Vettaiyan (2024) Sinhala Subtitles වේට්ටයන් කිව්වම ගොඩක් අයට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ Chandramukhi (2005) චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ රජිණිකාන්ත් ඉදිරිපත් කළ වේට්ටෛයන් රාජාගේ චරිතය ඉමහත් පිරිසකගේ සිත් තුළ මහත් බියක් ඇති කළ චරිතයක්. මේ ඊයේ පෙරේදා ආව Chandramukhi 2 (2023) බැලුවා නම් නිසැකවම ඒ තිබුණ බය ඔක්…
Vettaiyan (2024) Sinhala Subtitles
වේට්ටයන් කිව්වම ගොඩක් අයට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ Chandramukhi (2005) චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ රජිණිකාන්ත් ඉදිරිපත් කළ වේට්ටෛයන් රාජාගේ චරිතය ඉමහත් පිරිසකගේ සිත් තුළ මහත් බියක් ඇති කළ චරිතයක්. මේ ඊයේ පෙරේදා ආව Chandramukhi 2 (2023) බැලුවා නම් නිසැකවම ඒ තිබුණ බය ඔක්කොම සුන්නත් දූලි කරන්න ඇති. බැලුවෙ නැති වාසනාවන්තයින්ට සුබ පැතුම් එක් කරනවා. මේ කතාවේ වේට්ටෛයන් අපරාධකරුවන් බයෙන් භීරාන්ත කරපු දඩයක්කාරයෙක්. සුපිරි තරුව රජිණිකාන්ත් ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය Kootathil Oruthan (2017) සහ Jai Bhim (2021) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ TJ ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. Lyca Productions විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, 2024 ඔක්තෝබර් 10 වන දින ලොව පුරා තිරගත වූවා.
මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන්, විශේෂයෙන් “එන්කවුන්ටර් ඝාතන“(Encounter Killings) පිළිබඳව ගැඹුරු සමාජ සංවාදයක් ඇති කළ චිත්‍රපටයක්. එන්කවුන්ටර් ඝාතන කියන්නේ සටනක් හෝ පොරබැදීමක් අතරතුර ආත්මාරක්ෂාව වෙනුවෙන් සිදුකරන ඝාතනයි. යම් කාරණාවක් දැඩිව සංවේදී වීම මේ එන්කවුන්ටර් ඝාතන කරන්න බොහෝ පෙළඹවීමට ලක් වන අවස්ථාවක්. එම අවස්ථාවන් වලදී පෞද්ගලික තීරණය හෝ දේශපාලනික බලපෑම මත පොලිස් නිළධාරීන් චූදිතයාව ඝාතනය කරනු ලබනවා. බොහෝ විට මේ අවස්ථාව වන විට චූදිතයා අපරාධකරු බවට අධිකරණය විසින් තහවුරු කර නැති වෙන්න පුළුවන්. යම් අපරාධයක් හෙළි වීමෙන් පසුව සිවිල් ජනතාවගේ අප්‍රසාදය, විරෝධය දරුණු ලෙසින් එල්ල වීමෙන් එය දේශපාලන අංශයට ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසාවෙන් දේශපාලන බළධාරීන් මේ ජන විරෝධය ඉතා ඉක්මනින් නිරාකරණය කිරීමට එන්කවුන්ටර් ඝාතන යොදා ගන්නවා. එය දේශපාලන බලපෑම මත වන එන්කවුන්ටර් ඝාතන වනවා. පෞද්ගලික තීරණ අනුව කරන ඝාතන යනු යම් පුද්ගලයෙකුට එරෙහිව ඇති වෛරය හෝ වෙනත් පෞද්ගලික හේතූන්. බොහෝ චිත්‍රපටවල චූදිතයාව උසාවියට ඉදිරිපත් කිරීමට ගෙන යන අතරවාරයේදී හෝ චූදිතයා සිටි බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට ප්‍රවාහනය කරන අවස්ථාවන් වල චූදිතයා මරා දැමීමට උත්සහ කරනවා දකින්නට ඇති. මෙලෙස චූදිතයා ප්‍රවාහනය කරමින් සිටින අතරවාරයේ ඔහු බන්ධනාගාර රථයෙන් පැන යාම හෝ පැන යාමට සලස්වමින් පොලිස් නිළධාරීන් ඔහු පසු පස හඹා යනවා. ඒ ආකාරයෙන් චූදිතයාව සැලසුම් කළ ස්ථානයකට ගෙන්වා වෙඩි තබා ඝාතනය කර මරා දමනවා. චූදිතයා ආයුධ සන්නද්ධ වී සිටීමත්, ඔහුව අල්ලා ගැනීමට පොරබැදීමක් සිදු වීමත් නිසාවෙන් ආත්මාරක්ෂාව වෙනුවෙන් චූදිතයාට වෙඩි තබා ඝාතනය කළ බවට සාක්ෂි පෙන්වීමට එන්කවුන්ටර් ඝාතනය දියත් කරන පාර්ශවය විසින් පොලිස් නිළධාරීන් හට වෙඩි තැබීමක් හෝ කැපීම් කෙටීම් කරමින් තුවාල ඇති කරනවා.
වේට්ටෛයන් කතාව කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරීවරයෙකු වන අදියන් නම් දක්ෂ එන්කවුන්ටර් ඝාතන විශේෂඥයෙකු වටා ගෙතී යනවා. අපරාධකරුවන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා මේ අදියන්ව “වේට්ටෛයන්” (දඩයක්කාරයා) යන නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඔහුගේ කණ්ඩායමට තාක්ෂණික හැකියා සහිත පොලිස් ඔත්තුකරුවෙකු බවට පත් වූ “බැටරි” පැට්රික් නම් සොරෙක් ද ඇතුළත් වනවා. චිත්‍රපටයේ කතාවට ප්‍රධාන ලෙස බලපාන්නේ, රජයේ පාසල් ගුරුවරියක් වන සරණ්‍යා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිදරව් කිරීමෙන් පසු, ඇයට නොයෙකුත් තර්ජන වලට මුහුණ දීමට සිදු වීමයි. මෙම සිදුවීම් දාමය අදියන්ගේ ජීවිතය උඩු යටිකුරු කරවනවා. සරණ්‍යාට කරදර කළ තැනැත්තා සොයාගැනීමට සහ ඔහුට දඬුවම් දීමට අදියන් අධිෂ්ඨාන කර ගන්නවා. කෙසේ වෙතත්, නීතියේ සිමාවන් ඉක්මවා ක්‍රියා කරන අදියන්ගේ ක්‍රමවේදයන්ට විනිසුරු සත්‍යදේව් දැඩි ලෙස විරුද්ධ වනවා. සත්‍යදේව් විශ්වාස කරන්නේ “එන්කවුන්ටර් ඝාතන” කියන්නේ නීතියට පටහැනි මිනීමැරීම් වන අතර, බොහෝ විට අහිංසක මිනිසුන්ගේ ජීවිතද බිලිගන්නා බවයි. මෙම තත්ත්වය, අදියන් සහ සත්‍යදේව් අතර නීතිය සහ යුක්තිය පිළිබඳ සංකීර්ණ ගැටුමක් ඇති කරනවා. සිද්ධි දාමය දිග හැරෙද්දී, අදියන් සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදුකරන ලද එන්කවුන්ටර් ඝාතනයකින් අහිංසක පුද්ගලයෙකු මියගොස් ඇති බව හෙළි වනවා. සරණ්‍යාට සිදු වූ අකටයුතුකම පිටුපස සිටින්නේ කවුද, එයට හේතුව කුමක්ද, සහ තම වරද නිවැරදි කරගැනීමට අදියන් උත්සාහ කරන්නේ කෙසේද යන්න චිත්‍රපටය පුරාවට දිගහැරෙනවා. අධ්‍යාපන පද්ධතියේ ඇති අඩුපාඩු, වරප්‍රසාද ලත් සහ වරප්‍රසාද නොලත් අංශ අතර වෙනස, සහ සමාජයේ ඇති ඒකාකෘතිකරණය වැනි සමාජ ගැටලුද චිත්‍රපටය මගින් සාකච්ඡා කරනවා.
ජයි භීම්ගෙන් පසුව ඥානවේල් නැවතත් සූරියා සමඟින් චිත්‍රපටයක් කිරීමට එළඹුණත් සූරියා එකළ බාලාගේ Vanangaan (2025) චිත්‍රපටයට සම්බන්ධ වී සිටියා. කොහොම වුණත් පසුව වනන්ගාන් අත්හැර දැමීමට සූරියා තීරණය කළා. ඉන් පසුව සූරියා Kanguva (2024) චිත්‍රපටයේ කටයුතුවල නිරත වූ නිසා ඥානවේල් වෙනත් කතාවක් ලියා එය රජිණිකාන්ත් හට ඉදිරිපත් කරනවා. Jailer චිත්‍රපටයෙන් පසුව සිබි චක්‍රවර්ති රජිණි සමඟ තම මීළඟ චිත්‍රපටය නිර්මාණයට සූදානමින් සිටියත් තම කතාවේ කටයුතු අවසන් කිරීමට නොහැකි වීම නිසාවෙන් එය අත්හැර දැමීමට සිදු වුණා. ඒ අතර වාරයේ රජිණි ලයිකා ප්‍රඩක්ෂන්ස් හට තම දියණිය ඓශ්වර්යාගේ Laal Salaam (2024) චිත්‍රපටය නිෂ්පාදනයට දායක වන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව ලයිකා ප්‍රඩක්ෂන්ස් රජිණිකාන්ත් සමඟින් වේට්ටෛයන් සහ ලාල් සලාම් චිත්‍රපට දෙකට එකඟතාවයකට එළඹුණා. ලයිකා ප්‍රඩක්ෂන් හිමිකරු අල්ලිරාජා සුබාස්කරන්ගේ උපන් දිනය දවසේ මෙම චිත්‍රපට දෙක නිළ වශයෙන් ප්‍රකාෂ කළා. ලාල් සලාම් චිත්‍රපටයේ රජිණි දීර්ඝ විශේෂ දර්ශනයක් ඉදිරිපත් කළා.
අමිතාබ් බච්චන්, ෆහද් ෆාසිල්, මන්ජු වොරියර්, දුෂාරා විජයන් රානා දග්ගුබාති, මංජු වෝරියර්, රිතිකා සිං, රෝහිණී, රාඕ රමේෂ්, අභිරාමි, රමේෂ් තිලක්, අසල් කෝලාර් ඇතුළු තවත් බොහෝ දක්ෂ නළු නිළියන් මෙයට දායක වී තිබෙනවා.
සුපර් ස්ටාර් රජිණිකාන්ත් මෙහි දැඩි පොලිස් නිලධාරියෙකු ලෙස ඔහුගේ සුපුරුදු “සාමාන්‍ය මිනිසෙකුට එහා ගිය චරිත” ශෛලියට වඩා චරිතාංග රංගනයට වැඩි බරක් දී තම රංගන ප්‍රතිභාව ඉදිරිපත් කළා. ඒ වුණත් ඥානවේල් ඇතැම් තැන්වල රජිණි ශෛලිය අවස්ථානූකූලව ප්‍රයෝජනයට ගෙන තිබුණා. වේට්ටෛයන් සහ Indian 2 නිෂ්පාදනය කරනු ලැබුවේ ලයිකා ප්‍රඩක්ෂන්ස් විසින්. මේ චිත්‍රපට දෙකම එක් අවස්ථාවක එකම ස්ටූඩියෝවක රූගත කිරීම් සිදු වූ අවස්ථාවේදී රජිණි සහ කමල් දෙදෙනා එකට හමු වූ අතර ඔවුන් ඡායාරූපයකට පෙනී සිටියා.

අග්‍රගණ්‍ය ජ්‍යෙෂ්ඨ නළු අමිතාබ් බච්චන්ගේ චරිතය සහ ඔහුගේ පැමිණීම චිත්‍රපටයට ගැඹුරක් එක් කරනවනවා. දෙමළ සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔහු රඟන ප්‍රථම දමිළ චිත්‍රපටිය වන්නේද මෙයයි. ඒත් මීට පෙරදි Uyarndha Manidhan නමින් අමිතාබ් බච්චන් ප්‍රධාන චරිතය රඟ දක්වන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහයක් ගෙන තිබුණා. එම චිත්‍රපටය යම් ගැටළු කිහිපයක් නිසාවෙන් අතහැර දැමීමට සිදු වුණා. එහි අමිතාබ් බච්චන් සමඟ SJ සූර්යාද චරිතයක් ඉදිරිපත් කළා. එම චිත්‍රපටය වෙනුවෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. කොහොමින් හරි රජිණිකාන්ත් සහ අමිතාබ් බච්චන් වසර 33කට පසුව තමයි එකට රඟනවා දකින්න ලැබෙන්නෙ. ඔවුන් අවසන් වරට Hum (1991) චිත්‍රපටයේ එකට රඟපෑවා. Andha Kanoon (1983), Geraftaar (1985) චිත්‍රපටවල ඔවුන් දෙදෙනා එකට රඟපා තිබෙනවා. ඇත්තටම රජිණි සමඟ නැවත එකට රඟපාන්න ලැබුණ අවස්ථාව පිළිබඳව බිග් බී ඉතාමත් සතුටට පත් වුණා. ඒ වගේම බිග් බී රජිණිගේ රෝල් මොඩල් එක බව රහසක් නොවෙයි. මෙහි බිග් බී වෙනුවෙන් ප්‍රකාෂ් රාජ් දෙමළ බසින් හඬ කවා එය AI (කෘතීම බුද්ධිය) හරහා අමිතාබ්ගේ කටහඬට හරවා තිබෙනවා. Vettaiyan Prevue වීඩියෝවේ ප්‍රකාෂ් රාජ්ගේ කටහඬ යොදා ගැනීම නිසාවෙන් විවිධ අදහස් එල්ල වුණා.

මනසිලායෝ ගීතයේ මංජු වොරියර්ගේ නර්ථනය අතිශයින්ම ඇගයීමට ලක් වුණා සේම ඇයගේ නර්ථනය සමාජ මාධ්‍යයේ රීල්ස් නිර්මාණය කරන්නන් විසින් අනුවර්ථනය කරමින් බොහෝ වශයෙන් රීල්ස් පළ කළා. ඒ වගේම ඕනම් උත්සවයට සුබ පැතුම් එක් කරමින් රජිණි, ලෝකේෂ් ඇතුළු කූලි චිත්‍රපටයේ කණ්ඩායම විසින් මේ නර්ථන ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරමින් වීඩියෝවක්ද නිකුත් කළා. මංජු වොරියර් ධනුෂ්ගේ Asuran (2019) චිත්‍රපයෙන් දෙමළ සිනමාවට පිවිසුණ අතර ඉන් පසුව අජිත්ගේ Thunivu (2023), වෙට්‍රිමාරන්ගේ Viduthalai Part 2 (2024) යන චිත්‍රපටවල රඟ පෑවා.
මෙහි ෆහාද් ෆාසිල් හාස්‍යජනක චරිතයක් නිරූපණය කරන අතරම රජිණි සහ ෆහද් ෆාසිල් අතර තිබූ සංකලනය හැමෝගේම ආදරයට බඳුන් වුණා. මෙහි පොලිස් නිළධාරියෙකු වූ වේට්ටයන් සහ සොරෙක් වූ බැටරි(පැට්‍රික්) අතර ඇති ආදරණීය බැඳීම විදහා දක්වමින් Prequel චිත්‍රපටයක් කිරීමට අදහසක් ඇති බව ඥානවේල් සඳහන් කළා. ෆහද් ෆාසිල් රඟන මීළඟ දෙමළ චිත්‍රපටය වන Maareesaan (2025) ජුලි මස තිරගත වීමට නියමිතයි. මෙය Road Thriller වර්ගයේ චිත්‍රපටයක්.
ඒ වගේම මෑත කාලයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් රැප් ගායක අසල් කෝලාර් මෙහි ගුණා නම් චරිතය රඟ දක්වනවා. ඔහුගේ චරිතය චිත්‍රපටයේ ප්‍ර්ටළියක් අති කරන ඉතා වැදගත් චරිතයක්. Jorthale ගීතය ඔහුට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් උපයා දුන්නා. ඒ වගේම සිනමාවේද ගායනයට සම්බන්ධ වෙමින් Naan Ready, Kotha Raja, K for Kabaradakkam, Kaava Ulla ආදී ගීතයන්ට දායක වූවා.
“Manasilaayo,” “Hunter Vantaar,” සහ “Uchathila” යන ගීත අනිරුද්ගේ වේට්ටෛයන් ඇල්බමයෙන් නිකුත් කෙරුණා. “Manasilaayo” ගීතය සඳහා AI තාක්ෂණය භාවිතයෙන් වියෝ වූ මැලේසියා වාසුදේවන්ගේ හඬ නිර්මාණය කර නිර්මාණය කර තිබුණා. ඔහුගේ පුත් යුගේන්ද්‍රන් වාසුදේවන්ගේ හඬ මෙලෙස පියාගේ හඬට හරවනු ලැබුවා. Manasilayo ගීතයට අනිරුද් විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරනවා. Petta (2019) චිත්‍රපටයෙන් පසුව රජිණිගේ චිත්‍රපටවලට සංගීතය අනිරුද්ට භාර කළා හා සමානයි. මේ වෙද්දි අනිරුද් රජිණි සමඟින් චිත්‍රපට 4කට සංකලනය වී තිබෙනවා වගේම ඉදිරියේ Coolie, Jailer 2 චිත්‍රපටද ඔහුට බාර දී අවසන්. වෙන කිසිම නළුවෙකුට වඩා රජිණි වෙනුවෙන් අනිරුද්ගේ සංගීතය උත්පාදනය වෙනස්ම මට්ටමක එකක් කියන එක හැමෝම පිළිගන්න කාරණයක්. වේට්ටෛයන් හි ගීත එතරම් ආකර්ශනීය නොවූ බවත්, පසුබිම් සංගීතය සාමාන්‍ය මට්ටමක පැවති බවට් විචාරකයින් අදහස් පළ කළා. වාණිජමය නොවන කතාවට වැඩි බරක් සහිත චිත්‍රපටයක් නිසා අනිරුද් මේ ආකාරයෙන් ගීත නිර්මාණය කරන්න ඇතැයි කියා සිතනවා. අජිත් කුමාර්ගේ Vidaamuyarchi චිත්‍රපටයේ ද ඔහු මේ ආකාරයෙන් සංගීතය ලබා දී තිබුණා.
තලෛවර්ගේ මීළඟ චිත්‍රපටය වන Coolie ලබන අගෝස්තු මස 14 දින නිකුත් වීමට නියමිතයි. එහි තලෛවර් සමඟින් සත්‍යරාජ්, ශෘතී හාසන්, ෂොබින් සාහිර්, නාගර්ජුනා, උපේන්ද්‍රා යන ප්‍රවීණ නළුවන් රඟපානවා. ඒ වගේම අමීර් කාන් විශේෂ පෙනී සිටීමක්ද ඉදිරිපත් කරනවා. චිත්‍රපටයේ රූගත කිරීම් මේ වෙද්දි අවසානයි. මේ අතරවාරේයේම රජිණි කේරළයේ ජේලර් 2 චිත්‍රපටයේ රූගත කිරිම් වලට සහභාගී වෙමින් ඉන්නවා. එහි පලමු කොටසේ සිටි නළු නිළියන්ට අමතරව SJ සූර්යා, සුරාජ් වෙඥාරමූඩු, නන්දමූරි බාලක්‍රිෂ්ණන් ද එක් වූ බව පැවසෙනවා. මනිරත්නම් ද ඔහු සමඟ චිත්‍රපටයක් කිරීමට සූදානම් වන බවට ආරංචි පැතිර ගියත් මේ වෙද්දි නම් නිහඬතාවයක තිබෙන්නෙ.
වේට්ටෛයන් 2024 ඔක්තෝබර් 10 වන දින විජයදශමි උත්සවයට සමග සමගාමීව ලොව පුරා තිරගත වුණා. චිත්‍රපටයට විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණි. රජිණිකාන්ත්ගේ රංගනය සහ තාක්ෂණික අංශ පැසසුමට ලක්වූ අතර, තිර කතාව සහ වේගය විවේචනයට ලක් වුණා. 2024 වසරේ තෙවැනියට වැඩිම ආදායමක් ලැබූ දෙමළ චිත්‍රපටය වූවද, එය බොක්ස් ඔෆිස් හි අපේක්ෂිත සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ප්‍රේක්ෂකයන්ගේ නිසි ආකර්ෂණය නොලැබීම නිසා පහළ කාර්ය සාධනයක් ලබා තිබුණත් සතියක් තුලදී ඉ.රු. කෝටි 300 ඉක්මවූ ආදායමක් උපයා ගනු ලැබුවා. වේට්ටෛයන් ඉ.රු. කෝටි 250ක් පමණ වැය කර නිපදවනු ලැබුවා. දකුණු ප්‍රාන්ත සියල්ලගෙන්ම ඉ.රු. කෝටි 15 සීමාව ඉක්මවා යෑමටද හැකි වූවා. තමිල්නාඩුවෙන් ඉ.රු. කෝටි 100 ඉක්මවා යෑමටත් තෙළිඟු ප්‍රාන්ත වලින් කෝටි 20+ ඉක්මවා ගියා. වේට්ටෛයන් වෙනුවෙන් ආනන්ද විකටන් පුවත්පත 45/100ක ඉහළ ළකුණක්(ඔවුන්ගේ අගය කිරීම් අනුව) ලබා ගෙන තිබෙනවා. රජිණිකාන්ත්ගේ චරිතාංග රංගනය ප්‍රසංසාවට ලක් වුණා. TOI පුවත්පත වේට්ටෛයන්ට 3/5ක අගය කිරීමක් ලබා දුන්නා. මෙය නීතියේ විෂය පථය, යුක්තියේ ස්වභාවය සහ සමාජයේ දුර්වලතා පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති කරවනවා. රජිණිකාන්ත් රසිකයින්ට සහ සමාජ තේමා අගය කරන ප්‍රේක්ෂකයින්ට මෙය අගනා සිනමා අත්දැකීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Vettaiyan (2024) Tamil HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
1,687 downloadsDownload Vettaiyan-2024-Sinhala-Subtitles.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vettaiyan (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Abhirami
- #Alencier Ley Lopez
- #Amitabh Bachchan
- #Ananth Nag
- #Aravinda Raj
- #Aroul D. Shankar
- #Asal Kolaar
- #B. S. Avinash
- #Birla Bose
- #Cesar Lorente Raton
- #Chandrasekar Koneru
- #Dushara Vijayan
- #Editor's Pick
- #Fahadh Faasil
- #G.M. Sundar
- #Indian Box Office Hits
- #Irakli Sabanadze
- #Kalki Raja
- #Kishore Kumar G.
- #Krish Hassan
- #Krishnudu
- #Manju Warrier
- #MaxxA
- #Must Watch
- #Rajnikanth
- #Rakshan
- #Ramesh Thilak
- #Rana Daggubati
- #Rao Rames
- #Ritika Singh
- #Rohini
- #Sabumon Abdusamad
- #Shaji Chen
- #Shyam Prasad
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Supreeth Reddy
- #T.J. Gnanavel
- #Thanmaya Sol
- #Vasanthi
- #Vedya
- #Vettaiyan
- #Vettaiyan (2024)
- #Vettaiyan (2024) Sinhala Sub
- #Vettaiyan (2024) Sinhala Subtitles
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Ruvindu
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

බොහෝම ස්තූතියි රවිදු සහෝ උඵසිරැසියට.......
ඒවගේම ලිපියටත් ස්තූතියි.....