හොඳයි, එහෙනම් Police Story පහුගිය චිත්‍රපටිය හැමෝම රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද අරන් ආවා ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය – Police Story 2. ඔයාලට මතක ඇතිනේ මත්කුඩු අධිපතියව පහුගිය චිත්‍රපටියේ සුපිරි වීර නිලධාරි කාකූයි චැන් අල්ලලා හිරේ දැම්මා විශාල ක්‍රියාද…

හොඳයි, එහෙනම් Police Story පහුගිය චිත්‍රපටිය හැමෝම රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද අරන් ආවා ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය – Police Story 2.

ඔයාලට මතක ඇතිනේ මත්කුඩු අධිපතියව පහුගිය චිත්‍රපටියේ සුපිරි වීර නිලධාරි කාකූයි චැන් අල්ලලා හිරේ දැම්මා විශාල ක්‍රියාදාම මාලාවකින් අනතුරුව, වටපිටාවත් සේරම විනාස කරගෙන. ඉතින් අද මේ තියන අලුත්ම චිත්‍රපටියේ චැන් කාකූයිට සුපුරුදු පරිදි තමන්ගේ පොලිස් ස්ථානාදිපතිතුමාගෙන් බැනුම් වැස්සක් අහන්න ලැබෙනවා. මොකද ඒ පහුගිය චිත්‍රපටියේ මුළු සාප්පු සංකීර්ණයම විනාස කරලා මහජනතාව කලබල කරපු හින්දයි. ඒ වගේම මත්කුඩු අධිපති චූව අල්ලගන්න කරපු මෙහෙයුමේදි තානායම් නිවාස වලට වුන හානිය රජයට පියවන්නත් වෙලා තියනවා. ඉතින් මේ සේරම කාරණා වලට චැන් කාකූයිට තමයි එයාගේ ලොක්කා අද දොස් පවරන්නේ. මේ නිසා අද චැන් කාකූයි තීරණය කරනවා තමන්ගේ පොලිස් සේවයට සමු දෙන්න. සමු දීලා තමන්ගේ පෙම්වතියත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. නමුත් මේ සේරම දේවල් කනපිට ගැහෙනවා කාරණා දෙකක් නිසා. ඒකක් තමයි චූ හිරෙන් නිදහස් වෙලා ඇවිත් කාකූයිටයි කාකූයිගේ පෙම්වතියටයි නිරන්තරයන් තමන්ගේ මැරයින් ලවා කරදර හිංසා ඇතිකරනවා. චූව මෙහෙම එකපාරටම හිරෙන් නිදහස් කරපු ඒක ලොක හේතුවක් තියනවා.

නිර්නාමික කප්පම් කණ්ඩායමක් විසින් නගරයේ වෙළදසැල් වලට බෝම්බ තබන බවට තර්ජනය කරමින් ව්‍යාපාරිකයන් පිරිසක් බිය වද්දා කප්පම් ගැනීමට උත්සහයක් දරනවා. මෙම ප්‍රශ්නයට අහඹු ලෙස ‍රැකියාවෙන් ඉවත් වී සිටින චැන් කාකූයි පැටලෙනු ලබනවා, යලි ඔහුට තම සේවයේ යෙදෙන්නට වෙනවා. කාකූයිගේ පෙම්වතිය මෙම කප්පම්කරුවන් විසින් පැහැර ගැනීමත් සමග තත්වය දරුණු අතට පත්වෙනු ලබනවා. තම පෙම්වතියගේ දිවි ගලවා ගැනීමට හා මෙම බෝම්බ ප්‍රහාර එල්ල කරන කප්පම්කරුවන් මැඩලීමට චැන් කාකූයි තනිව මහා ක්‍රියාදාම මාලාවක් සිදුකරනු ලබනවා.

මත්කුඩු අධිපති චූ කාකූයිගෙන් පැළිගනීමට තමන්ගේ මැරයින් ලවා සිදුකරන්නේ මොනවද ? චූ කොහොමද එහෙම හිරෙන් නිදහස් වුනේ ? කවුද මේ බෝම්බ ප්‍රහාර එල්ල කරන කප්පම් කල්ලිය ? සේවයෙන් ඉවත්ව සිටින කාකූයි කොහොමද ආයෙම මේ වැඩ වලට පැටලෙන්නේ ? කාකූයි තමන්ගේ පෙම්වතියව නිරුපද්‍රිතව බේරගනිවිද ? සුපිරි පොලිස් නිලධාරි චැන් කාකූයි මේ ප්‍රශ්නයත් සාර්ථකව විසදාවිද ?

උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

Police Story මීළඟ චිත්‍රපටයෙන් නැවත හමුවෙමු !

● මෙම චිත්‍රපටය සදහා සිංහල උපසි‍රැසි සකස් කොට තිබෙන්නේ මෙම චිත්‍රපටියේ නියමානුකූල පිටපත වන දකුණු චීන භාෂාව අඩංගු පිටපතේ ඉංග්‍රීසි උපසි‍රැසියට සරිලන අයුරිනි.

● ඉංග්‍රීසි හඬකවන ලද පිටපතකට මෙම උපසි‍රැසි නිසි ආකාරව ක්‍රියා කිරීම හෝ යොදා ඇති වචන නොගැලපීම සිදුවිය හැක. එම නිස හඬනොකවන ලද නියමානුකූල ශබ්ද පිටපත සහිත තිබෙන චිත්‍රපටයේ පිටපතම ලබාගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,926 downloadsDownload Police.Story_.2.1988.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

2,926 downloadsDownload Subtitles53 KB

22 comments

  1. Chamindalakruwan

    ගොඩක් ස්තුති සහෝදරයා
    සබ් දෙනකම් බලන් හිටියේ
    Jacky chan ෆිල්ම් නම් ඉතින් කියලා වැඩක් නැ
    සුපිරියක් තමයි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  4. Hashan M. Priyadarshana

    Police Story ෆිල්ම් සීරිස් එකේ සේරටම සබ් දෙන්න බ්රෝ....

  5. Malinda

    Thanks malli. patta asai mewwata.

  6. jagath55

    Thanks

  7. Damru Ravihara

    Thanks for sub

  8. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ....
    Jackie ගෙ sub නොදීපු අනිත් films වලටත් sub දෙන්න සහෝ ......
    ජයවේවා ......

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
    ජැකීගෙ අනිත් ඒවටත් සබ් දෙන්න සහෝ....

  10. wasantha senadheera

    thank you so much brother................

  11. Ranga sri

    Thanks sub ekata...

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ජැකීගෙ ෆිල්ම් ටික සබ් දෙන එකනම් සෑහෙන්න්න් වටිනවා. පරණ උනත් අදටත් රසවිදින්න පුලුවන් චිත්‍රපට තමා මේවා. අද කාලේ ෆිල්ම් එකක කොහෙන්ද මේ වගේ සටන් බලන්න පුලුවන්. අනිත් ටිකටත් හැකි විදියට උපසිරස දෙන්න...බුදුසරණයි..ජය වේවා!!!

  14. AsithaDilruwan

    ela saho thanks

  15. Amalka Himeshan

    Thanks sub ekata

  16. kjmiisuru

    සබ් වලට ස්තුතියි සහෝ.. නියමයි ජැකීගේ Frist strike ෆිලුමටත් සබ් දෙන්න සහෝ සුපිරි....ජයවේවා

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. veyran

    Thank you so much for the sub.

  19. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  20. Dewadithya

    Thanks for Sub!

  21. Sand_dilz

    Ela thankz

  22. Bimbisha Adithya

    Thank you !
    Good Luck !