යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්…

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් නම් තමුන්ගේ දිවි දෙන්නට ඇති ද? එහෙම කතා බොහොමයි සොල්දාදුවන් අතර. නමුත් සිවිල් වැසියන් සොල්දාදුවන් වෙනුවෙන් තමුන්ගේ දිචි පරදුරට තිබ්බ කතාවක් තමයි මේ ඔබ වෙත අරගෙන එන්න සුදානම.
මේ සිදුවීම වෙන්නෙ දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශික හමුදා වල ජය ගෙන්න මුල් වෙච්ච D-Day ගොඩ බෑමට (මේක අපි දැක්කනේ Band of Brothers එකෙන්. බලපු නැති අය ඒ සුපිරි කතා මාලාව බලන්න) අවුරුදු හතරකට කලින්. 1939 සැප්තැම්බර් මාසෙදි නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළාට පස්සෙ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා ප්‍රංශය ආර්ථික සම්බාධක එක්ක යුද්දෙ ප්‍රකාශ කළා ජර්මනියට විරුද්ධව. British Expeditionary Force (BEF) යවනවා විය හැකි ආක්‍රමණයකින් ප්‍රංශය ගලවා ගැනීමේ අරමුණෙන්. මුළා කිරීම් වලින් පස්සෙ 1940 මැයි 10 වෙද්දි ජර්මනිය සමත් වෙනවා බෙල්ජියම, නෙදර්ලන්තය හා ප්‍රංශය ආක්‍රමණය කරන්න. මැයි 21 වෙනිදා වෙද්දි ජර්මනියෙ පැන්සර් ටැංකි වල අනපේක්ෂිත හා ඒ කාලයට සාපේක්ෂව දියුණු තාක්ෂණය හමුවේ ජර්මන් හමුදා සමත් වෙනවා, බ්‍රිතාන්‍ය BEF හමුදාව, බෙල්ජියම් හමුදාවේ ඉතිරි කොටසක් හා ප්‍රංශ හමුදා ඛණ්ඩ තුනක සෙබළුන් 400,000 ක් පමණ උතුරු ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළ හා වරායේ හිරකරන්න. මේ හිරවීම වෙන්නේ දෛවයේ සරදමකට වගේ. මොකද ඉංග්‍රීසි සමුද්‍රසන්ධිය හරහා තමුන්ගේ මව් රට පෙනී පෙනී තියෙන මොහොතක සතුරාගේ පාබල, නාවුක, ගුවන් හමුදාවේ කුරිරු ප්‍රහාරයට ලක් වෙනවා කියනකොට කවර කතා ද? ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න පුළුවන් වුණා කියමු, අහසෙන් තමුන්ගේ ඉරණම මුද්‍රිත කඩදාසි වැහි වහිනකොට?

චිත්‍රපටයේ දැන්වීම (වම) හා සැබෑවට බෙදූ දැන්වීම (දකුණ)
මොවුන් අතර තුවාල ලැබූ සොල්දාදුවන් විතරක් නෙමයි, මියගිය සොල්දාදුවන්ගේ සිරුරුත් තියනවා. 1940 මැයි මාසේ 26 වැනිදා වෙනකොට තමයි මේ ඓතිහාසික ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ වෙන්නේ. ඒ වෙනකොට හිට්ලර්ගේ අණ පරිදි ජර්මන් ගුවන් හමුදාව ගලවා ගැනීමට ඉඩ ලබා දී තියනවා. නමුත් 28 වැනිදා වෙනකොට ඒ තීරණයත් වෙනස් වෙන්නේ සොල්දාදුවන්ගේ බලාපොරොත්තු සුන් කරමින්.
නමුත් බ්‍රිතාන්‍ය රජය මේ වෙනකොට බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ සොල්දාදුවන් බේරා ගැනීමට ආධාර කරන ලෙස. ඔන්න ඔහොමයි මේ කතාවේ වීරයන් කතාවට අවතීර්ණ වෙන්නේ. ඔවුන්ව හඳුන්වන්නේ ඩන්කර්ක් ජැක්ස් ලෙසින්.

කුඩා මාළු බෝට්ටු, මහජන ප්‍රවාහනය සඳහා යොදාගන්න බෝට්ටු විතරක් නෙමෙයි ඩිංගි බෝට්ටු පවා සමුද්‍රසන්ධිය තරණය කරනවා තමුන්ගේ සොල්දාදුවන් මව් රට වෙත ගෙන ඒමට. නමුත් ඔවුන්ට බාධා නැතුවම නෙමෙයි මෙතෙක් පැවති නියෝග වෙනස් කරමින් මැයි 28 වැනිදා වෙනකොට ජර්මන් ගුවන් හමුදාවට අණ ලැබෙනවා ගලවා ගැනීමේ මෙහෙයුමට හැකි තරම් බාධා පමුනවන්න. මේ සියල්ල හමුවේ ගලවා ගැනීමේ මෙහෙයුම මංතීරු 3 ක් පුරා විහිදෙමින් ජුනි මාසේ 4 වැනිදා අවසාන වෙන්නේ සැබෑ ප්‍රාතිහාර්යයක අවසාන සනිටුහන් කරමින්.
බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ මහා කළු පැල්ලමක් ලෙස සනිටුහන් වෙන ඩන්කර්ක් ඛේදවාචකය යම්තාක් දුරට හෝ ආලෝකමත් කල මේ සිවිල් වීරයන් ගැන තමයි මේ කතාව.
මේ කතාව අපි වෙන අරගෙන එන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි Christopher Nolan උත්තමය. ඒ තරම්ම දක්ෂයෙක් නෙමෙයි කොටින්ම කියනවා නම් මෙතෙක් නිර්මාණය කරපු චිත්‍රපට 10 න් 8 ක්ම IMDB හොඳම 250 ඇතුළට දාගත්තට 2ක් දාගන්න බැරි වෙලා තියනවා නෙව මෙයාට :V 😛 😛 …. එහෙමත් කිව්වට මතක නැති නම් මෙයා තමයි කලින් Interstellar (2014), Inception (2010), The Prestige (2006) වගේම වැඩි ප්‍රසිද්ධියක් නැති වුණත් The Dark Knight Trilogy (2005/2008/2012) සිනමා පට ත්‍රිත්වයත් නිර්මාණය කළේ. සාමාන්‍ය චිත්‍රපටයක කතා රාමුවෙන් බැහැරට ගිහින් යුද්ධයක එක අවස්ථාවක් පැතිකඩ තුනකින් මේ සලරුව ඇතුළේ ඔබට දැකගැනීමට හැකි වේවි. ඔබ පාබල හමුදාවේ සෙබළෙක් අඳුනා ගෙන වැඩි කලක් යන්න කලින් ඔබට නැවියෙක් ගේ ඇසින් කතාව ඉදිරියට යනවා දැකගත හැකි වේවි. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ නෝලන් මහත්තය ගුවන් නියමුවෙක් හැටියටත් ඔබට සිදුවීම් දැකගන්නට හැකි වේවි කතාව ගලාගෙන යනකොට. හරියටම කියනවා නම් කාලෙකට කලින් අපි අරගෙන ආව The Pacific කෙටි කතා මාලාව වගේ පැති කඩ තුනකින් එකම කතාවක්.
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනා මේක රේඛීය ලෙස ගලා නොයන කතාවක්. ගොඩබිමේ සිදුවන සිදුවීම් අවසාන සිදුවීමට සතියකට කලින් ඉඳන් වෙන දේවල්. එතකොට මුහුදේ සිදුවන සිදුවීම් අවසාන අවස්ථාවට දිනකට පෙර ඉඳන් ගලා එන සිදුවීම්. එතකොට ගුවනේ සිදුවන සිදුවීම් අවසන් සිදුවීමේ අවසන් පැයේ වෙන සිදූවීමුයි. හැබැයි චිත්‍රපටයේ ආරම්භයේ ඉඳන්ම ගුවනේ සටන් පෙන්වන්න ගන්නවා. ඒ වගේම ගුවන් නැවියාගේ ඇසින් දකින සිදුවීම පස්සෙ තැනක මුහුදේ ගමන් කරන කෙනාගෙ ඇසින් ආපහු දකින්න ලැබේවී.
මේ වෙනකොට ලොව පුරා ඩොලර් මිලියන 520 වගේ මුදලක් උපයාගෙන මේ වසරේ වැඩිම ආදායමක් උපයුවන්ගේ ලේඛනයේ 13 වැනි තැනත්, ඇමරිකාව තුළ වැඩිම ආදායම් උපයුවන්ගේ ලේඛනයේ 9 වැනි තැනත් හිමිකරගන්නා මේ සලරුව සමත් වෙන්නේ IMDB මීටරයේ 8.4ක් වගේ ඉහළ අගයක් ලබාගනිමින්. කලින් වගේම මෙවරත් නොලන් උත්තමයා IMDB හොඳම 250 ඇතුළේ 88 වැනි තැනට තමුන්ගේ කතාව ගේන්නට තරම් දක්ෂයෙක් වෙලා තියනවා. රෝටන් ටෝමාටෝ විචාරක පැසසුමත් 92% වගේ පොඩි අගයක් කරා ඇවිත් තියනවා.
තිරයේ දකින මුහුණ ගැන කතා කරනවා නම් ඔස්කා සම්මාන ලාභී රංගන ශිල්පින් වන Mark Rylance වගේම බොහොම දැක පුරුදු හොලිවුඩ් මුහුණ වන Tom Hardy, Cillian Murphy, Kenneth Branagh වගේම Harry Styles කියල කෙනෙකුත් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මිනිත්තු 106 ක් පුරා දිවයන මේ ක්‍රියාදාම, යුදමය වෘත්තාන්තය ඔබට බාරයි රස විදින්නට.
ලිපියට ස්තූතියි සමීර කරුණාරත්න මල්ලි.
Works with -Bluray Copies
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.50,632 downloadsDownload Dunkirk-2017.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
185 comments
Dhammika THilan
Dhammika THilan
Man 1st
දිල්ශාන් සචින්ත
නියමයි අයියා දෙනක්න් හිටියේ සබ් එක
Helili Hemamali
උපසිරැසියට ස්තූතියි රොයිලි අයියා.
තවත් සුපිරි නිර්මාණයක් අරන් එන්න.එල්. සී. දමැල්
THANK YOU ROYLY AIYEE!
Devinda
Ty....Gdk Pin.....
Krishan NiShalya
ammo ආව ගමන්ම සබ් එකත් දාලා
බොහොම ස්තුතියි
♥♥♥♥♥Chämàrá Sâmpáth
හම්මේ මේක එනකන් නේන්නම් බලං හිටියෙ
සබට හුගක් ස්තූතියි වගේම කරුණෙ අයියටත් හුගක් ස්තුතියි මේ සුපිරි ලිපිය වෙනුවෙන්.
අදම බලනවාAvindu umesh
tnx..broo..
නිරෝෂ්
බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා ! මේ සබ් එක රොයිලිගෙන්ම ආපු එක ගොඩක් වටිනවා
kumara
සුපිරි පිලුමක් සහෝ. ලිපියනම් බොක්සටම වැදුනා. බොහොම පිං. ජය වේවා!!
prabodha
Balagena hitapu movie ekak. Thank u bro sub ekata..
චතුෂ තුෂර කුමාර
බාන්න දැම්මෝ... බොහොම ස්තූතියි...
Gathsara Umesh Kumara
Bhoom sthuuthiyi ayyee......
Denkam meka balagen idiye...
Mama asama director..
Mm asama Sinhala sub hadana kena...
Niyama ekathuwak..
Bhoom sthuthiyi ayyee...සුධිර මාලන්
එනකන් මග බලන් හිටිය එකක් සබට තුති රොයිලි අයියේ!
Vidura
Thanks Bro!!
හසන්ත
සබ් එකට තැන්ක්ස් මචන්! බැලිල්ලක් තියෙන්නේ.
RPR
Menna me yaka comment ekak dala
හසන්ත
ඉතින් ඔය යකාත් දාන එකනේ තියෙන්නේ.
Ranga Prasanna
ඒ වුනාට වැඩේ මාට්ටුනේ. ඕං එලිපිට දැම්මා
tharindu gunarathna
thanks
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Sanjaya
Ela bn.Thanks
Amalka
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට
thisal
most awaited movie of the year <3 thanks sub ekata bro
dammi
kohoma sthuthiikarannada manda...
chin
ela ela kaleka idala balagena hitapu film ekak..thnx
සතිර
හම්මේ ජූලි මාසෙ ඉඳන් මාස 5ක් තිස්සෙ බලන් හිටියෙ මේක දෙනකම් තමයි..බොහොම ස්තූතියි රොයිලි සහෝ..මෙන්න බානවා..
suwantha darshana
WWii movies තියනවනන් තව මොන ෆිල්ම් ද?....තව ww movies one.රොයිලි අයියට ජය...........!
lahiru sandaruwan
thank you so much aiye
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……'
patta lipiyak ne...elazzz...
d
kohomada meka baiscope shop eken genna ganne.danna kauruhari innavanam kiyannako
mihiran
Sub ekata thanx saho.Meka anawa balannama ona
Dulanga
Thanks
Thilina Chamara
thank you
Ishan Thilakarathne
Christopher Nolan ගෙනම් ආය කතා දෙකක් නෑ. මේක සබ් එක දෙනකම් බලන් හිටියෙ. රොයිලි අය්යගෙන්ම ලැබුන එක හුගක් හොදයි බොහො ස්තුතියි උපසිරසට......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanath Perera
bohoma sthuthiyi saho mekata sub dunnata....
kalak thisse balan hitiye mekata...
jaye jaya...rashmika
THANKS SAHO!!!!!!!!!
James DC
සබ් එකට බොහොම ස්තූතියි රොයිලි අයියේ
Kasun Widusha
Tnx lokkaa
LSM HUSKAA
Nolan,Tom Hardy tawa mnada browla.
සබ් එකට බොහොම ස්තූතියි රොයිලි අයියේLushan Kuruppu
බොහෝම ස්තූතියි රොයිලි අයියා
එනකන් හිටපු සලරුවක්Gayan
Tnx අයියෙ.
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Palitha de Silva
බොහෝම ස්තූතියි ...
viraj
කිස්ටෝපර් නෝලන්ගේ ෆිලුමක් නම් ඉතින් රොයිලි අයියා තමා.. සබට තෑන්ක්ස්. ජය වේවා.
nisalnaveen
ඉක්මනටම සබ් එක දුන්නට ස්තුතියි..
Hemantha De Silva
Thanks රොයිලි.....
Thanks Bais...Hemantha De Silva
බැලුවා....
හොද අත්දැකීමක්..
තෝරාගත් පුංචි පුංචි සිද්ධ වලින් විශාල කතාව මවනවා... කාලාර්ථය හරහා...
සබ් එකට වගේම දැනුවත් කිරීමටත් ලිපියටත් ස්තුතියි රොයිලි....
ලහිරු චානක
අනිවා බැලිල්ලක් ස්තූතිියි රොයිලි අයියා
hasith
tnx bro
oshanda
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..ක්‍රිස්ටෝපර් නොලන් මහත්තයාගේ ෆිලුමක් කොහොම මගහරින්නද! අනිවා බැලිල්ලක්..! ජය වේවා!
Advertisement

jayen jayama wewa.. sub ekata sthuthiy.
Theruwan saranai.