධුෂාන්
වෙනස්ම විදියේ ෆිල්ම් එකක් නේද සහෝ...
මමත් බාලා තියන් ඉන්නවා තවම බලන්න ලැබුනෙ නෑ...
මම බලලම කියන්නම් කොහොමද කියලා....
Ishini_A
Thank u very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Monro Buultjens
wow tnxxx
A Mune Munasinghe
thank uuuuuuuuuuuuuuuuuuuu hasitha malli.. jayawewa.,,... kastiyama kiyna nisath.. oyage lipiye.. rasawth bawa nisama... balnna onee.. 'dadayakkarayo.. komda waduro allanne kiyala... :D
Tharindu07
Thanks Machooo......!!!!
A Mune Munasinghe
ෆිල්ම් එක ඉවර වෙලා... ම්ම් සිවිලිම දිහා බලන් පොඩ්ඩක් කල්පනා කරා././ ..... එක එමම්ම තියලා ඇවිත්.. ආයේ මේ කමෙන්ට් එක ගහන්නේ.. ෆිල්ම් එක ෆට්ට... සබ එක කරපු.. සහෝ... තැන්කු මචං .. ජයවේවා.. බුදුසරනයි.. සුභ රාත්‍රියක් වේවා..''
A Mune Munasinghe
අප්‍රිකාවේ දඩයක්කාරයෝ/.. වදුරෝ.. අල්ලන්නේ ඒමයි.. එනම්../ :D :P
jeewantha.nj
මුල ටික බලද්දී එපා උනා. අය සති දෙකකට විතරපස්සේ බලන්න දෙයක් නැතුවට බැලුවේ.සම්පුර්ණ කතාව බැලුවාම තමා ඒකට අස හිතුනේ.උපසිරසිය ගත්තට ඒක ගැන කියන්න ඉස්සරලා බලලා ඉන්න ඕනෙනේ.ඒ උනාට බැලුවට පස්සේ තව පාරක් පොස්ට් එක හොයලා comment එකක් දන්නා කම්මැලියි. ඒ උනාට පලවෙනි පාරට මේකට comment එකක් දන්නා එන්න හිතුනා. film එකයි ඒකට කරලා තියෙන sub එකයි දෙකම සුපිරි නිසා.වැඩේ ලස්සනට කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
IreshSampath
thanks
Randilu
Thank you ayye niymai film eka puluwanm "about schmidt " kiyna film eka balala sub dann puluwand
හසිත මධුෂාන්
ඔස්කාර් දෙකකට නොමිනේට් උන Warren Schmidt ගෙ ෆිල්ම් එකක් නේද සහෝ....? මටත් බලන්න මග ඇරුන එකක්. මම බලලම කියන්නං කොහොමද කියලා....
MAALnath
Thanks ...................good luck ...................
MAALnath
Thanks
sampath n perera
oba wisin me karana sewaya ithamath
agaya karamiRohanvanderlan
thank uuuuuuuuuuu
Chandakaya
bohoma sthuthi
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement
ko balapu ewn ennawada