Watch Trailer

Phullu (2017) with Sinhala Subtitles | ඔසප් වේදනාව දැනුනු පිරිමියෙක්!! [සිංහල උපසිරැසි සමග]

පෑඩ්මෑන් කෝ? පෑඩ්මෑන් කෝ? හින්දි චිත්‍රපට රසිකයන්ගේ හිත් වල දැන් කීප දවසක් ඉඳන් තියෙන දැවෙන ප්‍රශ්නය ඒක? ඒ ප්‍රශ්නය වැඩි කාලයක් තියෙන එකක් නෑ. ඒ දවස තියෙන්නේ දැන් නම් හූවක දුර. හරි, පෑඩ්මෑන පොඩ්ඩකට පැත්තකින් තියමු. කවුරුත් දැනන් හිටියද ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2017දී පෑඩ්මෑන් චිත්‍රපටියට සමාන තේමාවක…

පෑඩ්මෑන් කෝ? පෑඩ්මෑන් කෝ? හින්දි චිත්‍රපට රසිකයන්ගේ හිත් වල දැන් කීප දවසක් ඉඳන් තියෙන දැවෙන ප්‍රශ්නය ඒක? ඒ ප්‍රශ්නය වැඩි කාලයක් තියෙන එකක් නෑ. ඒ දවස තියෙන්නේ දැන් නම් හූවක දුර. හරි, පෑඩ්මෑන පොඩ්ඩකට පැත්තකින් තියමු. කවුරුත් දැනන් හිටියද ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2017දී පෑඩ්මෑන් චිත්‍රපටියට සමාන තේමාවකින් තවත් චිත්‍රපටියක් ආවා කියලා. දැනන් ඉන්න නම් විදිහක් නෑ. අපි තියා ඉන්දියාවේ සමහර ඈයෝවත් මේ චිත්‍රපටිය ගැන දන්නේ නැතුව ඇති. සුපිරි නළු නිලියෝ යොදාගන්නේ නැතුව වැඩි ප්‍රචාරණ කටයුතු නැතුව හරිම චාමෙට කැටයම් නැතුව කරපු හින්දා වෙන්නැති වැඩියම කාගේ අතරටවත් මේ චිත්‍රපටිය නොගියේ. ඒ වගේම ආදායම් අතිනුත් සාර්ථකත්වයක් ලැබුවේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

නෑ නෑ පෑඩ්මෑන් සහ පුල්ලුව ගත්තම දෙකේම තියෙන්නේ එකම කතාව කියලා කොහෙත්ම කියන්න බැහැ. මම කිව්වේ දෙකේම තියෙන්නේ එකම තේමාව කියලා විතරයි. ඒ හින්දා එකක් බැලුව කියලා අනික මිස් කරගන්න එපා. දෙක දෙවිදිහක්. පෑඩ්මෑන් කියන්නේ අරුනාචලම් මුරුගානන්දම්ගේ ජීවිත කතාව. ඒත් පුල්ලු කියන්නේ නිකම් පොදුවේ ඒ තේමාව අරන් හදපු කතාවක්. හරියටම කිව්වොත් නිකන් උඩින් අතපත ගාගෙන ගියා වගේ. හැබැයි සෑහීමකට පත් වෙන්න පුළුවන් අමුතුම රහක් තියෙනවා. හැබැයි පෑඩ්මෑන් බලලා ගන්න ගැම්ම පුල්ලු බලලා බලාපොරොත්තු වෙන්න එපා. දෙකම බලන්න කියලා තමා ඉල්ලා හිටින්නේ.

පුල්ලුට IMDb අගය 6ක් වගේ ලැබිලා තියෙනවා. අඩු වියදමක් දරලා තමා හදලා තියෙන්නේ සහ අඩු තිරගතකිරීම් සංඛ්‍යාවකට සමාන්තරව ඉතාම අඩු ආදායමක් ලබලා තියෙන්නෙත්. චිත්‍රපටිය බාරගෙන තව මාස කිහිපයකින් අවුරුද්දක් සම්පුර්ණ වෙනවා. ඒත් අද හෙට පෑඩ්මෑන් එන හින්දා මේකත් ඔන්නොහෙ දීලා දාමු කියලා හිතුවා. යන්න කලින් මතක් කරන්න ඕන, කලින් කරපු Hichki චිත්‍රපටයට ඔයාලා දුන්නු අගයකිරීම් ගැන. පෞද්ගලිකව මම ලබපු වැඩිම කමෙන්ට්ස් ගණන. ගොඩක් ගොඩක්ම ස්තුතියි ඒකට. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා හැමෝටම!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

2,281 downloadsDownload Phullu-2017.zip40 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

2,281 downloadsDownload Subtitles40 KB

29 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Ayesh Prashan

    Thank You

  4. Lalani Maduwanthi

  5. Lalani Maduwanthi

    Thank you

  6. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  7. Virajam

    Tnx mchn.
    Puluwan nam devil's tree rooted evil sinhala sub ekath ikmanata gendako saho

  8. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ඉක්මනින් pad man දෙන්න බලන්න....සංජු film එක නැද්ද තාම...පුළුවන් නම් ඒකත් ආපු ගමන් උපසිරැසි දෙන්න බලන්න...දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....

  9. harshani11112

    චිත්‍රපටය ගැන විස්තරය අද නෑ නේද සහො....
    ස්තුති සබ් එකට

  10. shiyamal

    thanks

  11. ඩොක් අයියා

    “මයුර සුරාජ්” සොහොයුරාට ස්තූතිය

  12. losaka

    pad man එක දෙන්න තිබුනා සහෝ ස්තුතියි සහෝ උපසිරසට ජය වෙිවා!!!

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. sapsara

    ගොඩක් ස්තූතියි මේ ෆිල්ම් එක දුන්නට....ඉක්මනට පෑඩ් මෑන් ෆිල්ම් එකත් දෙන්න.....බලන්න ආසාවෙන් ඉන්නේ.....

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. chathurangi93

    me wgee interesting films genawata gdak thankz

  17. N_R

    Thanks.

  18. දිල්ශාන් සචින්ත

    හානේ සුපිරී ෆිල්ම් එකක් වගේ. මයුර මාමා කරපු එකක් නිසා නොබා කොහොමද ඉතින්.

  19. Nimach273

    Thanks sub akta jaya wewa...

  20. Kulanjana Maduranga

    niayamai…hoda filumak wge..ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Jaime Lannister

    thnx brother....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  24. Sumudu6565

    එල එල .. ස්තුතියි සහෝ ගොඩක්. මම වැඩ කරන්නෙ පිටරටක. ඔයාලගෙ මේ කැපවීම නිසා ලන්කාවෙන් ඈත් වෙලා හිටියත් මම කිසිම පාලුවක් නැතිව ආතල් එකේ දවස ගෙවා ගන්නව. හැබැයි ඉතින් දැන් අවුරුදු තුනක ඉඳන් ෆිල්ම් බා ගත්තත් කමන්ට් එකක් දාන එක ගැන එච්චර ගානක් තිබුනෙ නෑ. හැබැයි මමත් මගෙ යාලුවොනුත් සෙට් වෙන සමහර අවස්තාවලදි වෙලාවකට ඔයාල මේ කරන කැපවීම ගැන අගය කලත් මමවත් උන්වත් කමට් එකක් මේකෙ කොටල ගියෙ නෑ කියලනම් දන්නව. ඒ ආර්ථමාර්ථකාමිත්වය නිසානන් නෙවේ ඒක එච්චර ගානක් තිබුනෙ නෑ... කොහොම උනත් ඔයාල ඔයාලගෙ කාලය කැපකරගෙන මේ කරන වැඩේ එල මචන්. ඒකට ගොඩාක් ස්තුතියි.

  25. kuma.lk

    Thank you ....

  26. supershiwa

    go ahead.all the best

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා!!!!!

  28. wasantha.b

    thz bro

  29. Anonymous

    Devil's.Tree.Rooted.Evil.2018. බ්‍රදර් මෙකෙ සිංහල සබ්ටයිටල් එක ඔනෙ ❤️