මගේ පස් වන උපසිරසිය ලෙස ඔයාලට මම අරගෙන එන්නේ Parasyte 2014 චිත්‍රපටයේ දෙවන කොටස. මේක විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, සහ බිහිසුණු ගණයන්ට අයිති කතාවක්. පළමු වෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ නිසා ඒකෙ කතාව කියන්න යන්නෙ නෑ. හැබැයි මේ කතා දෙකම එකට සම්බන්ධයි. ඒ නිසා මේක බලන්න කලින් පළමු කොටස බලලා හ…

මගේ පස් වන උපසිරසිය ලෙස ඔයාලට මම අරගෙන එන්නේ Parasyte 2014 චිත්‍රපටයේ දෙවන කොටස. මේක විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, සහ බිහිසුණු ගණයන්ට අයිති කතාවක්. පළමු වෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ නිසා ඒකෙ කතාව කියන්න යන්නෙ නෑ. හැබැයි මේ කතා දෙකම එකට සම්බන්ධයි. ඒ නිසා මේක බලන්න කලින් පළමු කොටස බලලා හිටියොත් ගොඩක් හොඳයි. මොකද, මේක පටන් ගන්නෙ පළමු චිත්‍රපටය අවසන් උන තැන ඉඳලා. කොහොම උනත් මේකෙ මුලදි, පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරලා දෙනවා.
මේකෙ කතාවත් මම කියන්නෙ නෑ. ඒත් පොඩි විස්තරයක් දෙන්නම්. ඔයාලට ෂිනිචිවයි මිගීවයි මතකද? පළවෙනි එකේ අවසානයට අපි දැක්කා ෂිනිචි සාමාන්‍ය මිනිහෙක්ට වඩා ගොඩක් ශක්තිමත් වෙලා කියලා. ඒ වගේම එයා මේ පරපෝෂිතයෝ මරා දාන එක එයාගෙ වගකීමක් කරගත්තා. දැන් සමස්ත මානව සංහතියම තියෙන්නෙ බිහිසුණු විනාශයක අද්දර. ඒක දන්නෙ මේ දෙන්නා විතරයි. නවත්තන්න ඉන්නෙත් මෙයාලා විතරයි. එයාලට සාර්ථක වෙන්න පුලුවන් වෙයිද? ඔවුන්ට උදව් ලැබෙයිද? එතකොට ටාමියා රියුකෝ එයාගෙ උපදින්න ඉන්න දරුවව මොන වගේ පරීක්ෂණ වලට ලක් කරයිද? ඇයගේ ඇත්තම සැළසුම් මොනවාද? ඇය ඇත්තටම සතුරෙක්ද, මිතුරෙක්ද? ඇයගේ පර්යේෂණ වලින් බිහිවෙන ඒ දරුණු පරපෝෂිතයා මොකෙක්ද? ෂිනිචිටයි මිගීටයි ඌව නවත්වන්න පුලුවන් වෙයිද? ඔවුන්ට මොනවා වෙයිද ඇත්තටම? එතකොට අර සූකිරි කෙල්ල, සටෝමිට මොකක් වෙලාද? මෙව්වා දැවෙන ප්‍රශ්න. ඒවා විසඳාගන්න ඕනි නම් මේ කතාව බලන්න වෙයි.
මේ කතාවේ ධාවන කාලය පැය 1කුත් මිනිත්තු 58ක්. ටකාෂි යමසාකි නම් අධ්‍යක්ෂක වරයාගෙ විශිෂ්ඨ අධ්‍යක්ෂණයෙන් සහ දක්ෂ නළු නිළි කැළකගේ රංගනයෙන් සමන්විත මේ චිත්‍රපටයට IMDB අඩවියේ 6.5ක රෑන්ක් එකක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ඨයි කියන එක. මේකේ ෂිනිචි විදියට ශෝටා සොමෙටානි, ටාමියා ලෙස ඒරී ෆුකට්සු සහ අයි හෂිමොටෝ සටෝමි විදියට රංගනයෙන් දායක වෙනවා. මිගීගේ කටහඩට. දායක වෙන්නෙ සඩාඕ අබේ කියලා හඩ නළුවෙක්.
මේ උපසිරසිය මම හැදුවේ 850MB බ්ලුරේ පිටපතකට. ඒත් සබ් එක ඕනිම බ්ලුරේ පිටපතකට ගැලපෙනවා කියලා මේකෙ ඉංග්ලිශ් සබ් එක අප්ලෝඩ් කරලා තිබ්බ පින්වතා සඳහන් කරලා තිබ්බා. ඉතින් මේ ඔක්කොමත් එක්ක උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් සහ උදහස් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Parasyte.Part.2.2015.1080p.BluRay.x264-GHOULS
Parasyte Part 2 BRRip 850 MB
Parasyte Part 2 2015 Japanese 720p BRRip 850 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,451 downloadsDownload Parasyte-Part-2.Baiscopelk.com_.rar80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
18 comments
Encodex265
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
මේ කතාව නම් පට්ට...
~~~ ජය වේවා ~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asanka Gayan RZ
The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
The Last Exorcism (2010)ඉෂාන් මදුෂ
නියමයි.මේකට සබ් දෙනකම් හිටියෙ.බොහෝම ස්තුතියි සබ් එකට
anime series එකකට සබ් කරන්නකෝ වෙනසකටත් එක්ක සහෝ
මේකෙ imdb අගය 9.1යි.episodes 12යි.සූපිරියටම ඇති.
One Punch Man - S1 (1080p) Complete Season 1 [KoTuWa]
සබ් දෙනවනම් ඔබට පිංඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
මේ anime series එකටත් සබ් දෙන්න
One Punch Man (2015) Season 1 {Ep 01-12} [English Subbed] 720p x264 ~ARIZONE
One Punch Man - S1 (1080p) Complete Season 1 [KoTuWa]
imdb අගය 9.1,episodes 12 සබ් දෙනවනම් පිංLushan Kuruppu
Thank You... Bro!
Keep it up!නුවන් මානගේ
පට්ට මචෝ... දිගටම sub දෙමු මේ වගේ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…ඉෂාන් මදුෂ
සහෝ anime series එකකට සබ් දෙනකම් බලන් ඉන්නේ
malith
Ela ela
minidu malshan
සබ් එක වැඩ කරන්නෑනේ බන්
Dewadithya
Thanks for sub!
Dimuthu
Cant download
Ravindra
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx meke part 2 enakanmai balan hitiye :)