බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. මගේ පෙර ලිපිය එව්වාත් සමඟම මට පිළිතුරු එවා මාව තව උපසිරසකට යොමු කිරීමට මා දිරිමත් කළාට මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. ඉන්පසුව මට මෙය කිරීමට භාරදුන් විකියා සහෝටත් ස්තූතියි. ම…

බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. මගේ පෙර ලිපිය එව්වාත් සමඟම මට පිළිතුරු එවා මාව තව උපසිරසකට යොමු කිරීමට මා දිරිමත් කළාට මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. ඉන්පසුව මට මෙය කිරීමට භාරදුන් විකියා සහෝටත් ස්තූතියි. මම මාගේ පෙර උපසිරසට අදහස් දුන් සියළුදෙනාටම මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද එයාලා මාව ගොඩක් දිරිමත් කරලා තිබුණා තව උපසිරසක් කරමු කියලා. ඒ විතරක් නෙමෙයි මගේ පළමු උපසිරැසිය 700+ පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. ඒ හැම දිරිගැන්වීමක් නිසාම තමයි මේකත් ගේන්න පුළුවන් වුණේ!! එක එක වැඩ නිසා මේ පාරත් උපසිරස භාරදුන් ඉක්මනට කරලා දෙන්නනම් බැරි වුණා. ඒකට ගොඩක් සමාවෙන්න ඕණේ! තාම අපි අළුත්නේ ඉතින් මට සමහර වචනවල තේරුම හොයද්දි ඇඩ්මින් සහෝ කෙනෙක් උදව් දුන්නා. ඒ නිසා එයාටත් ස්තූතිය යා යුතුයි! එහෙනම් සලරුව දෙසට යොමු වෙමු නේද යාළුවනේ!!!
මේ සලරුව 2014 මැයි 23වෙනිදා එක්සත් රාජධානියේදී තමයි ප්‍රදර්ශණය කිරීමට පටන්ගත්තේ. මේක ත්‍රිමාණ ඇනිමේශන් සලරුවක්. (ඇනිමේශන් සලරුවක් කරා කිව්වම දන්නවනේ ඉතින්, කාටූන් අක්කා කෙනෙකුත් ඉන්න නිසා අමාරුවෙන් තමයි හොයාගත්තේ.) මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Mike Disa. මෙය IMDB දර්ශකයේ Animation | Comedy | Family කියන වර්ගීකරණයට අයිති වුණා. මෙයට ලැබුණු IMDB අගය නම් 4.6ක්. නමුත් මටනම් කියන්න තියෙන්නේ බලන්න කියලා තමයි. දැන් අපි කථාව දෙස හැරෙමු!
නමින්ම පැහැදිලියිනේ. කථාව දිව යන්නේ පැට්රික් ක්ලිෆ්ටන් එනම් කවුරුත් දන්න කියන පැට් පියුම් මහතා වටේ තමයි. මේ එයාට පූස් හුරතලෙකුත් ඉන්නවා එයා ජෙස්. පැට් මහත්තයා එසේ මෙසේ නෙමෙයි පළපුරුදු පියුම් මහතෙක්. ඉතින් මේ පැට් මහත්තයා තමන්ගේ බිරිඳ සාරාට පොරොන්දු වෙනවා ඉතාලි චාරිකාවක් එක්කන් යන්න. ඒ ඔහුගේ බෝනස් මුදල යොදවායි. නොසිතූ ලෙස ඔහු දැනගන්නවා ඔහුට බෝනස් නොලැබෙන බව. දැන් මෙය බිරිඳට කියන්න ඔහු දරන උත්සාහයට මටත් දුක හිතෙනවා. නමුත් ප්‍රමාදයි ඒ වන විටත් බිරිඳ යන්න ලෑස්තිත් වෙනවා. පමණක් දුරට ලෑස්තිත් වෙලා. නමුත් පැට්ගේ පුතා (ජූලියන්) තමාට පෙන්වන රූපවාහිණී කුසලතා ප්‍රදර්ශණයකට හිත ඇදී යනවා! එහි ත්‍යාගය විදිහට තම බිරිඳට අවශ්‍ය දේම ලබාගත හැකි බව ඔහු දැනගන්නවා. පැට් තරඟයට ඉදිරිපත් වෙයිද? මොකද ඔහු විදුලි ආලෝක ඒ කියන්නේ ෆ්ලෑෂ් ආලෝකවලට කැමතිම නැහැ! ඉදිරිපත් වුණොත් රස්සාවට මොනවා වෙයිද? ඔහුට බිරිඳ ඒක්ක පොරොන්දු කඩ නොකර ඉතාලි චාරිකාව එක්කගෙන යන්න පුළුවන් වෙයිද? මොන තීරණයක් මොහු ගනීද? මොන ප්‍රශ්ණ ඇති වෙයිද? මම කියන්නෙ නෑ! මොකද කථාව ගැනනං තව ගොඩාක් විස්තර කියන්න පුළුවන්! හැබැයි තව කියලා කථාවේ රසය නැතිකරන්නෙ නැහැ! එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,550 downloadsDownload Postman-Pat-The-Movie-2014.baiscopelk.zip197 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-02-06
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
24 comments
Sajith Anthony
Jack
පට්ටයි මචෝ.
ඇනිමේශන් අනිවා බලනවා.
ස්තුතියි සබ් එකට.
තව එකක් ඉක්මනටම කරමු.
ජය.Kulanjana Maduranga
niayamai…thanks L.C. saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින් පෙරේරා
ස්තුතියි සහෝ.. තවත් නිර්මාණයකින් හමු වෙමු.
ජය වේවා!
Randiiii
ela bn supiri
නිර්මාණී විජේසිංහ
මෙන්න ආයෙත් කාර්ටුන් අක්කවා අල්ලලා.අනේ ඉතින් ඔහොම කරන්න එපා ඉතින්.
බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.උපසිරසියට ස්තූතියි.තව උපසිරසියකින් හමුවෙමු.ජය..thisal
කවුද මචන් ඇනිමෙශන් අතාරින්නෙ තැන්ක්ස් බන් සබට අනිවා බැමක්
බ්ලැක් පැන්තර්
සබට තුති කොල්ලෝ... (y)
Madushan
sub eka hodatama waradi. ayth parak blnna.
indika
thn q :)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sahan
thanks machoo..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති යාලුවා
තවම ඔයාගේ පලවෙනි එක බලන්න උනෙත් නැහැme
Thanks
Imankar
thanks
pamuditha
Thank U වේවා ;)
ආ... මෙකේ TV series1 මම පොඩිකාලෙ බලලා තියෙනවා අර clay බබාල ගෙන් හදන animation (Stop motion) theme song 1ත් යන්තමට මතකයි.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dhanu
ELA........
Emi
Many Thanks...... :)
kanchana
lassana film ekak wage .. sub dunnata sthutiy
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........dilusha nuwan
නියමයි ඈ
channa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Animation එකක් නම් අනිවා බලනවා.....
ස්තුතියි සබ් එකට........
ජය වේවා !