Watch Trailer

Ratham (2018) Sinhala Subtitles | අසාධාරණයට එරෙහි වූ තරුණයකුගේ ප්‍රේම අරගලය ! [සිංහල උපසිරසි සමඟ]

* කෘෂි කර්මාන්තයට ආදරය කරන තරුණයෙක් * අසරණ ගොවියන්ගෙ දුක දන්න තරුණයෙක් * අසරණ ගොවියන් වෙනුවෙන් කෘෂි උපකරණයක් සදා දුන් තරුණයෙක් * අහම්බෙන් ලැබුණ ආදරේට ආදරේ කරන තරුණයෙක් * අසරණ මිනිසුන්ට ණයපොලීයට මුදල් දෙන දාමරිකයෙක් * ණය පොලී නොලැබුණ විට ළමුන්ව වැඩකාරකමට ගන්නා මැරයෙක් * ඇමක් වෙනුවෙන් අහිංසක ජීවිතයක්…

* කෘෂි කර්මාන්තයට ආදරය කරන තරුණයෙක්
* අසරණ ගොවියන්ගෙ දුක දන්න තරුණයෙක්
* අසරණ ගොවියන් වෙනුවෙන් කෘෂි උපකරණයක් සදා දුන් තරුණයෙක්
* අහම්බෙන් ලැබුණ ආදරේට ආදරේ කරන තරුණයෙක්
* අසරණ මිනිසුන්ට ණයපොලීයට මුදල් දෙන දාමරිකයෙක්
* ණය පොලී නොලැබුණ විට ළමුන්ව වැඩකාරකමට ගන්නා මැරයෙක්
* ඇමක් වෙනුවෙන් අහිංසක ජීවිතයක් බිලිගත් මිනී මැරුවෙක්
* දඟකාර ආදරයකට උරුම කියන සුන්දර යුවතියක්
* කුඩා අවදියේම පිය සෙනෙහස දුරස් වූ දියණියක්
* අසරණ මිනිසුන් වෙනුවෙන් සිරගත වු පියෙක්
* මංගල රාත්‍රියේදිම වැන්දඹුවක් වූ ගැහැනියක්

කාර්තික් ගහට කොළට කෘෂිකර්මාන්තයට ආසකරන කොවිතැන් කරගෙන ඉන්න ගමක කොල්ලෙක්. බුජ්ජි තාමත් කොලේජ් යන ගමේම ඉන්න ලස්සන කෙල්ලෙක්. කොල්ලොන්ගෙන් බේරිල්ලක් නැහැ. කොලේජ් යන්න ගෙදරින් එළියට බැහැපු ගමන් ගමේ කොල්ලො බුජ්ජිගෙ පස්සෙන්ම. දවසක් කොල්ලො ටික බුජ්ජිව අල්ලගෙන එයාට කොල්ලෙක් තෝරගන්න කියල කට්ටියම පේළියට හිටගන්නවා. බේරෙන්නම බැරි තැන පෙන්නන්න කියල ඇගිල්ල දික් කරනකොට බයික් එකේ එන කෙනෙක්ව පෙන්නනවා පෙම්වතා කියල. බැලින්නම් ඒ වෙන කවුරුත් නෙමෙයි, කාර්තික්. හදිස්සියේ වෙච්ච දෙයත් එක්ක කාර්තික්ගෙ කොලේජ් එකේ ප්‍රතිපල ඇවිත් ඉහලින්ම සමත් වෙලා නිසා යාලුවන්ට පොඩි පාර්ටියක් දෙන්න හිතාගෙන බාර් එකට යනවා. එහිදි පොඩි ළමයෙකුට පහරදීමක් නිසා කාර්තික් ඒ ළමයාව ගෙදර යවන්න කියල කියනව. කාර්තික් පහුවදා ගිහින් බාර් එකේ බලද්දි ඒ කොල්ලව ගෙදර යැව්ව කියල බොරුවක් කියල බාර් එකේ අය පිටත් කරනව. නමුත් කාර්තික් දකිනවා අර ළමයව වාහනේක දාගෙන අරගෙන යනව. කාර්ති ඒ පස්සෙන් ගිහිල්ල ළයින්ගෙන් වැඩ අරගන්න තිප්පොලක් හම්බවෙනවා.

කාර්තික් ඒ ළමයින්ව නිදහස් කරන්න කිව්වත් එතන ඉන්න මිනිස්සු ගැටුමට එනව. පස්සෙ එතන ඉන්න ලොක්කගෙ බිරිද එනව වැඩපලට. කලින් දවසක කට්ටියක් ස්වර්ණාබරණ පැහැරගෙන යද්දි කාර්තික් තමයි එයාලගෙන් ස්වර්ණාබරණ ටික බේරල දෙන්නෙ. ඔන්න ඉතින් ඒ කාන්තාව කාර්තිකව අදුනගෙන අර ළමයි ඔක්කොම නිදහස් කරගන්නවා. මේක දැනගන්න ගමේ ඉන්න ණය පොලියට දෙන ගමේ ඉන්න හයි කාරය දැනගන්නව. මේක දැනගන්නෙත් ඔහුගෙ විවාහය සිද්දවුණ දවසෙ රෑ. මෙයා ගිහින් අර ළමයවයි ඒ ළමයව බේරගන්න කතා කරපු කෙල්ලෙකුයි රාත්‍රියේම පැහැරගෙන යනවා. පහුවදා අර කෙල්ලගෙ සීයා දකිනවා අර කෙල්ල මරල දාල ඉන්නවා. මේක දැනගන්න කාර්තික් ඇවිත් දෙන්නා අතර ගැටුමක් ඇතිවෙලා කාර්තික්ගෙ අතින් ගමේ හයිකාරයා මරුමුවට පත්වෙනවා.

සිද්දියෙන් පස්සෙ ගමේ හයිකාරයගෙ බිරිඳ වැන්දඹුවක් බවට පත්වෙලා පලිගන්න බලාගෙන ඉන්නවා. මේ අතරතුර බුජ්ජිගේ තාත්තා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බුජ්ජිගෙයි, කාර්තික්ගෙයි ආදර හුටපටය දැනගන්නවා.

25 වෙනි උපසිරැසි නිර්මාණය විදියට නැවතත් ලස්සන ආදර කතාවක් එක්ක අසාධාරණය වෙනුවෙන් සටන් කරන තරුණයෙකුගෙ කතාවක් අරගෙන ආවා. 2018 ඔක්තොම්බර් මස තිරගත කරන ලද ප්‍රධාන චරිත විදියට අලුත්ම නළු නිලි දෙපලක්.

එහෙනම් අලුත් ෆිලුමකින් ආයෙත් මුණ ගැහෙමු.

Starring : Geetanand, Chandni Bhagwanani
Director: Chandrashekar Kanuri
Producer: Raja Darapuneni
Music Director: Sukumar Pammi
Cinematographer: Sunil
Editor: Raja Tharappunani

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

7,581 downloadsDownload Ratham-2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,581 downloadsDownload Subtitles42 KB

34 comments

  1. Asankamax

    thankz bro.

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub ekata....

  3. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  4. චානක ඉඳුනිල්

    ස්තූතියි සහෝ සබ් එකට

    1. wijaya_143

      tnks bro.........

  5. ranga1984

    Wooow thaks ..saho ...

  6. Ayesh Prashan

    Niyamai.. Thank You

  7. gihan perera

    නියමයි සහෝ...ස්තුතියි වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. D.Chamara

    bohoma sthuthi sahooo ......

  9. danukaTMj

    බොහොම ස්තූතියි සහෝ..

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Rumesh dhanushka

    Thanks dananjaya & all admins

  12. Udaya Saman

    උපසිරසියට බොහොම තුති..නියමයි දිගටම සබ් දෙමු..ජය..

  13. Kiw3rd

    Thankz bro.

  14. DILEKA

    Thanks for the sub.

  15. harshani11112

    විස්තරය නිසාම චිත්‍රපටය බලන්න ආස හිතුනා..
    ස්තුති සහොදරයා..
    තෙරැවන්සරණයි

  16. NuwanK

    Thank u bro..

  17. Aac3

    සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝදරයා... දිගටම සබ් දෙන්න ජය වේවා... !!! පුලුවන් නම් U Kathe Hero (2018) මේකටත් සබ් දෙන්නකෝ...

  18. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය

  19. Kulanjana Maduranga

    subata thanks saho...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. RuwanLakshan93

    එල සහෝ........... ජය වේවා!

  22. Rsa diz

    These are dark times...We want regular Telugu movie..fight romance..jokes, I miss those

    1. Rsa diz

      I mean this film looks good...but I miss something...

  23. Tharu

    ❤️

  24. Bama_Boy

    thank you!

  25. Sadun-perera

    Than mcn

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. Rukshan37

    ela ela

  28. L.G.T.Dilshan Liyanage

    තෑන්ක්ස්

  29. dusmantha

    thank borrr

  30. Supun Srimal

    Thnq saho

  31. නිමල් දිසානායක

    ස්තුතියි ධනංජය!

  32. නිමල් දිසානායක

    හරිම සංවේදී ෆිලුමක්.
    ධනංජය.
    නියමෙට සබ්ස් දීලා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.