යාළුවනේ ලැබුණු නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් ආව උපසිරැසි ගොන්නට අළුතෙන්ම එකතු වෙන ෆිලුම තමයි අද මම ඇරන් ආව පුගල්. බයිස්කෝප් එකට ස්තුති වෙන්න අපට අපේ විවේක කාලය සාර්ථකව සහ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ සතුටට හේතුව තමයි ඔයාලා අපිට දෙන ප්‍රතිචාර. ඉතින් ඒ සියල්ලටම ස්තුති කරමින්, මම අද ඇරන් ආව…
යාළුවනේ ලැබුණු නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් ආව උපසිරැසි ගොන්නට අළුතෙන්ම එකතු වෙන ෆිලුම තමයි අද මම ඇරන් ආව පුගල්. බයිස්කෝප් එකට ස්තුති වෙන්න අපට අපේ විවේක කාලය සාර්ථකව සහ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ සතුටට හේතුව තමයි ඔයාලා අපිට දෙන ප්‍රතිචාර. ඉතින් ඒ සියල්ලටම ස්තුති කරමින්, මම අද ඇරන් ආව පුගල් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. ප්‍රථමයෙන් විමා සහෝට ස්තුති කරනවා මේ චිත්‍රපටය යෝජනා කිරීම ගැන.
අපිට අයිති දෙයක් වෙන කෙනෙක් බලහත් කාරයෙන් උදුරන් යද්දී අපි ඒකට ඉඩ දෙනවාද? කොහෙත්ම නෑ. එක ගමක තරුණ පිරිසක් ඉන්නවා. මේ තරුණයින් අවුරුදු ගාණක් තිස්සේ ක්‍රීඩා කරන පොදු ක්‍රීඩාංගනය නැත්තම් ගමේ පිට්ටනිය තමයි එයාලගෙන් උදුරගන්න හදන්නේ. බිල්ඩිමක් හදන්න. මේක පිටිපස්සේ ඉන්නේ ප්‍රබල දේශපාලඥයෙක්. ඒත් එයාට ඒක කරගන්න ලැබෙන්නෙ නෑ. මොකද, පිට්ටනියට එක ගඩොලක්වත් ගේන්න දෙන්නැති කෙනෙක් මේ ගමේ ඉන්නවා. කිසි කෙනෙකුට බය නෑ. කෙලින් කතා කරන, අසාධාරණය වෙනුවෙන් හඬ නගන මේ තරුණයාට මුළු ගමම සපෝට්. ගැහුවොත් ගැහුවා, හැබැයි කරන දේ සාධාරණ වෙන්න ඕන. ඒ තරුණයා තමයි පුගල්. මේ නිසා ගමේ ඉන්න සාමාන්‍ය දේශපාලුවෙක් වන දාස් ඉන්නේ පුගල් ගැන කණස්සල්ලෙන්. ඔය අතරේ එක්තරා මැතිවරණයකදී පුගල්ගේ මිත්‍රෙයක් වෙන වෙංකට්, දාස් ගේ පක්ෂයෙන් තරඟ කරනවා. පුගල් ගේ සහයෝගය නිසාම ඔහු ඉහළින් ජයගන්නවා. පස්සේ දාස් උත්සාහා කරනවා වෙංකට් ලවා පුගල්ව එකඟ කරවා ගන්න. නමුත් පුගල්ව නම්ම ගන්න බැරිවෙනවා. අවසානයේ මේ පුගල් කියන තරුණයා මේ දේශපාලුවන්ට මහ හිසරදයක් වෙනවා. පුගල් නිසා කිසි දෙයක් කරගන්න බැහැ කියන මතයට ඒ ගොල්ලො එනවා. ඉන් එහාට වෙන්න යන දේ ඔයාලට චිත්‍රපටය බලලාම දැනගන්න වෙනවා. ඔය අතරේ ලස්සන ආදර කතාවකුත් යනවා හොඳඳ, මම ඔයාලට කීවේ ප්‍රධාන පසුබිම විතරයි. ලස්සන සිංදුවකුත් තියනවා.
කතාව ටිකක් හුරුපුරුදුයි වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. මෙහි දෙබස් නිර්මාණය බොහොම සූක්ෂමව කරලා තියනවා. මෙහි එන චරිත වලට ගැළපෙනම නළු නිළියන් යොදා ගන්න අධ්‍යක්ෂක තුමා කටයුතු කර තිබෙනවා. ඒ අනුව පුගල් ගේ චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්න ජෙයි. ජෙයි මීට කලින් ප්‍රධාන චරිතය රඟපෑවවලියවන් චිත්‍රපටයටත් මම උපසිරැසි ඇරන් ආවා. ඒ ෆිලුමත් හුඟක් ජනප්‍රිය වුණ නිසා ජෙයිගේ රසිකයින් පුගල් චිත්‍රපටයෙත් ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. නමුත් ඒ අය මේ චිත්‍රපටයේ කතාවටත් වැඩිය කැමති වුණේ ජෙයිගේ රංගනයට. මෙහි ජෙයි හුඟක් කඩවසම් වෙලා කියලා රසිකයෝ පවසනවා. ඒ වගේමයි මෙහි දාස්ගේ චරිතය රඟපාන මාරිමුත්තු ගේ රංගනයත්, ජෙයි ගේ අයියා ලෙස රඟපාන කරුණාස් ගේ රංගනයත් ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ පැසසුමට ලක්වුණා. පුගල්ගේ පෙම්වතිය බුවනා ගේ චරිතය රඟපාන්නේ සුරබි. වැදගත්ම කාරණය තමයි මෙහි අධ්‍යක්ෂක තුමා මනිමාරන් වීම. මොහු තමයි 2013 දී හොඳ සාර්ථකත්වයක් හිමි කරගත්උදයම් NH4 චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා.
ඉතින් යාළුවනේ, පුගල් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මේ නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් එන අවසන් චිත්‍රපටය මෙය නෙවෙයි. අවසාන එක තමයි තමන්නා, කාර්ති, නාගර්ජුනා රඟන තෝලා. එහෙනම්, තෝලා උපසිරැසියෙන් හමුවෙන තුරු..ඔබ සියළු දෙනාට ජයෙන් ජයම වේවා !
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
496CE93FA12AA019CCF7DF6430BC0CF26C19785D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,707 downloadsDownload Pugazh-2016.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
17 comments
ishan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!sanj
Thanks bro
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro..
Dasun
Thanx Saho.....hoda ....film ekak wage........
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අපට අවශ්‍ය උප සිරසිඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Nerun Kalpajith Fernando
niyamai machan... ane machan puluwannm Mayyakkam Enna film ekatath sub dennako
Indrajith Udaya Kumāra
මචන් වැඩකරන ටොරන්ට් ලින්ක් එකක් තියනවද?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Lasitha
Happy Days 1ta sub 1k karala dennako.patta film 1.
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
සුපිරි ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !Indika
Thanks brother.I downloaded Lot of subs.Thank you very much for all.
Buddhika_Kan
ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා , දැන් ආයෙත් බලනවා..
ගොඩක් ස්තුතියි..........කවිඳු මිහිරාන්
එල තැන්ක්ස් :3
Harshana
thanks ayye..
pattatama thiyenawa. api wenuwen mahansi wenawata godak stuthii... :-)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho....jaya wewa....