කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍ර…

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නළුවයි නිළියයි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . දකිනකොට දන්නවා ඇති. නළුවා විදියට රංගනයෙන් දායක වෙනවා “Michael Fassbender” ඔහුව හැමෝම දන්නේ එක්ස් මෑන් එකේ හිතුවක්කාර “මැග්නේටෝ” විදියට. තව ඔහු “Assassin’s Creed”, “Steve Jobs“, “Macbeth” ඇතුළු තවත් දැවැන්ත චිත්‍රපට කිහිපයකයකට රංගනයෙන් දායක වුනා. නිළිය නම් ඉතින් ගොඩක් අය දන්නවා ඇති “ජේසන් බොර්න් ” ගාවට යහළුවෙකු ලෙස පැමිණි සතුරා විදියට! රංගනයෙන් දායක වෙන්නේ “Alicia Vikander” ඒ වගේම ඇය “The Danish Girl“, “The Man from U.N.C.L.E.” යන ෆිල්ම් වලට රංගනයෙන් දායක උනා. මේ ෆිල්ම් එකට මට උපසිරැසිය කරන්න මෙච්චර පරක්කු උනේ, BluRay පටය නිකුත් උනාට පස්සේ තමා හොද උපසිරැසියක් නිකුත් උනේ අන්තර්ජාලයට. කොහොමහරි මට පුළුවන් තරම් ඉක්මනට මම උපසිරැසිය නිර්මාණය කරලා අපේ බයිස්කෝප් යාලුවන්ට ඔන්න ලබාදුන්නා. දැන් අපි යමු ෆිල්ම් එක පැත්තට.
ටොම් ශර්බෝන් කියන්නේ යුද්ධය නිම කර පැමිණි යුධ වීරයෙක්. ඔහු රැකියාව විදියට තෝර ගන්නවා ප්‍රදිපාගාරයන් රැකබලාගන්නෙක් විදියට. ඔහුට තාවකාලික රැකියාවක් ලැබෙනවා බටහිර ඕස්ට්‍රේලියාවේ දුපතක. මේ දුපත තමා ඔහුගේ ජීවිතය අනිත් පැත්ත ගහන්නේ. ඉසබෙල් කියන තරුණිය මුණ ගැහෙනවා මේ ටොම් ශර්බෝන් ට. මේ කතාවේ කතා විලාශය එහෙන් පිටින්ම වෙනස්, ආචාරශීලි ලෙස හැමකෙනා එක්කම කතා කරන්නේ, ඒ විදියටම මම උපසිරැසිය නිර්මාණය කරා. ඉසබෙල් සහ ටොම් විවාහා වෙලා අර කාත් කව්රුත් නැති දුපතේ පදිංචියට යනවා. එහෙ ගත කරපු අව්රුදු 3 නේදී ඇය දරුවන් දෙදෙනෙකු බලාපොරොත්තු උනත් ඒ අවස්ථා දෙකේදීම ඇගේ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර මිය යනවා. මේ විදියට අසරණ වෙලා ඉන්න ඉසබෙල් ගේ ජීවිතය වෙනස් කරේ. මුහුදේ ගහගෙන ආපු ඩිංගි බෝට්ටුවක්. ඒ ඩිංගි බෝට්ටුවේ මිය ගිය පුද්ගලයෙකුයි, ජිවත් වෙන කුඩා දරුවෙකුයි ඉන්නවා. ඉතින් ඒ කුඩා දරුවා වටා තමා කතාව ගෙතී යන්නේ. මේ දරුවාගේ අම්මා ජිවත් වෙනවා වගේම, ඇය හැම විදියකින්ම මේ දෙන්නව හොයාගන්න උත්සාහා කරත් ඒ හැම විදියක්ම අසාර්ථක වෙනවා. ඇත්ත අම්මා මේ දරුවාව හොයා ගනියිද, හදාගත්ත අම්මටයි තාත්තටයි ආවසානයේ මොනවයින් මොනවා වෙයිද. ඇයි මේ දරුවාගේ නම ලුසී-ග්‍රේස් උනේ! මේ වගේ ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා මම අදට ඔබෙන් සමු ගන්නවා.
මම හැමෝටම ආරාධනා කරන්නවා මේ ෆිල්ම් එක බලන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ පොතක් පාදක කරගෙන. තවත් උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Light.Between.Oceans.2016.720p.BluRay.x264.ShAaNiG
The.Light.Between.Oceans.2016.720p.BRRip.x264-MkvCage
The.Light.Between.Oceans.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,100 downloadsDownload The.Light_.Between.Oceans.2016.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
36 comments
Sachin Bhagya
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
අසිත
එලම සහෝ තෑන්ක්ස්
දමිත්
ස්තුතියි සහෝ..
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!Thilina weerasinghe
Thanks for sub....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Aniwa balanawa machan... Thanks.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!sunimal
Sub ekata thanks saho....film eka balanna asa hituna...bt download kara ganna ba ne....google eke hoyalama epa una...puluwan nam...link ekak denna....kawru hari...plz.....
නවින් නිසල්
yts.ag සයිට් එකට ගිහින් උඩම කොනේ ඇති.. Browse Movies එක ක්ලික් කරාම , එකේ දෙවැනි පිටුවේ දෙවැනි පේලියේ ඇති ෆිල්ම් එක PC එකෙන් නම් !!
sunimal
Thank u lot macho..ama uba kiwwa widdiyatama film eka ba gatta.....dan ubata pin didi film eka balanna kiyala......
sunimal
uba kiwwa widdiyatama film eka ba gatta.....dan ubata pin didi film eka balanna kiyala......
D.Chamara
bohoma sthuthi sahooo. aniwarayan balanna oni..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.D
thnq mchn
Sumal
Thanks
chanaka
mata kiyanna film eka download karanna site ekkak
Mahesh
Sub ekata thanx
දිලාන්
ගොඩක් ස්තුතියි යාළුවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AKila
Update krnna meka puluwan nn
Monarawila
meke sub eka hariyata play wenne nehe neh.... timeline ganata hadanna kawruhari dannawada....nethnm obathumata puluwanda newatha update karanna...
Ash Jay
Thank you for the sub bro.
Tharaka
ආදර කතාවක් නේ... තැන්කු සහෝ සබට...
Tharaka
ආදර කතාවක් නේ... තැන්කු සහෝ සබට...
ඒ බං YTS එකේ බ්ලු රේ එකට මේක සෙට් වෙන්නේ නෑනේ...Heshan
Patta film eka saho...
monarawila
update දාන්න බැරි නම් සබ් ටයිටල් නොදා ඉන්නේ අපි ෆිල්ම් ඩවුන් ලෝඩ් කරනවා.ඒ වුන්ට මේ සබ් එක සපෝර්ට් වේන්නේ නැහැ
upendra
Nice try,But subtitle file is not supported B/R copy.This is for web copy bro.Thanks
Buddi
Thanks........
Dhanushkadill
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
anunethu
Thanks
Ravi28
Thanks bro
Saranga J. Liyanagama
Thanks..!
wcr
Thank You!
Lakshansilva18
Thanks for sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanx broo Sub ekata . Elzzzzz