සුභ දවසක් පතනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 12වෙනි සබ් එක. මේක 1987 වර්ෂයේදි තිරගත උන කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇමරිකාවේ Thanksgiving Day එක (ස්තුතිපුදකිරීමේ දිනය) ආශ්‍රිතව නිර්මාණය උන කතාවක්. ඇමරිකානුවන් සෑම වසරකටම සැරයක් නොවැම්බර් මස 4 වෙනි බ්‍රහස්පතින්දා දිනයේ Thanksgiving Day එක සමරනු ලබනවා.…

සුභ දවසක් පතනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 12වෙනි සබ් එක. මේක 1987 වර්ෂයේදි තිරගත උන කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇමරිකාවේ Thanksgiving Day එක (ස්තුතිපුදකිරීමේ දිනය) ආශ්‍රිතව නිර්මාණය උන කතාවක්. ඇමරිකානුවන් සෑම වසරකටම සැරයක් නොවැම්බර් මස 4 වෙනි බ්‍රහස්පතින්දා දිනයේ Thanksgiving Day එක සමරනු ලබනවා. එය ඇමරිකානුවන්ගේ පොදු නිවාඩු දිනයක්. එය ඇමරිකානුවන්ට ආගමික මෙන්ම විනෝදාත්මක පැත්තෙන්ද ඉතා වැදගත් දිනයක්. එදාට පවුලේ සියළු දෙනාම එකට එකතු වී ඉතාමත් සතුටින් කාලය ගත කරනවා. මෙන්නම මේ Thanksgiving Day එක මූලික කරගෙන නිපදවපු ලස්සන චිත්‍රපටයක් විදියට මේ නිර්මාණය හඳුන්වන්නට පුළුවන්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරතිබෙන්නෙ John Hughes විසින්. ඔහු 80 දශකය තුළ ඉතා ජනප්‍රිය සිනමා නිර්මාණ කරැවෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද Ferris Beuller’s Day Off [1986] කියන චිත්‍රපටයද මං මීට කලකට ඉහතදි ලබා දුන්නා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Steve Martin සහ John Candy යන රංගන ශිල්පීන් දෙදෙනා. මේ චිත්‍රපටය 7.6 ක් වැනි ඉහල IMDB අගයක්ද හිමි කරන් තිබෙනවා. ඒ වගේම Thanksgiving Day එක ආශ්‍රිතව නිපදවු චිත්‍රපට අතලොස්ස අතරින් එකක් විදියට මේක හඳුන්වන්නට පුළුවන්.
දැන් මං මේකේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ නීල් පේජ් (Steve Martin). ඔහු කුඩා දරැවන් තිදෙනෙක්ගෙ පියෙක්. ඔහු තම රැකියාව නිසා ඉතාමත් කාර්යබහුල උන තාත්තා කෙනෙක්. මොහු Thanksgiving Day එක සැමරීම සඳහා නිව්යෝරක් වල ඉඳන් චිකාගෝ වල පිහිටි තම නිවස කරා එන ගමනක් ඇසුරින් තමා මේ චිත්‍රපටය ගොඩ නැගී තිබෙන්නෙ. මේ ගමනේදි ඔහුට සුවිශේෂි පුද්ගලයෙක්ව මුණ ගැසෙනවා. ඔහු තමා ඩෙල් ග්‍රිෆිත් (John Candy). මොවුන් දෙදෙනා සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් ගතිගුණ තියෙන තිබෙන කිසිම ආකාරයකින් ගැලපීමක් නැති පුද්ගලයින් දෙදෙනෙක්. අයහපත් කාළගුණය නිසා චිකාගෝ නුවර කරා එන ගමන හිතපු තරම් ලේසි වෙන්නේ නෑ. මොවුන් දෙදෙනාට ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවෙනවා. ඉතිං ඔවුන් ඒ සංචාරයේ නියැලෙන හැටි තමා මේ චිත්‍රපටයෙන් නීරෑපණය වන්නෙ. මේ චිත්‍රපටය විනාඩි 92 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගේම හොඳට හිනා වෙන්න පුළුවන් හොඳ හොඳ සිද්ධිත් තියෙනවා. ඒ වගේම හිතට වදින හුඟක් හොඳ අවසානයකුත් තිබෙනවා. ඉතිං ඔබලා මේ චිත්‍රපටය රස විඳිවි යැයි යන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. තවත් සබ් එකක් සමගින් ලඟඳීම හමුවෙන්නම්.
ඔබ සැමට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
Planes.Trains.and.Automobiles.1987.720p.BluRay.x264.[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
231 downloadsDownload Planes.Trains.and_.Automobiles.1987.Baiscopelk.com_.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
16 comments
Chalana Rukshan
Udara damith b/k
Udara damith b/k
thank
Dulanga
Thanks
thisal
thanksss
w a thilak
ස්තුතියි බොහෝම
අසිත
එලම සහෝ තෑන්ක්ස්
දමිත්
ස්තුතියි සහෝ..
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴ ෴ :P :P
kent parker
thanks bn
Lakshansilva18
sixteen candles ekatath sub dennako
Lakshansilva18
thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx bro...