“එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතේ කියල, එකකට එකක් සම්බන්ධ නැති, මෙන්න මේකයි කියන්න හේතුවක්ද නැති දේට මිනිස්සු කියන්නේ ආදරේ කියල.” ~ සමනළ සංධවනිය ” ජිවිතේ කියන්නේ හැම වෙලේම තීරණ එක්ක ගැටෙන දෙයක්. අපි කුමන මාවත තොරගන්නේද යන්න මත අපේ ඉදිරි ජිවිතේ තීරණය වෙනව. අපි…

“එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතේ කියල,
එකකට එකක් සම්බන්ධ නැති, මෙන්න මේකයි කියන්න හේතුවක්ද නැති දේට මිනිස්සු කියන්නේ ආදරේ කියල.”
~ සමනළ සංධවනිය
” ජිවිතේ කියන්නේ හැම වෙලේම තීරණ එක්ක ගැටෙන දෙයක්. අපි කුමන මාවත තොරගන්නේද යන්න මත අපේ ඉදිරි ජිවිතේ තීරණය වෙනව. අපි ගන්න සමහර පුංචි තීරණයකට පුළුවන් අපේ ඉදිරි ජීවිතය විශාල ආකාරකට වෙනස් කරන්න. මමත් එහෙම තීරණයක් ගත්ත, හැම තැනම දුවපු හිතක් එකපාරටම කතා කරන ඇස් දෙකක් ළඟ නැවතුනා. ඒ ඇසිල්ලේම මට තේරුම් ගියා මේ තමා කෙනා කියල. අනෙකාගේ හිත දිනාගෙන සිටීමට මාතුල නොමැති මවිසින් මවාපෙන්වන මාගේ ප්‍රතිරූපයක් නඩත්තු කිරීමකින් තොරව මට මා ලෙසින් අනෙකා ඉදිරිපිට සිටිය හැකි අයෙක්. මං විස්වාස කරනව අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නව කියල. මගේ හිතත් එක පාරම නැවතුනේ අන්න ඒ කෙනා ළඟ. හැබැයි ඒ කෙනා ඒ වෙනකොට වෙන කෙනෙක්ගේ. දෛවය විසින් මට හිමි කෙනාව මගේ දෑස මානයටම ගෙනවිත් දී තිබුණද ඇය මගේ කරගැන්මට බාධකයක් දමා තිබුනේද දෛවය විසින්මයි. මම තීරණය කළා මගේ දෛවය මවිසින්ම ලිවියයුතු බව. මවිසින් එක් මාවතක් තෝරාගනු ලැබුවා.. ඒ මාර්ගය තෝරාගනු ලැබුවේ මාගේ ජිවිතේ ඉදිරි කාලයම තීරණය වන්නෙ එය මත බව නොදැන නොවේ නමුත් අවසන අනෙකාගේ ප්‍රතිචාරය කුමක් වේද…? “
බයිස්කෝප් අඩවියට ගොඩ වදින බොහොමයක් දෙනාට හුරු පුරුදු නමක් තමා නිකලස් ස්පාක්ස් කියන්නේ, ඉතින් මේ සිනමාපටයත් ඔහුගේ ආදර කතාවක් ඇසුරින් නිමවුන ලස්සන රොමැන්ටික් සිනමාපටයක්, IMDB 6.2ක අගයක් අරගන්න මේ සිනමාපටය සමත්වෙලා තියනවා, ප්‍රධාන චරිත වශයෙන් Abraham Lincoln: Vampire Hunter (2012) , In the Heart of the Sea (2015) වැනි සිමනාපට සඳහා රන්ගනයෙක් දායකවූ Benjamin Walker ට්‍රැවිස් ලෙසින්ද. The Sorcerer’s Apprentice (2010) . I Am Number Four I Am Number Four (2011) , Warm Bodies (2013) වැනි සිනමාපට සඳහා රංගනයෙන් දායක වි ඇති සුරූපී Teresa Palmer ගැබි ලෙසත් දායක වෙනවා. මේක නිකලස් ස්පාක්ස්ගේ කෘතියක් ඇසුරින් නිමවෙන අවසාන සිනමාපටය වියහැකියි. ඒ වගේම ඔහුගේ කෘති ඇසුරින් නිමවුන රෝමාන්තික සිනමාපට පෙලම සිංහල උපසිරසි එක්ක අපේ අඩවියේ තියනව. බලල නැති අය ඉන්නවනම් බලන්න බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ. අපි ගිහින් එන්නම් ජය!
- Message in a Bottle (1999)
- A Walk to Remember (2002)
- The Notebook (2004)
- Nights in Rodanthe (2008)
- Dear John (2010)
- The Last Song (2010)
- The Lucky One (2012)
- Safe Haven (2013)
- The Best Of Me 2014
- The Longest Ride 2015
” Caring about someone beyond all rationality and wanting them to have everything they want, no matter how much it destroy you…
It’s Love! “
6,912 downloadsDownload The.Choice.2016.baiscoeplk.com_.zip163 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
41 comments
madushan
sk
සුපිරි චිත්රපටයක්
නිර්මාණි
එනකන් මඟ බලන් හිටියෙ. ඔයා දන්නවානෙ ඉතින්. හෙ හේ. උපසිරසියට තුති වේවා.....
Saman Prasad
හෙ හේ...
එහෙනම් මේකත් ආවා...
උඹට පිං සිද්ධ වෙන්න දැන් ඉතින් මං ලව් කතාත් බලනවා නොවැ... :3
ඔන්න අද එහෙනම් බාන්න දාන්න හොඳ බාණ්ඩයක් තියෙනවා.
සබට තුති...!!!
ජය වේවා...!!!Manoj
thankss bro sub ekata
Sachintha
thanks machoo elzz
YASIRU HASARANGA
ස්තූතියි සහෝ. කලින්ම බාගෙන තියාගත්තා .
අද බලන්න පුලුවන්...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Mahela
Elazz saho..
Asitha
ආදරේ....ආදරේ......
අම්මේ මේ ගෙනත් තියෙන්නේ තෑන්ක්ස් විමා.
Roamnce නම් ඉතින් පැනලා බලන්නේ.sanath indika
thx brooo
vikum
super bandayakne genalla tiyenne.thank sahoo sub ekata
Sanjaya
ස්තූතියි සහෝ.
ජයවේවා……
බුදු සරණයි.. !!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි විමා...............
Chalana Rukshan
thnx bro..
asan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
Dilshan Kainga
නිකොලොස් අන්කලගේ නම් ඉතින් නොබලා කෝමෙයි.. ඔන්න සබ බෑවා.
තැන්ක්ස් විමෝ...තුෂාරි
බොහොම ස්තුතියි
Dulanga
Thanks
nalinda
thanks
pramuk
thanx bro...........
Rajitha
Thank you.......jayawewa......!
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
හම්මේ මේක එනකල් බලන් හිටිය තරමක්
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Purni
ලවු ස්ටෝරියක් බලන්නම ඕන කාලේ. මගේ ක්‍රෂ් එක දැන් මං දිහා බලනවා. ටික දවසකින් අහයි වගේ. කියන්න ඕන හරක් මස් කන්නේ නෑ කියලා
Sumedha Alwis
එයා ඔයාට කියයි ඌරු මස් කන්නේ නෑ කියලා
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka
thanks Bro
Prageeth
Machan tv eka pen eka gahala gilm eka balanakota sub play wenna hadanne kohomada
Bawantha Nadeeshan
win avi eken subtitile merge krnna one
nidi
Thanks Shan! harima sanwedi, ayema balanna hithena adara kathawak Sparksge anith katha wagema. oya sub kala films gananawakma bagena thiyenawa balanna.sub karana oyalata thiyena wiwekaya apata nehe wage. thanks again!
Nikagoda Nagitha
thanks
nilantha7
thanks
djsarosha
thanks bro
Prageeth Gaya
sub ekats godaaak thuthi
Kaazz_bat
Thanx saho sub ekata,.. Jayawewa,.
Sumedha Alwis
Thnz machan. Jaya wewaa. Sub nam ithin බයිස්කෝප් thama.
Waruna Kamalawansha
මේවා නම් පට්ට... බොහොම ස්තූතියි..
Chandimal Kariyapperuma
lovely movie. thanks for the subtitles.
Tharindu Samarasinghe
Sub eka download unata wada nahane?
Ravindu Heshan - Admin
දැන් වැඩ කරනවා සහො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks macho sub akata .....