කට්ටියට මතකද ගිය අප්‍රේල් මාසෙයෙ නිකුත් වුණ X (2022) ෆිල්ම් එක. මතක නම් කට්ටියට අනිවාරෙන් මතක ඇති ඒකෙ හිටපු පර්ල් ආච්චිව, කොහොම අමතක වෙන්නද නේද වයසටයෑ වැඩ කරේ. වයසක කාලෙ එහෙමනම් තරුණ කාලෙ මොන මොන වැඩ කරලා අතිද? ඔන්න එහෙනම් ඒව ගැන බලාගන්න පුළුවන් වෙන්න A24 ආයතනයෙන්ම X ෆිල්ම් එකේ ප්‍රීක්වල් එකක් නිකු…

කට්ටියට මතකද ගිය අප්‍රේල් මාසෙයෙ නිකුත් වුණ X (2022) ෆිල්ම් එක. මතක නම් කට්ටියට අනිවාරෙන් මතක ඇති ඒකෙ හිටපු පර්ල් ආච්චිව, කොහොම අමතක වෙන්නද නේද වයසටයෑ වැඩ කරේ. වයසක කාලෙ එහෙමනම් තරුණ කාලෙ මොන මොන වැඩ කරලා අතිද? ඔන්න එහෙනම් ඒව ගැන බලාගන්න පුළුවන් වෙන්න A24 ආයතනයෙන්ම X ෆිල්ම් එකේ ප්‍රීක්වල් එකක් නිකුත් කරල තියෙනවා Pearl කියලා. මේකෙ තියෙන්නේ X ෆිල්ම් එකේ හිටපු ආච්චි තරුණ කාලෙදි මොනවද කරේ කියන එක ගැන. හරි එහෙනම් ඔයාලට දැනගන්නත් එක්ක කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ,
මේ කතාව දිවයන්නේ 1918 කාල වකවානුවේදී. පර්ල් කියන්නේ චිත්‍රපටි තරුවක් වෙන්න හීන දකින කෙල්ලෙක්. චිත්‍රපටි තරුවක් කිව්වට චිත්‍රපටි වල නටන නර්තන තරුවක් වෙන්නයි එයාගෙ කැමත්ත. එයාට ඒකට තරමක හැකියාවක් තියෙනවා. ඒ වගේම එයා සුන්දරයි. ඒත් එයාගෙ හීනෙට බාදාවක් තිබුනා. ඒ තමයි එයාගෙ පවුල. එයාගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි එයාගෙ සැමියයි. එයාගෙ සැමිය හාවඩ් යුද්ධෙට ගිහින් ගෙදරින් පිට ඉන්නේ. තාත්ත අසනීප වෙලා එක්තැන් වෙලා. එයාගෙ අම්ම නම් හරිම තද කෙනෙක්. පර්ල්ට බුරුලක් දෙන්නෙම නෑ. ඉතින් පර්ල්ට සිද්ධ වෙලා තියෙන්නෙ තාත්තවත් බලාකියාගෙන එයාලට තියෙන ගොවිපලත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න. ඒත් පර්ල් කැමති වෙයිද එයාගෙ මේ කම්මැලි ජීවිතේට? අපෝ නෑ. මෙයා ඕන දෙයක් කරනවා තමන්ගෙ හීනෙට යන්න. ඔහොම ඉද්දි එයාට හොඳ අවස්ථාවක් හම්බෙනවා ඒ තමයි හාවඩ්ගෙ සහෝදරී එහෙමත් නැත්තම් පර්ල්ගෙ හොඳම යාළුවා මිට්සි එයාට නැටුම් තරගයක් ගැන තොරතුරක් දෙනවා. ඒකෙන් පාස් වුණොත් මෙයාට පුළුවන් එයාගෙ හීනෙ හැබෑ කරගන්න. ඉතින් මේ තරගෙන යන්න මෙයාගෙ අම්ම එයාට යන්න දෙයිද? මේ අවස්ථාව ලබාගන්න පර්ල් මොනව කියල කරයිද? පේන තරම් පර්ල් අහිංසක කෙනෙක්ද? මේ ඔක්කොම බලාගන්න පුළුවන් ඔයාලට මේ කතාව තුලින්.
මේ ෆිල්ම් එක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 16 වෙනිදා රටවල් කීපෙකට. මේ ෆිල්ම් හදන්න ඩොලර් මිලියන 1 පමණයි වියදම් වෙලා තියෙන්නෙ. ඒ වුණාට ඩොලර් මිලියන 9.3 චිත්‍රපටයෙන් උපය ගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට බොහොම ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබිල තියෙන අතර IMDb 7.3 ඉහල අගයක් වගේම කුණු තක්කාලි 90% ලබාගන්නත් හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ X (2022) ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Ti West මහතාමයි. මේකෙ පර්ල්ගෙ චරිතෙට රංඟනයෙන් දායක වන්නේ කළිං X චිත්‍රපටියෙදී මැක්සීන්ගෙ චරිතය නිරූපනය කරපු Mia Goth විසින්. තවද මෙහි තිර පිටපත ලියන්නත් ඇය සහබාගී වෙලා තියෙනවා. තවද මෙයට රංඟනයෙන් දායක වෙනවා David Corenswet, Tandi Wright, Emma Jenkins-Purro, Matthew Sunderland, Alistair Sewell,Emma Jenkins වැනි අය.
බොහෝ අයගෙ මතය නම් මේක X ෆිල්ම් එකට වඩා හොඳයි කියන එක. ඒත් X ෆිල්ම් එක ඔළුවෙ තියන් ඒකෙ තිබුන ඒව මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් මේක රසවිදින්න වෙන්නෑ. මේක වෙනස්ම කතාවක්. එහෙනම් X බලපු හැමෝටම මේකත් බලන්න ආරාධනා කරනවා. ඒක බලපු නැති අය ඒක බලලා මේක බලන්න. ඒ වගේම ආරංචි වෙන විදිහට මේ චිත්‍රපට මාලාවෙ තුන්වැන්නකුත් නිකුත් වෙන්න තියෙනවා MaXXXine නමින්. කෙසේ හෝ ඒක නිකුත් වෙන දවසක් තාම සඳහන් කරල නෑ. ඒක ආවහම ඒකටත් උපසිරැසි ගේන්නම්. එහෙනම් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි INTERNAL WEB පිටපත් සඳහා අදාළ වේ.
8,574 downloadsDownload Pearl.2022.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
25 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
Thanks sub ekata
Anonymous
Thanks jayawewa.....!
Kushan
Sub akta thanks
shevon perera
thnx bro sub ekata.walking dead ekath sub karala dennko
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
charith
සබ් එකට ස්තුතියි..
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ මරුනේ සහෝ
ක්ෂණිකව සබත් දීලා
බොහෝම ස්තූතියිහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks
Brian
Good job Bro
මිනුල
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
lakshan
thanks ........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
viraj
thanks.....
Ruchira
Thanks for the sub!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks bro sub ekata
Pasindu
Thank you bro..
Sandaru Nimsara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub