Watch Trailer

Ron’s Gone Wrong (2021) Sinhala Subtitles | මගේ යාළු රොන් [සිංහල උපසිරැසි] 50*

ලැබුවා වූ 2022 අවුරුද්ද බයිස්කෝප් වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි ලෙඩ රෝගවලින් තොර අයහපතක් නොවන, යහපතක්ම වන සිතූ පැතූ දේ ඉටුවන ඉසුරුබර අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා! ඒ වගේම බයිස්කෝප් ටීම් එකේ සිංහල උපසිරැසි ලබා ගන්නත් ලබා දෙන්නත් අප වෙනුවෙන් කැප වුනු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන්…

ලැබුවා වූ 2022 අවුරුද්ද බයිස්කෝප් වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි ලෙඩ රෝගවලින් තොර අයහපතක් නොවන, යහපතක්ම වන සිතූ පැතූ දේ ඉටුවන ඉසුරුබර අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා! ඒ වගේම බයිස්කෝප් ටීම් එකේ සිංහල උපසිරැසි ලබා ගන්නත් ලබා දෙන්නත් අප වෙනුවෙන් කැප වුනු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන් හට හදපිරි ස්තූතිය ප්‍රකාශ කරමි.

තවත් අවුරුද්දක් ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මේ අවුරුද්දත් ගිය අවුරුද්ද වගේම කර්මාන්ත ශාලාවලට ලෝකවාසී අයට අමාරු කාලයක් උනත් බයිස්කෝප් අයට නම් නිර්මාණාත්මක ලස්සන චිත්‍රපටි පෙළක් බලන්න ලැබුණා. ඉතින් 2021 අවුරුද්දේ වගේම මේ අලුත් අවුරුද්දෙත් හොඳම ඉංග්‍රීසි චිත්‍රපටි, කොරියානු කතාමාලාවන් සහ ඇනිමේෂන් Seriesවලට සිංහල උපසිරැසි ගේන්න මමත් බලාපොරොත්තු වෙනවා. මම සිංහල උපසිරැසි ගේන්නේ මේ categoryවලට විතරක් කියලා තේරුම් ගත්ත අය මට ඉල්ලීම් කරලා තිබුණෙත් මේ හා නිපැයුම්වලට විතරයි.

2019 මාර්තු 11 වෙනිදා හා හා පුරා කියලා මමත් ආවා බයිස්කෝප් පවුලට. මම පළවෙනියට ඔයාලට අරගෙන ආවේ බාබි ඇනිමේෂන් චිත්‍රපටියක්. ඊට පස්සේ කොරියානු කතාවකට වගේම තවත් නාට්‍ය, චිත්‍රපටි බොහොම ගණනාවකට උපසිරැසි යෙදුවා. ඒ විදිහට උපසිරැසි යොදලා මෙන්න 50 වෙනකම්ම ඇවිත්. මම ආසාවෙන් පටන් ගත්තු මේ වැඩේ මේ තරම් දුරට එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට විවේකයක් ලැබුණු වෙලාවට මමත් ආස ඔයාලත් ආස ලස්සන කතා, චිත්‍රපටි සබ් කරන එක මගේ විනෝදාංශයක් උනා. හදිසියේ වැඩ කටයුතු එක්ක කාර්යබහුල උනත් කොහොමහරි වෙලාවක් වෙන් කරලා මේ වැඩෙත් කලේ හරිම සැහැල්ලුවක් විනෝදයක් ගෙන දුන්න නිසා. කොහොමහරි පරක්කු වෙද්දිත් නොබැන ඒ වෙනුවෙන් වෙලාව අරන් දුන්න ඇඩ්මින්වරුන්ටත් ගොඩාක් ස්තූතියි. උපසිරැසිය බලලා ඔයාලා දෙන අදහස් කියවද්දි හරිම සතුටුයි. ඔයාලගේ අදහස්වලට ගොඩක් ස්තූතියි. ඉස්සරහටත් මට ඔයාලගේ සහයත්, අදහසුත් මම බලාපොරොත්තු වෙනවා.

මම අරගෙන ආපු චිත්‍රපටිය ගැන කියනව නම්,

ගිය අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. Locksmith Animation සමාගමේ පළවෙනි චිත්‍රපටිය විදියට මේක එලි දැක්වුනත්, සෑහෙන්න ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබුණා. ගොඩක් අය නොහිතපු විදිහට ගොඩක් ලොකු ප්‍රතිචර ලැබිලා තියෙන බව Ratings ගැන බලනකොට හොඳටම පැහැදිලිව පේනවා.

Ron’s Gone Wrong චිත්‍රපටියේ ලෝක මංගල දර්ශනය 2021 BFI ලන්ඩන් චිත්‍රපට උළෙලේ 2021 ඔක්තෝම්බර් 9 වන දින පැවැත්වූ අතර, 2021 ඔක්තෝබර් 15 දින එක්සත් රාජධානියේ සහ 2021 ඔක්තෝම්බර් 22 දින එක්සත් ජනපදයේ සීමිත 3D නිකුතුවකින් තිරගත වුණා. ඒ AMC සහ Regal සිනමාහල්වල සහ මුලින් RealD 3D වලින්. මේ චිත්‍රපටය මුලින් Paramount Animation ලේබලය යටතේ Paramount Pictures විසින් බෙදා හැරීමට නියමිතව තිබුනත්, නමුත් ඒ වෙනුවට 20th Century Studios විසින් 20th Century Animation ලේබලය යටතේ බෙදාහැරලා. Ron’s Gone Wrong කියන්නේ 20th Century Animation හි 2021 අප්‍රේල් 10 වන දින Blue Sky Studios වැහුවට පස්සේ සිනමාහල්වල නිකුත් කරන ලද ප්‍රථම සජීවිකරණ චිත්‍රපටය මෙන්ම 20th Century Studios නාමය යටතේ තිරගත කරපු මුල්ම සජීවිකරණ චිත්‍රපටය. චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 60.4ක් උපයා ඇති අතර සාමාන්‍යයෙන් විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබීලා තියෙනවා.

Animation, Comedy, Family ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Peter Baynham සහ Sarah Smith දෙදෙනාගේ එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩ නැගෙන්නේ. තිර රචනයත් කරලා දෙන්නේ මේ දෙන්නම තමයි. අධ්‍යක්ෂණය Sarah Smith සහ Jean-Philippe Vine දෙන්නා විසින්. තම කටහඬින් දායක වුන Jack Dylan Grazer, Zach Galifianakis, Justice Smith, Kylie Cantrall ඇතුළු විශාල දක්ෂ කණ්ඩායමක් මෙම සාර්ථක චිත්‍රපටියට දායක වෙනවා.

පැයයි මිනිත්තු 47ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB 7.1/10, RottenTomatoes 80%, Commen Sence Media 4/5, Google Users 86% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව පැත්තට හැරුනොත්,

බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.

එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.

මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් හෝ කතාවකින් නැවත මුණ ගැහෙමු!

දෙවි පිහිටයි!
Stay Home & Stay Safe!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාල වේ

10,063 downloadsDownload Rons.Gone_.Wrong_.2021.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,063 downloadsDownload Subtitles77 KB

38 comments

  1. Naveen Mbr

    ඔබේ 50 වැනි උපසිරැසියට සුබ පැතුම්! ජයෙන් ජය!

    1. Anonymous

      Thank You Brother

  2. Kanishka

    Sub ekata thanks
    Pluwannam macgyver 2016 tv series ekath sub denna

    1. Yami Johar

      Thank You Akke. Ok i will try.

  3. Sithum lakmaal

    ane bruce lee 2017 gv prakashge movie eke subtitles ek nane eke page not found kiyl enne ek poddak update krl denna brd plz

    1. Yami Johar

      Thank you so much brother

  4. BLA©K TIGE®

    සබ් එකට තෑන්ක්ස්
    පුළුවන්නම්,
    - The Crowned Clown (2019)
    - The Great Show (2019)
    කොරියන් ඩ්‍රාමා දෙකෙන් එකකට හරි සබ් දෙන්න බලන්නකෝ, PLEASE

    1. Yami Johar

      කොරියන් ඩ්‍රාමාස් නම් ට්‍රයි නොකර බෑනේ. නිවාඩුවක් හම්බුනාම දෙන්න ඇඩ්මින් මඩුල්ලෙන් අහලා දෙන්න බලන්නම් අයියේ. Thank you so much''

    2. BLA©K TIGE®

      බොහෝම ස්තූතියි.

      50 වෙනි උපසිරැසියට සුභ පැතුම්, ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා!!! GOOD LUCK

  5. Naara

    උපසිරැසියට ස්තූතියි ❤✌️
    ඉස්සරහට තියන වැඩත් හොඳින් කරගන්න සුභ පතනවා.ජය!

    1. Yami Johar

      Thank you so much

  6. සංජන චමෝද්

    50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අක්කෙ. 🤗
    ඉදිරියේදිත් අඩවිය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කිරීමට මෙන්ම,
    පෞද්ගලික වැඩ කටයුතුද සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම,

    උපසිරැසියටත් ස්තූතියි

    අක්කෙ. 🤪

    1. Yami Johar

      Thank you so much

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට 50වෙනි සබ් එකට සුබ පැතුම්

  8. මයුර

    පළමු කඩයිම වෙනුවෙන් සුභ පතන ගමන්ම
    පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්නෙයි කියල ප්‍රාර්ථනා කරනවා
    සබටත් බොහෝම ස්තුතියි සහෝදරී..

  9. Bimsara Yashan(ඔලිව)

    50වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්. ඒ වගේම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා මා පාර්තනා කරනවා. ජයවේවා!

  10. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  11. Anonymous

    50 වෙනි සබ් එකට සුබ පැතුම්..සියලු වැඩ සාර්ථක වෙන්න කියල පතනවා. පුලුවන්නම් මග නැවතුන the blacklist series එකටත් සබ් කරන්න.

  12. indika 75

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු....

  14. Ravindu Rukshan

    50 වෙනි උපසිරැසයට සුබ පතනවා.
    ඉදිරියටත් යන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.

  15. Harvey O'brien

    හදවතින්ම සුබ පැතුම් පලවෙනි කඩයිම වෙනුවෙන්. තවත් ඉදිරියටම යන්නට සුබ පතනවා.
    මේ ලබාදුන්න සිංහල උපසිරසියටත් තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  16. එල්. සී. ‎දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
    දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  17. Anonymous

    Niyamai!! sub ekata thank you akkiyoo...

  18. Udara Damith

    ela suba pethum

  19. Buddhika Lakmal

    50වෙනි උපසිරැසියට සුබ පැතුම්... ඉදිරියටත් පෞද්ගලික වැඩකටයුතු මගනොහැර චිත්‍රපටිවලට සිංහල උපසිරැසි ගෙනඒමට කාලය ලැබේවා...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Yami Johar

      Thank you so much

  20. අසේල

    බොහොම ස්තූතියි... දෙව් පිහිටයි මහත්තයෝ

  21. lakshan

    thanks ..................

  22. මධුකප්‍රිය පෙරේරා

    50වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
    ඉක්මනින් 100ට යන්න ලැබේවා. උපසිරසියට තුති.

  23. Ruchira

    Thanks for the sub!!!!!!

  24. Anonymous

    Thank you

  25. Roshan

    Tnx for sub.Great job.

  26. wihanga

    srt type ekata danna meka txt type

  27. මලිඳු

    50 වෙනි සබ් එකට සුබ පැතුම්.

  28. රොයිලි

    50 ට සුබපැතුම්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... Yamina

  30. Tharidu Sagara

    50 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.