සුබ දවසක් වේවා! අද ඔයාලට අරගෙන ආවෙ ලස්සන කතාවක්. තමන්ගෙ හීනය සැබෑ කරගන්නට සියළු බාධක හමුවේ නොනැවතීම ඉදිරියට ගිය චූටි දියණියකගෙ කතාවක්. කුඩා කාලයෙදි අපි හැමෝටම එක එක හීන තියෙනවා. සමහරු තමන්ගෙ ධෛර්‍යයෙන් සහ උත්සාහයෙන් ඒ සිහින ජයගන්නවා. ඒත් සමහරුන්ගෙ හීන කාලයත් එක්ක ගිලිහිලා යනවා. මොකද ඒ වෙනුවෙන් කැපක…

සුබ දවසක් වේවා! අද ඔයාලට අරගෙන ආවෙ ලස්සන කතාවක්. තමන්ගෙ හීනය සැබෑ කරගන්නට සියළු බාධක හමුවේ නොනැවතීම ඉදිරියට ගිය චූටි දියණියකගෙ කතාවක්. කුඩා කාලයෙදි අපි හැමෝටම එක එක හීන තියෙනවා. සමහරු තමන්ගෙ ධෛර්‍යයෙන් සහ උත්සාහයෙන් ඒ සිහින ජයගන්නවා. ඒත් සමහරුන්ගෙ හීන කාලයත් එක්ක ගිලිහිලා යනවා. මොකද ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැමෝටම නොහැකි හින්දා. හැබැයි ඒ සිහින ජයගත් විට දැනෙන සතුට දන්නේ ඒ අයම විතරයි. ඉතිං මේකත් ඒවගේ කතාවක්.
කතාව ගැන කෙටියෙන් කියන්නම්. රේගන් කියන්නෙ 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. ඇයගෙ ලොකුම සිහිනය තමයි ඇයගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩිකාව වන ඇලෙක්ස් මෝගන් මෙන් දක්ෂ ක්‍රීඩිකාවක් වෙන එක. නමුත් ඇයට ගොඩක් බාධක වගයක් තියෙනවා. එකක් තමයි ඇයගේ දෙමාපියන්ට ඇය වෙනුවෙන් මිඩංගු කරන්න ඇති තරම් කාලයක් නොවීම. ඒකට හේතුව තමයි ඔවුන් ඇයගෙ වැඩිමල් සොයුරා වෙන ලෝගන්ගෙ ශිෂ්‍යත්වයක් වෙනුවෙන් මහන්සි වීම. එම නිසා කුඩා රේගන් තනිවම තම පුහුණුවීම් සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙනවා. ඔය අතරෙදි අරුම පුදුම සිද්ධියක් වෙනවා. තම නිවස තුලදී අනතුරකට ලක්වෙන රේගන්ට ඇයගේ ක්‍රීඩා තාරකාව වෙන ඇලෙක්ස් මෝගන්ව ජීවමානව දර්ශනය වෙන්න ගන්නවා. ඉන්පසු ඒ ඇලෙක්ස් රේගන්ගේ පුහුණුවීම් වලට ගොඩක් උදවු කරනවා. ඉතිං ඔය විදියට තමයි කතාව පටන් ගන්නෙ. ඒ කාලය තුල ඇයගේ ලොකුම සිහිනය තමයි සමාජ කණ්ඩායම් අතර පැවැත්වෙන දියමන්ති කුසලානය තරඟාවලියට සුදුසුකම් ලබන එක. ඉතිං ඇලෙක්ස්ගෙ උදවුවෙන් ඇයට ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි වේවිද? කිසිම කණ්ඩායමකට නොතේරුණ ඇය එම තරඟාවලියට ඉදිරිපත් වෙන්නේ කෙසේද? කියන කාරණා ගැන දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
මෙහි නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Eric Champnella විසින්. එතකොට රංගනයෙන් සත්‍ය ජීවිතයේ Alex Morgan ම ඇගේ චරිතයට පණ පොවන අතර තවද Siena Agudong, Andrew Rush, Jim Klock රංගනයේ යෙදෙනවා. මෙම නිර්මාණය සඳහා IMDB 5.5ක අගයක් ලැබී තිබෙන අතර විනාඩි 76ක ධාවන කාලයකින් සමන්විතයි. මෙය Family හා Sports යන ඛාණ්ඩ යටතේ නම් කරලා තියෙනවා. එතකොට මේක ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2018 ජූනි 12 වනදා. ඉතිං යාළුවනේ වැදගත්ම කරුණු ටිකක් තමයි ඔය කිව්වෙ.
මම ඔයාලට ආරාධනා කරනවා වෙලාව වෙන් කරගෙන මේක බලන්න කියල. මොකද ගොඩක් ලස්සන කතාවක්. විශේෂයෙන්ම පොඩි ළමයිට. මේකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ‘තමන්ගෙ සිහින හඹා යාම අත් නොහරින්න’ කියන එක. එහෙනම් යාළුවනේ මෙතනින් නවතින්නම්. වැඩත් එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්නෙ. පුළුවන් තරම් ඉක්මනින් තවත් උපසිරසියක් අරං එන්නම්. එහෙනම් එතෙක්…
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,595 downloadsDownload Alex-Me-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
10 comments
Kantha_DLA
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි ගයාන් සහෝ...
ඔබට ජය ...!!! :DDILEKA
Thanks for the sub.
gihan perera
ලස්සන කතාවක්....නියමයි දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Tharaka
THANKS..................
sumithwickramarachchi
thanks
Kulanjana Maduranga
subata thanks saho....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Advertisement
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!