මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතක…
මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් හිද අධ්‍යක්ෂක වු මොහුගේ මෙම චිත්‍රපටය සාර්ථකත්වට පත් වු ෆිලුමක් වුනා. ඒ වගේම මේ ෆිලුම කමලහාසන්ගේ විශිෂ්ටතම රංගනය නිසා ඉන්දියාවේ ඉහලම සම්මාන උලෙළක් වන National Film Award විසින් හොදම නලුවා සදහා Silver Lotus සම්මානය පිරිනමන ලදි . ඒ වගේම හොදම සිනමාරූපනය සදහා National Film Awards මගින් President’s Silver Medal – Best Cinematography ලෙස පී.සී . ශ්‍රී රාම් විසින් ලබා ගන්නා ගන්නා ලද අතර තොට්ටා දරණි විසින් Best Art Direction ලෙසද National Film Awards වෙතින් සම්මානයයක් ලබා ගන්නා ලදි. මේ අනුව National Film Awards වෙතින් සම්මානයන් තුනක්ම ලබා ගැනීමට මේ ෆිලුමට හැකියාව ලැබුණි. 60 වෙනි Oscar සදහා විදේශිය භාෂා යටතේ ඉදිරිපත් කරන ලදි. කෙසේ වෙතත් සම්මානයක් ලබා ගැනීමටනන් හැකියාවක් නොමැති විය.
2005 දී Time මැගසිනය විසින් ඔවුන්ගේ “All-Time 100 Best Films” ලැයිස්තුවට මේ ෆිලුම ඇතුලත් කරන ලදි. එමෙන්ම The Moving Arts Film Journal’s ලැයිස්තුවේ greatest films of all time ලෙස ලැයිස්තු ගත කරන ලදි. NDTV සිනමා ලැයිස්තුවේ “India’s 20 greatest films” ලෙසද CNN-IBN හී “100 greatest Indian films of all time” ලෙස ලැයිස්තු ගතවූ ෆිලුමක් මේක.
තෙලුගු භාෂාවෙන් Nayakudu ලෙස හඩකවන ලද අතර Dayavan යන නමින් හින්දි ෆිලුමක් ලෙස විනෝද් කන්නාගේ රංගනයෙන් 1988 දී එලි දැක්විය. එසේ වුවත් 1999 දී වේලු නායකන් ලෙස හින්දි හඩකැවීමෙන් පසු තිරගත කරන ලදී. ඉලයරාජා ගේ සංගීතයෙන් රසවත් වූ ෆිලුමේ ඉලයරාජා සමග කමලහසන්, චිත්‍රා, මනෝ, සුසීලා වැනි ප්‍රවීන ගායක ගායිකාවන් විසින් ගායනයෙන් සහය වී ඇත. වඩාත්ම සිත් බැදගත් ගීතයවන ” තෙන්මාංගු සීමයිලේ” යන ගීතය ඉලයරාජා හා කමලහාසන්ගේ හඩින් රසවත් වී ඇත. මේ ෆිලුම 1987 ඔක්තෝබර් 21 වන දින තිරගත වු අතර රැගුම් පාලක මණ්ඩලය විසින් මේ ෆිලුම මුදලියාර් කියන ජීවත්ව සිටින පුද්ගලයෙක් පාදක කරගෙන ඇති බව පවසා තිරගත කිරීම තහනම් කර ඇත. අවසානයේ දී රැගුම් පාලක මණ්ඩලයේ ඉල්ලීමට අනුව මුදලියාර් විසින් මෙම ෆිලුම ඔහුගේ ජීවිත කතාවට සම්බන්ධයක් නොමැති බව පවසා ලබා දුන් ලියවිලකින් පසුව තිරගත් කිරීමට අවසර දී ඇත.
කතාව තේමා කරගෙන ඇත්තේ බොම්බායේ පාතාල කල්ලි නායක වේලු නායකර් (කමලහාසන්) යන පුද්ගලයා මුල් කරගෙනය. මෙය වේලු නායකර් ඉස්සර මම කිව්ව වගේ මුදලියාර් ගේ ජිවිත කතාව කිව්වත් නිවැරැදියි. කව්ද මේ වෙලු නොහෝත් නායකර්. දුප්පත් වගේම නිතිවිරෝධි ජාවාරම් කරුවන් වෙසෙන බොම්බායේ දාරාවි කියන පලාතේ ප්‍රබල ජාවාරම් කරුවෙක් වූ මොහු කුඩා කාලයේදී තමිල්නාඩුවේ කම්කරු නායකයෙක් ගේ පුතෙක්. තම පියා කම්කරු අයිතිවාසිකම් ඉල්ලීම නිසා තමන් ඉදිරියේදීම පොලීසිය විසින් මරා දමනු ලබයි. මෙයින් කම්පනයට පත්වෙන මේ කුඩා වේලු ඒ පොලිස් නිලධාරියාට පිහියෙන් ඇන බොම්බාය වෙත පැනයයි. බොම්බායේ දී මොහුගේ සාමාකාමි ජීවිතය නොසිතු ලෙස වෙනස් වෙන අන්දම හා එහි අවසානය මනාව සලරුවට නගා ඇති අන්දම ප්‍රසංසනියයි.
මෙන්න මේ චිත්‍රපටය ගත්ත සම්මාන ටිකක්
National Film Awards, India (1988)
President’s Silver Medal
Best Cinematography – P.C. Sreeram
Silver Lotus Award
Best Actor – Kamal Haasan
Cinema Express Award – Tamil Film Industry Best Actor – Kamal Haasan
Cinema Express Award – Tamil Film Industry Best Film

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD / DVD පිටපත් සඳහා අදාළ වේ.
2,672 downloadsDownload Nayakan-1987.update.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පීටර් බාත්ලට්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පීටර් බාත්ලට්
Subtitles
18 comments
kavinuweerakkody
ashan1234
komada bawe link eka apiath danda
gmcmusic
ow.matath meke torrent link eka hoya ganna ba. udawwwak hoyala methana comment box ekaka damma nam. stjuthee me sewayata.
barthelotp
මෙකේ ලින්ක් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙනවා. මේවයේ ලින්ක් හොයාගන්න අමාරුයි. ඒවත් බාන්න සෑහෙන වෙලා යනවා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
පුලුවන්නම් දිගටම පරන උනත් මේ වගේ මගඇරුන හොද ෆිල්ම් වලට සබ් කරන්න...Krishan NiShalya
බොහොම ස්තූතී
deshanchandana
සුබ පැතුම් sub එකට මේ වගේ හොද පරණ සුපිරි ඒවා දිගටම දෙන්න ජයවේවා ...
deshanchandana
thalapathi
anbe sivam
Indian
Iruvar
wage ewath denna balanna jayawewadeshanchandana
ඉරුවාර්
අන්බේ සිවම්
තලපති
ඉන්දියා
වගේ ඒවත් දෙමු සහෝ
නියමි ජය වේවාNirosh C
ස්තුතියි පීටර් සහෝ.ජයවේවා!
Kulanjana Maduranga
subata thanks..
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
සුපිරියක් නෙව අරන් ඇවිල්ලා තියෙන්නේ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thusithaltr
මේක විශිෂ්ට සිනමා නිර්මාණයක්. බෙහෙවින් තුති උපසිරැසියට. මේ Download කරන ගමන්. වසර 28කට පමණ පෙර පාසල් යන කාලෙ මුළින් ම බැලුවෙ. ඉලයරාජා හා කමලාහසන්ගෙ ගීතය අදටත් මතකයේ තියෙන ගීයක්. නැවත රස විඳිමි.
spd
බොහොම ස්තුතියි සහෝ.
මේවා හැම කාලයටම සුපිරි නිර්මාණ
ඉස්සරහටත් මේ වගේම සුපිරි නිර්මාණ වලට සිංහල සබ් කරන්න කියල ඉල්ලා සිටිනවා.
ජයවේවා...!!Lasantharathnasirirox
බොහෝම ස්තූතියි පීටර් සහෝදරයා..ජයවේවා !
Advertisement
ගොඩක් ස්තූතියි උපසිරැසියට!
මෙන්න බෑවා..