2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා. මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් තෝරගෙන සිංහ…

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා.

මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් තෝරගෙන සිංහල සබ් කරන්න ඕන කියල හිතුන නිසා මීට පෙර මොලි හා නායකන් ෆිලුම් දෙකම සබ් කරා. එහිදී ලොකු ඉල්ලුමක් තිබුනා පිතා මගන් සදහා. ඒ නිසා මම මේ පාර තොරගත්තේ පිතාමගන් ෆිලුමයි.

මෙහි ප්‍රධාන චරිතය සදහා දමිළ සිනමාවේ කවුරුත් හොදින් දන්නා ප්‍රියකරන “චියාන්” වික්‍රම් හා සූර්යා ගේ විශිෂ්ට රංගනයෙන් හා සේදු, නන්දා හා පරදේශි වැනි විශිෂ්ට නිර්මාණයන් ලබාදුන් බාලාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු අතිවිශිෂ්ට යයි කිව හැකි සම්මාන 9ක් ම දිනාගැනීමට සමත් වු සලරුවක් මේක.. මේ ෆිලුමේ පවතින්නේ රංගන තරගයක් දෝ සිතන තරමට ප්‍රධාන චරිත කිහිපය එකිනෙකා පරයා තම කුසලතාවයන් එලිදැක්වීම නිමිත්තෙන් ෆිල්ම් ෆෙයාර් වෙතින් හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය (ලයිලා) හොදම සහය නලුවා (සූර්යා) හොදම සහය නිළිය ( සංගීතා) ලෙස ප්‍රධාන චරිත හතරටම සම්මානයෙන් පිදුම් ලැබු අතරම හොදම චිත්‍රපටය ලෙසද හොදම අධ්‍යක්ෂක ලෙස බාලාද සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම ඉන්දිය සිනමා ලොකයේ කලාකරුවෙකුට ලබා හැකි ඉහලම ගෞරවය හා සම්මානය වන National Film Award එක 2003 වසර හොදම නලුවාට පිරිනමන Silver Lotus Award එක වික්‍රම් විසින් දිනා ගන්නා ලදි. මෙය දමිළ සිනමාවට හොදම නලුවා සදහා National Film Award එක ලැබුණු තුන්වෙනියා ලෙස වික්‍රම් පත්විය. මීට පෙර ලබාගෙන තිබුනේ එම්.ජී.ආර් සහ කමලහසන් (තුන්වරක්ම) විසිනි. එමෙන්ම තමිල්නාඩු රජය විසින් පිරිනමනු ලබන Tamil Nadu State Film Awards හී හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය (ලයිලා ) හොදම සහය නිළිය ( සංගීතා) යන සම්මානයන් ලබා ගන්නා ලදි. සූර්යා ට ජාතික සම්මානය හිමිවූවත් ප්‍රාන්ත සම්මානය අහිමිවිය.

මේ සිනමාවේ කතා තේමාව වී තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil Oru Andi කියන කතාවේ සොහෝන් පල්ලෙකුගේ චරිතාපදානයයි. චිත්තන් (වික්‍රම් ) කියන මේ සොහෝන් පල්ලාගේ දුක්බර කටුක ආදරයක් අනුකම්පාවක් නොලැබු ජීවිතයට මවක්මෙන් , පියෙක්මෙන්, සොහෝයුරෙකුමෙන් ශක්ති ( සූර්යා ) ගෙන් ලැබෙනාඅදරය රැකවරණය හමුවේ චිත්තන්ගේ ජීවිතය වෙනස්වෙන ආකාරය. චිත්තන් හා ශක්ති අතර තිබෙනා බැදීම් කොතරම් ගැඹරු බැදීමක්ද යන මනාව විදහා පාන මේ සිනමාව ඉලයරාජාගේ මියුරු සංගීතයෙන් තවත් ඔප දමා ඇත. එයිනුත් මධූ බාලක්‍රිෂ්ණන් විසින් ගයන” පිරයේ පිරයේ” හා ශ්‍රීරාම් විසින් ගයන “ඉලංකාට්ටෘ වීසුදේ “යන ගීතයන් දෙක සිය දහස් වාරයක් ඇසුවත් සිතට දෙනෙන සහනය කියා නිමකල නොහැක. චිත්තන් ගමේ සොහෝන බලාගන්න ඉන්න කෙනා. චිත්තන් ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ සොහෝන් බිමේමයි. ඒ එයාගෙ අම්මා මේ සොහොන්බිමේ චිත්තන්ට ජීවය දී ලොව හැරයමත් සමගමයි. ඔහුව හදාගන්නා එවක සොහෝන්පල්ලාද චිත්තන් ලමාකාලයේදීම ලොවෙන් සමුගන්නවා. කුඩා චිත්තන් සොහොන්බිමේ වැඩභාරගන්නා අතර ඔහුගේ ජීවිතය ගෙවී යන්නේ මේ සොහොන්බිම සීමාවීමෙනි. තරුණයෙක් වු චිත්තන්ගේ ජිවිතය සොහොන්බිමේ ආදායමෙන් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට තම කුසගින්න නිවාගැනීමට ගමට යන්නට සිද්ධ වෙනවා. ගම චිත්තන්ට හුරු නැති නිසා ඔහුට එහි ජීවන රටාව නොදන්නා නිසාත් කරදර, අඩ දබර වලට පැටලෙන අතර එහිදී ගෝමති ( සංගීතා) විසින් මොහුබේරාගෙන ගංජා වත්තක වැඩක් ලබා දෙනවා. මෙහි ගංජා වැවිම හා ප්‍රවහනය ඉතා රහසිගතව සිදුවන අතර. මේ රැකියාව ලැබීමත් සමගම චිත්තන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්වෙන්න ගන්නවා.

මේ ෆිලුමේ සාර්ථකත්වය උඩ මෙය 2007 දී කන්නඩ භාෂාවෙන් උපේන්ද්‍ර හා දර්ශන්ගේ රංගනයෙන් Anatharu ලෙස නිරමාණය විය. මෙහි සාර්ථකත්වය මතම හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම සදහා බාලාගේම සේදු නිර්මාණය කල සතිස් කෞෂික් විසින්ම අයිතිය ලබා ගත් අතර ඒ සදහා සේදු හින්දි යේ (තෙරේ නාම්) රගපෑ සල්මන් ඛාන්වම තෝරාගැනීමට තැත්කල අතර කුමන හෝ හේතුවක් මත එය නොකෙරිණි. චිත්තන් නොහෝත් වික්‍රම් ගේ ජීවිත කාලයටම බැලිය හැකි හොදම රංගනය මෙහිදී බලාගන්න ඔයාලට පුලුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඒ වගේම අනෙක් සියලුම ප්‍රධාන හා උප චරිතයන් සියල්ලම විශිෂ්ට අන්දමින් යොදවාගනිමින් සියලු පාලනයන් තමන්වෙත ගෙන ඉතා සාර්තක සිනමාවක් දමිළ රසිකයන් වෙත ගෙන ඒමට බාලා සමත් වෙලා තියෙනව.

ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ මෙවෙනි උසස් නිරමාණයක් රස විදින්න. සිනමා රසිකයෙක් වන සෑම කෙනෙක්ම රස විදිය හැකි සිනමා සිත්තමක් ලෙස මෙම පිතාමගන් සිනමා සිත්තම හැදින්විය හැක.

සම්මානයන්.

  • National Film Awards 2003
  • Won – Silver Lotus Award for Best Actor – Vikram
  • Filmfare Awards South
  • Won – Filmfare Best Film Award (Tamil)
  • Won – Filmfare Best Director Award – Bala
  • Won – Filmfare Best Actor – Vikram
  • Won – Filmfare Best Actress – Laila
  • Won – Filmfare Best Supporting Actor Award – Suriya
  • Won – Filmfare Best Supporting Actress Award Sangeetha
  • Tamil Nadu State Film Awards
  • Won – Best Actor – Vikram
  • Won – Best Actress – Laila
  • Won – Best Supporting Actress – Sangeetha

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HQ DVD පිටපත සඳහා අදාළ වේ.

3,812 downloadsDownload Pithamagan-2003-Sub.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පීටර් බාත්ලට්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පීටර් බාත්ලට්

Subtitles

3,812 downloadsDownload Subtitles56 KB

32 comments

  1. Nirosh C

    ස්තුතියි පීටර් සහෝ.ජයවේවා !

  2. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    පුළුවන් නම් මේ පරණ සුපිරි films වලටත් sub දෙන්න සහෝ ....
    Nandha ( 2001) - suriya
    Shree (2002) - suriya
    Ayitha Ezhuthu (2004) - suriya,madhavan
    Sethu (1999) - vikram
    Kasi (2001) - vikram
    ජයවේවා ........

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. spd

    නියම වැඩක් සහෝ.
    බොක්කෙන්ම අගය කරනවා ඔයාගේ උත්සාහය.
    මේකත් කලින් බලල තියනවා.
    ඒත් සිංහල සබත් එක්ක බලන්න ආයේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන.
    පුළුවන්නම් වික්‍රම්ගේ Sethu (1999) ෆිලුමටත් ලස්සන සිංහල සබක් දෙන්න.
    දැන් කොහෙද ඒ වගේ ලස්සන ටැමිල් ෆිල්ම් හැදෙන්නේ.
    හදවතින්ම සුභ පතනවා සහෝ.
    ජයවේවා...!!!

  5. spd

    බොහොම ස්තුතියි සහෝ.
    මේවා හැම කාලයටම සුපිරි නිර්මාණ
    ඉස්සරහටත් මේ වගේම සුපිරි නිර්මාණ වලට සිංහල සබ් කරන්න කියල ඉල්ලා සිටිනවා.
    ජයවේවා...!!

  6. Kawi Jayasinghe

    Sahoo tnx .. puluwannam Kmalhasange dasawatharam ekata sub kranda 720p walata set wenda

  7. Anuja wickramasingha

    එල අයියේ......දිගටම කරන් යමු වැඩේ....

    1. danushka nandana

      aluth ewa dannako anjali cbi wage film

  8. danushka nandana

    aluth ekak dannako..me parana ewa wadak na.anjali cbi wage

    1. barthelotp

      ඔයා මේ ෆිලුම බලන්නකෝ. එතකොට කියන්නේ නෑ මේවා හරි නෑ කියල. අලුත් ඒවත් කරනවා මම මේක කරන්න හිතුවේ මේවගේ වටින ෆිල්ම් ගොඩාක් තියෙනවා ඒ ටික කරන්න කෙනෙක් නැති නිසා. මේවට ටයිම් ලයින් 2000 විතර එනවා මේවයේ කතාව වැඩි නිසා. කාලය තමයි ප්‍රශ්නය .

  9. SadeepaT

    thanks saho sub ekata.

  10. Amalka Himeshan

    Thanks sub ekata

  11. isuru srinath sjs

    අයියේ නියමයි... සුපිරි වැඩක්. මේ වගේ පරණ මගහැරුණු ෆිල්ම් වලට මෙහෙම සබ් දෙන එක නම් අගය කරනවා අයියේ.. බොහොම ස්තුතියි !

    1. barthelotp

      ඔයා කවදත් මාත් එක්ක නේ

    2. isuru srinath sjs

      Aniwaren aiye..

  12. Udaya Saman

    උපසිරසියට බොහොම ස්තූතියි. මගේ උපසිරසි මාලාවේ ඔය ෆීල්ම් එකත් දාගන හිටියෙ සබ් එක නරන්නම්ම කියලා හිතාගෙන, කොහොමෙන් හරි ඔන්න ඉතින් සබ් එක කරල නොවැ..නියමයි සහෝ...

  13. thimilap1

    bohom sthuthi me wadeta tamil cinema group admin ape... jaya wewa

  14. Mastang

    නියම ෆිල්ම් එකකට තමයි සබ් එක දීලා තියෙන්නේ. රඟපෑම නම් කියලා වැඩක් නැහැ ඔක්කොමල්ල ගෙ.

  15. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරැසියට ..! ලිපියටත් මහන්සිවෙලා තියෙනවා මෙහෙම ලිපි ලියපුවම ෆිල්ම් එක ගැන විතරක් නෙවෙයි ඊට අදාල අනිත් දේවල් ගැනත් බලන අපිට දැනුමක් ලැබෙනවා නැවතත් බොහොම ස්තුතියි..!

    1. barthelotp

      Thanks , ඔයාලගේ ආරේ තමයි

  16. chann

    මේක රත්තරං වගේ වටින පිලුමක් සහෝ. මේවගේ වටිනා පිල්ම් හැමෝටම තේරෙන විදියට බලන්න උපසිරැසි හදනවට ගොඩාක් පිං. වික්‍රම්ගෙ තවත් තාත්විකම රංගනයක් තියෙන බලනකොට අපි දන්නෙත් නැතුව කඳුළු එන පිලුමක් තියෙනව. KAASIකියලා පුළුවන්නම් ඒකටත් සබ්⁣ දෙන්න. අයෙත් කියන්නෙ මේ පිලුමනං සුපිරිම සුපිරි පිලුමන් තමයි.

  17. kelumchathuranga

    thanks

  18. DILEKA

    Thanks for the sub.

  19. C lakmal

    ගොඩක් හොදයි, සබ් එක. Sarvam Thaala Mayam (2019) Tamil මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න.

  20. Malithsank

    Rajni & Mammokka inna thalapathi ekata sub denna puluwanda saho

    1. barthelotp

      Comments කරපු ඔක්කෝමට බොහෝම ස්තූතියි.

  21. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති.
    මේවා තමයි ෆිල්ම් කියන්නේ.
    ලොකු අඩුවක් සම්පූර්ණ කරේ.
    දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. isu1996

    ඒක මරු මචං..පට්ට ෆිල්ම් එක.

  24. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    1. barthelotp

      Thanks

  25. gayan gothama

    Parattai Engira Azhagu Sundaram - Film ඒකට සබ් ටයිටල් ඒකක් හදන්න..... ෙකා්..........
    දනුෂ්ෙග් ලස්සන මූවි ඒකක්..........