Pattth (2024) Sinhala Subtitles ආයුබෝවන්. මෑතකදි manoramaMAX මගින් OTT නිකුත් උන අපූරුම චිත්‍රපටයකට තමයි අද උපසිරැසි රැගෙන එන්නෙ. පැහැදිලිවම කියන්න ඕනෙ මේක ගොඩකට සෙට් වෙන්නෙ නෑ.කේරළයෙ උනත් මේ වගේ චිත්‍රපට බලන්නෙ එක්තරා කොටසක් පමණයි. ඒත් ඒවට කැමති පිරිසක් අපේ රටේත් ඉන්නවා. Jithin Issac Thomas කියන්න…

ආයුබෝවන්. මෑතකදි manoramaMAX මගින් OTT නිකුත් උන අපූරුම චිත්‍රපටයකට තමයි අද උපසිරැසි රැගෙන එන්නෙ. පැහැදිලිවම කියන්න ඕනෙ මේක ගොඩකට සෙට් වෙන්නෙ නෑ.කේරළයෙ උනත් මේ වගේ චිත්‍රපට බලන්නෙ එක්තරා කොටසක් පමණයි. ඒත් ඒවට කැමති පිරිසක් අපේ රටේත් ඉන්නවා. Jithin Issac Thomas කියන්නෙ හරිම අපූරු බය නැති අධ්‍යක්ෂක වරයෙක්. ඕනෙ කෙනෙක් බය වෙන්න ඕනෙ චිත්‍රපටය ෆ්ලොප් වෙයිද කියලානෙ, ඉතින් මෙයා හදන චිත්‍රපට ගැන එහෙම හිතා ගෙන නෙමෙයි හදන්නේ.
Attention please 2021 සහ Rekha 2023 එයා කරපු චිත්‍රපට ත්‍රිත්වයෙන් දෙකක්. මේ චිත්‍රපට දෙකම විචාරකයන් අතර ප්‍රසාදයට ලක් උනා. මේකෙන් Attention please බලල තියෙනව නම් මේ චිත්‍රපටයත් ඒ වගේම ටිකක් සම්ප්‍රදායී නොවන එකක්. වැඩිය කවුරුත් බලපු නැති Attention please එකට මම උප සිරැසියක් කලා. ඒකෙ තියෙන්නෙ එක තරුණයෙක් තම චමරියෙ මිතුරන් ඉදිරියෙ ඔහු හදපු තිර නාටක කතා කියවන එකක්. යාලුවො මුලින් කැමැත්තෙන් ඒත් පස්සෙ අකමැත්තෙන් ඊටත් පස්සෙ බයට ඒ කතා අහ ගෙන ඉන්නවා. ඉතින් මුළු ෆිල්ම් එකම තියෙන්නෙ කතා කියන එක විතරයි. ඒත් මොකක් හරි වෙයි කියල බලා ගෙන ප්‍රේක්ෂකයොත් අහ ගෙන ඉන්නවා. ඒකත් බලන්න හිතුනොත් සබ් එක දීල තියෙනව ඔන්න අපි.
මේකෙදි තරුණ යුවළක් අප්‍රිකාවේ ගෝත්‍රිකයන් අතර ගැයෙන එක්තරා ගීතයක් ගැන වාර්ථා චිත්‍රපටයක්(documentary) හදන්න උත්සාහ කරනවා. හේතුව ඒක ඉන්දියාව තුලත් හැම තැනම ගායනා වෙන බව පෙනුන නිසා ඔවුන්ට මේ ගැන දැඩි කුතුහලයක් ඇති වෙනවා.ඒක ලෝකෙ හැම තැනකම ගායනා උනත් ඒකෙ උපත කොහෙන්ද, භාෂාව මොකක්ද? අර්ථය මොකක්ද වැනි දේවල් සොයා ගැනීම සඳහා ඔවුන් විවිධ පුද්ගලයින් සොයා යනවා. ඔවුන් සමග කරන කතා බහ තමයි මේ චිත්‍රපටයට (mocumentary) පාදක වෙන්නෙ. (හැබැයි මේ සියල්ල රඟපෑම් පමණයි). Ashik Safiya Aboobakker සහ Gauthami Lekshmi Gopan මෙහි ප්‍රධාන චරිත මවනවා. අරුතක් නොතේරෙන මේ ගීතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ මත පල කරනවා. අවසානයේ ගීතයේ අභිරහස විසඳෙයිද? ඉතින් බලන අය බලන්න.අමුතු රහක් දැනෙයි. සම්මුඛ සාකච්ඡා වලදි මේකෙ බොහෝ රූප රාමු 4:3 හැටියට තියෙන නිසා තිරය සකසන්න හදන්න යන්න එපා.
ඒ එහෙනම් තව ලස්සන උප සිරැසියකින් සමග හමු වෙමු
Pattth (2024) Sinhala Subtitles![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
762 downloadsDownload Pattth-2025.zip31 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pattth (2024) Sinhala Subtitles
Subtitles
- #2025
- #BANDULA K
- #Crime
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dasun
Kavindu Nethmina
Sub ekata thanks bro
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට.....
බලමුකෝ ෆිලුම කොහොමද කියල.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pattth (2024) Sinhala Subtitles | ගීතයක් ආ දුරක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Pattth-2025-b.jpg)

thank you